නාමල් නෙළීම

link2prageeth

Member
Mar 23, 2010
33
0
0
නාමල් නෙළීම




වෙල ‍බොඩ නාගස දුරට පෙනෙ‍න්නේ
ඒ ගස මුදුනේ කැකුළු පෙනෙන්නේ



කැකුළු නෙළන්නට මොකක් ගෙනෙන්නේ
රත්තරනෙන් රන් කෙක් ගෙනෙන්නේ



කෙක්ක ‍කපන්නට මොකක් ගෙනෙ‍න්නේ
රත්තරනෙන් රන් කැත්ත ගෙනෙන්නේ


කෙක්ක වෙ‍ළන්ට මොකක් ගෙනෙන්නේ
රත්තරනෙන් රන් කෙන්ද ගෙනෙන්නේ



නාමල් ලෑමට මොකක් ගෙනෙන්නේ
රත්තරනෙන් රන් හෙප්පු ගෙනෙන්නේ



හෙප්පු තබන්නට මොකක් ගෙනෙන්නේ
රත්තරනෙන් රන් පුටුව ගෙනෙන්නේ



රන් පුටුවෙන් ගෙන කාට ද දෙන්නේ
අම්මා සාමි අතටයි දෙන්නේ



අම්මා සාමි මොනව ද දෙන්නේ
කරේ තිබෙන රන් මාලය දෙන්නේ



මාලය දුන් කල මොකද කරන්නේ
දෝත් මුදුන් දී වැඳ අර-ගන්නේ



අර-ගෙන මාලය මොක ද කරන්නේ
හිත සන්තෝසෙන් කර පළඳින්නේ
 
Last edited: