නායකත්ව පුහුණුව මුවාවෙන් දැරියන් අපයෝජන&

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දෑන් සාරුවා සුනිල් හිරේ ගියාද? මේ රටට හරි යන්නේ මහපාරේ දඩුවම් දෙන එක තමා. කීයෙන් කීයද ඔප්පු වෙන්නේ. ඒකත් දේශපාලකයෙක් හරි සල්ලි කාර්යෙක් හරි සම්බන්ද නෑත්නම්. පොලොසියේ උන්ටත් උන්ගේ රාජකාරිය කරන්න කොන්ද පන තියෙන්න ඔනේ. එහෙම පොලිස් කාරයො හෑන්ඩ්ල් කරපු කේස් ගොඩ ගියා
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    මේ ඉන්නේ ටෙලිපික්ස් එකේ ලොක්කා

    CO.jpg


    මු මුගේ ළග වැඩ කරන කෙල්ලො room ගානෙ ගෙනියනවලු නේද බං..මාත් දැකල තියනවා 4to ටිකක් මුගේ මුණ වගේමයි එත් ශුවර් නෑ හරියටම :angry::angry::angry:
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    මං වැඩිය facebook යන්නෙ නෑ බං..මේක facebook 1 යනවද..රටේ මිනිස්සු ගොඩක් දන්නෙ නෑ මේ scene එක..පුළුවන් තරං මේක publish කරන්න ඕනෙ කරදර වෙච්ච කෙල්ලොන්ට අව්ලක් නොවෙන්න..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අනිවා මේවාට සලකන්න ඕන එහෙමයි. නිකන් පොලිසිය ගාවගෙන වැඩක් නෑ. පොලිසියට ඇරන් ගිහින් නඩු දාපුවාම අරූ හොද ලොයර් කෙනෙක් අල්ලගෙන ඇප ඇරන් එලියට එයි.

    මේ යන ක්‍රමේට සාමාන්‍ය මිනිස්සුන්ට නඩුකාරයාගේ වැඩෙත්,පොලිසියේ වැඩෙත් දෙකම කරන්න වෙලා තියෙන්නේ,
    පේනවනේ ගෑනිගේ කටේ සද්දේ,අනිවා උන් දන්නවනේ මොකක් හරි කරලා එලියට එන්න පුළුවන් බව.

     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    පේනවනේ ගෑනිගේ කටේ සද්දේ,අනිවා උන් දන්නවනේ මොකක් හරි කරලා එලියට එන්න පුළුවන් බව.

    Aniwa..
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    වීඩියෝ දෙකම බලපල්ලා.. මූ රට වටේම ඔහොම ඒවා කළා.. මුගේ නම චන්දිමාල් ගමගේ. හොර Phd එකක් ගහගෙන මේවා කරන්නේ. ඔය කළු කෙල්ලත් බොරුවට මෙඩිකල් faculty එකේ කියල තමයි කරන්නේ. ගම්පහ එහෙමත් මුගේ lectures තිබුන.




    https://www.facebook.com/NewsfirstSL/videos/vb.119154468144820/1186018518125071/?type=2&theater


    මේ ඉන්නේ පොර.

    D23.jpg


    බලපන් මුගේ වීඩියෝ




    https://www.youtube.com/user/ncgamage

    මුගේ ෆේස් බුක් එක.

    https://www.facebook.com/GDNCGamage

    https://plus.google.com/114460319300298156609

    https://twitter.com/chandimalgamage

    මේවට ගිහින් අනිත් එවුන්ටත් දැනගන්න share කරපල්ලා මචන්ලා.. හොඳක් වෙන්නේ නෑ මේ වගේ එවුන්ට..

    259a8w3.png


    \
    උගේ fb එක වැඩ නැහැ
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    bra ටිකක් ගෙනත් එල්ලුව නම් හරි ජනාදි පති කියල ඉන්න පොන්න බල්ලට පෙන්න
     

    lebbeaiya

    Member
    Aug 3, 2016
    11
    4
    0
    හන්තානේ සා.පෙළ නේවාසික කඳවුරකදී
    දැරියන් 12 ක් දූෂණය කරලා

    මහනුවර හන්තාන ප්‍රදේශයේ පවත්වා යන විභාග අසමතුන් සවි බලගන්වන නේවාසික පුහුණු කඳවුරකදී දැරියන් 12 දෙනෙකු දූෂණයට ලක් කිරීමේ සිත් කම්පා කරවන සිද්ධියක් ඊයේ වාර්තා වුණා.
    සාමාන්‍ය පෙළ විභාග අසමත් වූ වයස අවුරුදු 16-17 සීමාවෙහි පසුවන මෙම දැරියන් 12 දෙනා ඇතුළු 17 දෙනෙකු නවාතැන්ගෙන සිටි හන්තාන ප්‍රදේශයේ පිහිටා ඇති කඳවුරේදී බාහිර ගැණුම් කරුවන්ගෙන් මුදල් ලබාගෙන මෙම දැරියන් ගණිකාවන් ආකාරයට
    විකුණා තිබෙන බව මේ වනවිට හෙළිදරව්වී තිබේ.
    ඊයේ හන්තාන කැලෑබද වාසය කරන පුද්ගලයෙකු පොලිසියට ලබාදුන් දුරකථන ඇමතුමකින් කියා තිබුනේ කැලයේ අතරමංව සිටින දැරියන් පිරිසක් තමන්ට සිදුවූ කරදරයක් ගැන පොලිසියට සැලකරන්නට අවශ්‍යවී සිටින බවකි.
    ඒඅනුව එම ලිපිනය සොයාගෙන පොලිසිය ගිය විට දැකගන්නට ලැබී ඇත්තේ ප්‍රදේශවාසීන්ගේ රැකවරණය ලබමින් සිටි දැරියන් පිරිසකි. ඔවුන් තැතිගැන්මට ලක්ව සිටි අතර පොලිසිය කළ විමසුමේදී දන්වා ඇත්තේ පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාග වලින් ප්‍රතිඵල දුර්වලවූ නිසා දෙමාපියන් වියදම් කර තමන්ව මෙම නේවාසික පුහුණු කදවුරට එවා තිබුණ බවයි.


    එහි දුරකථන භාවිතය තහනම් කර තිබූ බවත් දෙමාපියන්ට මසකට වරක් පමණක් හමුවීමේ අවස්ථා සලසා තිබුණ බවත් කඳවුරෙන් පිටයාම තහනම් කර තිබූ බවත් විස්තර කර තිබුණ ඔවුන් මෙම ආයතනයේ පරිපාලකයාගේ අනුදැනුම මත තම පිරිස එකින් එකා වරින්වර බාහිර පුද්ගලයින්ගේ ලිංගික ගොදුරු බවට පත්වූ බව ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් සියලු දේවල් ඉවසා සිටින්නට සිදුවන තරමට එම ආයතනයේ නීති තදින් පැවතීම නිසා ඔවුන් පසුගිය කාලයේ අසහනයෙන් පීඩාවෙන් කල්ගතකර ඇත.
    අවසානයේ ඊයේ එම පිරිස ආයතනයෙන් පැන එන්නට සමත්ව ඇත.එයට ආසන්නට සිදුවීම වී ඇත්තේ ඊයේ දහවල් කාලයේ ආයතනයේ පැවතියායයි කියන මත්පැන් සාදයකින් පසු එයට පැමිණි බව කියන පළාතේ ප්‍රභූන් පිරිසක් මෙම දැරියන් නැවතත් අපයෝජනයට සූදානම් වීමයි.
    එම අවස්ථාවේ ඔවුන් කඳවුරේ යතුරු සගවා තිබෙන කාමරයේ දොර කඩා යතුරු සොයාගෙන පැනගොස් තිබෙන අතර කඳවුර ආසන්නයේ පිහිටි කැලෑවට පැනගොසින් ඇත. කැලෑවේ ඇවිද යද්දී අසල්වාසී පිරිසක් මොවුන්ට හමුවීමෙන් පසු සිද්ධිය ගැන පොලිසියට දන්වන්නට උදව් කර ඇත.
    119 අංකයට ඇමතුමක් ලබාදීමෙන් පසු මේ සියලු කාරණා පොලිසිය වෙත අනාවරණයවී තිබේ.



    පුවත්පත් දැන්වීම් ඔස්සේ සිසුදරු දැරියන් බඳවාගැනීම සිදු කළ මෙම ආයතනය මාස 6 ක නේවාසික පුහුණුව සඳහා එක් දැරියකගෙන් රුපියල් 140000 ක මුදලක් අය කර තිබුණි.
    පැන ආ 12 දෙනාට අමතරව තවත් 5 දෙනෙකුද කඳවුරේ සිරව සිටි බවට තොරතුරු ලැබුණ නිසා ඔවුන් බේරාගන්නටද පොලිසිය කටයුතු කර තිබුණි.
    මෙම ආයතනයේ දැරියන් අපයෝජනයට ලක්කිරීම මුදලට සිදුකර තිබෙන බවද කරුණු අනාවරණය වෙමින් පවතී. පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
     

    lebbeaiya

    Member
    Aug 3, 2016
    11
    4
    0
    පසුගිය දිනෙක මහනුවර හන්තාන ප්‍රදේශයේ පිහිටි නායකත්ව පුහුණු මානව විද්‍යා ආයතනය නම් නේවාසිකව අධ්‍යයනය හැදැරීමට සිසුවියන් පුහුණු කරන බව කියන ස්ථානයක සිටි සිසුවියන් 12දෙනෙකු බරපතල ලිංගික අපයෝජනයකට ලක් විමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසිය විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බවට දැනගන්නට ලැබෙනවා.පසුගිය දිනෙක අදාල නේවාසික පුහුණු මධ්‍යස්ථානයේ සිටි තරුණියක් 4 දෙනෙකු අසල නිවසකට ගොස් තමන්ට සිදුව ඇති කරදරයක් ගැන පොලිසියට දැනුවත් කළ යුතු බව පවසා ඇති අතර ඒ අනුව එම නිවසේ සිටි පුද්ගලයා විසින් පොලිසියට දුරකථන ඇමතුමක් ලබාදී ඔවුන් පිළිබඳව දැනුවත් කර තිබේ.පසුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය ඔවුන් සොයාගෙන ගොස් සිද්ධියට සම්බන්ධ බව කියන ස්ථානයට ගොස් තිබේ. මේ වන විට සිද්ධියට සම්බන්ධබව කියන ප්‍රධාන සැකකරු පොලිසියට භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

    එමෙන්ම අදාල සිසුවියන් හතරදෙනා ආයතනයේ භාරකරුගේ මැදිහත් විම මත මෙම නේවාසික පුහුණු කදවුරේ සිට මහනුවර ප්‍රධාන පෙලේ දේශපාලන නිල නිවසක පැවැති කොහොඔ කංකාරියක් සඳහා සහභාගි කරවා ගෙන ඇති බවත් අනතුරුව ආපසු පුහුණු කඳවුර වෙත රැගෙන යමින් සිටියදි පාන්දර තුනට පමණ සුපිරි ජීප් රියක් තුලදි ලිංගික අතවරයකට ලක් විමේ සිද්ධියක් සිදුව ඇති බවත් ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වේ.
    මේ පිළිබඳව ඔවුන් අසල තිබූ නිවසකට ගොස් විස්තර පැවසූ පසුව ඒ සම්බන්ධයෙන් නිවෙස් හිමියා පොලිසිය දැනුවත් කළ පසුව මෙම සිද්ධියට සම්බන්ධව තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

    පසුව මහනුවර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශ නිළධාරිනියන් පිරිසක් පැමිණ ප්‍රශ්න කිරිමේදි තවත් සිසුවියන් පිරිසක් තමන්ටද අවස්ථා ගණනාවදී ලිංගික අතරව සිදු බවත් තමන් එම නේවාසික කදවුරේ භාරකරුගෙන් විවිධ ලිංගික අපයෝජනයන් අවස්ථා ගණනාවකදි සිදු වු බවත් පොලිස් නිළධාරිනියන් හමුවේ පවසා ඇත.

    අදාල සිසුවියන් අතරින් අට දෙනෙකු පෙරේදා ඔවුන්ගේ දෙමාපියන්ට භාර දිමට පොලිසිය කටයුතු තිබූ අතර අතවරයට ලක් වු සිසුවියන් නවදෙනා පිලිබඳව වෛද්‍ය වාර්තාවක් ලබා ගෙන ඇති පොලිසිය එය අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

    මේ සම්බන්ධයෙන් මහනුවර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    bra ටිකක් ගෙනත් එල්ලුව නම් හරි ජනාදි පති කියල ඉන්න පොන්න බල්ලට පෙන්න
    janadhipathi inne rate neethiya kriyathmaka karanna newe bola, eekata thamay polisiya and adhikaranaya thiyenne
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Pujitha Jayasundara nuwara ekek, balamu uu mekata ganna action eka mokakda kiyala.

    aniwaryayenma kandy/uduwela polisiyen mekata connection ekak ethi.
     

    UnlimitedLife

    Banned
    Jul 30, 2016
    89
    11
    0
    පොලිසියෙන් පරක්කු වෙලා එන්නෙ එන්න ජීප් එකක් නැතුව නෙමෙයි
    පොලිසියෙන් හිතන්නෙ අන්න අරුන්ට දැන් අහල පහල උන් නෙලනවා ඇති
    පොඩ්ඩක් පරක්කු වෙලා යමු කියලා
    අහල පහල උන් ගැහුවෙ නැති එක උන්ගේ වැරැද්ද
     

    lebbeaiya

    Member
    Aug 3, 2016
    11
    4
    0
    මහනුවර හන්තාන ප‍්‍රදේශයේ පෞද්ගලික නේවාසික පුහුණු ආයතනයකදී ගැහැණු ළමුන් පිරිසක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
    ඒ ඔහු මහනුවර මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (04) ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීයි.
    මෙම සැකකරු ගැහැණු ළමයි 17 දෙනෙකු අපයෝජනය කර ඇති බවටයි පැමිණිලි කර තිබුණේ.
    ඔහු අදාළ පුහුණු ආයතනයේ ප‍්‍රධාන දේශකයා ලෙස කටයුතු කළ අයෙක්.

    http://nethnews.lk/article/7850