~~//...නාමල්, ගෑනු ළමයි බලන්න පාසල් ගිහින්..!!!

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
~~//...නාමල්, ගෑනු ළමයි බලන්න පාසල් ගිහින්..!!!

නාමල්, ගෑනු ළමයි බලන්න පාසල් ගිහින්..!!!:rolleyes::P:love:


NamalR1.jpg

පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂ මහතාගේ පැමිණීම හේතුවෙන් අනුරාධපුරයේ පාසල් දෙකක අධ්‍යාපන කටයුතු එක් දිනකට නතර කිරීමට සිදු වී ඇත.

පසුගිය 15 වනදා අනුරාධපුර උසාවියේ පෙනී සිටීම සඳහා ගිය නාමල් රාජපක්‍ෂ මන්ත‍්‍රීවරයා පාසල් කිහිපයකට යා යුතු බව පවසා ඇත. ඒ පිළිබඳව දැනුම් දීමෙන් පසු අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය හා ස්වර්ණපාලි බාලිකා විද්‍යාලය යන විදුහල්වල ගුරු භවතුන්ට පසුගිය 14 වනදා පැයක පමණ කාලයක රැස්වීමක් පවත්වා නාමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයාගේ පැමිණීම ගැන පාසල් දැනුවත් කර තිබේ.
පසුදින පාසල් දෙකේම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නවතා, විදුහල්පතිවරුන් රැස්වීමක්ද සංවිධානය කර තිබිණ. දහවල් 12.30 ට පමණ නාමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයා ස්වර්ණපාලි බාලිකා විද්‍යාලය වෙත පැමිණ ඇත.
‘‘මේ පැත්තේ ලස්සන ගෑනු ළමයි ඉන්නවා කියලා ආරංචි වුණා. ඒක නිසා මේ උසාවියට ගිය ගමන් බලලා යන්න ආවා’’ යනුවෙන් ඔහු එහිදී ප‍්‍රකාශ කර තිබේ.
පාසල් දැරියන් ඉදිරියේ මෙවැන්නක් සිදුවීම නිසා පාසල් ගුරු භවතුන්ද බලවත් අපහසුතාවයට පත්ව ඇත.
අධ්‍යාපන අමාත්‍යංශය විසින් විශේෂ චක‍්‍රලේඛනයක් මගින් පාසල් කාලය තුළ පාසල් දරුවන් කිසිදු රැස්වීමකට සහභාගි කරවා ගැනීමට නොහැකි බව දැක්වෙන නියෝග නාමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයාගේ පැමිණීම නිසා උල්ලංඝනය වී තිබේ. තම දරුවන්ගේ දිනක අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කිරීම ගැන එම පාසල්වල ගුරු භවතුන් හා දරුවන්ගේ දෙමව්පියන් බලවත් අප‍්‍රසාදය පළ කර තිබේ.


Code:
http://www.srilasadsaxasxasxnkaxnews.com/sinhala/index.php/newstop/item/534-

*******************
Do not Spam
Moderator