නස්රුදින්ගේ කතා - වෙන්න බැරි දෙයක් නම්....

cj_shaf

Junior member
  • Jun 15, 2007
    344
    15
    18
    Kalutara
    නස්රුදින්ගේ කතා - වෙන්න බැරි දෙයක් නම්....

    හැම සිකුරාදා උදේම නස්රුදින් කඩමණ්ඩියට අපුරු බූරුවෙක් දක්ක ගෙන ඇවිත් විකුණනවා. ඔහු ඒ සතාගෙ වටිනකමටත් වඩා ඉතා අඩු ගණකටයි, ඒ එන හැමදාම විකුණුවෙ.
    එක දවසක් බූරු වෙළෙන්දෙක් නස්රුදින්ට කිට්ටු කළා. කිට්ටු කරල මෙහෙම ඇහුවා.
    "මට තේරුම් ගන්න බෑ නස්රුදින් උන්නැහෙ තමුසෙ බූරුවන් මේ තරම් ලාබෙට විකුණන්නේ කොහොමද කියල. මං තමයි විකුණන්න් පුළුවන් අඩුම මිලට බූරුවන් විකුණ්න්නෙ. මගේ සේවකයො ගොවීන් ගෙන් පිදුරු උදුර ගෙන එනව. මගෙ වහල්ලු පඩි නැතිව බූරුවන් බලා ගන්නවා. ඒත් මටත් බෑ නොවැ තමුසෙගෙ ගණන්වලට බූරුවන් විකුණන්න."
    "ඒක බොහොම සුළු දෙයක්" නස්රුදින් කරුණු පැහැදිළි කළා. "තමුසෙ පිදුරුයි, මහන්සියයි හොරකම් කරලවා. මං කෙළින්ම බූරුවො හොරකම් කරනව."