නස්රුදින්ගේ වේළීමේ රහස!

mashh

Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    නස්රුදින්ගේ වේළීමේ රහස!

    නස්රුදීන් ගේ පොහොසත් මිතුරෙක් ඔහුට කතා කළා, ඒ මිතුරාත් ඔහුගේ පිරිසත් එක්ක දින කීපයක් තිස්සේ දඩයමේ යන්න. මුල් ම දවසේ ඔවුන් නස්රුදින්ට දුන්නෙ බොහොම හෙමින් යන අස්සයෙක්. දඩයමට යන්න පටන් අරන් වැඩි වේලාවක් ගියේ නෑ, හෙමින් ගිය අස්සයා නිසා නස්රුදින් හුඟක් පහුවුණා. නස්රුදින්ව පහු කරලා දාලා අනෙක් පිරිස ඈතට දඩයමේ ගියා.

    එකපාරට ම තද වැස්සක් ආවා. අහල පහළ වැස්සකට නවතින්න තැනක් තිබුණෙ නැහැ. දඩයමේ ගිය මිතුරා ඇතුළු පිරිස හැමෝට ම වැස්සෙන් බේරෙන්න ගෙදරට ම දුවගෙන එන්න සිදු වුණා.

    හැමදෙනා ම වැස්සට අහුවෙලා හොඳට ම තෙමුණා. ඇඳුම් සේරම තෙත බරි වෙලා තමයි, ඔවුන් හැම දෙනා ම ගෙදරට ආවෙ.

    ඒත් නස්රුදින් විතරක් තෙමුණෙ නෑ. නස්රුදින් කළේ, වැස්ස පටන් ගන්න කොට ම එයාගෙ ඇඳුම් ගලවලා හොඳට නවලා අස්සයාගෙ පිට උඩ කියලා ඒවා මත වාඩිවෙලා හෙමින් හෙමින් ආපසු ගෙදර එන්න පිටත් වුණු එකයි.

    අතරමගදි ම වැස්ස පෑව්වා. නස්රුදින් අසු පිටින් බැහැල ඇඳුම් ටික ආයිත් ඇඳගෙන වැස්සක් ඇති නොවුණු ගානටයි ගෙදර ආවෙ. කාටවත් හිතා ගන්න බැරි වුණා, නස්රුදින් අනෙක් හැමෝටමත් වඩා වැඩි වෙලාවක් වැස්සෙ ම ගෙදර එන්න ගත කරලත් ඔච්චර ලොකු වැස්සකට නොතෙමී ආවෙ කොහොමද කියලා.

    ”හරි පුදුමයි! නස්රුදින් ඔහෙගෙ ඇඳුම් විතරක් තෙමිලා නෑ, ඔය තරම් ලොකු වැස්සක් වැහැලත්. කොහොමද ඒවා විතරක් තෙමුණෙ නැත්තෙ? අපේ ඇඳුම් කොච්චර තෙමිලා ද? ඇරත් ඔහෙ අපට වඩා කොච්චර පහුවෙලා ද ගෙදර ආවේ? මොකක් ද රහස?” මිතුරා නස්රුදින්ගෙන් ඇහුවා.

    ”රහස ඔයා දුන්න අස්සයා. ඔයා තමයි මට ඇඳුම් නො තෙමී එන්න උදවු කළේ” නස්රුදින් පිළිතුරු දුන්නා.

    පහුවදා දඩයමේ යන කොට මිතුරා කල්පනා කළා නස්රුදින්ගේ අස්සයා තමන් අරගෙන වේගයෙන් යන තමන්ගේ අස්සයා නස්රුදින්ට දෙන්න.

    ඒ වතාවෙ නස්රුදින් වේගයෙන් යන අස්සයා අරන් මිතුරා පසු කරගෙන හුඟක් ඈතට ගියා.

    අතරමගදී කලින් දා වගේම වැස්සක් කඩා වැටුණා. ඒ වතාවෙදිත් නස්රුදින් කළේ ඉක්මනට ඇඳුගෙන සිටි ඇඳුම් ටික ගලවලා හොඳට නවලා අසුපිට තියලා ඒ මත වාඩිවෙලා අසු පදවා ගෙන ගිය එකයි.

    අතරමගදී වැස්ස පායපුවා ම මොකුත් නොවුණු ගානට ඒ ඇඳුම් ආපහු ඇඳගෙන නස්රුදින් ගෙදර ආවා. මිතුරා ගෙදර ආවේ හොඳටම තෙත බරිවෙච්ච ඇඳුම් පිටින්. නස්රුදින්ගෙ ඇඳුම් පොඞ්ඩක් තෙමිලා තිබුණෙ නෑ. මිතුරාට ඒ වතාවෙත් හරිම පුදුමයි!

    ”මොකක්ද නස්රුදින් මේකෙ රහස?” මිතුරා නස්රුදින්ගෙන් ඇහුවා.

    ”රහස ඔයා දුන්නු අස්සයා. එයා තමයි මට නොතෙමී ඉන්න උදවු කළේ. නොතෙමී ඉන්න අස්සයගෙ වේගෙ ප‍්‍රශ්නයක් වුණේ නැහැ. මෙහිදි අපි හිතන වේගයයි වැදගත් වෙන්නෙ!”

    (පර්සි ජයමාන්නගේ ‘නස්රුදින් -2’ කෘතියේ එන කතාවකි.)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එතකොට නස්රුදින් හෙලුවෙන්ද අස්සය පිටේ ඇවිත් තියෙන්නෙ ? :baffled: :baffled:
    පිස්සෙක්නෙ බං පාරෙ යන මිනිස්සු එහෙම දැක්ක නං ගල් ගහල මරල දාන්නෙ ඇඳුම් තෙත් වුනා නං ගෙදර ඇවිත් වෙන ඇඳුං ටිකක් ඇඳගෙන වේලගන්න බැරියෑ :dull: :dull:
    මරු උගෙ හිතන වේගෙ නං :baffled: :baffled:
     

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    එතකොට නස්රුදින් හෙලුවෙන්ද අස්සය පිටේ ඇවිත් තියෙන්නෙ ? :baffled: :baffled:
    පිස්සෙක්නෙ බං පාරෙ යන මිනිස්සු එහෙම දැක්ක නං ගල් ගහල මරල දාන්නෙ ඇඳුම් තෙත් වුනා නං ගෙදර ඇවිත් වෙන ඇඳුං ටිකක් ඇඳගෙන වේලගන්න බැරියෑ :dull: :dull:
    මරු උගෙ හිතන වේගෙ නං :baffled: :baffled:
    නැතුව නැතුව