
නෙළුම් ක්වි ලී කෙලි ඔලිද කෙලි
මෙහෙත් නැතුවා නොවෙයි අම්මෙ
එත් එවා වෙනස් කර
අලුත් අයිටම්ස් හදනවා
උත්සවත් දැන් වැඩි නිසා
ශොස් දිගටම තියනව
නින්ද නෑ රෑ පුරා නටනවා
උදේ ප්‍රැක්ටිස් කරනවා
ඇගෙ හැඩ නැතිවෙයි කියා
කන්න දෙන්නෙ නෑ රෑට වත්
කෙල්ලෝ 10ක් ඉන්නව
හොරෙන් අපි තේ හදනවා
සිංදු විෂුවල්වලට ගියොතින්
දාහ ගානේ ලැබෙනවා
එක අමතර් එ වුනත්
විලුඹ තුනටිය රිදෙනවා
අලුත් නැටුමක දුහුල් ඇදුමට
වශිවුනු පොහොසත් කෙනෙක්
තෑගි දෙන්නට අහනවා
මම එපාමයි කියනවා
උත්සවෙ දවසෙ මගේ මට
අම්ම කී දෙ මතක් වෙනවා
ඇත්තමයි සමහර දෙනෙත්වල
හරි අමුත්තක් තියනව
දවස් නවයක් ෂෝස් දිගටම
ඊයේ මට අර ලෙඩේ හැදුනා
එත් අම්මේ ගණන් නොගෙනම
ගෙදර ගැන හිත හිතා නැටුවා
අම්මගෙ විටමින් ටිකයි
තාත්තාගෙ දානෙට බඩුයි
ගන්න සල්ලිත් ඔන්න අම්මෙ
මෙත් එක්කම එවනවා
නිසරු අත්පුඩි විසිල් ඝොශා
අතර පසුපස තැනක කෙලවර
නොලා ඇසිපිය බලා මා දෙස
අම්මා ඉන්නව පේනවා.......
-හිරුත් හිම පියලක-
දැනුනනම් ලියන්න...
