නාගාගේ සහය අජන්තාට!

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    නාගාගේ සහය අජන්තාට!

    නාගාගේ සහය අජන්තාට!
    නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකා ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිට සහය දැක්වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
    ජනධිපතිවරණ සටනට පිවිසීමට බලාපොරොත්තුවෙන් පසු වූ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාට අවසන් මොහොතේදී දේශපාලන පක්ෂයක් අහිමි වීම නිසා එම අපේක්ෂාව බිඳ වැටුණි.
    2017 වසරේ පමණ සිටම තමන් එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව ඔහු පැවසූ අතර පසුගිය කාලය තුළ ජනාධිපතිවරණයට අදාළ මෙහෙයුම් කටයුතු සිදුකළ අතර ඔහුගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවයද ඉවත් කරගත්තේ ජනාධිපතිවරණ සටනට පිවිසීම වෙනුවෙනි.
    "අභිමන් ලංකා" නමින් රොහාන් පල්ලෙවත්ත මහතා සමඟද ජනාධිපතිරණය වෙනුවෙන් සන්ධානයක් ගොඩනගා ගත් නමුත් නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ ජනරජ ව්‍යවස්ථාව විවේචනය කිරීම නිසා ඔහු එම සන්ධානයෙන්ද ඉවත් විය.

    කෙසේනමුත් දේශපාලන පක්ෂ කිහිපයකින්ම නාගානන්ද මහතාට අවස්ථාව ලබා දීමට එකඟ වී පැවතියද අවසානයේ එය ඉටු නොවුණි.
    පසුව ජනධිපතිවරණයට ඉදිරිපත්ව සිටින බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට සහය පළකිරීම සඳහා සාකච්ජා කර පැවතියද එයද සාර්ථක වී නොතිබුණි.
    ජනාධිපතිවරණ සටන් බිම අහිමි වීමෙන් පසු නාගානන්ද කොඩිතුවක්කු මහතා ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතාට සහය දක්වන බව ද කියැවුණි.
    එහෙත් අවසාන වශයෙන් සිය සහය අජන්තා පෙරේරා මහත්මියට ලබා දීමට තීරණය කර ඇති නාගානන්ද කොඩිතුවක්කු මහතා මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා සිය කාර්යාලයේදී අද මධ්‍යාහ්න 12.45ට මාධ්‍ය හමුවක්ද කැඳවා තිබේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක හොදයි ගෑනිත් ඒරොප්පෙනෙ, පාලුව තනිකම එහෙමත් ඇතිනෙ.. :rofl::rofl::rofl: