You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
දිලිත්ගේ මිලින්ද විසිවී නාමල්ගේ සේනානි එයි
December 26, 2017 by VOC
මෙවර පලාත් පාලන මැතිවරණය සදහා කොළඹ මහනගර සභාව වෙනුවෙන් පොහොට්ටුව ලකුණෙන් ඉදිරිපත් කෙරෙන පුරපති අපේක්ෂිකාව ලෙස නාමල් රාජපක්ෂගේ හිටපු සමාගම් අධ්යක්ෂවරියක් වන සේනානි සමරනායක ඉදිරිපත් කිරීමය ඊයේ පොදුජන පෙරමුණ තීරණය කොට ඇත. ඒ බව ලබන ජනවාරි මස 02වැනි දින සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සමුළුවේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද වාර්තාවේ.
ඊයේ රාත්‍රියේ හිටපු ජනාධිපතිවරයා සිය පවුලේ උදවිය සමග කල සාකච්ඡාවකින් අනතුරුව පක්ෂ ලේකම් සාගර කාරියවසම් මහතාට මේ බව දැනුම් දුන් බවද වාර්තා වෙන අතර එහිදී හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ එජාපයේ රෝසිට තරගයක් ලබාදීමට නම් තමන්ද කාන්තා අපේක්ෂිකාවක් තරගයට ඉදිරිපත් කල යුතු බවයි. දිලිත් ජයවීර යටතේ ට්‍රයිඇඩ් ආයතනයේ සේවය කරන මිලින්ද රාජපක්ෂ නගරාධිපතිධූරය සදහා මේ වන විටත් සිය ප්රචාරක කටයුතු අරඹා ඇති බව පක්ෂ ලේකම්වරයා මහින්ද සමග පැවසුවද එවිට රාජප්ක්ෂ මහතා පවසා ඇත්තේ දිලිත් ගෝඨාගේ මිනිහා. මම මේක ගෝඨා එක්ක කතා කරන්නම් යනුවෙනි.
මිලින්ද වැනි තරුණයෙකුට වඩා මහජන ආකර්ෂණය දිනා ගැනීමට සේනානි වැනි අයෙකුට ඇති හැකියාව ගැන තම පවුලේ උදවිය විශ්වාස කරන බව අවධාරණය කොට ඇති හිටපු ජනාධිපතිවරයා ඉන් අනතුරුව පක්ෂයේ සභාපති ජී.ඇල්.පීරිස් අමතාද මෙම යෝජනාව ඉදිරිපත් කොට තියේ.
නීති ශිෂ්‍යාවක් වන සේනානි සමරනායක හිටපු ගුවන් සේවිකාවක්ද වන අතර නාමල් රාජපක්ෂගේ කුප්‍රකට ගවර් සමාගමේ අධ්යක්ෂවරියක්දවේ. කුප්‍රකට ගවර් නඩුවේ සැකකාරිනියක්ද වන මැයට රාජපක්ෂ පවුලේ ආශිර්වාදය නිසාම දක්ෂ තරුණ ව්යවසාකයෙකුවූ මිලින්දට පුරපතිධූරයට තරග වැදීමේ සිහිනය අහිමිව ඇත.
-
http://sinhala.voiceofceylon.com/2017/12/දිලිත්ගේ-මිලින්ද-විසිවී/

කොළඹ කොහොමත් පරදින එකනේ
මොකා දැම්මත් වෙනසක් නෑ