ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පිරිසක් පසුගිය අඟහරුවාදා (17) පාර්ලිමේන්තුවේ, ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේගේ කාමරයේ සුහද කතාබහක නිරතවෙමින් සිටියා. නාමල් රාජපක්ෂ මන්තී‍්‍රවරයාද එහි සිටි අතර, කාමරයට ඇතුළු වූ නියෝජ්‍ය අමාත්‍ය සරත් ගුණරත්න මන්තී‍්‍රවරයාට වැඩක් භාරදීමට උත්සාහ කළා.
අපේ කෙනෙක්ගේ නඩුවක් තියෙනවා, නාමල් මන්තී‍්‍රතුමාට භාර දෙන්න.
ඊට පිළිතුරු දුන් නාමල් රාජපක්ෂ මන්තී‍්‍රවරයා මෙසේ සඳහන් කළා.
ගොඩක් නඩු භාර ගන්න බෑ, මේ මන්තී්රකමත් එක්ක හැමවෙලාවෙම උසාවි යන්නත් බෑනේ.
මෙම ස්ථානයේ සිටි මෛතී‍්‍රපාල සිරිසේන අමාත්‍යවරයා නාමල් මන්තී‍්‍රවරයාගේ අවධානය වෙනත් කරුණක් වෙත යොමුකළා.
ඔයාගේ නම විකුණන කට්ටියක් ඉන්නවා. ඒ ගැන හොයලා බලන්න. පසුගිය දවසක අපේ ප්‍රාදේශීය සභා, සභාපති කෙනෙකුටත් කවුද කතා කරලා තියෙනවා, නාමල් රාජපක්ෂ මන්තී‍්‍රතුමා කිව්වා කියලා.
දැන් ඒවා ගොඩක් හොයාගෙන යනවා. ඒ වගේ වෙලාවල්වල අපේ අයත් හොයන්නේ නැතුව විශ්වාස කරන වෙලාවලූත් තියෙනවා ඇමතිතුමා.
නාමල් මන්තී‍්‍රවරයා එසේ පිළිතුරු ලබා දෙද්දී, බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා එම ස්ථානයට පැමිණියේ එහි සිටි විමල් වීරවංශ අමාත්‍යවරයා සහ නාමල් රාජපක්ෂ මන්තී‍්‍රවරයා දෙස බලමින්.
දැන් දෙන්නම එක ගානට කොන්ඬේ වවලා නේද ?
එම විහිළුවට නාමල් මන්තී‍්‍රවරයා මෙවැනි පිළිතුරක් දුන්නා.
ඔව්, ඔව් බැසිල් බාප්පා.
අපි දෙන්නම එක ගමනක් යන්න හදන්නේ !

Code:
http://hirunews.lk/sinhala/political