නාකියෙක් influenza කෙල්ලෙක්ට වෙරළු ගෙඩියක් රුපියල් 250 ගාණෙ විකුණයි 🤣

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,491
    13,160
    113
    🌎


    ##
    🚌
    බස් එකට ගොඩ වූ අපූරු අත්තා...
    🥹
    ❤️

    මම බස් එකේ දෙවැනි සීට් එකේ, ජනේලය අයිනේ ඉඳගෙන හිටියා. ඒ වෙලාවේ සුදු සරමක් සහ සුදු ශර්ට් එකක් ඇඳගත් අත්තා කෙනෙක් බස් එකට නැග්ගා. අත් දෙකෙන් ම ලොකු බෑග් එකක් උස්සගෙන එයා ආවෙ.කරේත් පොඩි බෑග් එකක් දාගෙන හිටියා.
    හිමීට හිමීට ඇවිත් අත් දෙකේ තිබුණු බෑග් එක මම ළගින් බිම තැබුවා. කරේ තිබුණු බෑග් එකත් ගලවලා, මට චූටි හිනාවක් දාලා මගේ එහා පැත්තෙන්ම ඇවිත් ඉඳගත්තා.
    🥹

    මම ඒ වෙලාවේ කඩල පැකට් එකක් අතේ තියාගෙන කකා හිටියේ. අත්තා ඉඳගත්තු ගමන්ම තමන්ගේ බෑග් එකේ ශිප් එක ඇරලා, ඇතුළේ තිබුණු ශොපින් බෑග් එකකට අත දාලා වෙරළු අහුරක් අරගෙන මට දික් කළා.
    ඒ අහිංසකකම දැක්කාම මට පුදුම ආදරයක් හිතුණා.
    ❤️

    මමත් මගේ අතේ තිබුණු කඩල පැකට් එක එයාට දුන්නා. “කන්න කන්න” කියලා මට කිව්වත්, මමත් “අනේ, ඔයා කන්න” කියලා කිව්වා. අන්තිමේදී අත්තා ඒ කඩල ටික කෑවා.
    කාලා ඉවර වෙනකොට මම ඇහුවා,
    “කොහෙද ගියේ? පුතාගේ ගෙදරද?”
    “නෑ දුවේ... දුවගේ දුවෙක් ඉන්නවා මේ ළඟ. එහෙට ගියා.”
    ඊට පස්සේ එයාගේ ජීවිත කතාව ටික ටික මට කිව්වා...
    “මට දුවලා දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් උගුරේ පිළිකාවක් හැදිලා නැති වුණා. අනිත් දුවට අංශභාගය...”
    මගේ හිත මොහොතකට බර වුණා.
    🥺

    “දැන් කොහෙද යන්නේ?” කියලා මම ඇහුවා.
    “බණ්ඩාරවෙල යනවා දුවේ. ගෙවල් එහෙ. ටවුන් එකෙන් බැස්සත් තව රුපියල් 120ක දුර බස් එකක යන්න තියෙනවා...”
    “අත්තගේ නෝනා?” කියලා මම ඇහුවා.
    “එයත් මැරිලා දුවේ... දැන් අවුරුදු පහළවකට විතර කලින්.”
    ඒක අහලා මගේ හිත තවත් සංවේදී වුණා.
    “දැන් වයස කීයද?” කියලා ඇහුවම,
    “අනූවයි දුවේ...” කියලා හිනාවෙලා කිව්වා.
    ඒක අහලා මට පුදුම හිතුණා. අනූවක් කියලා කිසිසේත්ම කියන්න බැහැ.
    🥹

    ඊට පස්සේ මගෙත් විස්තර අහලා, මම එයාගේත් පවුලේ විස්තර අහලා... අපි දෙන්නා හරියට කාලෙක ඉඳන් දන්න අය දෙන්නෙක් වගේ බස් එකේ චැට් එකක් දාගෙන ගියා.
    ටික වෙලාවකින් ආයෙමත් අත්තා තමන්ගේ බෑග් එක ඇරලා, අර වෙරළු තිබුණු ශොපින් බෑග් එකම එළියට අරගෙන මට දික් කළා...
    🥺
    ❤️

    ඒ වෙලාවේ මට දැක්කේ හරිම අහිංසක, ආදරණීය හිනාවක්.
    මගේ ඇස් දෙකට කඳුළු පිරුණා...
    බහින්න ළං වෙනකොට මම පර්ස් එක ඇරලා බැලුවා ම 1000 ස් ගානක් තිබුනා මං ළග.
    මම හිමීට දාහෙ කොලේ අර අත්තට දුන්නා. අනේ එපා දුවේ කිව්වා.මං එක අතක් අල්ලලා ඒ අත උඩින් ඒක තිබ්බා. අර අපූරු අහිංසක හිනාව ආයෙත් පෙන්නලා ඒක සාක්කුවට දාගත්තා.
    බැහැල යනකොට මම යන්නම් අත්තා කිව්වම හා දුවේ ස්තූතියි කියල කට පුරා කිව්වා. පව් අනේ. මට මගේ සීයත් මතක් උනා.
    බස් එකේ හිස් සීට් ගොඩක් තිබුණත්, අත්තා ඇවිත් ඉඳගත්තේ මගේ ළඟින්මයි.
    ඒක අහම්බයක් විතරක්ද... නැත්නම් සංසාරයේ කොහේ හරි තිබුණු බැඳීමක්ද... මම දන්නේ නැහැ.
    🥹

    ඒත් එක දෙයක් නම් මට හොඳටම දැනුණා...
    සමහර මිනිස්සු අපේ ජීවිතයට එන්නේ ටික වෙලාවකට විතරයි. නමුත් ඒ ටික වෙලාවෙන් ජීවිත කාලයක් පුරා මතකයේ රැඳෙන තරම් ආදරයක්, සංවේදීකමක් සහ මනුස්සකමක් අපේ හිතේ ඉතුරු කරලා යනවා...
    ❤️

    අද බස් එකට ගොඩ වූ ඒ අපූරු අත්තාත් මගේ ජීවිතයේ එහෙම මතකයක් වෙලා ඉවරයි...
    🥹

    ආයෙත් දවසක හම්බ වෙන්න තිබුණා නම්...
    🥲
    ❤️

    -මල්කි-
     
    • Love
    Reactions: Inigo Montoya