ඔහු ජනප‍්‍රිය තරුණ කලාකරුවෙකි. කලා පවුලකින් පැවත එන ඔහුගේ පියා මව සහ සහෝදර සහෝදරියන් ද නළු නිළියෝ වෙති. රටම හඳුනන මේ කලා පවුලේ වැඩිමහල් දරුවාට කොරෝනා රෝගය වැළඳී ඇති බව දැනගෙන ඇත්තේ පසුගිය සතියේ දිනයකදීය. ඒ රූගත කිරීමක් සිදුකළ අවස්ථාවකදීය.
දැනට විකාශය වන නාට්‍යයක සහ ඉදිරියේදී විකාශය වීමට නියමිත සංගීත ප‍්‍රසංගයක රූගත කිරීම් සහ පුහුණුවීම් සඳහා මෙම ජනප‍්‍රිය තරුණ නළුවා පසුගිය සතියේ දිනක කොළඹින් බැහැර ගොස් තිබුණි. ඒ තවත් නළු නිළියන් සහ එම ක්ෂේත‍්‍රයටම අදාළ පිරිසක් සමගින්ය.
එලෙස ගොස් ඔවුහු දින කිහිපයක් රූගත කිරීම් සහ පුහුණුවීම් සිදු කළහ. ඒ අතරතුර මෙම තරුණ නළුවාට උණ රෝගය වැළඳී තිබුණි. ඔහු සිතුවේ තමන්ට උණ රෝගය වැළඳුණේ පාදයේ ඇති තුවාලය නිසා බවයි. ඒ බව ඔහු අධ්‍යක්ෂවරයා ඇතුළු අන් අයට ද පැවසුවේය.
එහි සිටි අධ්‍යක්ෂවරයා ඇතුළු වගකිව යුතු පිරිස දින එකහමාරක් පමණ එම තරුණ නළුවාට නිවාඩු ලබා දුන්හ. ඒ උණ රෝගය අඩුවෙන තෙක්ය. එහෙත් උණ අඩු වූයේ නැත. එන්න එන්නම එය වැඩි විය. ඒ අනුව එහි සිටි පිරිසට මොහු ගැන යම් සැකයක් මතු වුණි. ඒ මොහුට කොරෝනා රෝගය වැළඳී ඇත්ද යන්න පිළිබඳවයි.
ඒ අනුව අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිස වහාම එම තරුණ නළුවාව කොළඹට පිටත් කර එවීමට කටයුතු කළහ. එලෙස පැමිණි තරුණ නළුවා පෞද්ගලික රෝහලකින් පී. සී. ආර්. පරීක්ෂණයක් සිදු කර ගත්තේය.
පැය කිහිපයකින් එහි ප‍්‍රතිඵල ලැබුණි. ඒ ප‍්‍රතිඵල වලට අනුව ඔහුට කොරෝනා රෝගය වැළඳී ඇති බව දැනගත්තේය. ඉන්පසු එම නළුවා තමා සමඟ රූගත කිරීම් සඳහා සහභාගි වූ පිරිසටද ඒ බව දැන්නුවේය. එය දැනගත් එම පිරිස වහාම රූගත කිරීම් සහ පුහුණුවීම් තාවකාලිකව නතර කර දැමූහ.
අධ්‍යක්ෂවරයා ඇතුළු එම පිරිස අදාළ සෞඛ්‍ය නිලධාරීන්ටද ඒ බව දැන්වූහ. ඒ අනුව ඔහුගේ උපදෙස් පරිදි එහි සිටි නළු නිළියන් ඇතුළු සියලූම දෙනාගේ පී. සී. ආර්. පරීක්ෂණ සිදු කළ අතර දින 14ක නිරෝධායනයටද ලක් කෙරුණහ.
තවමත් එම පිරිස රූගත කිරීම් සහ පුහුණුවීම් සඳහා ගිය ප‍්‍රදේශයේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටිති.
කොරෝනා රෝගය වැළඳුන එම තරුණ නළුවාගේ නම දැනගත් පසු මෙරට ජනප‍්‍රිය නළු නිළියෝ රැසක් පී. සී. ආර්. පරීක්ෂණ සිදුකර ගනිමින් ස්වයං නිරෝධායනයේ යෙදී සිටිති.
මෙයට අමතරව පසුගිය දිනවල විකාශනය වූ තණමල්විල කොල්ලෙක් නමැති ජනප‍්‍රිය ටෙලි නාට්‍යයේ රඟපෑ නළු නිළියන් සිව්දෙනෙකුට ද කොරෝනා රෝගය වැළඳී ඇති බවට දැනගන්නට ලැබේ. ඒ සමගම ඔවුන් ඇසුරු කළ පිරිසක්ද කොරෝනා රෝගය වැළඳී ඇතැයි බියෙන් පසු වෙති.
ඉදිරියේදී පෙන්වීමට නියමිත සංගීත වැඩසටහනකට පුහුණුවීම් සඳහා සහභාගි වූ මෙරට ජනප‍්‍රිය තරුණ පෙළේ නර්තන ශිල්පියෙකු ඇතුළු කණ්ඩායමකට ද කොරෝනා වෛරසය වැළඳී ඇති බවට දැනගන්නට ලැබේ. ඒ අනුව එම නර්තන කණ්ඩායම ඇසුරු විවිධ කලා ක්ෂේත‍්‍ර වලට සම්බන්ධ බොහෝ පිරිසක් ද ස්වයං නිරෝධායනයේ යෙදී සිටිති.
දැනට වසර කිහිපයකට පමණ පෙර විවාහ වූ දැනට දියණියක් සිටින මෙරට ජනප‍්‍රියම රංගන ශිල්පිනියකටද කොරෝනා රෝගය වැළඳී තිබේ. ඇයගේ සැමියා ද ජනප‍්‍රිය රංගන ශිල්පියෙකි. දෙදෙනාම පෙර විවාහයන් සිදු කර ගත් අය වෙති. මෙම ජනප‍්‍රිය රංගන ශිල්පියා පසුගිය මහ මැතිවරණයේදී ඡන්දය ඉල්ලීමටද අපේක්ෂාවෙන් සිටි අයෙකි. එහෙත් කුමන හෝ හේතුවක් නිසා ඔහුට එම අවස්ථාව නොලැබුණි.
තම බිරිඳගෙන් එම ජනප‍්‍රිය රංගන ශිල්පියාට කොරෝනා රෝගය වැළඳී නොතිබුණත් ඔහු ද නිරෝධායනයේ යෙදී සිටී.
දැනට කොරෝනා රෝගය වැළඳී ඇති නළු නිළියන් ඇසුරු කළ මෙරට ජනප‍්‍රිය ගායක ගායිකා පිරිසක් ද නිරෝධායනයේ යෙදී සිටින බවට ආරංචි වේ. ඒ සමඟම කොරෝනා රෝගය වැළඳුණු නළුවකු සමග රූගත කිරීම්වලට සහභාගි වූ පාසල් ළමුන් දෙදෙනකුද නිරෝධායනයේ යෙදී සිටිති. ඒ තෙල්දෙණිය ප‍්‍රදේශයේ සිසුන් දෙදෙනෙකි. එම රූගත කිරීම් කර තිබුණේ ද එම ප‍්‍රදේශය තුළයි.
නළු නිළියන්ටත් කොරෝනා රෝගය වැලඳීම නිසා එම ක්ෂේත‍්‍රය තුළ ගැටලූ රැසක් පැන නැගී තිබේ. ඒ අනුව දැනට විකාශනය වෙමින් තිබූ ටෙලිනාට්‍ය තුනක්ද තාවකාලිකව නතර කර තිබේ. එයට අමතරව ඉදිරියේ දී පැවැත්වීමට තිබූ සංගීත සංදර්ශනයක්ද දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.
නළු නිළියෝද මනුෂ්‍යයෝ වෙති. එහෙත් පුදුමය වන්නේ කොරෝනා රෝගය වැළඳුන මෙම පිරිස් සමාජයෙන් වහන් කිරීමට සමහර පිරිස් උත්සාහ ගන්නේ ඇයි ද යන්නයි.

- උපුටා ගැනීම : www.divaina.com

ehenam nama gama ekka daapanko..unma kiyala unma hanganawa 