නස්රුදීන්ගේ කතා
එළවළු ජාතියhttp://aagiyakatha.blogspot.com/2010/06/blog-post_02.html
මේ නස්රුදීන්ගේ කතා ගත්තහම ඒවායේ දෙපැත්තක් තියෙනවා කියලා තමා පිළිගැනීම. ඒ කියන්නේ මේ කතාවලින් හාස්‍යය වගේම ඉගෙන ගන්න දේකුත් තියෙනවා කියන එකයි. නස්රුදීන් හිටිය රට කියලා පෙන්නන්න රටවල් කීපයක් කලත් නස්රුදීන්ගේ සොහොන පවා තියෙන තුර්කිය තමා නස්රුදීන්ගේ උපන් රට විදිහට සලකන්නේ. ඊසොප්ගේ, අන්දරේගේ, ඒවගේම සුෆී උපමා කතාවලට නස්රුදීන්ගේ කතාත් සමකලාට වරදක් නැහැ.
කාට කාටත් හිතන්න පුළුවන් යමක් ඉතුරු කරන නස්රුදීන්ගේ කතාවක් කියන්න තමා හිතුවේ. ඔන්න කතාව.
කාලයක් නස්රුදීන් රජවාසලේ සේවය කලා.රජතුමාටත් නස්රුදීන් නැතිවම බැරි පුද්ගලයෙක් වෙලා තිබ්බේ [අපේ රටේ හිටිය අන්දරේ වගේ] දවසක්දා රජතුමා කෑමට වාඩිවෙලා හිටියා පුදුමාකාර බඩගින්නකින් [කියමුකෝ ලංකාවේ විදිහට යකෙක් කන්න බඩගින්නෙන් කියලා]
එදා රජතුමාට ප්‍රධාන අරක්කැමියා හදලා තිබ්බා එක ව්‍යංජනයක් හරිම රසට තිබ්බා. රජතුමා ඒක නිසා හුඟක් සතුටු වෙලා ඒ ව්‍යංජනය හැමදාම හදන්න නියම කළා.
ඒ වගේම රජතුමා නස්රුදීන්ගෙන් ඇහුවා "ඒවා ලෝකේ තියෙන රසම එළවළු ජාතිය නේද නස්රුදීන් ?" කියලා.
ඒකට පිළිතුරු විදිහට "එසේය දේවයන් වහන්ස, ඒවා තමයි මේ ලෝකේ තියෙන රසවතම එළවළු ජාතිය" කියලා නස්රුදීනුත් කිව්වා.
මේ විදිහට එක දිගට සතියක් විතර මේ ව්‍යංජනය කද්දී රජතුමාට හොඳටම එපා වුණා [එක දිගට කද්දී මී පැණි වුණත් තිත්ත වෙනවාලුනේ]
රජතුමා ප්‍රධාන අරක්කැමියාට කෑ ගහලා කිව්වා "අරන් පලයන් මේ ව්‍යංජනේ මගේ දෑහෙට පේන්නේ නැති වෙන්න. මට මේ ව්‍යංජනේ පෙන්නන්න බැහැ" කියලා.
ඒ වෙලාවේ නස්රුදීන් කිව්වා "ඒක තමා දේවයන් වහන්ස ඒවා තමයි මේ ලෝකේ තියෙන නීරසම, පිළිකුල්ම එළවළු ජාතිය" කියලා
මේක අහපු රජතුමා නස්රුදීන්ගෙන් ඇහුවා "නස්රුදීන් මේවා මේ ලෝකේ තියෙන රසම එළවළු ජාතිය කියලා උඹ පිලි අරන් සතියක්වත් ගියේ නැහැනේ" කියලා.
ඒ වෙලාවේ නස්රුදීන් බොහොම බය පක්ෂපාති ස්වරූපයෙන් කිව්වා "මම එහෙම කිව්ව එක නම් ඇත්ත තමා දේවයන් වහන්ස. මොකද මම සේවය කරන්නේ ඔබ වහන්සේට මිසක් එළවළුවකට නෙමෙයිනේ" කියලා.
එළවළු ජාතියhttp://aagiyakatha.blogspot.com/2010/06/blog-post_02.html
http://www.facebook.com/sharer.php?...02.html&t=ආගිය කතා: නස්රුදීන්ගේ කතාවක්&src=spමේ නස්රුදීන්ගේ කතා ගත්තහම ඒවායේ දෙපැත්තක් තියෙනවා කියලා තමා පිළිගැනීම. ඒ කියන්නේ මේ කතාවලින් හාස්‍යය වගේම ඉගෙන ගන්න දේකුත් තියෙනවා කියන එකයි. නස්රුදීන් හිටිය රට කියලා පෙන්නන්න රටවල් කීපයක් කලත් නස්රුදීන්ගේ සොහොන පවා තියෙන තුර්කිය තමා නස්රුදීන්ගේ උපන් රට විදිහට සලකන්නේ. ඊසොප්ගේ, අන්දරේගේ, ඒවගේම සුෆී උපමා කතාවලට නස්රුදීන්ගේ කතාත් සමකලාට වරදක් නැහැ.