නළු නිලියෝ

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    බොහෝ අය මාව නිරූපිකාවක් විදිහට දැන් හඳුනනවා



    2016-06-01-ent-43.jpg



    වෙළෙඳ දැන්විම් හා ගීත රූප රචනා කිහිපයකින්ම වර්තමානයේ ඔබ හමුවට ආ සෙව්වන්දි ගුණසිංහ මෙවර "සාරවිට" තරු කතා බහට අපි සම්බන්ධ කරගත්තෙමු. වෘත්තිය මට්ටමේ නිරූපිකාවක ලෙස වසර කිහිපයක් තිස්සේ කටයුතු කරන සෙව්වන්දි ඉදිරියේදී රංගන ශිල්පිනියක ලෙස ටෙලි නාට්‍යය කිහිපයකින්ම ඔබ හමුවට පැමිණීමට සූදානමින් සිටින්නීය.



    නිරූපිකාවක් වෙන්න පුංචි කාලේ ඉඳලා සෙව්වන්දිට හීනයක් තිබුණද?

    මම ජීව විද්‍යාව අංශයෙන් තමයි උසස් පෙළ හැදෑරුවේ. ඉතින් වෛද්‍යවරියක් වෙන්න තමයි පුංචි කාලෙ හීන මැව්වෙ. ඒත්, විශ්වවිද්‍යාලයට යන්න ලකුණු මදි වුණා. ඒ එක්කම වෙළෙද දැන්වීම්වලට සම්බන්ධ වෙන්න අහම්බෙන් අවස්ථාවක් ලැබුණා. ඒ වගේම විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයන් හඳුනගන්න මට පුළුවන් වුණා. ඒ සම්බන්ධතා මත තමයි නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ.

    සිවු වසරක් තිස්සේ ඔබ නිරූපිකාවක් විදිහට කටයුතු කරනවා?
    ඔව්, මම හිතනවා මේ අවුරුදු 4 තුළ මම නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයේ යම් දුරක් ඇවිල්ලා තියෙනවා කියලා. මේ ගෙවුණු කාලය තුළ මම බ්‍රයිඩ්ල් ෂෝ, ෆැෂන් ෂෝ බොහොමයකට සහභාගි වෙලා තියෙනවා. ඒ වගේම බොහෝ පිරිසක් මාව නිරූපිකාවක් විදිහට දැන් හඳුනනවා. මම හිතන විදිහට වර්තමාන ක්ෂේත්‍රය තුළ නිරූපිකාවක් විදිහට මම තැනක් හදාගෙන තියෙනවා.

    ඉදිරියේදී රංගනය පැත්තටත් යොමු වෙනවා කියලා ආරංචියි?
    ඔව්. මේ දිනවල ජනක චමින්ද අත්තනායක මහත්මයාගේ අලුත් ටෙලි නාට්‍යයක මේ දිනවල වැඩ කරනවා. එහි ප්‍රධාන නිළිය විදිහට තමයි මම රඟපාන්නේ. ක්ෂේත්‍රයට ආපු මුල් කාලයෙදිත් රඟපාන්න ආරාධනා ලැබුණා. නමුත්, මගේ ලොකු කැමැත්තක් නැහැ රංගනය පැත්තට යොමු වෙන්න. බොහෝවිට මම රංගනය පැත්තට ඉදිරියෙදි අඩුදායකත්වයක් සපයාවි.

    ඒ වුණත් ඔබ වෙළෙද දැන්වීම් හා ගීත රූප රචනා බොහොමයක අපි දකිනවා?
    දැනට මියුසික් වීඩියෝස් 17ක විතර මම පෙනී ඉන්නවා. ඒ අතර රුවන් හෙට්ටිආරච්චිගේ "කඳුළු බිඳුවක්", මනරම් බණ්ඩාර "කොහොමටත් ඔබ", අජිත් පෙරේරාගේ "දුක ඇතත් මහමෙරක්" ඇතුළු ගීත වඩාත් ජනප්‍රිය වුණා. මියුසික් වීඩියෝස්වලට අමතරව දැනට වෙළෙඳ දැන්වීම් 30කට වැඩි ප්‍රමාණයක රඟපාලා තියෙනවා. "නේචර් සික්‍රට්", "රෝසා කහට", "ඩයලොග්", "කොමර්ෂල් බැංකුව" වෙනුවෙන් කළ වෙළෙඳ දැන්වීම් වඩාත් ජනප්‍රිය වුණා.

    නිරූපිකාවක් විදිහට නිරූපණ ක්ෂේත්‍රය ගැන මොකද හිතන්නේ?
    අලුත් අය දිනෙන් දින ක්ෂේත්‍රයට එකතු වෙනවා. ඒ හින්දා නිතරම ක්ෂේත්‍රය තුළ තරගකාරීත්වයක් මම දකිනවා. නමුත්, සමහර අලුත් අය වැඩ එකෙන් දෙකෙන් ක්ෂේත්‍රයෙන් ඉවත් වෙනවා. මට හිතෙන්නෙ බොහෝවිට ඔවුන් මේ සම්බන්ධව හැදෑරීමක් නොකර ක්ෂේත්‍රයට එකතු වුණ නිසා කියලා.

    නිරූපිකාවක් වුණ එක ගැන සතුටක් තියෙනවාද?
    ඇත්තටම, ලොකු සතුටක් තියෙනවා. ඒ වග්‍මෙ නිරූපණ ක්ෂේත්‍රය තුළින් ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා කියලත් හිතනවා.



    2016-06-01-ent-46.jpg



    2016-06-01-ent-48.jpg



    2016-06-01-ent-47.jpg



    2016-06-01-ent-45.jpg



    2016-06-01-ent-44.jpg



    2016-06-01-ent-41.jpg



    2016-06-01-ent-42.jpg
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    'දේදුණු ආකාසේ' තුළින් සිනමාවට පායන 'ටීනා'



    2016-05-30-ent-25.jpg



    නව පරපුරේ ජනප්‍රිය මෝස්තර නිරූපිකාවන් අතරේ ටීනා ෂනාලී ප්‍රනාන්දුට හිමිවන්නේ විශේෂ තැනකි. නිරූපිකාවකට අමතරව, වෙළෙඳ දැන්වීම් රංගන ශිල්පිණියක්, ගීත රූප රචනා සඳහා පෙනී සිටින්නීයක්ද වන ඇය මෑතක සිට චිත්‍රපට රංගනයට එක්ව සිටියි. ඒ ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන 'දේදුණු ආකාසේ' චිත්‍රපටය තුළිණි. එමෙන්ම ටීනා ඉදිරියේදී තුර්කියේදී පැවැත්වීමට නියමිත 'ඉන්ටර්නැෂනල් ග්ලෝබි' තරගාවලිය සඳහාද එක්වීමට සූදානමින් සිටියි. ටීනා සිය අලුත්ම තොරතුරු අපි සමගින් මෙසේ බෙදාහදා ගත්තේමු.



    මොනවද අලුත් තොරතුරු?
    මේ දිනවල සුපුරුදු පරිදි නිරූපණ කටයුතු වලට සහභාගී වෙනවා. ඒ අතර, මියුසික් විඩියෝ හා වෙළෙඳ දැන්වීම් කිහිපයක වැඩ කරගෙන යනවා. ඉදිරියේදී ඒ කලා කටයුතු තුළින් මගේ ආදරණිය රසික, රසිකාවියන් මාව දකින්නට ලැබෙවි. ඊට අමතරව පසුගිය කාලේ ප්‍රියන්ත කොළඹ මහතා අධ්‍යක්ෂණය කළ 'දේදුණු ආකාසේ' චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු වලට සම්බන්ධ වෙලා වැඩ කළා.

    'දේදුණු ආකාසේ' කියන්නේ ටීනාගේ පළමු චිත්‍රපටය?
    ඕව්, පසුගිය වසරේ 'මිස් ශ්‍රී ලංකා' කිරූළ දිනා ගැනීමත් එක්ක මා ගැන ගොඩක් දෙනෙක් කතා කළා. ඒ වගේම විවිධ ක්ෂේත්‍ර වල බොහෝ පිරිසක් මට අඳුනගන්නත් පුළුවන් වුණා. ඔය අඳුනාගැනීම් මත තමයි 'දේදුණු ආකාසේ' චිත්‍රපටයට මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. හැබැයි මීට කලිනුත් ගොඩක් ආරාධනා ලැබුණා රංගනය පැත්තට යොමු වෙන්න. නමුත්, මට ගැළපෙන චරිත එම ආරාධනා වල තිබුණේ නැහැ. ඒ නිසා මම ඒවා ප්‍රතික්ෂේප කළා. 'දේදුණු ආකාසේ' චිත්‍රපටයේ මා සමගින් ජනප්‍රිය නළු හේමාල් රණසිංහ වගේම 2014 වසරේ 'මිස් ශ්‍රී ලංකා' කිරූළ දිනාගත් චුලක්ෂි රණතුංගත් ප්‍රධාන චරිත සඳහා දායක වෙනවා. චිත්‍රපට අධ්‍යක්ෂක ප්‍රියන්ත කොළඹගේ, ඩොනල් ජයන්ත, කැමරාකරණයෙන් සහය වූ රංග අයියා, මහේන්ද්‍ර පෙරේරා ඇතුලු ඔහුගේ ඇකඩමියේ සියළු දෙනාට මේ අවස්ථාවේදී විශේෂයෙන් මතක් කරනවා.

    මෙහි ඔබ නිරූපණය කරන චරිතය ඔබටම ගැළපෙන එකක් කිව්වොත් හරි?
    ඕව්, චිත්‍රපටයේ හැටියට මම මෙහි පෙනී ඉන්නේ ටිකක් දඟකාර, කෙළිලොල් චරිතයක්. චිත්‍රපටයේ පිටපත ලැබෙන කොටම මම ගොඩක් කැමති වුණා මේ චරිතයට දායක වෙන්න. මොකද, මේ චරිතය මගේ ජීවිතේටත් ටිකක් සමාන හින්දා. ඒත්, සඳහන් කරන්න ඕනා මගේ ස්වරූපයෙන් මම ටිකක් දඟකාර ගතිපැවතුම් තියෙන කෙනෙක් විදිහට පෙනුණට ඇත්තටම මම එච්චරට දඟකාර කෙනෙක් නම් නෙවෙයි කියලා.

    ඉදිරියේදී පැවැත්වීමට නියමිත 'ඉන්ටර්නැෂනල් ග්ලෝබි' තරගයට ටීනාගේ සූදානම කොහොමද?
    මේ දිනවල මම ඒ තරගය වෙනුවෙන් ගොඩක් වෙහෙස මහන්සි වෙනවා. රටවල් 50 තරගකාරියන් සහභාගී වෙන මේ තරගය ජුලි මාසයේ 15 වැනිදා තුර්කියේ තියෙනවා කියලා තමයි මට දැනුම් දිලා තියෙන්නේ. මම සහභාගී වෙන පළමු විදෙස් රූපරාජිණි තරගාවලිය නිසා මේ තරගාවලිය මට අභියෝගාත්මක තරගාවලියක් වේවි කියලා. මේ තරගාවලියෙන් යම් ජයග්‍රහණයක් මගේ මව් රටට ලබා දෙන්න පුළුවන් කියන විශ්වාස මත තමයි මේ තරගාවලියට මම සහභාගී වෙන්නේ.

    තරගාවලිය සඳහා ඔබගේ සූදානම කොහොමද?
    මෙවැනි තරගාවලියකට යන කොට ගොඩක්ම හිතන්නේ ඕනා. සිරුරේ හැඩය ගැන. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව වගේම සාමාන්‍ය දැනුමත් ගොඩක් අවශ්‍යයි. ඉතින් ඒ ගැන මම වැඩිපුර අවධානය යොමු කරලා තියෙනවා. ජාත්‍යන්තර තරගාවලියකට සහභාගී වෙන පළමු වතාව නිසා අත්දැකිම් මදිකමක් තියෙනවා. මම හිතනවා ඒක ලොකු ගැටළුවක් වෙන්නේ නැති වෙයි කියලා. මොකද, මේ තරගාවලියට එක්වෙන බොහෝ දෙනා මම වගේම මේ තරගයට අලුත් නිසා.

    ඉදිරි ඉලක්කයන්?
    ගොඩක් තියෙනවා. ඒ ඉලක්කයන් එකින් එක හෙමින් පසු කරන්න මම බලාපොරොත්තු වෙනවා.

    2016-05-30-ent-23.jpg


    2016-05-30-ent-24.jpg


    2016-05-30-ent-26.jpg


    2016-05-30-ent-27.jpg


    2016-05-30-ent-28.jpg


    2016-05-30-ent-29.jpg
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    The research මුහුරත් උලෙළ



    The research රූපවාහිනී කතා මාලාව පිළිබඳ මුහුරත් උලෙළ පසුගියදා ගාලු පාර, කොළඹ පිහිනුම් සමාජයේදී (Colombo Swimming club හිදී) පැවැත්විණ. ඩ්‍රීම් ඉෆෙක්ට් එන්ටර්ටේන්මන්ට් නිෂ්පාදනයක් වන මෙහි අධ්‍යක්ෂණය ප්‍රසාද් රණසිංහගෙනි. මෙහි ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වන නුවන් චන්ද්‍රසිරි, සුලේඛා ජයවර්ධන, නන්ද වික්‍රමගේ, ක්ලීටස් මෙන්ඩිස්, කමල් දේශප්‍රිය යන නළු නිළියෝද මෙම අවස්ථාවට සහභාගී වූහ. පහත දැක්වෙනුයේ එහි සුවිශේෂී අවස්ථා කිහිපයකි.



    2016-05-30-ent-01.jpg
    2016-05-30-ent-02.jpg
    2016-05-30-ent-03.jpg
    2016-05-30-ent-04.jpg
    2016-05-30-ent-05.jpg
    2016-05-30-ent-06.jpg
    2016-05-30-ent-07.jpg
    2016-05-30-ent-08.jpg
    2016-05-30-ent-09.jpg
    2016-05-30-ent-10.jpg
    2016-05-30-ent-11.jpg
    2016-05-30-ent-12.jpg
    2016-05-30-ent-13.jpg
    2016-05-30-ent-14.jpg
    2016-05-30-ent-15.jpg
    2016-05-30-ent-16.jpg
    2016-05-30-ent-17.jpg
    2016-05-30-ent-18.jpg
    2016-05-30-ent-19.jpg
    2016-05-30-ent-20.jpg
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ගැහැනියක් විදියට කරන්න බය හිතෙන චරිතයක්

    ගැහැනියක් විදියට කරන්න බය හිතෙන චරිතයක්



    2016-05-27-ent-11.jpg



    මේ දිනවල ප්‍රදර්ශනය වන අශෝක හඳගම තිරනාටකය ලියා අධ්‍යක්ෂණය කළ "ඇගේ ඇස අග" චිත්‍රපටයේ විශ්වවිද්‍යාල සිසුවියක ලෙස ප්‍රධාන චරිතයෙන් ප්‍රේක්ෂක අවධානයට ලක්වූ නිළි රිතිකා කොඩිතුවක්කු සමග "තරුණයා" කළ සංවාද සටහනකි මේ.



    පළමු රංගනයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
    මේ මගේ පළමු රංගනය. එයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන සතුටුයි.

    ඔබ නිළියක් වෙන්න ආසාවෙන් හිටිය කෙනෙක්ද?
    ඇත්තටම මම නිළියක් කියලා කියන්නෙ නැහැ. මේ මගේ පළමු රංගනය. මේ වගේ චිත්‍රපට රංගනයක් ගැන කවදාවත්ම මම සිහින මවලා නැහැ.

    එහෙමනම් මොනවගේ සැලසුමක්ද හිතේ තියෙන්නේ?
    මගේ ජීවිතයේ ලොකු සැලසුම් නැහැ. මම වර්තමානය ගැන හිතමින් ඒ තුළ සතුටින් ජීවත්වෙන කෙනෙක්. වචනකින් හරි තව කෙනෙක් සතුටු කරන්න කැමති කෙනෙක්.

    සිනමාවට පැමිණි ගමන ගැන කිව්වොත්?
    සිනමාවට ආවෙ අහම්බෙන්. කලක් මම නිරූපිකාවක විදියට වැඩකළා. ඒ වැඩවලදි හමුවුණ අමල් අල්විස් හා මංජුල පෙරේරා තමයි "ඇගේ ඇස අග" චිත්‍රපටයට මාව ගෙනාවේ.

    ඔබ අතීතය ගැන දුක්වෙන කෙනෙක්ද?
    නැහැ, මම අතීතය ගැන දුක්වෙන කෙනෙක් නෙමේ. ඊයේ දවස ගැනවත් මම හිතන්නෙ නැහැ. මේ මොහොතට කලින් මොහොතේ සිදුවන සිදුවීමක් මම හිතන්නේ ජීවිතයට ලැබෙන අත්දැකීමක් කියලා. ජීවිතය තුළ වැරදීමක් වුණා නම්, එය නිවැරදි කරන්න මම උත්සහ කරනවා.

    තරුණ තරුණියන්ට ඔබ දෙන පණිවිඩය කුමක්ද?
    අපිට අපි ගන්න තීරණ ස්වාධීන වගේම හොඳ තීරණයක් වෙන්න ඕන කියලා මම හිතනවා. හොඳ නරක තෝරා බේරාගනිමින් කාටවත් කරදරයක් නැතිව යහපත් විදියට අපේ ජීවිත ගෙවන්න ඕන.

    "ඇගේ ඇස අග" චිත්‍රපටය පළමු වරට නරඹන විට ඇති වුණ හැඟීම කොහොමද?
    චිත්‍රපටය තැනින් තැන රූගත කළේ. දෙබස් පටිගත වුණේ ඒ වෙලාවෙමයි. මෙම චරිතය ප්‍රබල චරිතයක්. හිතාගන්න බැරි වෙලාවක හිතාගන්න බැරි අවස්ථා මවන චරිතයක්. ගැහැනියක් විදියට කරන්න බය හිතෙන චරිතයක්. පළමු වරට මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් සමග සම්පූර්ණ චිත්‍රපටය දැක්කේ "තරංගනී" සිනමා ශාලාවෙදී. ඒ වෙලාවේ ලැබුණු උණුසුම් ප්‍රතිචාරවලින් මම කරපු දේ ගැන සතුටක් ඇති වුණා.

    පෙම්වතා, ආදරය වැනි දේවල් පිළිබඳ ඔබේ ප්‍රකාශය කුමක්ද?
    සමාජයේ මිනිස්සු මට ආදරය කරනවා නම්, මම කැමතියි. මා කළ චරිතය දිහා තාරුණයන් වගේම තරුණියනුත් ආදරණීය හැඟීමකින් බලන බව මට දැනෙනවා. මොන තරම් භයංකර දේවල් චිත්‍රපටයෙදි මම කළත්, ඒ චරිතයට ඒ අය ආදරෙයි. මට පෞද්ගලික ජීවිතයක් තියෙනවා. මම කැමතියි මගේ ඒ ජීවිතය පෞද්ගලික මට්ටමේම තියෙනවනම්.

    නිකමට කියන්න පෙම්වතුතෙක් ඉන්නවද? නැද්ද?
    ඒ ගැන මම කියන්නෙ නැහැ. මම ආයෙත් කියන්නේ මගේ පෞද්ගලික ජීවිතේ මගේම වෙලා තියෙනවට මම කැමතියි.

    ඔබේ දැන් ජීවිතය ගතවෙන්නේ මොන අන්දමටද?
    මම දෙමවුපියන් එක්ක සැහැල්ලුවෙන් ජීවිතය ගත කරනවා.





    2016-05-27-ent-09.jpg
    2016-05-27-ent-10.jpg
    2016-05-27-ent-12.jpg
     
    • Like
    Reactions: billythekid

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ක්ෂේත්‍රයට මම ආවේ මගේ හැකියාවෙන් - ශානිකා &#34

    ක්ෂේත්‍රයට මම ආවේ මගේ හැකියාවෙන් - ශානිකා චාමිණි

    නිරූපිකාවක් ලෙස සිවුවසරක් තිස්සේ නිරූපණ ක්ෂේත්‍රයේ කටයුතු කරන ශානිකා චාමිණි සමගින් මෙවර 'සාරවිට' තරු කතා බහ අපි ඇරඹුවෙමු. වර්තමානයේ දක්ෂ නිරූපිකාවක් ලෙස ක්ෂේත්‍රය තුළ නමක් දිනා ඇති ශානිකා ඉදිරියේදී රංගනයටද එක්වීමේ කැමැත්තෙන් පසුවේ. ඇය සිය ඉදිරි ඉලක්කයන් පිළීබඳව අපට අදහස් පැවසුවෙමු.



    20160528Shanika-1.jpg



    නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ?
    2012 අවුරුද්දේ.

    නිරූපිකාවක් විදිහට දැනට සම්බන්ධ වෙලා තියෙන කලා කටයුතු මොනවද?
    ගීත රූප රචනා වගේම වෙළෙඳ දැන්වීම් කිහිපයකටත් මම සම්බන්ධ වෙලා ඉන්නවා. නමුත්, මට හිතෙන්නේ මම ඒ වැඩේට තවමත් ආධුනිකයෙක් කියලා. ඒත්, මම නිරූපණ ක්ෂේත්‍රය තුළ ගොඩක් වැඩ කරලා තියෙනවා. ගොඩක් විවිධ විලාසිතා දැක්මවල් වලට සහභාගී වෙලා තියෙනවා. නවක ගායක ජනිදු කරුණාරත්න ගායනා කරන %තැවෙන සිත^ කියන මියුසික් විඩියෝවට මා මෑතකදී පෙනි හිටියා. මම හිතන්නේ මගේ රසික, රසිකාවියන්ට හය ඉතා ඉක්මණින් දකින්නට ලැබෙවි කියලා.



    ඔබ ලංකාවේ තිබුණ රූපරාජිණි තරග කිහිපයකටත් ඉදිරිපත් වුණා නේද?
    2014 අවුරුද්දේ තිබුණ 'දෙරණ මිස් ශ්‍රී ලංකා' තරගයට ඉදිරිපත් වුණා. එම තරගයේ දෙවැනි තැන හිමි වුණේ මට. ඊට පස්සේ 2015 අවුරුද්දේ පැවති %සියත මිස් ශ්‍රී ලංකා^ තරගයට ඉදිරිපත් වුණා. එම තරගයේ හොඳම තරගකාරියන් පස් දෙනා අතරට මට එන්න පුළුවන්කම ලැබුණා.

    නිරූපිකාවක් වුණාට පස්සේ තමයි ඔබ මෙවැනි තරග වලට ඉදිරිපත් වුණේ?
    ඕව්. නිරූපිකාවක් විදිහට අත්දැකිම් ලබලා මෙවැනි පැජන්ට් එකකට සහභාගී වෙන්න ලැබුණ එක මම හිතන්නේ වාසියක් කියලා. මොකද, මේ වගේ තරග වලදී වරදක් කළොත් ඒක ලොකු පාඩුවක්. ඉතින් මම හිතුවා ක්ෂේත්‍රයේ අත්දැකිම් එක්ක මේ තරග වලට ඉදිරිපත් වුණොත් ඒක ගොඩක් වැදගත් වේවි කියලා.

    අවුරුදු 4ක කාලයක් ඔබ මේ ක්ෂේත්‍රය තුළ වැඩ කරනවා. ක්ෂේත්‍රය තුළ ඔබට තැනක් තියෙනවාද?
    ඔව්. මම හිතනවා අනිවාර්යෙන්ම මට ක්ෂේත්‍රය තුළ තැනක් තියෙනවා කියලා. මම ගොඩක් පැජන්ට් වලට ඉඳලා තියෙනවා වගේම ෆිල්ඩ් එකේ ලොකු එක්ස්ෆ්‍රිරියන්ස් එකකුත් ලබලා තියෙනවා. ඒ වගේම මම මොඩ්ලින් ෂෝ, පොටෝ ෂූට් වගේ දේවල් වලට සම්බන්ධ වෙන්නෙත් මට ඒක ගැළපෙනවා කියලා හිතුණොත් විතරයි. ලැබෙන හැම වැඩක්ම මම භාර ගන්නේ නැහැ. මොකද, ලැබෙන හැමදේම භාරගත්තොත් අපේ වටිනාකම අඩුවෙලා යනවා.

    නිරූපිකාවෝ ගොඩ දෙනෙක් දැන් රංගනයට යොමු වෙනවා. ශානිකා කැමති නැහැ රංගනය පැත්තට සම්බන්ධ වෙන්න?
    කැමැත්තක් තියෙනවා. හොඳ ආරාධනාවක් ලැබුණොත් මම අනිවාර්යෙන්ම රඟපානවා.

    ටෙලි නාට්‍යය, චිත්‍රපට එහෙම කියලා බෙදිමක් තියෙනවාද?
    ඕව් ටෙලි නාට්‍යය වලට නම් මම සම්බන්ධ වෙන්නේ නැහැ. චිත්‍රපටයක් වගේ ලැබුණොත් රඟපානවා.

    නිරූපණ ක්ෂේත්‍රය තුළ වර්තමානය වනවිට විවිධ මත, අදහස් තියෙනවා?
    මොඩ්ල් ෆිල්ඩ් එක කියන්නේ හරියට ඒ දේ කළොත් ඉහළටම යන්න පුළුවන් තැනැක්. ඒත්, මම දකින විදිහට ලංකාවේ මොඩල් කෙනෙකුට තියෙන තැන ගොඩක් අඩුයි.

    ශානිකාට ගොඩක් උදව් කළ පිරිසකුත් ඇති?
    මම මේ ක්ෂේත්‍රයට ආවේ මගේම හැකියාවෙන්. ඉතින් මට උදව් කරන්න පිරිසක් හිටියේ නැහැ. නමුත්, මේ අවස්ථාවේදී මම ප්‍රවිණ නිරූපණ ශිල්පි බ්‍රයන්ව මතක් කරනවා. ඊට අමතරව මගේ පවුලේ හැම දෙනාවත්. ක්ෂේත්‍රය වැඩ කරද්දි නිතර මුණ ගැසෙන මගේ මිතුරියන්වත් මේ අවස්ථාවේදී මතක් කරනවා.

    20160528Shanika-2.jpg
    20160528Shanika-3.jpg
    20160528Shanika-4.jpg
    20160528Shanika-5.jpg
    20160528Shanika-6.jpg
    20160528Shanika-7.jpg
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඉක්මන් ගමන කෙටි කියනවනේ - සුබා

    ඉක්මන් ගමන කෙටි කියනවනේ - සුබා



    නව පරපුරේ ජනප්‍රිය මෝස්තර නිරූපිකාවක වන සුබා වික්‍රමසිංහ සමගින් මෙවර අපි 'සාරවිට' තරු කතා බහ ආරම්භ කළෙමු. වර්තමානය වනවිට නිරූපණය ක්ෂේත්‍රය තුළ ඉහළ ජනප්‍රියත්වක් හිමිකරගෙන සිටින සුබා ඉදිරියේදී රංගනයට යොමු වීමටද සූදානමින් සිටියි. මේ ඇය ඒ පිළිබඳව සහ ඉදිරි කලා කටයුතු පිළිබඳව අපිට පැවසූ අදහස්ය.



    20160529Suba-1.jpg



    නිරූපිකාවක වෙන්න ඕනා කියලා සුබාට හීනයක් තිබුණාද?
    නැහැ. නමුත්, අහම්බෙන් තමයි නිරූපණය ක්ෂේත්‍රයට මම සම්බන්ධ වුණේ. පුංචි කාලෙ ඉඳලා හිතෙ තිබුණේ නම් වෙනත් වෘත්තියකට යොමු වෙන්න.

    කොයි කාලේ වගේද නිරූපිකාවක් වුණේ?
    මීට අවුරුදු 4කට විතර කලින්. 2012 අවුරුද්දේ වගේ. ප්‍රවීණ මෝස්තර නිරූපිකා රොසෑන් ඩයස් මහත්මිය යටතේ මම නිරූපණය පිළිබඳව හැදෑරීමක් කළා. ඊට පස්සේ තමයි ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ.

    සිවුවසරක් තිස්සේ නිරූපිකාවක් විදිහට ඔබ මේ ක්ෂේත්‍රය තුළ කටයුතු කරනවා. ක්ෂේත්‍රය තුළ සුබාට තැනක් තියෙනවාද?
    ඔව් කිව්වොත් හරි. මම මේ ක්ෂේත්‍රය තුළ ලොකු දුරක් ඇවිල්ලා තියෙනවා. නමුත්, මට මේ ක්ෂේත්‍රය තුළ තව ලොකු ගමනක් යන්න ඕනා කියන අවශ්‍යතාව තියෙනවා.

    වෙළෙඳ දැන්වීම්, ගීත රූප රචනා වගේ දේවල්වලට දායක වෙලා නැද්ද?
    වෙළෙඳ දැන්වීම්වලට නම් ලොකුවට දායක වෙලා නැහැ. මියුසික් වීඩියෝ නම් කිහිපයකටම දායක වුණා. ඒ අතරින් නවක ගායකයන් තිදෙනෙකු වූ ඩිලාන් ළහිරුගේ 'නෙතුකැන්', ෂා විරාජ්ගේ 'වේදනා' හා සමින්ග් නිරාජ්ගේ 'ඔය නෙතු' කියන මියුසික් වීඩියෝ ගොඩ දෙනෙක් අතර ජනප්‍රිය වුණා. මේවාට අමතරව මොඩ්ලින් ෂෝ පොටෝ ෂූට් වගේ දේවල්වලටත් මම සම්බන්ධ වෙලා වැඩ කරලා තියෙනවා.

    රඟපාන්න කැමති නැද්ද සුබා?
    කැමතියි ගොඩක්. දැනට ආරාධනා කිහිපයකුත් ලැබිලා තියෙනවා. ඉදිරියේදී ඒ පැත්තට යොමු වෙන්න අදහසකුත් තියෙනවා.

    අලුත් කෙනෙක් විදිහට නිරූපණ ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?
    ඕනෑම දෙයක පැති කිහිපයක් තියෙනවා. ඉතින් හැමදේකින්ම හොඳ දේ විතරක් තෝර ගන්න අපි බුද්ධිමත් වෙන්න ඕන. ඉක්මන් ගමනක් යන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. ඉක්මන් ගමන කෙටි කියනවනේ. ඒ හින්දා මම කැමතියි මේ ක්ෂේත්‍ර තුළ හෙමින් ගමනක් යන්න. ‍

    උදව් කල පිරිසකුත් ඇති?
    අම්මා, තාත්තා ඇතුළු මගේ පවුලේ අයගෙන් මට ලොකු සපෝර්ට් එකක් ලැබෙනවා මේ ක්ෂේත්‍රයේ වැඩ කරද්දි. ඒ වගේම තව ගොඩක් අය ඉන්නවා. නම් වශයෙන් නොකීවත් ඒ හැම දෙනාවම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මතක් කරන්න ඕනා.



    20160529Suba-2.jpg
    20160529Suba-3.jpg
    20160529Suba-4.jpg
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    කලාව තුළින් දිගු ගමනක් යන්නට සැරසෙන රුචි&#3482

    කලාව තුළින් දිගු ගමනක් යන්නට සැරසෙන රුචිකා



    20160525Ruchika-2.jpg



    මෝස්තර නිරූපිකාවක ලෙස ක්ෂේත්‍රයට පිවිසි රුචිකා හර්ෂණි මේ වනවිට වෙළෙඳ දැන්වීම්, ගීත රූප රචනා බොහොමයක් තුළින් අප හමුවට පැමිණ ඇය නිරූපණ ක්‍ෂේත්‍රය මෙන්ම කලා ක්‍ෂේත්‍රය තුළ දිගු ගමනක් යාමට බලාපොරොත්තුවෙන් සිටින්නීය. නමින් රුචිකා, 'සාරවිට' අප සමගින් මෙලෙසින් සංවාදයේ යෙදුණාය.
    ක්ෂේත්‍රයට ආවේ?
    'අජිත්; කියලා නාට්‍යය කරපු සර් කෙනෙක් හිටියා. ඔහු නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කරන කිහිප දෙනෙකුටම හඳුන්වලා දුන්නා. ඒ 2015 අවුරුද්දේ. ඊට පස්සෙ නිරූපිකාවක විදිහට වැඩ කළා. මේ අවුරුද්දෙ පෙබරවාරි මාසයේ තමයි රංගනය පැත්තට යොමුවුණේ. ඒ මගේ යාළුවෙකුගේ මාර්ගයෙන්. ඔහුගේ මිතුරෙක් කරපු මියුසික් වීඩියෝවකට පෙනි ඉඳලා.

    පාසල් යන කාලේ කලාව පැත්තට නැඹුරු වුණේ නැද්ද?
    පාසල් වේදිකාවේ නම් මම රංගන ශිල්පිනියක් විදිහට කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම, පාසල් තිබුණ කලා ප්‍රසංගවලට නිර්මාණය කළ නාට්‍යයවලට මම දායක වෙලා තියෙනවා. පාසල් යන කාලේදී මේ පැත්තට යොමු වෙන්න ගොඩක් උදව් කළේ ජේ.ඒ.ඩී පෙරේරා සර්.

    එතකොට රුචිකා දැන් නිරූපිකාවක්ද රංගන ශිල්පිනියක්ද?
    නිරූපිකාවක්. නමුත්, ඉදිරියේදී රංගනය පැත්තට යොමු වෙන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා. ඒ වගේම දැනට ඒ සඳහා ආරාධනා කිහිපයකුත් ලැබිලා තියෙනවා.

    දැනට ඔබ දායක වුණ කලා නිර්මාණ මොනවද?
    මියුසික් වීඩියෝ වගේම වෙළෙඳ දැන්වීම් කිහිපයකත් දැනට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඊට අමතරව නිරූපණ ක්ෂේතයට සම්බන්ධ වැඩවලට දායක වෙලා ඉන්නවා.

    ඔබ සම්බන්ධ වුණ ගීත රූප රචනා හා වෙළෙඳ දැන්වීම් ගැන කතා කළොත්?
    එටිසෙලාට්, නැනෝ කාර්, මොබිටෙල් වෙළෙඳ ආයතන කළ වෙළෙඳ දැන්විම්වලට දායක වෙලා තියෙනවා. මෑතකදී තවත් වෙළෙඳ දැන්වීම් කිහිපයකට පෙනී හිටියා. ඉදිරියේදී ඒවා දකින්නට පුළුවන් වේවි. වෙළෙඳ දැන්වීම්වලට අමතරව නුවන් රණසිංහගේ 'පපුවට හුරු නැති ආදරේ', තුෂාර කරුණාරත්නගේ 'ඇස් මායිමේ' ගීතවල මියුසික් විඩියෝ සඳහා දායක වෙලා තියෙනවා. සචිත්‍ර රාජපක්ෂගේ අලුත් ගීතයක් සඳහා කරපු මියුසික් විඩියෝවක් සඳහාත් මම පෙනී ඉන්නවා. එය තවත් නොබෝ දිනකින් මගේ ආදරණීය රසික, රසිකාවියන්ට දකින්නට ලැබෙවි.

    අලුත් කෙනෙක් විදිහට නිරූපණ ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?
    ඕනෑම දෙයක පැති කිහිපයක් තියෙනවා. ඉතින් හැමදේකින්ම හොඳ දේ විතරක් තෝරගන්න අපි බුද්ධිමත් වෙන්න ඕනා. ඉතා ඉක්මනින් ඉහළ යන්න කෙටි මාර්ගත් තියෙනවා. නමුත්, ඉක්මන් ගමනක් යන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. ඉක්මන් ගමන කෙටි කියනවනේ. ඒ හින්දා මම කැමතියි මේ ක්ෂේත්‍ර තුළ හෙමින් ගමනක් යන්න. ‍

    මොනවද ඉලක්ක?
    නිවේදිකාවක් විදිහට වැඩ කරන්න තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. ඊට අමතරව නිරූපිකාවක්, රංගන ශිල්පිනියක් විදිහට මේ ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්න මම අපේක්ෂා කරනවා.

    කවුද රුචිකාට උදව් කළේ?
    අම්මා, පුංචි, අසංක අයියා, අජිත් සර්, ප්‍රදිප් අයියා, ජේ.ඒ.ඩී පෙරේරා සර් ඇතුළු පිරිස. නම් නොකියපු හැම කෙනෙකුටමත් මේ වෙලාවෙදි ගොඩක් ස්තුති කරනවා.



    20160525Ruchika-1.jpg



    20160525Ruchika-3.jpg
    20160525Ruchika-4.jpg
    20160525Ruchika-5.jpg
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    පියුමි හංසමාලිටත් 'අදාළ නැතිලු'

    පියුමි හංසමාලිටත් 'අදාළ නැතිලු'


    මේ දිනවල ෆේස්බුක් තුළ ජනප්‍රිය වාක්‍යයක්නේ 'අදාළ නැහැනේ' කියන එක. ඉතිං පියුමි හංසමාලිටත් අදාළ නැහැලු. නිරූපණ ක්ෂේත්‍රයේ තවත් යාළුවෝ දෙන්නෙක් එක්ක කුකුළද, බිත්තරේද ආව විදිහ ගැන කියන වීඩියෝව ඔබම බලලා තීරණය කරන්න. ඒදේ ඔබටත් අදාළ නැතිවෙන්න පුළුවන්.


     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    නිරූපිකාවක් කිව්වහම හිතට එන්නේ වැරදි අදහ

    නිරූපිකාවක් කිව්වහම හිතට එන්නේ වැරදි අදහසක්



    2016-06-02-ent-61.jpg



    කෙටි කාලයක් තුළ නිරූපණ ක්ෂේත්‍රය තුළ කතාබහට ලක්වූ නිෂි ප්‍රනාන්දු මේ වන විටගීත රූප රචනා මෙන්ම ටෙලි නිර්මාණ බොහොමයකට සිය දායකත්වය ලබාදී තිබේ. නිරූපණය තුළින් දිගු ගමනක් යාමට අපේක්ෂා කරමින් සිටින ඇය ඉදිරි කාලයේදී රංගනයටද වැඩි ඉඩක් වෙන් කිරීමට සූදානමින් සිටියි. මෙවර "සාරවිට" තරු කතා බහට අපි නිෂිව සම්බන්ධ කරගත්තෙමු.



    නිෂි කියන්නේ නිරූපිකාවක්ද?රංගන ශිල්පිනියක්ද?
    නිරූපිකාවක්

    ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ?
    2015 අවුරුද්දේ.

    මේ කෙටි කාලය තුළදී?
    නිරූපිකාවක් විදිහට වැඩිපුරම දායකත්වය ලබාදුන්නේ බ්‍රයිඩ්ල් ෂෝ වලටයි. ඒ වගේම නිරූපිකාවක් විදිහටත් වෙනත් විලාසිතා දැක්මවල් වලත් පෙනී ඉඳලා තියෙනවා. ඊට අමතරව ගීත රූප රචනා හා ටෙලි නාට්‍ය කිහිපයකටත් මම රංගනයෙන් දායකවෙලා තියෙනවා.

    නිරූපිකාවක් වෙන්න හිතුවේ?
    පුංචි කාලේ ඉඳලා තිබුණ හීනයක් තමයි මේක. රූපවාහිනියෙන් නිරූපිකාවන් දකින කොට හිතුණා මටත් ඒ වගේ කෙනෙක් වෙන්න ඕනා කියලා.

    ඔබ ක්ෂේත්‍රයට නවකයෙක්. ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?
    ගොඩක් අයට නිරූපිකාවක් කිව්වහම හිතන්නේ වැරදි අදහසක්. නමුත්, තමන් කරන දේ හරි වැරැද්ද තෝරා බේරාගෙන කටයුතු කරනවා නම් මොන ක්ෂේත්‍රයක වුණත් හොඳින් වැඩ කරන්න පුළුවන්. මම මේ ක්ෂේත්‍රයට ගොඩක් කැමතියි. ඒ හින්දා මම වැඩ කරද්දි හොඳදේ මොකක්ද නරකදේ මොකක්ද කියලා තෝරගෙන වැඩ කරනවා.

    ඉදිරි ඉලක්ක?
    නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රය තුළ නමක් හදාගන්න තමයි මගේ ලොකුම ඉලක්කය. ඊට අමතරව රංගන ශිල්පිනියක් විදිහටත් වැඩ කරන්න ආසසි. තව රූපලාවණ්‍ය පැත්තෙන් මගේම කියලා දේකට යොමු වෙන්නත් සැලසුමක් තියෙනවා.

    ඔබ නිරූපිකාවක් වීම පිළිබඳව පවුලේ අය කැමත්තක් දක්වනවාද?
    ඔව්. ගෙදර කට්ටිය තමයි මට ගොඩක්ම උදවු කරන්නේ මගේ නිරූපණ වැඩවලට. විශේෂයෙන්ම අම්මා. ඊට අමතරව මගේ අයියයි, නංගියි දෙන්නත් ඔවුන්ට පුළුපුළුවන් විදිහට ගොඩක් උදවු කරනවා.

    මේ වන විට බොහෝ පිරිසක් නිරූපණ ක්ෂේත්‍රයට යොමු වෙනවා. ඔවුන් අතර ඔබත් තරගකාරියක්ද?
    එහෙම තරගකාරීත්වයක් මම දකින්නේ නැහැ. අලුත් අය මේ ක්ෂේත්‍රයට යොමු වෙන්න ඕනා. නමුත්, අලුත් අය මේ ක්ෂේත්‍රය තුළ රැඳෙන්නේ තමන්ගේ හැකියාව මත නිසා ක්ෂේත්‍රයට එන්න කලින් ඒ පිළිබඳව හැදෑරීමකින් පැමිණෙනවා නම් ගොඩක් හොඳයි. එතකොට තමයි මේ ක්ෂේත්‍රයට වටිනාකමක් ලැබෙන්නේ.

    ඔබත් මේ ක්ෂේත්‍රයට ආවේ හැදෑරීමකින් පසුවද?
    දැනටත් මම නිරූපණය පිළිබඳව හැදෑරීම් කරනවා. මම වෙනත් නිරූපිකාවන්ගෙන් දකින දේවල් අනුකරණය කරලා තමයි මේ ක්ෂේත්‍රයට ආවේ.

    නිරූපිකාවක් විදහට අද ක්ෂේත්‍රය තුළ තැනක් හදාගෙන තියෙනවාද?
    මම තාම මේ ක්ෂේත්‍රයට අලුත් කෙනෙක්. ඉතින් මම දන්නේ නැහැ තවමත් මට ක්ෂේත්‍රය තුළ නමක් හදාගන්න පුළුවන්කම ලැබිලා තියෙනවාද නැද්ද කියලා. නමුත්, ඉදිරියේදී නමක් හදාගෙන මේ ක්ෂේත්‍රය තුළ හෙමින් ගමනක් යන්න තමයි මගේ සැලසුම.



    2016-06-02-ent-65.jpg
    2016-06-02-ent-66.jpg
    2016-06-02-ent-67.jpg
    2016-06-02-ent-58.jpg
    2016-06-02-ent-59.jpg
    2016-06-02-ent-60.jpg
    2016-06-02-ent-62.jpg
    2016-06-02-ent-63.jpg
    2016-06-02-ent-64.jpg
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ වගේ පත්තර ආර්ටිකල් වලට යන නංගිලාට, අක්කලාට කියන්නෙ, මේකට සමගාමීව නිකන් බැරි වෙලා leak උනා වගේ නිර්වස්තර පින්තූර ටිකකුත් අන්තර්ජාලයට නිකුත් කරන්න. ඊට පස්සෙ ඔය එක එක gossip sites වලට interviews දෙන්න ඒක fake අනේ කිය කිය. ඔයාලගේ ජනප්‍රියතාව / ප්‍රසිද්ධිය එක රැයින් හිනිපෙත්තටම යවා ගන්න පුළුවන්. :P
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ලබන වසරේ 'මිස් ශ්‍රී ලංකා' තරගයට ඉදිරිපත් ව&#3

    ලබන වසරේ 'මිස් ශ්‍රී ලංකා' තරගයට ඉදිරිපත් වෙනවා



    2016-05-03-ent-68.jpg



    වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා බොහොමයක් හරහා ඔබ හඳුනාගත් බුද්ධි ජයවර්ධන "සාරවිට" හොට් ස්ටෝරි සඳහා මෙවර අපි සම්බන්ධ කරගත්තෙමු. වෘත්තීය මට්ටමේ මෝස්තර නිරූපිකාවක වන ඇය, පසුගිය දිනවලදී මාධ්‍ය හරහා වඩාත් කතාබහට ලක්වූයේ දෙරණ අවුරුදු කුමරිය ලෙස කිරුළ දිනාගැනීමත් සමගිනි. ඒ පිළිබඳව සහ ඉදිරි කලා කටයුතු පිළිබඳව අපි ඇයගෙන් මෙසේ තොරතුරු විමසුවෙමු.



    මෙවර "දෙරණ අවුරුදු කුමරිය" ඔබයි?
    ඔව්. "අවුරුදු කුමරිය" තරගයකට ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කරන්න හීනයක් මට තිබුණා. ඒ නිසා තමයි දෙරණ "අවුරුදු කුමරිය" තරගයට ඉදිරිපත් වුණේ. ගිය අවුරුද්දේ ස්වාධීන රූපවාහිනි නාළිකාව විසින් සංවිධානය කළ "අවුරුදු කුමරිය" තරගයට ඉදිරිපත් වුණා. නමුත්, මට එහි හිමිවුණේ දෙවැනි තැන. ඒ නිසා තමයි මෙවර "දෙරණ අවුරුදු කුමරිය" තරගයට ඉදිරිපත් වෙන්න හිතුවේ. "අවුරුදු කුමරිය" වීමේ හීනේ හැබෑ වුණ නිසා ඉදිරියට මෙවැනි තරග සඳහා මම ඉදිරිපත් වෙන්නේ නැහැ.

    අවුරුදු කුමරියක් වීම කලා ක්ෂේත්‍රයට පිවිසීමට හොඳ මඟක්?
    ඔව්."දෙරණ අවුරුදු කුමරිය" ජයග්‍රහණය කිරීමෙන් පසුව රඟපෑමට ආරාධනා බොහොමයක් ආවා. නමුත්, මම ඒ ආරාධනා ප්‍රතික්ෂේප කළා.

    ඒ කියන්නේ රඟපෑමට බුද්ධිගේ කැමැත්තක් නැහැ කියන එකද?
    නැහැ. රඟපාන්න මම ගොඩක් කැමැතියි. නමුත්, මගේ ඉලක්කයක් තියෙනවා. ඒ ඉලක්කය සපුරගෙන තමයි මම කලාව පැත්තට යොමු වෙන්න අදහස් කරමින් ඉන්නේ.

    මොකක්ද ඔය කියන ඉලක්කය?
    මම ලබන වසරේ පැවැත්වෙන "මිස් ශ්‍රී ලංකා" තරගයට ඉදිරිපත් වෙනවා. ඉතින් ඒ තරගයට යොමු වෙනකම් රංගනය පැත්තට යොමු වෙන්නෙ නැහැ කියලා මම තීරණය කරගෙන ඉන්නවා.

    රංගනය පැත්තට යොමු නොවුණත් ඔබ දැනටමත් කලා කටයුතුවල අපි දකිනවා?
    වෙළෙඳ දැන්වීම් වගේම ගීත රූප රචනා බොහොමයක මම දැනට රඟපාලා තියෙනවා.

    බුද්ධි නිරූපිකාවක් විදිහටත් කටයුතු කරනවා?
    2014 අවුරුද්දේ තමයි මම නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට යොමු වුණේ. රොසෑන් ඩයස් මහත්මිය යටතේ ඇයගේ ඇකඩමියට සම්බන්ධ වෙලා නිරූපණය පිළිබඳව හැදෑරීම් කරලා තමයි මම නිරූපණ ක්ෂේත්‍රයට යොමු වුණේ. දැනට මම කරලා තියෙන නිරූපණ ප්‍රසංග ගත්තොත් ඉන් වැඩිපුරම කරලා තියෙන්නේ "බ්‍රයිඩ්ල්" ප්‍රසංග.

    නිරූපිකාවක් විදිහට අද යම් තැනක ඔබ ඉන්නවාද?
    මම හිතනවා. මොකද, අද වනවිට ක්ෂේත්‍රයේ වගේම ඉන් පිටතදීත් බොහෝ පිරිසක් මාව හඳුනගෙන තියෙනවා. ඒ වගේම නිරූපණ ප්‍රසංග සඳහා මට සැලකිය හැකි මට්ටමක ආරාධනා ලැබෙනවා. ඉතින් නිරූපණ ක්ෂේත්‍රය තුළ අද මම යම් තැනක ඉන්නවා කියලා මම හිතනවා.

    ක්ෂේත්‍රයට යොමු වෙන තරුණ පිරිස අද වැඩියි නේද?
    ඔව්. නිරූපණ ක්ෂේත්‍රය තුළ ලොකු තරගකාරීත්වයක් මම දකිනවා. ඒක හොඳ දෙයක්. තරගයක් තියෙන කොට තමයි අපේ දක්ෂතාත් දියුණු වෙන්නේ.

    හැබැයි ගොඩ දෙනෙක් ඉක්මන් ගමනක් මේ තුළ අපේක්ෂා කරනවා. ඔබත් එහෙමද?
    නැහැ. මම කවමදාකවත් ඒවැනි ඉක්මන් ගමනක් යන්න අපේක්ෂා කරන කෙනෙක් නෙමෙයි. මම කැමැතියි මේ නිරූපණ ක්ෂේත්‍රය හෝ වේවා වෙනත් ක්ෂේත්‍රයක හෝ වේවා හෙමින් ගමනක් යන්න. කතාවකුත් තියෙනවානේ ඉක්මන් ගමන කෙටියි කියලා.

    කවුද උදව් කළේ?
    විශේෂයෙන්ම මතක් කරන්න ඕනා රොසෑන් ඩයස් මහත්මිය. ඇය තමයි නිරූපණ ක්ෂේත්‍රය තුළදී මට ගොඩක්ම උදව් කළේ. නම් නොකීවාට ගොඩ දෙනෙක් මට මේ ක්ෂේත්‍රය තුළදී උදව් කරලා තියෙනවා. ඊට අමතරව මගේ අම්මාව මතක් කරන්න ඕනා. ඇය තමයි මගේ හැම වැඩකදීම මා පසුපස සෙවණැල්ල මෙන් මා සමග ඉන්නේ

    2016-05-03-ent-65.jpg
    2016-05-03-ent-67.jpg
    2016-05-03-ent-69.jpg
    2016-05-03-ent-70.jpg
    2016-05-03-ent-71.jpg