නාමල් සමග සුන්දර අධ්‍යක්ෂිකාවත් මහ උළු ගෙ
නාමල් රාජපක්ෂ අවසන් වරට රිමාන්ඩ් බන්ධනාගාර ගත වූ කෝටි 4 හමාරේ කළු සල්ලි වංචාවට නාමල් සමග වරෙන්තු මත සිටි නාමල්ගේ සමාගම් අධ්‍යක්ෂිකාවක වූ නිත්‍යා සේනානි සමරනායක නමැත්තිය ඊයේ අත් අඩගුංගවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 දක්වා ඇයද රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙළේය. මෙම නියෝගය දුන්නේ කොටුව වැඩ බලන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියය්. නාමල් රාජපක්ෂ හෙලෝ කොප් සමාගම මිලදී ගැනීම සඳහා ඔහුට හිමි එන්.ආර්. කන්සල්ටන්සි සමාගමෙන් රු. කෝටි එක හමාරක්ද, ඔහුට අයත් ගවර්ස් කෝපරේට් සර්විස් සමාගමෙන් කෝටි 3 ක්ද ලබා දුන් බව හෙලි වූ අතර එම මුදල් ලැබුනේ කෙසේදැයි කීමට නාමල් රාජපක්ෂ මෙන්ම එහි අධ්යක්ෂ වරුන්ද අපොහොසත් විය. ඒ අනුව අධ්යක්ෂවරුන් සියළු දෙනාටම වරෙන්තු නිකුත් කෙරින.
ඊයේ රිමාන්ඩ් කරන ලද නිත්‍යා සේනානි සමරනායක නමැත්තිය නාමල්ගේ සමාගම් දෙකේම අධ්‍යක්ෂක වරියකි.
මේ අතර තවත් වරෙන්තු ලැබූ තවත් අධ්යක්ෂ වරියක් වන කුප්‍රකට සුජානි බෝගොල්ලාගම නමැත්තිය රෝගී බවක් පෙන්වා රෝහල් ගතව සිටින්නීය.
නාමල් සමග අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලද්දේ ඉන්දික ප්‍රභාත් කරුණාජීව (අධිකරණය මග හැර එංගලන්තයට පැන ගොස් සිටී) , පවිත්‍රා සුජානි බෝගොල්ලාගම, සුදර්ශන බන්ඩාර ගනේගොඩ, නිත්‍යා සේනානි සමරනායක, බටපොල ආරච්චිලාගේ ඔරනෙල්ලා ඉරේෂා සිල්වා යන අයයි.
සුදර්ශන බණ්ඩාර ගනේගොඩ පෙරේදා(15) අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර ඔහුද 22 දක්වා රිමාන්ඩ් කෙරිණ.