නස්රුදීන්ගේ කතා

Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    aladin2.gif
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    දිනක් කවටයාගේ නිවසට මිනිහෙක් දුවගෙන ආවේය. හේ නිවසේ එළි පත්ත පසු කරනවාත් සමගම මෙසේ කෙදිරි ගාන්නට පටන් ගත්තේය. “මට එය තව දුරටත් ඉවසන්න බැහැ. අපොයි මගේ බඩ. නස්රුදින් කරුණාකරල මට මොනව හරි දෙන්න.” “මේක සිද්ධ වුනේ කොහොමද?” කවටයා විමසුවේය. “ ඔබ දිරවන්නට අමාරු මොනව හරි දෙයක් කෑවද? එහෙම නැත්නම් අපිරිසිදු මොනව හරි කෑවද?” “මම මොකුත්ම කෑවේ නැහැ. කෑව නම් කෑවේ …..ආ…..මම නරක් වෙච්ච ලොකු කේක් කෑල්ලක් ගිල දැම්මා.” “අහ්.” මෙසේ කී කවටයා වෙනත් කිසි ප්‍රශ්ණයක් ඇසුවේ නැත. තම කුඩා අත් බෙහෙත් පෙට්ටිය ගෙන ඇසට දමන බෙහෙත් බෝතලය ගත්තේය. “එපා.එපා.” මිනිසා විරෝධය පෑවේය.” වේදනා දෙන්නෙ මගේ බඩ මිසක් ඇස් නොවෙයි.” “මට කිසි වැරදීමක් සිදුවෙලා නෑ.” කවටයා සිතුවේය. “ඔබේ ඇස් රෝගී වෙලා නොතිබුණා නම් ඔබ ඔය නරක් වෙච්ච කේක් කෑල්ලක් කන්නේ කොහොමද.”


    :oo::oo::oo::oo:

    :yes::yes::yes:
    ඕකතමයි කියන්නේ ඔය කුණු වෙච්ච කඩවලින් කෙක් කන්න එපා කියලා. ;)
     

    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    බඹරුනට මුකුලිත වන මල් සමනලුන්ටයි විකසිත වන්නේ
     
    නීති-රීති






    “නීති-රීති දාල මිනිස්සුව සත්‍යවාදී කරන්න බෑ රජතුමනි……මිනිස්සුන්ගෙ අධ්‍යාත්මයයි පිරිසිදු කරන්න ඕන.” දවසක් නස්රුදීන් රජතුමාට පොර ටෝකක් දෙනවා..
    “නිකන් දාර්ශනිකය නොවී පලයන් ‘මුල්ලා’ යන්න. හෙට ඉදන් බලපන් මම මිනිස්සු හදන හැටි…” රජතුමා නස්රුදීන්ව මාළිගවෙන් එළව ගත්තා…
    කිව්වත් වගේ රජතුමා පහුවදාම රටවැසියන්ට අළුත් නීතියක් දැම්ම…
    රටේ අග නුවරට එන්න තියෙන්නෙ පාළමකින්….පාළමේ මෙහා පැත්තෙ ඉන්න රාජ භටයො ඇතුළට එන අයගෙන් ප්‍රශ්නයක් අහනව… ඇත්ත කියන එවුන්ට විතරක් ඇතුලට එන්න පුළුවන්.. අනිත් එවුන් වහාම එතනම තියෙන එල්ලුම් ගහේ එල්ලල මරණවා……(මැද පෙරදිග පැත්තෙ නීති ටිකක් සැරයිනේ..)
    ඔය විදිහට සමහර මිනිස්සු තම තමන්ගෙ රැකියා වලට යහතින් නගරෙට ගියා…සමහරුන්ට එල්ලිලා මැරෙන්නත් වුනා….
    එක දවසක් නස්-රුදීනුත් හිමි හිමීන් පාළම දිගේ එනව..රජ වාසළ පැත්තෙ යන්න. නීතිය ඉතින් කාටත් එකයිනෙ….රාජ භටයො නස්රුදීන්ගෙනුත් කඩයිම් ප්‍රශ්නයක් ඇහුවා….
    “නස්-රුදීන්…පේනවනෙ එල්ලුම් ගහ…ඇත්තම කියනව…තමුසෙ මේ කොහෙද යන්නෙ…?”
    -”මම යන්නෙද…මම යන්නෙ මේ….එල්ලුම් ගහට….”
    “මොනව…තමුසෙ කියන්නෙ බොරු…!”
    -”බොරු නම් ඉතින් මාව එල්ලාපල්ලා..”
    නස්-රුදීන් සැරෙන් වගේ කිව්වා….
    රාජ භටයත් නිකට කහ කහ කල්පනාව….
    අන්තිමේදි..
    “නස්-රුදීන්….තමුසෙ කියන්නෙ නම් බොරුවක් තමයි….ඒත් මම තමුසෙව එල්ලුවොත් තමුසෙ කියපු එක ඇත්තක් වෙනව…..! යනව යනව…තමුසෙට ඕන තැනකට යනව….” නස්රුදීන්ට අවසර හම්බ වුනා…
    “ඕකනෙ රජ්තුමා කියන්නෙ..නීති වලින්ම මිනිස්සු හදන්න බෑ කියල…..” රජ වාසළට කිය නස්-රුදීන් රජ තුමාට කිව්වා……
    maru kathawa:yes: