ජන බලය කොළඹට!

KDH

Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    ලංකාවේ අභාග්‍ය. හොරු එලවන්න කියල අපු එවුන් තව තවත් හොරකම් කරලා තියෙන ටික නැත්තටම නැති කරා
    . අන්තිමට හොරා හොඳ වුන. යකෝ ඒවා දන දැනත් ඒවා හොඳයි කියන හතිකරයක් නේ ඉන්නේ. අද කාල හෙට රීල ඉන්න ජාතියක් වෙලා. ජෙප්පෝ අමුතුම ගේමක් දැන් ගහන්නේ. උන් 71, 78, 82, 83, 88, 89 රට කෑව කොන්දක් තියෙන කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම බිලි දුන්න. වැදගත් එවුන් වෙඩි තියල මරල දැම්ම. උනුත් දැන් හොඳයි ලු. යකෝ රටේ කොච්ච්චාර බත් කන හරක් ඉන්නවද කියල කොමෙන්ට් දැක්කම පේනවා. දවසට දෙන රු500 ට රට විකුනන්න පුළුවන් එවුන් ඉන්නේ. දැන් හොරා වුනත් ගෙට අරන් රට ගොඩගන්න තම වෙන්නේ. නැත්නම් තොපිට කෙලවෙන්නේ දන්නෙම නැතුව. යකෝ පක්ෂ නෙමේ රට ගැන හිතපිය.

    bump
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    pl_012.jpg

    40769100_2302027343160000_2190730756035182592_n.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    බැසිල් බාප්පාගේ ජන බලය නාමල් පුතා බිංදුවට ම බස්සයි !

    කොළඹ වටළා, රට හොල්ලා ආණ්ඩුව ගෙදර යවා, මහින්දව යළිත් බලයට ගෙනෙන බවට වාගාඩම්බර ටොන් ගණනින් ඇද බාමින් මාසයක් තිස්සේ තෙපරබා ඇරඹූ නාමල් රාජපක්ෂගේ 'ජන බලය කොළඹට' විරෝධතාවය අවසානයේ නිකම්ම නිකම් පුස්සක් බවට පත්වී තිබේ.



    මෙම විරෝධතා ව්‍යාපාරයේ මූලිකත්වය ගෙන කටයුතු කළේ නාමල් රාජපක්ෂය. මෙහි මූලික ම ලක්ෂණය ලෙස මුල පටන් දැකිය හැකිවූයේ අසංවිධානාත්මක බව පමණි. විරෝධතා ව්‍යාපාරය පවත්වන ස්ථානයක් සම්බන්ධ තීරණයක් හෝ ඊයේ රාත්‍රිය වන තුරුත් දක්නට නොතිබිණි. රාජපක්ෂලාට වෙන් කෙරුණු සුපිරි හෝටල් කාමර මිස පාක්ෂිකයන්ට වෙන් කෙරුණු ක්‍රීඩා පිටියක් හෝ නොවිණි. නාමල්ලා එයින් ආණ්ඩුව මවිත කරවීමට බලාපොරොත්තු වූවා වන්නට ද පුළුවන. කෙසේවෙතත් මේ වන විට නම් මවිත වී සිටින්නේ නාමල්ලා මය.

    සංවිධායකයින් හතී අතේ දිවුරා පොරොන්දු වූ තරම් සෙනඟක් පැමිණියේ ද නැත. පැමිණියවුන්ගෙන් ද කොටසක් බීගත්වන ම තැන තැන ය. ඉතුරුවුනුත් රෑ බෝවන විට ලිස්සා යන ලකුණු ය. අවසානයේ නටපු නැටුමකුත් නැති අතර බෙරේ පළුවක් නොව බෙර කොටයත් නැතිවී ගොස් තිබේ. ඒ, පහත සඳහන් ආකාරයට ය.


    2015 ජනවාරි 08 වනදා රාජපක්ෂ පාලනය පරාජය කෙරුණුමුත් රාජපක්ෂවාදය යනු ලාංකේය දේශපාලනය තුළ කිසිසේත් නොසලකා සිටිය නොහැකි බලවේගයක් බව වසර දෙකකුත් මාස හතරක් තුළ දී රාජපක්ෂ කඳවුර විසින් ඔප්පු කර පෙන්වූ අයුරු කාටත් මතකය. ඒ, 2017 මැයි දිනයේදී ගෝල්ෆේස් පිටිය පුරවා මහා ජන ගඟක් කොළඹට ගෙන්වා පෙන්වීමෙනි. එය කොහෙත්ම සෙල්ලමක් නොවේ. සංවිධාන ශක්තියේ ඉහළම තලයෙහි පැතිකඩක් ඒ ගෝල්ෆේස් මැයි රැළිය හරහා රටට ම පෙන්වනු ලැබිණි. ආණ්ඩුව මොනවා කීව ද ඒ සෙනඟ දැක ආණ්ඩුවත් සළිත නොවුණා කීවොත් එය බොරුවකි.

    එදා එම ගෝල්ෆේස් මැයි රැළිය සංවිධානය කළේ බැසිල් රාජපක්ෂ විසිනි. ඒ, ආණ්ඩුවේ අභියෝගය බාර ගනිමිනි. ගෝල්ෆේස් පිටිය රාජපක්ෂ කඳවුර වෙත ආණ්ඩුවෙන් වෙන්කර දුන්නේ ම එය පිරවීමට තරම් සෙනඟක් ගෙන ඒමට රාජපක්ෂලාට නොහැකිවේයැයි විශ්වාසය ඇතිවය. රැළිය සංවිධානය කළේ බැසිල් තනිව ය. මහින්ද රාජපක්ෂලා, නාමල් රාජපක්ෂලා, ගෝටාබය රාජපක්ෂලා එදා ඊට කළ උදව්වක් නැත. කළා නම් කළේ කකුලෙන් ඇදීම පමණි. ඒ සියලු කෙණෙහිලිකම් ද දරාගෙන බැසිල් සිය පුද්ගල සම්බන්ධතා ජාලය, සංවිධාන ශක්තිය සහ දේශපාලන අත්දැකීම් සපිරිබව උපයෝගී කරගෙන ගෝල්ෆේස් පිටිය පුරවා පෙන්වූයේය.



    එදා බැසිල් විසින් කොළඹට සෙනඟ ගෙන්වා ආණ්ඩුවට කළ තර්ජනය ඊට වසරකුත් මාස හතරකට පසු අද නාමල් රාජපක්ෂ විසින් විහිළුවක් බවට පත් කරන ලදී.

    කොයි කොයි රාජපක්ෂත් කෙළ හලන ඡන්ද බැංකුව වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොහොත් පොහොට්ටු පක්ෂය නිර්මාණය කළේ බැසිල් රාජපක්ෂ විසිනි. එය 2018 පෙබරවාරි පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණය කරා මෙහෙයවූයේ ද බැසිල් රාජපක්ෂ විසිනි. බැසිල් රාජපක්ෂ රටේ නැති මොහොතක ඔහුගේ නිර්මාණය වන පොදුජන පෙරමුණට බලෙන් නායකත්වය දෙන්නට ගිය නාමල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ සහ අනුන්ගේ පහනින් එළිය බැලීමට ගිය ගෝටාබය රාජපක්ෂ අද ඓතිහාසික ලෙස කුජීත වී සිටිති. බැසිලා නැති වළට පණ්ඩිතයා වන්නට ගිය නාමල් අවසානයේ සිදු වූයේ හොම්බෙන් යන්නට ය.

    මෙම කොළඹ වැටළීමේ විරෝධතාවය පිළිබඳ යෝජනාව මුලින් ම කරළියට පැමිණි අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර තිබුණේ මෙය ඊට සුදුසු මොහොත නොවන බවයි. "වෙලාව ආවාම අපි වැඩේ කරමු. නිකම් ඉකම්න් වෙලා වැඩේ වකූර් කරගන්න ඕනෙ නැහැ"යි බැසිල් විසින් නාමල් ඇතුළු පිරිසට පවසා තිබිණි. එහෙත් මහින්ද රාජපක්ෂට ද වුවමනා වී තිබුණේ පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණයේ රැල්ල පිටින් නාමල් රාජපක්ෂව ජාතික නායකයකු ලෙස ගොඩදා ගැනීමට ය. අවසානයේ වටින් ගොඩින් 'ජන බලය කොළඹට' විරෝධතාවය සංවිධානය කෙරෙන විට ද බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිට ඔවුන් අමතා ප්‍රකාශ කර තිබුණේ "මං එනකල් ඉන්න. මං ඇවිත් වැඩේ කරලා දෙන්නම්" යනුවෙනි. බැසිල්ගේ කීමට පිටින් අවේලාවේ කළ විරෝධය අවසානයේ ඈලියාවට ම ගියේය.

    වාර්තා වන ආකාරයට මේ වන විට විරෝධතාවයේ අසාර්ථකත්වය දැක බැසිල්වාදීන් සිටින්නේ සව්දිය පුරමිනි. ඔවුන්ට අනුව මේ සියලු විපක්ෂ ජයග්‍රහණයන්ගේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂය. අනෙක් රාජපක්ෂලා ළඟ ඇත්තේ කයිවාරු පමණය. ජන බලය සැබැවින්ම ගොඩනැඟිය හැක්කේ බැසිල්ට පමණක් බව අද ලැබූ පරාජයෙන් මනාව ඔප්පු වන බව ඔවුන්ගේ අදහසයි.

    මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ සමීපතම ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මේවන විට ඔහු සිටින්නේ ඔහුට වෙන් කරගත් ටාජ් සමුද්‍රා හෝටලයේ සුපිරි කාමර සංකීර්ණයට වී තිතට මත තියමිනි. පදම ඉක්මවා සිටින ඔහු නාමල්ගේ පළු අරින බව ද ආරංචි ය. "මේ යකා පොලිටික්ස් දන්නෙ නෑ. අම්මගේ කීම අහලා එක එක මඟුල් කරන්න ගිහින් ඇදගෙන නානවා. මේවගෙන් අන්තිමේ වෙන්නේ මාවත් නැතිවෙන එක" මහින්දගෙන් අද නාමල් ගැන කියවෙන්නේ එවන් කතාවක් බව පැවසේ.


    - https://lankanewsweb.net/sinhala/පු...්-බාප්පාගේ-ජන-බලය-නාමල්-පුතා-බිංදුවට-ම-බස්සයි
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    රාජපක්ෂලාගේ පිළුණු බත් කෑ 81 දෙනෙක් රෝහල් ගත කරයි. - ගෙන ගියේ සුවසැරියෙන්!

    කොළඹ වටලා ආණ්ඩුව හොල්ලන බවට පම්පෝරි ගැසූ ඒකාබද්ධ විපක්ෂයේ ජන රැළියට සහභාගි වීමට පැමිණි 81 දෙනෙක් මේ වන විට රෝහල්ගත කර තිබේ.

    ඔවුන්ගෙන් බහුතරය ඒකාබද්ධ විපක්ෂය විසින් ලබාදුන් පිළුණු වී ගිය බත් ආහාරයට ගත් අය බව වාර්තා වේ. අධික බීමතින් පසු වූ නිසා මේ බොහෝ දෙනෙකුට තමන් ආහාරයට ගන්නේ පිළුණු බත් යැයි දැනී නැති බව ද පැවසේ. ඔවුන් කොහොමටත් හොඳ සිහියෙන් සිටිය ද, දෙන්නේ රාජපක්ෂලා නම් පිළුණු බත් වුණත් ප්‍රශ්න නොඅසා ගිල දමන අය නිසා මෙවැන්නක් සිදුවීම ගැන පුදුම විය යුතු නැත.

    එසේම රෝහල් ගත කර සිටින කිහිප දෙනෙක්, ආණ්ඩුව හෙල්ලීමට පෙර නොමිලේ දුන් මත්පැන් ගිල දැමීම නිසා ඒකාබද්ධ වී හෙල්ලී, පාරේ වැටී සිටි අය ය.

    මේ පිරිස් රෝහල් ගත කිරීම සඳහා අවසානයේ පැමිණ තිබුණේ සුවසැරි ගිලන් රථ සේවයයි. රාජපක්ෂලා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය විසින් ඉන්දියාවේ මූලිකත්වයෙන් දියත් කළ සුවසැරි ගිලන් රිය සම්බන්ධයෙන් පසුගිය සමයේ අතිශය සෘණාත්මක ප්‍රචාරණයක් ගෙන ගියේ ‘‘ඕවට නැංගොත් මිනිස්සු මැරෙනවා‘‘ යැයි කියමිනි. රාජපක්ෂලා විසින් අන්දවනු ලැබූ සෙනගටම අවසානයේ සුවසැරිය පිහිටවීම දෛවයේ සරදමකි.

    නාමල් රාජපක්ෂගේ සංවිධාන ශක්තිය පුස්සක් බව සපථ කළ ‘‘ජන බලය කොළඹට‘‘ මාතෘකාව යටතේ ඒකාබද්ධ විපක්ෂයට දරදිය අදින අභයාරාමය, මේ වන විට හැටට හැටේ බත් උයමින් සිටියි. ඒ, සෙනගට රාත්‍රියටත් පිළුණු වූ බත් කන්නට දුනහොත් සිදුවන දෙය ඉවෙන් මෙන් දැනී ඇති නිසා ය. මේ වන විට ලේක්හවුස් වටරවුම අවට සිටින්නේ 2000 ක පමණ පිරිසක් පමණි. නමුත් ඔවුන්ව කුසගින්නේ තැබිය නොහැකි අතර, කොළඹ අඩපණ වෙතැයි බියෙන් කෑම කඩද කලින් වසා දැමීමේ පවට කරගසන්නට අවසානයේ සිදුවී තිබෙන්නේ අභයාරාමයට ය.

    සෙනග මෙසේ මහ පාරේ කල් ගත කරද්දී, නාමල් රාජපක්ෂ නම් ‘අනිවාර්යයෙන් කොළඹ නයිටක් ගසන‘ බවට කී පම්පෝරි සපථ කරමින් මේ වන විට ටාජ් සමුද්‍රා හෝටලයේ සැප කාමරයකට වී සිටියි. ඒ අවට තිබෙන හිල්ටන්, කිංස්බරි, සිනමන් ලේක්, සිනමන් ග්‍රෑන්ඩ් යනාදී සුපිරි හෝටල්වල ලැගුම් ගෙන සිටින ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලකයන් ද හිතේ අමාරුවට මධු විතෙන් සප්පායම් වෙමින් සිටින බව අප වෙත ලැබෙන ආරංචි මාර්ගවලින් සනාථ වේ. ඔවුන්ට අද රාත්‍රියේ මධු විත සප්පායම් වීම සඳහා ඉස්තරම් බයිට් එකක් නොමිලේ ලැබී තිබේ. ඒ බයිට් එකේ නම ‘නාමල්‘ ය.


    - https://lankanewsweb.net/sinhala/පු... 81-දෙනෙක්-රෝහල්-ගත-කරයි-ගෙන-ගියේ-සුවසැරියෙන්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    රැලියට පැමිණි පුද්ගලයකු හෘදයාබාධයකින් මරුට

    (නිමල කොඩිතුවක්කු සහ ඉන්දිකා රාමනායක)

    ඒකාබද්ධ විපක්ෂයේ ජන බල රැලියට කොළඹට ආ පුද්ගලයකු (38) හෘදයාබාධයකින් මිය ගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රධාන හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා මහත්මිය පැවසුවාය.

    මිය ගිය පුද්ගලයා හැටන් ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.


    - http://www.lankadeepa.lk/latest_news/රැලියට-පැමිණි-පුද්ගලයකු-හෘදයාබාධයකින්-මරුට/1-536048
     

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    2030 වන විට එජාපය අලුත් නායකත්ව පරපුරකට - එජාප නායක රනිල්

    එක්සත් ජාතික පක්ෂයේ අලුත් නායකත්ව පරපුරක් බිහි කිරීම ආරම්භ කර තිබෙන බවත්, 2030 වන විට ඔවුන්ගේ අතට එජාපය පත් කරන බවත් එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    ජනමාධ්‍යයට එක්සත් ජාතික පක්ෂය විනාශ කළ නොහැකි බව ද අගමැතිවරයා කීවේය.

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂ 72 වැනි සංවත්සරය අමතමිනි.

    ‘2015 ජාතික රජයට උරුම වුණේ පුරන් වූ කුඹුරක්. අපි එය වැපිරුවා. දැන් අස්වැන්න නෙළමු.‘ යැයි ද අගමැතිවරයා කීවේය.


    http://www.lankadeepa.lk/top_story/...්-නායකත්ව-පරපුරකට---එජාප-නායක-රනිල්/10-536093