න්‍යෂ්ඨික පිපුරුමක් සිදුවන ආකාරය

kpg

Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home

    න්‍යෂ්ඨික බෝම්බ ක්‍රියාකරන්නේ කොහොම ද?

    අපි වැඩිපුර ම අහලා තිබෙන න්‍යෂ්ඨික බෝම්බ හඳුන්වන්නේ විඛණ්ඩන (fission) බෝම්බ ලෙස යි. න්‍යෂ්ඨික පිපිරුමකදී සරලව සිදුවන්නේ බෝම්බයේ මධ්‍යය සැකසී ඇති ප්‍රතික්‍රියාශීලී මූලද්‍රව්‍යයේ න්‍යෂ්ඨිය ක්ෂණිකව එහි ශක්තිය මුදා හැරීම යි. ඊට අමතර ව තාප-න්‍යෂ්ඨික බෝම්බ, ක්ෂාර බෝම්බ ලෙස තවත් වර්ග තිබෙනවා.

    Nuclear bomb mechanism

    දෙවැනි ලෝක යුද්ධ සමයේදී ඇමරිකාව විඛණ්ඩන බෝම්බ දෙකක් නිපදවූවා. එකක් Little Boy ලෙස හැඳින්වුණු අතර එය යුරේනියම් යෙදූ තුවක්කු ආකාරයේ බෝම්බයක්. හිරෝෂිමාවට දැම්මේ ඒ බෝම්බය යි. අනෙක් අවිය Fat Man නම්වූ අභ්‍යන්තර පිපිරුම් ආකාරයේ ප්ලූටෝනියම් හරයක් සහිත බෝම්බයක් වූ අතර එය නාගසාකි වෙත පතිත කෙරුණා. ඉහළ ප්‍රතික්‍රියාශීලීත්වයක් දරන යුරේනියම්-235 සහ ප්ලූටෝනියම්-239 සමස්ථානික මේවායේ භාවිතයට තෝරා ගැනුණා.

    විඛණ්ඩනය ඇතිවෙන්නේ නියුට්‍රෝනයක් ඉතා වේගයෙන් මෙම සමස්ථානිකයක න්‍යෂ්ඨියක ගැටීමෙනුයි. එහිදී න්‍යෂ්ඨිය කැඩී බිඳී ගොස් ඉතා විශාල ශක්තියක් මුදා හරිනවා. මෙය දිගින් දිගට ම න්‍යෂ්ඨි අතර සිදුවීමෙන් දාම ප්‍රතික්‍රියාවක් (chain reaction) බවට පත්වී න්‍යෂ්ඨික පිපිරුම සිදු වෙනවා.

    Nuclear bomb mechanism

    මේවා අතරේ අඩු තාක්ෂණික හැකියාවන් සහිත ත්‍රස්ත සංවිධාන විසින් ද න්‍යෂ්ඨික බෝම්බ හදනවා. ඒවායේ මෙතරම් ප්‍රබලතාවක් නැති අතර ඒවා නීච බෝම්බ (DIRTY BOMBS)
    ලෙසයි හඳුන්වන්නේ. ඔවුන් කරන්නේ සාමාන්‍ය පුපුරන ද්‍රව්‍ය ටිකක් විකිරණශීලී මූලද්‍රව්‍යයක් අසලින් තබා එකට බැඳ පුපුරවා හැරීම යි. එකවර සිදුවන මරණ සංඛ්‍යාව අවම නමුත් මේවායෙන් වැඩි ප්‍රදේශයක විකිරණශීලීත්වය මුදාහැරෙන නිසා බොහෝ කාලයක් යනතෙක් පුපුරුවාලූ ප්‍රදේශය තුළ ජනතාවගේ සෞඛ්‍ය ගැටළු ඇතිවෙනවා.

    පිපිරුමක ස්වභාවය හා බලපෑම

    න්‍යෂ්ඨික පිපිරුමක බලපෑම එය ස්ඵෝටනයවූ දිනයේ කාලගුණ තත්ත්වය, වේලාව සහ භූගෝලීය පිහිටුම්, පොළොවේ සිට පිපිරීම සිදුවූ උස අනුව වෙනස් වෙනවා.

    Nuclear bomb mechanism

    පිපිරීම සිදුවීමේදී අවට වාතය එකවර ම ඉතා ඈතට විහිදී යනවා. එවිට ඇතිවන පීඩන වෙනස නිසා අවට ඇති වස්තූන් ක්ෂණිකව බිඳී යාමට, රථ වාහන ආදිය හැකිලී යාමට සහ ගොඩනැගිලි පුපුරා යාමට ලක් වෙනවා. මෙය මිනිසෙක්ට දරාගත හැකි ප්‍රමාණයක් වුවත් ගොඩනැගිලි වැනි බාහිර දේවල්වල ගැටීම නිසා සහ උෂ්ණත්වය නිසා මරණය ඇති වෙනවා. මෙගාටොන් 1ක බෝම්බයක් සැලකුවොත් (එනම් හිරෝෂිමාවට වැටුණු බෝම්බය මෙන් 80 ගුණයක් විශාල නමුත් අද තිබෙන න්‍යෂ්ටික අවිවලට වඩා ඉතා ම කුඩා ප්‍රමාණයේ එකක්) එමගින් කි.මී. 6ක අරයක් දක්වා පිපිරුම බලපවත්වන අතර බලපෑම සහ තරංග මගින් ටොන් 180ක බලයක් ඇති කරනවා. සුළඟේ වේගය පැයට කි.මී. 255ක් බවට පැමිණෙනවා.

    න්‍යෂ්ඨික පිපිරුමක දී 35%ක් තරම් ම ශක්තිය මුදා හැරෙන්නේ තාප විකිරණ ලෙස යි. හිරෝෂිමාවේ සිදුවුණු ප්‍රහාරයේදී ඇතිවූ උෂ්ණත්වය සෙල්සියස් අංශක 300,000ක් ලෙස සැලකුණා. එම උෂ්ණත්වය ආදාහනාගාරයක ඇති උෂ්ණත්වය මෙන් 300 ගුණයක් විතර වෙනවා. ඉතින් එවන් තත්ත්වයකට ශරීරය නතු වෙනවා කියන්නේ කෙලින් ම කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් ආදී මානව දේහයේ තැනුම් ඒකක මූලද්‍රව්‍ය වලට ම අපි පත් වෙන බවයි.

    4-1.jpg

    (න්‍යෂ්ඨික පිපිරුමකින් තුවාල සිදුවූ අයෙක් )

    මෙම තාප විකිරණ ආලෝකයේ වේගයෙන් තරම් ඈතට විහිදී යන අතර ඔබට ප්‍රථමයෙන් අත් දකින්නට සිදු වෙන්නේ දෑස් නිලංකාර කරවන තරම් සුදු පැහැති ආලෝකයක් සහ උණුසුම යි. මෙගාටොන් 1ක බෝම්බයක බලපෑම කි.මී. 21ක් තරම් දුරට ඇති විය හැකියි. දහවලක මෙය සිදුවුණොත් එම කලාපයේ සිටින අයට දෑස් නිලංකාර වීම සිදුවන අතර රාත්‍රියේ සිදු වුවහොත් කි.මී. 85ක් දුර සිටින අයට ද එසේ තාවකාලික අන්ධතාවය ඇති වෙනවා.

    පිපිරීමේ සිට ඇති දුර අනුව උෂ්ණත්වයේ බලපෑම වෙනස් වෙනවා. මෙගාටොන් 1 බෝම්බ පිපිරුමකදී කි.මී. 11ක් පමණ ඈතින් හිටියත් තදබල පිළිස්සුම් ඇති වෙනවා. ඉන් ඉවතට කි.මී. 8ක් ඇතුලත සිටියහොත් ශරීරයෙන් 24%ක් පමණ සම පළුදු වීම් සහ දිය බුබුළු ඇතිවීම් වලට ලක්වන අතර මෙම කලාපයේ අයට ඉතා ඉක්මණින් ප්‍රතිකාර නොලැබුණොත් එය මරණීය තත්ත්වයට පත් වෙන්නට පුළුවන්. එම දුර ප්‍රමාණයන් අවස්ථානුකූලව, කාලගුණ තත්ත්ව අනුව වෙනස් විය හැකි අතර ඇඳ සිටින ඇඳුම අනුව ද වෙනස් විය හැකියි. කළු පැහැයට තාප විකිරණ විශාල වශයෙන් අවශෝෂණය වන අතර සුදු පැහැති ඇඳුම් වල ඉන් වැඩි කොටසක් පරාවර්තනය කොට යවනවා. මේ නිසා සුදු පැහැති ඇඳුමක් හැඳ සිටියහොත් ඇතිවන බලපෑම ඉතා අවම යි.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    Great post, brother :) (y)

    Trinity and Beyond: The Atomic Bomb Movie (1995)​

    me documentary eka balanna. american nuclear programme eka gana thamai film eken katha karanne. hugak rare nuclear explosion test footages ehemath me documentary eke thiyanawa.

    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113

    න්‍යෂ්ඨික බෝම්බ ක්‍රියාකරන්නේ කොහොම ද?​

    අපි වැඩිපුර ම අහලා තිබෙන න්‍යෂ්ඨික බෝම්බ හඳුන්වන්නේ විඛණ්ඩන (fission) බෝම්බ ලෙස යි. න්‍යෂ්ඨික පිපිරුමකදී සරලව සිදුවන්නේ බෝම්බයේ මධ්‍යය සැකසී ඇති ප්‍රතික්‍රියාශීලී මූලද්‍රව්‍යයේ න්‍යෂ්ඨිය ක්ෂණිකව එහි ශක්තිය මුදා හැරීම යි. ඊට අමතර ව තාප-න්‍යෂ්ඨික බෝම්බ, ක්ෂාර බෝම්බ ලෙස තවත් වර්ග තිබෙනවා.

    Nuclear bomb mechanism

    දෙවැනි ලෝක යුද්ධ සමයේදී ඇමරිකාව විඛණ්ඩන බෝම්බ දෙකක් නිපදවූවා. එකක් Little Boy ලෙස හැඳින්වුණු අතර එය යුරේනියම් යෙදූ තුවක්කු ආකාරයේ බෝම්බයක්. හිරෝෂිමාවට දැම්මේ ඒ බෝම්බය යි. අනෙක් අවිය Fat Man නම්වූ අභ්‍යන්තර පිපිරුම් ආකාරයේ ප්ලූටෝනියම් හරයක් සහිත බෝම්බයක් වූ අතර එය නාගසාකි වෙත පතිත කෙරුණා. ඉහළ ප්‍රතික්‍රියාශීලීත්වයක් දරන යුරේනියම්-235 සහ ප්ලූටෝනියම්-239 සමස්ථානික මේවායේ භාවිතයට තෝරා ගැනුණා.

    විඛණ්ඩනය ඇතිවෙන්නේ නියුට්‍රෝනයක් ඉතා වේගයෙන් මෙම සමස්ථානිකයක න්‍යෂ්ඨියක ගැටීමෙනුයි. එහිදී න්‍යෂ්ඨිය කැඩී බිඳී ගොස් ඉතා විශාල ශක්තියක් මුදා හරිනවා. මෙය දිගින් දිගට ම න්‍යෂ්ඨි අතර සිදුවීමෙන් දාම ප්‍රතික්‍රියාවක් (chain reaction) බවට පත්වී න්‍යෂ්ඨික පිපිරුම සිදු වෙනවා.

    Nuclear bomb mechanism

    මේවා අතරේ අඩු තාක්ෂණික හැකියාවන් සහිත ත්‍රස්ත සංවිධාන විසින් ද න්‍යෂ්ඨික බෝම්බ හදනවා. ඒවායේ මෙතරම් ප්‍රබලතාවක් නැති අතර ඒවා නීච බෝම්බ (DIRTY BOMBS)
    ලෙසයි හඳුන්වන්නේ. ඔවුන් කරන්නේ සාමාන්‍ය පුපුරන ද්‍රව්‍ය ටිකක් විකිරණශීලී මූලද්‍රව්‍යයක් අසලින් තබා එකට බැඳ පුපුරවා හැරීම යි. එකවර සිදුවන මරණ සංඛ්‍යාව අවම නමුත් මේවායෙන් වැඩි ප්‍රදේශයක විකිරණශීලීත්වය මුදාහැරෙන නිසා බොහෝ කාලයක් යනතෙක් පුපුරුවාලූ ප්‍රදේශය තුළ ජනතාවගේ සෞඛ්‍ය ගැටළු ඇතිවෙනවා.

    පිපිරුමක ස්වභාවය හා බලපෑම​

    න්‍යෂ්ඨික පිපිරුමක බලපෑම එය ස්ඵෝටනයවූ දිනයේ කාලගුණ තත්ත්වය, වේලාව සහ භූගෝලීය පිහිටුම්, පොළොවේ සිට පිපිරීම සිදුවූ උස අනුව වෙනස් වෙනවා.

    Nuclear bomb mechanism

    පිපිරීම සිදුවීමේදී අවට වාතය එකවර ම ඉතා ඈතට විහිදී යනවා. එවිට ඇතිවන පීඩන වෙනස නිසා අවට ඇති වස්තූන් ක්ෂණිකව බිඳී යාමට, රථ වාහන ආදිය හැකිලී යාමට සහ ගොඩනැගිලි පුපුරා යාමට ලක් වෙනවා. මෙය මිනිසෙක්ට දරාගත හැකි ප්‍රමාණයක් වුවත් ගොඩනැගිලි වැනි බාහිර දේවල්වල ගැටීම නිසා සහ උෂ්ණත්වය නිසා මරණය ඇති වෙනවා. මෙගාටොන් 1ක බෝම්බයක් සැලකුවොත් (එනම් හිරෝෂිමාවට වැටුණු බෝම්බය මෙන් 80 ගුණයක් විශාල නමුත් අද තිබෙන න්‍යෂ්ටික අවිවලට වඩා ඉතා ම කුඩා ප්‍රමාණයේ එකක්) එමගින් කි.මී. 6ක අරයක් දක්වා පිපිරුම බලපවත්වන අතර බලපෑම සහ තරංග මගින් ටොන් 180ක බලයක් ඇති කරනවා. සුළඟේ වේගය පැයට කි.මී. 255ක් බවට පැමිණෙනවා.

    න්‍යෂ්ඨික පිපිරුමක දී 35%ක් තරම් ම ශක්තිය මුදා හැරෙන්නේ තාප විකිරණ ලෙස යි. හිරෝෂිමාවේ සිදුවුණු ප්‍රහාරයේදී ඇතිවූ උෂ්ණත්වය සෙල්සියස් අංශක 300,000ක් ලෙස සැලකුණා. එම උෂ්ණත්වය ආදාහනාගාරයක ඇති උෂ්ණත්වය මෙන් 300 ගුණයක් විතර වෙනවා. ඉතින් එවන් තත්ත්වයකට ශරීරය නතු වෙනවා කියන්නේ කෙලින් ම කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් ආදී මානව දේහයේ තැනුම් ඒකක මූලද්‍රව්‍ය වලට ම අපි පත් වෙන බවයි.

    4-1.jpg

    (න්‍යෂ්ඨික පිපිරුමකින් තුවාල සිදුවූ අයෙක් )

    මෙම තාප විකිරණ ආලෝකයේ වේගයෙන් තරම් ඈතට විහිදී යන අතර ඔබට ප්‍රථමයෙන් අත් දකින්නට සිදු වෙන්නේ දෑස් නිලංකාර කරවන තරම් සුදු පැහැති ආලෝකයක් සහ උණුසුම යි. මෙගාටොන් 1ක බෝම්බයක බලපෑම කි.මී. 21ක් තරම් දුරට ඇති විය හැකියි. දහවලක මෙය සිදුවුණොත් එම කලාපයේ සිටින අයට දෑස් නිලංකාර වීම සිදුවන අතර රාත්‍රියේ සිදු වුවහොත් කි.මී. 85ක් දුර සිටින අයට ද එසේ තාවකාලික අන්ධතාවය ඇති වෙනවා.

    පිපිරීමේ සිට ඇති දුර අනුව උෂ්ණත්වයේ බලපෑම වෙනස් වෙනවා. මෙගාටොන් 1 බෝම්බ පිපිරුමකදී කි.මී. 11ක් පමණ ඈතින් හිටියත් තදබල පිළිස්සුම් ඇති වෙනවා. ඉන් ඉවතට කි.මී. 8ක් ඇතුලත සිටියහොත් ශරීරයෙන් 24%ක් පමණ සම පළුදු වීම් සහ දිය බුබුළු ඇතිවීම් වලට ලක්වන අතර මෙම කලාපයේ අයට ඉතා ඉක්මණින් ප්‍රතිකාර නොලැබුණොත් එය මරණීය තත්ත්වයට පත් වෙන්නට පුළුවන්. එම දුර ප්‍රමාණයන් අවස්ථානුකූලව, කාලගුණ තත්ත්ව අනුව වෙනස් විය හැකි අතර ඇඳ සිටින ඇඳුම අනුව ද වෙනස් විය හැකියි. කළු පැහැයට තාප විකිරණ විශාල වශයෙන් අවශෝෂණය වන අතර සුදු පැහැති ඇඳුම් වල ඉන් වැඩි කොටසක් පරාවර්තනය කොට යවනවා. මේ නිසා සුදු පැහැති ඇඳුමක් හැඳ සිටියහොත් ඇතිවන බලපෑම ඉතා අවම යි.

    NUKEMAP --> https://nuclearsecrecy.com/nukemap
    මේකෙන් පුලුවන් ලෝකෙ ඕනෙ තැනකට බෝම්බයක් දැම්මොත් මොකද වෙන්නෙ කියල බලන්න. :-)

    TFS both:love:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,793
    12,964
    113
    ලංකාවේ.. ලංකාවේ
    NUKEMAP --> https://nuclearsecrecy.com/nukemap
    මේකෙන් පුලුවන් ලෝකෙ ඕනෙ තැනකට බෝම්බයක් දැම්මොත් මොකද වෙන්නෙ කියල බලන්න. :-)

    View attachment 144722
    පාර්ලිමේන්තුවට කිලෝ ට්‍රෝන් 0.025ක එකක් දාලා තත්පර 10ක් විතර ආතල් එකක් ගත්තා..... ස්තුතියි.

    ප.ලි. හොයලා බැලුව විදිහට නම් BMX එකෙන් ගිහින් විසික් කරන්න පුළුවන් සයිස්. නේ 0.025kt පොඩියි.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,888
    10,088
    113
    පාර්ලිමේන්තුවට කිලෝ ට්‍රෝන් 0.025ක එකක් දාලා තත්පර 10ක් විතර ආතල් එකක් ගත්තා..... ස්තුතියි.

    ප.ලි. හොයලා බැලුව විදිහට නම් BMX එකෙන් ගිහින් විසික් කරන්න පුළුවන් සයිස්. නේ 0.025kt පොඩියි.
    Pupurana widiyath balanna thibbanam maru neh? :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    පාර්ලිමේන්තුවට කිලෝ ට්‍රෝන් 0.025ක එකක් දාලා තත්පර 10ක් විතර ආතල් එකක් ගත්තා..... ස්තුතියි.

    ප.ලි. හොයලා බැලුව විදිහට නම් BMX එකෙන් ගිහින් විසික් කරන්න පුළුවන් සයිස්. නේ 0.025kt පොඩියි.

    ඒ ගාන පිපිරුමක් කරන්න අවශ්‍ය ප්ලූටෝනියම් චුට්ටක් උනාට දාම ප්‍රතික්‍රියාව පටන් ගන්න පිටිං ලොකු පිපිරුමක් කරන්න වෙනව ඒ නිසා පොඩි පරමාණුක බෝම්බ හදන එකේ තේරුමක් නෑ ඒකට හොඳම General purpose බෝම්බ පාවිච්චි කරන එක.
    ලංකාවේ තීන ප්ලේන් වලින් අතාරින්න පුළුවන්