නාමල්ට අපහාස කළැයි නියෝජ්‍ය ඇමති වටගලට එන්තරවාසියක් 😂😂😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,436
    8,594
    113
    නාමල්ට අපහාස කළැයි නියෝජ්‍ය ඇමති වටගලට එන්තරවාසියක්



    පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතා සිදුකරනු ලැබූ අපහාසාත්මක සහ දේවේශ සහගත ප්‍රකාශයට එරෙහිව එන්තරවාසියක් යොමු කර තිබේ.

    නීතිඥයෙකු මාර්ගයෙන් මෙම නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත මෙම එන්තරවාසිය යවා ඇත.

    2025 සැප්තැම්බර් මස 6 වන දින හෝ ඊට ආසන්න දිනයකදී හෝමාගම ප්‍රදේශයේ දී හෝ වෙනත් ආසන්න ප්‍රදේශයක පැවති මාධ්‍ය හමුවකදී පාතාලය සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකර ඇතැයි එන්තරවාසියේ සඳහන් වේ.

    එකී ප්‍රකාශය අතරතුර නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා විසින් තම සේවාදායකයා වන නාමල් රාජපක්ෂ මහතාගේ ඡායාරූපයක් ඉතා පැහැදිලි ලෙස මාධ්‍යයට ප්‍රදර්ශනය කර ප්‍රකාශ නිකුත් කර ඇතැයි නීතිඥවරයා එන්තරවාසියේ සඳහන් කර ඇත.

    අදාළ ප්‍රකාශයෙන් පසුව නාමල් රාජපක්ෂ මහතාට සහ ඔහු නියෝජනය කරන පොදුජන පෙරමුණට එරෙහිව විරෝධතාවයක් සංවිධානය කිරීමට මෙම ප්‍රකාශය පාදක වී ඇතැයි ද අදාළ එන්තරවාසියේ සඳහන්ය.

    ඒ අනුව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගේ මෙම ක්‍රියාකලාපයෙන් නාමල් රාජපක්ෂ මහතාගේ කීර්ති නාමයට සිදුවූ හානියට රුපියල් බිලියනයක තක්සේරුවක් ද නීතිඥයා විසින් සිදුකර තිබේ.

    ඒ අනුව දින තුනක කාලයක් තුළ ඉහත සඳහන් කළ මාධ්‍ය සාකච්ඡාව ලබාදුන් ආකාරයේම ප්‍රසිද්ධියක් ලබාදෙමින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා නාමල් රාජපක්ෂ මහතට එරෙහිව සිදුකළ සාවද්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බව ද නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා වෙත දැනුම්දී තිබේ.

    එසේ නොවන්නේ නම් ලිපියේ සඳහන් දින 14ක් ඇතුළත එකී මුදල තම සේවාදායකයා වන නාමල් රාජපක්ෂ මහතා වෙත ගෙවීමට කටයුතු කරන ලෙසත්, එසේ නොවන්නේ නම්, රුපියල් බිලියනයක මුදල ද ඊට අදාළ නෛතික පොලිය ද, නඩු ගාස්තු සහ වෙනත් ආනුශංගික වියදම් ද අයකර ගැනීම උදෙසා නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාට එරෙහිව නඩු පවරන අදාළ එන්තරවාසියේ සඳහන් වේ.