නාමල්ගේ ආඩම්බරකාර තාත්තා නැවත බලයට
දෙසැම්බර් 31 රාත්‍රියේ සාද පැවැත්වීම බොහෝ දෙනාගේ සිරිතකි. කොළඹ ප්‍රධාන පෙලේ සමාගමක තරුණ විධායක නිලධාරීන් පිරිසක් ඒ සඳහා තෝරා ගත්තේ කොට්ටේ වෝටස් ඒජ් හෝටලයයි. එදින රාත්‍රි එම හෝටලයේ පැවැත්වෙන සාදය සඳහා ඔවුන් එක් අයෙකුට රු5000 බැගින් වූ ප්‍රවේශපත්‍ර ද මිලදී ගෙන තම කණ්ඩායම සඳහා මේසයක්ද වෙන් කර ගෙන තිබේ.
ඔවුන් හෝටලය වෙත යද්දී දැක ඇත්තේ තමන් වෙන්කර ගත් මේසය වටා වෙනත් අය කිහිප දෙනෙකු වාඩිවී සිටින අන්දමයි. හෝටලයේ කළමණාකාරීත්වට ඒ බව දැනුම් දී එම පිරිස ඉවත් කර මේසය නිදහස් කර දෙනමෙන් තරුණයෝ ඉල්ලා සිටියහ. ඒ අනුව හෝටලයේ නිලධාරියෙකු පැමිණ මේසය අත්පත් කරගෙන සිටි පිරිස අමතා එම මේසය වෙන් කරන ලද්දක් බවත් වෙනත් ස්ථානයක ඔවුන්ට පහසුකම් සැලසිය හැකි බවත් දන්වා තිබේ.
එහෙත් එම පිරිස පවසා ඇත්තේ මොනම හේතුවක් නිසා වත් තමන් එම මේසයෙන් ඉවත් නොවන බවත් අවශ්‍ය නම් නාමල් රාජපක්ෂ වුවත් එවෙලේම එහි කැඳවිය හැකි බවත්ය.
අසරණ භාවයට පත් හෝටල් කළමණාකාරීත්වය ඒ සිදුවීම ගැන තරුණ කණ්ඩායමෙන් සමාව ඉල්ලා වෙනත් සුසුදු ස්ථානයක් ඔවුන්ට සූදානම් කර දී ඇති අතර එදින රාත්‍රී එම සිදුවීම දුටු බොහෝ දෙනෙකුගේ මාතෘකාව වී තිබුණේ වැරදිලාවත් නාමල්ගේ ආඩම්බරකාර තාත්තා නැවත බලයට පත් වුවහොත් මාර පුත්තරයන්ගේ යාළුවන්ගෙන් තම පශ්චාත්භාගය බේරා ගැනීමට බාප්පාගේ රක්නා ලංකා අරක්ෂක සේවයේ සේවාව ලබා ගැනීමට සිදුවනු ඇති බවය.