නහර ගැට ගැසීම

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113


    නහර ගැට ගැසීම නොහොත් වෙරිකෝස් -varicose





    tracking_id.php
    logo.png


    නහර ගැට ගැසීම නොහොත් වෙරිකෝස් (varicose) අද බොහෝ කාන්තාවන්ට තිබෙන රෝගී තත්ත්වයක්. එසේම මෙම රෝගී තත්ත්වය තද වේදනා සහ නොයෙකුත් අපහසූතා ඇති කරවයි. රෝගී තත්ත්වය උත්සන්න වූ අවස්ථාවලදී නහර පූපූරා ලේ පිටවීම පවා සිදු වෙන්න පුළුවන්.


    ගර්භනී කාලය තුළ බොහෝ කාන්තාවන්ට මෙම රෝගයට මූහූණ දෙන්නට සිදුවෙනවා. විශේෂයෙන් තෙල් අධික ආහාර ගැනීමෙන් නහරවල හිරවී (අවරෝධය) නිසාත් රක්තවාතය, අධි රුධිරපීඩනය නිසාත්, බර වැඩ කිරීම, නිතර නිතර හිටගෙන සිටීම ආදී බොහෝ කරුණූ නිසා මෙම රෝගී තත්ත්වය ඇතිවේ. එසේම මෙවැනි ආකාරයට කකුල්වල ශිරා රක්තය ඉහළට ගමන් කිරීමට බාධා ඇති කරන්නාවූ ඕනෑම හේතුවක් ද මෙයට බලපානවා.නිදාගැනීමේදි කකුල් උස්ව තබා ගැනිම, දිනපතා ඇවිදීම, දිවීම වැනි ව්‍යායාමවල යෙදීම මගින් මෙම රෝගී තත්ත්වය මගහරවා ගැනීමට පූළුවන්. එසේම වැඩිපූර ජලය පානය කිරීමත්, තෙල් අධික ගන්න පුළුවන්.මෙම රෝගී තත්ත්වය ඇතිවිට නිවසේදී ඔබට අත්බෙහෙතක් ලෙස යොදා ගැනීමට පහත ක්‍රම අනූගමනය කරන්නට පූළුවන්.





    • පාවටිට කොළ, එඬරු කොළ, සූදුළුෑණූ, අරත්ත අල ටික ටික අරගෙන කොටා පොටිටනි බැඳ වණ්ඩූවේ තම්බා කුබිජප්‍රසාරණී, නාරයන, සිද්ධාර්ථ, බලා, විදුරංග ආදී එක් තෙල් වර්ගයක් හෝ කිහිපයක් මිශ්‍රකර හොඳින් අතුල්ලා තම්බා සාදාගත් බෙහෙත් ද්‍රව්‍ය වෙළුම් පටියකින් රාත්‍රියේ ඔතා තබා උදේට ලිහන්න.



    • හාතාවාරිය අල කොටා පොල් කිරෙන් තම්බා අඹරා තබා වෙළන්න.



    • අමූකහ, ලුණූ, දියලබූ, පොල් කිරි දමා තම්බා මද උණූසූමෙන් බැඳ ඔතා පසූදින ලිහන්න.


    මෙවැනි අත්බෙහෙත් ඔබට නිවසේදී භාවිත කරන්න පූළුවන්. ඒ පිළිබඳ ගැටළුවක් හෝ රෝගී තත්ත්වය ඉන් සූව වන්නේ ද නැත්නම් වෛද්‍යවරයෙකු හමූවීම ඉතාම වැදගත්.