නාමල්_HELP

signshop

Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    Plz Support Our Favourite Singer Mr.Namal Udugama...

    2h352yh.jpg


    පුලුවන් අය නාමල්ට උදව්වක් කරන්න..
     
    Feb 10, 2015
    25
    19
    0
    namal.jpg
    මිනිස් සිතක උපදින සියුම් ම භාවයන් පවා පිරිමදින්නට වදන් වැලක්, තනුවක් හා බැදී සොඳුරු හඬකට ඇත්තේ කෙතරම් අනුහසක් ද?. එවන් අනුහසක් ඇති මිනිසෙක් අකාලයේ ගිළිහි වැටුණු බවට පසු ගිය දිනෙක ෆේස් බුක් සහ අනෙකුත් සමාජ ජාලා ඔස්සේ පැතිරයාමත් සමඟ දෑස් කඳුළින් තෙත් කරගත් මිනිසුන් ගණන ඇති මහත් ය. එහෙත් වාසනාවකට එය හුදෙක්ම කුහක මිනිසුන්ගේ බොරු ප්‍රචාරණයක් පමණක් ම විය. නාමල් උඩුගම (Namal Udugama) නමින් හෙළ ගී කෙත අස්වද්දන්නට අමිල මෙහෙවරක් කළ දයාබර මිනිසා අද සිටින්නේ රෝගාතුරවය.

    අනුන්ගේ සිත් නිවා සනහන කළා හදවත් කිසි දිනක හුදකාලා වෙන්නේ නැත. එසේ විය යුතුද නැත.කලක් හෙළ ගීත ලෝලීන් ගේ උන්මාදය වූ නාමල් අප කෙසේ අතහරින්නද? ඔහුගේ ජීවිතයේ අසීරුතම මොහොතේ සෙවණැල්ල සේ ළඟ සිටින ඔහුගේ දයාබර බිරිඳ සහ මිතුරන් ඔහු වෙනුවෙන් කළ හැකි උපරිමය කරමින් සිටී. එහෙත් නාමල්ගේ ජීවිතය රැකගන්නට නම් ඔහුට අක්මාවක කොටසක් බද්ධ කළ යුතුය. ඒ සඳහා අවැසි වන්නේ ඒ පොසිටුව් වර්ගයේ අක්මාවක කොටසකි. අක්මාවක කොටසක් ලබා දෙන පුද්ගලයෙකුට ඉන් පසු කිසිදු ජීවිත හානුයක් සිදු වන්නේ නැත. අක්මාවක කොටසක් මෙන් ම ඔහුගේ සැත්කම සඳහා අවශ්‍යය වන ලක්ෂ සියයකට ආසන්න මුදල සොයාගැනීමටද අවශ්‍යය වී තිබේ. ඔහු වෙනුවෙන් උපකාර කිරීමට සංවේදී පිරිසක් ඔහු වටා එක්ව සිටියද මේ සියල්ලට ම ඇත්තේ ඉතා කෙටි කාලයකි.

    එක මොහොතක් එක වරක් හෝ නාමල්ගේ ගීතයකින් සවන් පිනවාගත් මේ හෙළ දෙරණේ සෑම මිනිසෙකුටම මේ මොහොතේ ඔහු වෙනුවෙන් කළ හැකි යමක් ඉතිරිව තිබේ. අපි හදවතින් ම ඔහුට නිරෝගී සුවය ප්‍රර්ථනා කරමු. සෙත් පතමු. මේ ගී මිණි පහන නැවතත් සුදීපවත්ව දල්වන්නට හැකි පරිදි අත හිත දෙමින් මිනිසත්කමේ යුතුකම ඉටුකරමු.

    http://www.naluniliyo.com/2015/02/blog-post_7.html