නස්කා රේඛා

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    නස්කා රේඛා

    image_5312e4fb9b.jpg

    පේරු රටේ, අන්දීස් කඳුකරයට අයත් කාන්තාර ප්‍රදේශයේ පොළොය හාරා සැතපුම් ගණනක් දුරට අඳින ලද ‘නස්කා රේඛා’ මිහිමත ඇති අබිරහස්වලින් එකකි.
    නස්කා රේඛා සම්බන්ධයෙන් විද්‍යාඥයන් සහ විද්වතුන් නොයෙක් නොයෙක් අදහස් ඉදිරිපත් කර තිබෙනවා. බොහෝ දෙනා ‘නස්කා රේඛා’ සම්බන්ධයෙන් පවතින අබිරහස විසඳීමට උත්සාහ ගනී. පසුගිය දා නස්කා රේඛා සම්බන්ධයෙන් නව අදහසක් ඉදිරිපත් කිරීමට ජපානයේ හොකයිඩෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් සමත් විය.

    image_e5b368a8a3.jpg


    නස්කා රේඛා යනු, බිම සිට බලද්දී නිකම්ම නිකම් පොළොව හාරා කළ රේඛාය. එහෙත් ගුවනේ සිට බලද්දී, ඒවායින් නොයෙක් නොයෙක් රූප දිස්වෙයි. පැරැන්නන් මෙම සිතුවම් නිර්මාණය කරන්න ඇත්තේ අහසේ සිටි දෙවියන් ට ගරු කිරීමක් ලෙස බවත්, පැරැන්නන් දෙවියන් ලෙස අදහන්න ඇත්තේ පිටසක්වළින් ආ අමුත්තන් විය හැකි බවටත් මතයක් පවතී. නස්කා රේඛාවලින් නිරූපණය වන සතුන්ගෙන් බොහොමයක් පක්ෂීන්ය. පැණි කුරුල්ලකු පවා ඒ අතර සිටී. ජපන් පර්යේෂකයන් පෙන්වා දෙන්නේ, පැරැන්නන් නස්කා රේඛා නිර්මාණය කළේ අහසේ සිට බිමට නෙත් හෙලන දෙවියන් සතුටු කරන්න නොව, වැස්ස අපේක්ෂාවෙන් බවය. චිත්‍ර අතර දකින්න ලැබෙන පැණි කුරුල්ලා පේරු රටේ දකින්න ලැබෙන පැණි කුරුලු විශේෂයක් නොවන බව විද්‍යාඥයන් විසින් තහවුරු කරගනු ලැබ ඇත. නස්කා රේඛා අතර ඇති පැණි කුරුල්ලගේ දිගු හොටේ සිට වල්ගය තෙක් දිග මීටර් 93 කි.
    මේ පැණි කුරුලු විශේෂය අසල රටවල වැසි වනාන්තර සහ වෙරළාශිත ප්‍රදේශවල සිට වැසි සමය ඇරැඹීමත් සමඟ පේරු රටට පැමිණෙන පැණි කුරුල්ලෙකි. මේ පැණි කුරුල්ලාගේ පැමිණීම වැස්ස ගැන කියන අනාවැකියකි. ඒ අනුව, පැරැන්නන් නස්කා රේඛා ඇසුරින් සිතුවම් නිර්මාණය කළේ දෙවියන් පිනවීමට පමණක් නොවන බව ජපන් පර්​යේෂකයෝ පෙන්වා දෙති. අන්දීස් කඳුකරය අසල ශුෂ්ක කාන්තාර ප්‍රදේශයක වාසය කළ නස්කා රේඛා නිර්මාණය කළ පැරැන්නන්ට වර්ෂාව අත්‍යාවශ්‍ය විය. එහෙයින් පැණි කුරුල්ලන් දකින්න ලැබීම යනු වර්ෂාව පැමිණෙන බවට අනාවැකියකි. මේ සියල්ල ‘ජර්නල් ඔෆ් ආකියෝලොජිකල් සයන්ස්’ විද්‍යා සඟරාවේ පළ වී තිබේ. නස්කා රේඛා අතර කෙටි වල්ගයක් ඇති පැණි කුරුල්ලන් පමණක් නොව පෙලිකන් (සිංහල බසින් පැස්තුඩුවා) පක්ෂියෙක් ද වෙයි. පැණි කුරුල්ලන් වැසි වනාන්තරවල සිට පියඹා එන අතර, පෙලිකන් පක්ෂීන් පියඹා වන්නේ මුහුද ආශ්‍රිත වෙරළාශිත පළාත්වල සිටය.

    image_2aa0be3f1d.jpg


    අහසින් යෑමට සිහිනයකින්වත් නොසිතූ දුරාතීතයේ මේ පළාතේ ජීවත් වූ මේ නස්කාවරුන් නමින් හැඳින්වෙන ගෝත්‍රික ජනයා අහසේ සිට පමණක් පැහැදිලිව දැකිය හැකි එසේත් නැතිනම් අහසට පමණක් හොඳින් පෙනෙන දැවැන්ත සිතුවම් ඇන්දේ කුමක් නිසාද? ඒවා ඇන්දේ කාට පෙනෙන්නද ? දෙවියන්ට පෙනෙන්නද ? කවුරුන්ද මේ දෙවියන් ? නස්කාවරුන් දෙවියන් ලෙස සැලකුවේ පිටසක්වළින් පැමිණි අමුත්තන් පිරිසකටද ? ආදී මෙම ප්‍රශ්නවලට පිළතුරු නැත. නස්කා රේඛා අතරේ, පැණි කුරුල්ලකු, දඟර ගැසුණු වල්ගයක් ඇති වඳුරකු, කොන්ඩෝර් ගිජුලිහිණියකු, බකමූණකුගේ හිසක් ඇති මිනිසකු ද දකින්න ලැබේ.
    සත්ව රූප නිරූපණය වන සේ මෙම රේඛා මුලින්ම නිර්මාණය කරන්න ඇත්තේ ක්‍රි.පූ. 200 දී පමණ කාලයේ විය හැකියැයි විද්‍යාඥයන්ගේ අදහසය. විද්‍යාඥයන් මෙම රේඛා හඳුන්වන්නේ භූ රේඛා යනුවෙනි. ඉන්කා, මායා සහ ඇස්ටක් ශිෂ්ටාචාර බිහිවීමට පෙර දේශගවේෂක කොලම්බස් ඇමෙරිකාව සොයා පැමිණීමටත් පෙර පේරු දේශයේ නස්කා හී විසූ නස්කා ගෝත්‍රිකයෝ විසින් මෙම රේඛා නිර්මාණය කරන්න ඇතැයි පැවැසෙයි. නස්කා රේඛා ඇත්තේ පැම්පා ලීමා නගරයේ සිට සැතපුම් 250 ක් දුරින් පිහිටා ඇති කොලරාඩා නමින් හැඳින්වෙන අන්දීස් කඳුකරයට අයත් කාන්තාර තැනිතලා නිම්නයේය. නස්කා රේඛාවල හා බැඳුණු පුදුම දනවන සංසිද්ධියක් නම් මෙම රේඛා කාන්තාරයේ කර්කෂ දේශගුණයෙන් බැටකෑවත් ශත වර්ෂ ගණනකට පසුව අදත් තවමත් ඒවා හොඳින් සුරැකී තිබීමය.

    how-were-nazca-lines-made.jpg


    ‘ද සන්’ ඇසුරිනි
     
    Last edited:
    • Like
    Reactions: Lejayange