බූරුවෝ : නස්රුදින්ගේ කතා

Ransirini80

Member
Jul 11, 2012
72
9
0
නස්රුදින් කාලයක් පර්සියාවේ සිට ගී‍්‍රසිය දක්වා එහා මෙහා ගමන් කළා. ඒ හැම වතාවක ම ඔහු දේශ සීමාව හරහා අනෙක් රටට ගියේ බූරුවකු පිටින්. මෙහෙම යන හැම වතාවක ම දේශසීමා රැකවලූන් ඔහුවත් ඔහු ගෙන ගිය බඩුත් හොඳින් පරීක්ෂා කරල බැලූව ඔහු හොර බඩු මොකුත් ගෙන යනවද බලන්න. ඒත් එක වතාවකවත් සැක කටයුතු කිසිවක් ඔහු ළඟ තිබුණෙ නෑ. පරීක්ෂා කරන හැමදාම බූරුවගෙ පිට උඩ තිබුණේ පිදුරුවලින් පිරුණු මල්ලක් විතරයි. රැකවලූන් ඒ මල්ලෙ පිදුරු හොඳට ගසල බැලූව සැක කටයුතු යමක් තියෙනවද කියලා. ඒත් කිසිම දෙයක් අහුවුණේ නෑ.:frown::frown:

”නස්රුදින්, මොනවද ගෙනියන්නෙ?” හැමදාම ඔවුන් නස්රුදින්ගෙන් ඇහුවා.

”මොනවද ඉතින් හොර බඩු මිසක්” නස්රුදින් සුපුරුදු පරිදි උත්තර දීල සිනාසුණා.:D:D

හැමදාමත් බූරුවා පිටින් ගිය නස්රුදින් ආපසු ආවේ පයින්.:confused::confused:

අවුරුදු ගානකට පස්සේ පර්සියාවේ සම්බන්ධය අත් ඇරපු නස්රුදින් ඊජිප්තුවට වෙලා ජැන්ඩියට ජීවත් වුණා. එහිදී ඔහුට පර්සියානු දේශසීමාවෙ සේවය කරල විශ‍්‍රාම ලබපු රැුකවලකු හමුවුණා. ඔහු නස්රුදින්ව අඳුනාගෙන මෙහෙම ඇහුවා:

”නස්රුදින්, ඒ දවස්වල ඔහෙ දේශසීමාව හරහා යන කොට මොනව හරි හොරෙන් ගෙනිච්ච බව අපි පිළිගත්තා. ඒත් කොච්චර පරීක්ෂා කළත් අපට ඒක හොයාගන්න බැරි වුණා. දැන් ඔහෙ මෙහෙ ජයට ඉන්නව. ඒ රටවල නීති මේ රටට බලපාන්නෙ නැති හින්දා දැන්වත් කියනවද මොනවද තමුසෙ හෙරෙන් අරන් ගියේ කියලා.”

”බූරුවෝ” :lol::lol::lol:

(උපුටා ගැනිමකි..-පර්සි ජයමාන්නගේ ‘නස්රුදින්’ නම් ග‍්‍රන්ථයෙනි. මුද්‍රණය 2001-2010)



niyamai :yes:
 
  • Like
Reactions: penirasa