නායකත්ව පුහුණුව මුවාවෙන් දැරියන් අපයෝජන&

lebbeaiya

Member
Aug 3, 2016
11
4
0
මහනුවර හන්තාන ප‍්‍රදේශයේ මානව ව්‍යසායකත්ව පුහුණු විද්‍යා පීඨයේ නේවාසිකව අධ්‍යාපනය ලබමින් සිටි පාසැල් වයසේ පසුවන ගැහැණු ළමුන් 17 දෙනෙක් අපයෝජනය කිරීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරු ලෙස නම් කර ඇති චන්දිමාල් ගමගේ නැමැති දේශකවරයා මේ වන විට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවයි.

මේ වනවිට එම පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු රැසක් පොලිසියට හෙළිවී තිබෙනවා.

මෙම දැරියන්ව පසුගිය පොසොන් දින සහ තවත් දිනයක රාත්‍රියේ වාහනයක දමාගෙන වෙනත් ස්ථානයකට ගෙන ගොස් ඇති බවට හෙළිවූ තොරතුරු අනුව සොයා බලද්දී මහනුවර ප්‍රදේශයේ ප්‍රභූන් සහ කෝටිපති ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුට මෙම දැරියන්ව මුදලට අලෙවි කර ඇති බවට කරුණු වාර්තා වී ඇති බවයි පැවසෙන්නේ.

චන්දිමාල් ගමගේ නැමති පුද්ගලයා මීට දෙසතියකට පෙර නායකත්ව පුහුණුව පිළිබද වැඩමුලුවක් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේ ද පවත්වා ඇති අතර එම වැඩමුලුවට එක් වූ නේවාසිකව අධ්‍යාපනය ලබන දැරියන් දෙදෙනෙක් ආයතනයෙන් පිටතට ගෙන ගොස් බරපතල ලිංගික අපයෝජනයකට ලක් කර ඇති බව හෙළි වී තිබෙනවා.

මෙලෙස දැරියන් බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය පිටුපස සිටින ප්‍රසිද්ධ දැන්වීම් ආයතන හිමිකරුවෙක් පිළිබඳව ද පොලිසිය සොයා ගැනීමට සමත් වුණා.

ඔහු අධිකරණයට අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කිරිම නිසා එය සළකා බැලූු මහේස්ත‍්‍රාත් වරයා එම සැකකරුට ලබන 09 වන දින අධිිකරණයේ පෙනි සිටින ලෙස නියෝග කරනු ලැබුවා.

මෑත කාලයේ ආරක්ෂක අංශයක ප්‍රධානියෙක් පත් කළ අවස්ථාවේ දී ඔහු පිළිගැනීම සඳහා බැනර් පෝස්ටර් හා කටවුට් ගසා පිළිගෙන ඇත්තේ ද මෙම පුද්ගලයායි.

ප්‍රධාන සැකකරු ලෙස නම් කර ඇති චන්දිමාල් ගමගේ මීට පෙර පැවැත්වූ වැඩමුළුවක වීඩියෝව පහතින් දැක්වෙනවා.
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Telepix එකේ නිමල් පීරිස් පුජිතක් එක්ක සෑහෙන්න connections තියෙනවා. මිනිහ බේරිලා යයි.
    මට හිතාගන්න බැරි කිසිම මාධ්‍ය ආයතනයක, නිවුස් එකක මේ කතාව යන්නේ නැති එක ගැන
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Telepix එකේ නිමල් පීරිස් පුජිතක් එක්ක සෑහෙන්න connections තියෙනවා. මිනිහ බේරිලා යයි.
    මට හිතාගන්න බැරි කිසිම මාධ්‍ය ආයතනයක, නිවුස් එකක මේ කතාව යන්නේ නැති එක ගැන

    එහෙම දාන්නේ කොහොමද බන් දැම්මොත් යහපාලන නීතියට අනුව ලයිසන් කැන්සල් වෙනවනේ :sorry::P

    මටනම් පෙන්නේ ඔය පුජිත කියන එකා නිකන් පුම්බපු ෂෝ කාරයක් විදිඝට .සද්දෙයි පඩ ගදයි විතරයි .:dull::no:
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,506
    430
    83
    Nugegoda
    Telepix එකේ නිමල් පීරිස් පුජිතක් එක්ක සෑහෙන්න connections තියෙනවා. මිනිහ බේරිලා යයි.
    මට හිතාගන්න බැරි කිසිම මාධ්‍ය ආයතනයක, නිවුස් එකක මේ කතාව යන්නේ නැති එක ගැන
    ඔව් බන් එකකවත් නෑ
     

    lebbeaiya

    Member
    Aug 3, 2016
    11
    4
    0
    මහනුවර මානව ව්‍යසායකත්ව පුහුණු විද්‍යා පීඨයේ නේවාසිකව අධ්‍යාපනය ලබමින් සිටි පාසැල් වයසේ පසුවන ගැහැණු ළමුන් අපයෝජනය කිරීමේ සිදුවීමේ තවත් තොරතුරු රැසක් හෙළි වෙමින් ඇති බව වාර්තා වනවා.
    ඒ එම ගැහැණු ළමුන් ලබා දෙන තොරතුරුවලට අනුවයි.
    මෙම සිදුවීමේ ප්‍රධාන සැකකරු ලෙස නම් කර ඇති චන්දිමාල් ගමගේ නැමැති දේශකවරයා මේ වන විට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවයි.
    “මාසයකට විතර උඩදී අපේ ඇකඩමි එකේ ඉගෙන ගනිමින් හිටපු මටත් මගේ මිතුරියකටත් තදබල අසනීප තත්ත්වයක් ඇති වුණා. අපේ නේවාසිකාගාරයේ පාලිකාව අපිට කිව්වා චන්දිමාල් සර් එක්ක ගිහින් බෙහෙත් ටිකක් අරගෙන එන්න කියලා. අපි ගියේ සර්ගේ කාර් එකේ. මුලින්ම සර් අපෙන් ඇහුවා ඔයාලා බොන්න කැමැති මොනවද කියලා. අපි මොනවත් කිව්වේ නෑ. ඒත් සර් අපිට ෆේස්ට්‍රි වගයකුයි කිරි තේයි අරන් දුන්නා.
    ඊට පස්සේ ඩිස්පැන්සරියකට එක්කගෙන ගිහින් බෙහෙත් අරන් දුන්නා. අන්තිමට සර් අපිව මහනුවර නගරයේ සුප්‍රසිද්ධ රෙදිපිළි වෙළෙද සලකට එක්කගෙන ගියා. ඔයාලා අඳින්න කැමැති මොනවද කියා සර් අපෙන් ඇහුවා. එහෙම කියලා සර් අප එක්කගෙන ගියේ කාන්තා යට ඇඳුම් තියෙන තැනට. අඩුම ගානේ මේවා වත් ගන්න කියලා සර් අපිට කිව්වා. ඊට පස්සේ සර් අපිට යට ඇඳුම් කීපයක් බලෙන්ම වගේ අරන් දුන්නා. ඒත් එක්කම සර් මගේ මිතුරියගේ කරට අත දැම්මා.”
    මේ ප්‍රකාශය මහනුවර පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් පොතේ සටහන් වී ඇත්තේ නේවාසික අධ්‍යාපන ආයතනයේ ඉගෙනුම ලැබු වයස අවුරුදු 16 සහ 17 පසු වූ සිසුවියන් දෙදෙනකුගේ සාක්ෂි අනුවයි.
    දිනය පසුගිය ජුලි 31 වැනිදායි. කෙමෙන් කෙමෙන් රාත්‍රිය උදා වෙමින් තිබිණු අතර සිසුවියන් පිරිසට වෙනදා මෙන් නොව මොකක්දෝ අමුත්තක් දැනෙන්නට පටන් ගෙන තිබුණේ නේවාසිකාගාරයේ පාලිකාව එහි මුළුතැන්ගෙට ගොස් මස් බදින්නට වී ඇති නිසායි.
    මේ අතරතුර නේවාසිකාගාරයේ හිමිකරු වන චන්දිමාල් තම අතිශය හිතවත් කෝටිපති ව්‍යාපාරිකයකු සහ තවත් සගයන් කීප දෙනෙකු සමග නේවාසිකාගාරය පිහිටි භූමියේ ඇති ගෙමිදුලේ මත්පැන් සාදයක් ආරම්භ කරන්නේ රාත්‍රී දහයට පමණයි.
    “එදා රෑ නවය දහය වෙනකොට අපේ මිතුරියන් අතරින් ගොඩක් අයට හොඳටම නින්ද ගියා. ඒත් අපි කීප දෙනෙක් පාඩම් කරමින් හිටියේ. රෑ දහයට විතර තමයි අපිට මිදුල පැත්තෙන් කටහඩවල් ඇහෙන්න පටන් ගත්තේ ඒ නිසා අපි හොරෙන් ජනෙල්වලින් බැලුවා. එතකොට තමයි අපි දැක්කේ චන්දිමාල් සර් එක්ක අපි දන්න මහනුවර අංකල් කෙනෙකුත් තවත් කීප දෙනෙකුත් එක්ක අපේ නේවාසිකාගාරයේ මිදුලේ තිබෙන බෙන්ච් එකක අරක්කු බෝතල් තියාගෙන බොනවා . එතකොට රෑ දොළහට දොළහහමාරට විතර ඇති. එත් එක්කම අපි ජනේලය ළඟ තියෙන ලයිට් කීපයක් දැම්මා.
    අපේ ගණිතය උගන්වන මැඩම් සර්ලාට මොනවද අරගෙන අපේ ජනෙල් ළඟින් යනකොට එයා අපව දැක්කා. ආ ළමයි තාම නිදි නැද්ද කියලා මැඩම් අපෙන් ඇහුවා. අපි නෑ කිව්වා. ඒත් එක්කම අපි හොඳටම බය වුණා. ඊට පස්සේ තමයි අපි අපේ යාළුවෝ ඔක්කොටම ඇහැරවලා ගත්තේ.”

    අපි දන්නවා චන්දිමාල් සර්ගේ හැටි. ඒ නිසා අපිට එදා ලොකු බයක් ඇති වුණා. ඊට පස්සේ අපේ යාළුවෝ අතර හිටපු කීප දෙනෙක් බයටම වගේ කියන්න පටන් ගත්තා සර් අපිව හෝටල්වලට ගෙනිච්චා. අපේ ඇඳුම් ගැලෙව්වා. අපිට අරහෙම කළා මෙහෙම දේවල් කළා කියලා. මේ වගේ කථා අපේ යාළුවන් අතර හිටපු සමහරු කියන්න පටන් ගත්තා. මේ කථා අහනකොට අපි හැමෝටම හිතුණේ අපි මහා කරදරයක වැටෙන්න නේද යන්නේ කියලා.

    අපි දැන් මොනවහරි කරමු කියලා අපි කතා වුණා. ඊට පස්සේ අපි නේවාසිකාගාරයේ ලයිට් දාලා මහා හයියෙන් හිනා වෙන්න, සින්දු කියන්න, කෑගහන්න පටන් ගත්තා. ඊට පස්සේ ටික වෙලාවකින් චන්දිමාල් සර් සහ එයාත් එක්ක හිටපු අය මිදුලේ හිටපු බෙන්ච් එකේ ඉන්නවා අපි දැක්කේ නෑ.”
    සිසුවියන්ගේ පාර්ශවය වෙනුවෙන් අධිකරණ කටයුතුවලට සහාය වන නීතීඥ මහතා මේ සම්බන්ධයෙන් සති අන්ත පුවත්පතකට සඳහන් කර තිබුණේ මෙවන් ප්‍රකාශයක්.
    “සිසුවියන්ගේ ප්‍රකාශ අනුව විවිධ ලිංගික හිංසනයන්ට මේ දරුවන් මුහුණ දී තිබෙන බව අණාවරණය වෙලා තිබෙනවා. මෙහි ප්‍රධාන සැකකරු මේ අධ්‍යාපන ආයතනයේ හිමිකරු වන චන්දිමාල් ගමගේයි. ඒ වගේම ඔහුගේ ව්‍යාපාරික මිතුරකු වන මහනුවර පේරාදෙනිය පාර කටුකැලේ පදිංචි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුටත් චෝදනා එල්ල වෙලා තිබෙනවා.
    චන්දිමාල් පසුගිය පොසොන් දිනයේ සිසුවියක් එක්තරා ලැගුම්හලකට ගෙන ගොස් තිබෙන්නේ සොකරි නාට්‍ය බලන්න යමු කියලා. එදින එම ලැගුම් හලේදී සිසුවිය සිප වැළද ගෙන යම් ලිංගික හිංසනයක් සිදු කොට තිබෙන බව සිසුවියගේ ප්‍රකාශයකින් අණාවරණය වෙලා තිබෙනවා. ඒ වගේම චන්දිමාල් ගමගේ නමැත්තාගේ ව්‍යාපාරික මිතුරා පොසොන් දිනයේ තවත් සිසුවියක් එක්තරා ලැගුම්හලකට ගෙන ගොස් තිබෙනවා. එම සිසුවිය සිප වැළඳගෙන යම් යම් හිංසනයන් කර තිබෙන බවට කරුණු වාර්තා වෙලා තිබෙනවා.
    මේ සියලුම ලැගුම්හල් මහනුවර පොලීසියේ පොලිස් කණ්ඩායම් සමග ගොස් සිසුවියන් විසින් හඳුනා ගෙන තිබෙනවා. එමෙන්ම චෝදනා එල්ලවන ව්‍යාපාරිකයාගේ මහනුවර කටුකැලේ තිබෙන කාර්යාලයට සිසුවියන් දෙදෙනකු ගෙන ගොස් සිප වැළඳ ගෙන තිබෙන බව වාර්තා වෙලා තිබෙනවා. එම් ස්ථානත් සිසුවියන් විසින් පොලීසිය සමග ගොස් හඳුනා ගෙන තිබෙනවා. පසුගිය 31 වෙනිදා සිදුවු සිදුවීමත් සමග තමයි මේ සියල්ල අණාවරණය වුණේ. කෙසේ වෙතත් ළමයි තමන්ට සිදුවු ලිංගික හිංසනයන් මෙතෙක් සඟවා ගෙන සිටීම කනගාටුදායක තත්ත්වයක්.”
     

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    දෙමවුපියන්ට පිස්සුද බන් මේ වගේ අසහනකාර අවජාතකයන්ට ලමයින්ව බාර දෙන්න.නොදකින් මුලින්ම ගහන්න ඕනි දෙමවුපියන්ට.ඔය වගේ දේවල් උනාම කාටවත් කියන්නේ නෑ හැමෝම දැන ගන්නව කියලා.ඉතින් අරූ බේරෙනවා.මොනාද බොලවු මේ මෝඩ වැඩ? ශික්.ලැජ්ජාව බේර ගන්න නිහඩ වෙනවා කියලා කුපාඩියෝ දැන ගත්තම ඕවා කරන්න බය වෙන්නේ නෑ.නොදකින් තූ අවජාතක බල්ලෝ.මේ වගෙ උන්ව පාරේ හෙලුවෙන් තියලා ගහන්න ඕනි පිරිමි කම නැති වෙනකන්ම.
     
    • Like
    Reactions: king_pandukabaya

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මහනුවර හන්තාන මානව හා නායකත්ව විද්‍යා පීඨය නමින් ආයතනයක් පවත්වාගෙන යමින් එහි සිසුවියන්ට ලිංගික හිංසන සිදුකළැයි කියන සිද්ධියේ දෙවැනි සැකකරුවන මහනුවර ව්‍යාපාරික නිමල් පීරිස් අද (10) අලුයම 5.30ට පමණ ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

    සිද්ධියේ ප්‍රධාන සැකකරුවන එහි භාරකරු චන්දිමාල් ගමගේ මීට පෙර පොලිස් භාරයට පත්වූ අතර නිමල් පීරිස්ගේ ඇප අයදුම්පත මහනුවර මහාධිකරණය අඟහරුවාදා (10) ප්‍රතික්ෂේප කළේය.

    අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වු සිසු සිසුවියන්ගේ මානසික තත්වය වර්ධනය කර නැවත විභාගය සඳහා සහභාගි කරවීමට මාස 6 ක නේවාසික පාඨමාලවක් පවත්වන බව කියමින් පුවත්පත්වල පළ කළ දැන්විමකට අනුව මෙම සිසුන් අදාළ ආයතනයට බඳවාගෙන ඇති බවද එහි සිදුවන බව කියන අකටයුතුකම් ඉවසා ගැනිමට නොහැකි වු සිසුවියන් සිවු දෙනකු පසුගිය පළමුවැනිදා අලුයම එම ආයතනයෙන් පැන ගොස් හන්තාන ප්‍රදේශයේ කැලෑවක රැඳී සිට අසල්වැසියකුගේ මාර්ගයෙන් පොලිසියට පැමිණිලි කර ඇතැයි කියති.

    මෙහි භාරකරු ලෙස පෙනි සිටි පුද්ගලයා සිසුන්ට දේශන පවත්වා ඇති බවත් වයස 15,16, 17 වන සිසුවියන් 9 දෙනකු ආයතනයේදි හා පිටතදි තමන් ලිංගික හිසාවට ලක්වු බව කියමින් පොලිසියට පැමිණිලි කර ඇති බවත් පොලිසිය පවසයි.

    සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ආදාළ ආයතනයේ පාලිකාව හා අයකැමිවරිය ද සඳුදා (8) අත්අඩංගුවට ගනු ලැබූහ.


    source: lankadeepa
     
    Last edited: