'නාර්සිසස්' Narcissus යනු පැරනි ග්‍රීක මිත්‍යා ප්‍රබන්ධවල එන චරිතයකි. අතිශයින්ම කඩවසම් රූප සම්පත්තියක් හිමිව තිබූ ඔහු තමන්ගේම රූසපුවට අතිමහත් ආදර භක්තියක් දැක්වූ බවත් ස්වකාමයෙන් පසුවූ බවත් එම පුරාව්රත වල සඳහන් වෙනවා. ඔහු තමාට ආදරය කළ අයව පිළිකුල් කළ අතර, සමහරු ඔහුගේ කැපී පෙනෙන සුන්දරත්වය කෙරෙහි ඔවුන්ගේ භක්තිය ඔප්පු කිරීම සඳහා සිය දිවි නසා ගත්ත. ඔහු තමන්ගේම රූපයේ ප්රථිබිම්බ නිතර ජලපොකුණු තුලින් සහ කැඩපත් වලින් නරඹා ස්වයo සoතර්පනයක් ලැබූ බව කියවෙනවා. ඉතින් මේ පුරාව්රතය හරහා ඉoග්‍රීසි භාෂාවට Narcissism යන වචනය එක්වූ අතර එයට සිoහලෙන් 'ආත්ම කාමය' හෝ 'ආත්ම රාගය' යන තේරුම් දිය හැකියි.
එහෙත් මෙම Narcissism යන වචනය ඉoග්‍රීසියට පරිවර්ථනය වීමේදී එහි අර්ථය වන්නේ තමන් පිලිබඳවම අත්මහත් උනන්දුවක් දක්වන ස්වයo උන්නතිය සහ හුදු අහම සoතර්පනයම හඹායාම පැහැදිලි කිරීමටයි. මෙහි ඉoග්‍රීසි අටුවා ටීකාව උන්නතිකාමයට Ambitious බොහෝ සෙයින් ආසන්න අර්ථයක් ගෙනදෙනවා. සෙසු සියල්ලන්ම පසෙකටවී තම දිදුලීම රිස්සා සිටීමත් තමන්ගේම බැබලීම සඳහා තමන් වටා ඇති පරිසරය සහ සමස්ථ ලෝකයම සකස් වියයුතු බවකුත් තමයි මෙම වචනයේ වර්ථමාන අර්ථ දැක්වීම. නාර්සිස්වාදය යනු යමෙකුගේ පරමාදර්ශී ස්වයං ප්‍රතිරූපය හා ගතිලක්ෂණ ඝර්වයෙන් හෝ ආඩම්බරයෙන් නඩත්තු කරගෙන යාමයි. එය තමා හා තමාගේ ශාරීරික පෙනුම හෝ මහජන සංජානනය සමඟ සවි කිරීමකි. 'නාර්සිසස්' යනු මත්ද්‍රව්‍ය යන වචනයේද මූලාරම්භයයි.
ඉතින් මෙය වර්ථමාන ප්රජාතන්ත්රවාදී සමාජ ක්‍රමය තුල නම් තරමක් විසුළුකාරී ස්වරූපයක් ගන්නා අතර එය පෞරුෂ අසමතුලිත තාවයක් Personality Disorder ලෙසත් අර්ථ දක්වන්න පුලුවන්. පෞරුෂ ප්‍රවර්ධන විෂයෙහිදී මෙන්ම 'යහපත් මිනිස් සම්බන්ධතා' විෂයෙහිදීද මේ අසාමාන්‍ය'නිසඟ පෙලඹුම' පිලිබඳව විස්තර කෙරෙන්නේ එය දුරු කරගත යුතු අසමතුලිත තාවයක් ලෙසයි.
නායකත්ව විෂයෙහිදී අතිශයින්ම සැලකිලිමත් වියයුතු මෙම අසමතුලිතතාවය අපේ රටේ විවිධ ක්ෂේත්රවල ප්‍රභල චරිත වලින් විසුළු සහගත ලෙස ප්‍රදර්ශණය වනවා. කොටින්ම කිවහොත් නායකත්වය යනු 'නෛකශ්රීන් විරාජමාන' වීමම යැයි බොහෝ දෙනෙකු වැරදි ලෙස වටහාගෙන තිබෙනවා. එනිසාම එය බොහෝ දෙනෙක් බලහත්කාරයෙන් ඉල්ලා සිටිනවා. උත්සව සභාවල ඉදිරිපෙල අසුන්ගැනීමට තරඟ කිරීම, තමන්ට උත්සව ආදියට බලහත්කාරයෙන් ආරාධනය කරවා ගැනීම සහ එසේ නොකලහොත් අදාල උත්සවයට බලහත්කාරයෙන් ඇතුල්වී කලහ කිරීම ආදිය අපේ රටේ මාධ්‍යවලින් නිතරම දකින්නට පුලුවන්. එහෙත් නායකයින් කුමන ස්වරූපයේ අය විය යුතුදැයි කදිම අර්ථ දැක්වීමක් පැරනි චීන දාර්ශණිකයකු වන ලා ඔට්සේ විසින් මෙසේ සඳහන් කර තිබෙනවා. "නායකයෙකු විශිෂ්ඨතම වන්නේ ඔහු සිටින බව මිනිසුන් යාන්තමින් දැන සිටින විට සහ පොදු ඉලක්කය සපුරා ගත් විට, ඔව් අපි එය අප විසින්ම කළෙමු" යයි කීර්තිය පොදුවේ බෙදාගත් විටය.
සෑම මිනිසෙකුම හැමවිටෙකම නිසග ධාවකයන් දෙකකින් පෙලැඹවෙන බව සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තම අහම කල්පිතයෙන් පැහැදිලි කරනවා. එයින් පලමුවැන්න 'තමන්ගේ වැදගත්කම බාහිර ලෝකයට පෙන්වීමට ඇති ආශාව' Desire of feeling important හෙවත් කැපීපෙනීමට ඇති කැමැත්ත. දෙවැනි නිසඟ ධාවකය වන්නේ 'තම ලිoගික අවශ්‍යතාවයන් සoතර්පනය කරගැනීමේ උවමනාවයි' Sexual Desire ඉතින් මේවා නිසඟ පෙලැඹවීම් බැවින් මිනිසුන්ගේ මේ හැසිරීම පිලිබඳව අප පුදුම වියයුතු නෑ. සියලු පෘතග්ජන මිනිසුන් හට මේ අවශ්‍යතා දෙකම තියෙනවා. එහෙත් මේ දෙකින් කුමන එක වුවත් නියමිත මාත්‍රාව ඉක්මවූ විට එම පුද්ගලයා විසුළු සපයන්නෙක් බවට පත්වෙනවා. එතනින් එහාට පොදු චරිතයක් ලෙස ඔහුගේ හෝ ඇයගේ ප්‍රයෝජනවත් බව අඩුවෙනවා. ඉතින් ඔබට කිසියම් ක්ෂේත්රයක නායකයකු වන්නට අවශ්‍ය නම් මේ දෙක නියමිත මාත්‍රාවෙන් පවත්වාගෙනයාම අතිශයින්ම වැදගත්.
මා මේ සටහන තබන්නට සිතුවේ අපේ රටේ ඕනෑම ක්ශේත්‍රයක නායකයින් වීමට උත්සුක වන තරුන අයට කිසියම් පණිවිඩයක් දෙන්නයි. නායකත්වය කියන්නෙ පුද්ගලික අවශ්‍යතාවයක් නෙවෙයි. එය ඔබේ හුදු විරාජමාන වීමේ අහම අවශ්‍යතාවය හෝ උන්නතිකාමය සoතර්පනය කරගැනීම නම් නොවෙයි. නායකත්වය කියන්නෙ පොදු යහපත අරමුණු කරගත් වෙනසක් සඳහා 'පිරිසක් දිනාගෙන මෙහෙයවීමයි'. ඒක පුද්ගලික පොරත්වය අරමුණු කරගත්තම වෙන්නෙ මේ සටහනේ විස්තර කෙරෙන Narcissism හෙවත් 'ආත්මකාමය' ඉස්මතුවීමයි. ඒක ඉස්මතු වෙච්ච නායකයො කවදාවත් සාර්ථක වෙන්නෙ නෑ.
ඇමරිකාවෙ46 වන ජනාධිපතිවරයා වශයෙන් ඊයේ තේරීපත්වුනු ජෝ බයිඩන්ට මුලින්ම ජනාධිපති වරම හිමිවුනේ 2009 දි. ඒත් ඔහු ඒ අවස්ථාවෙ පොදු අරමුණ වෙනුවෙන් බැරැක් ඔබාමට ඒ ප්‍රස්ථාව ලබාදීල උප ජනාධිපති වෙලා අයින් වුනා. ඊලඟට ඔහු 2016 දිත් ඒ අවස්ථාව සඳහා ඉදිරියෙන්ම සිටි අපේක්ශකයෙක්. ඒ අවස්ථාවත් පක්ශෙ සමගිය වෙනුවෙන් ඔහු හිලරි ක්ලින්ටන්ට දීල අයින් වුනා. සමහරවිට 2016 බයිඩන් ඉදිරිපත් කලානම් ජයගන්න තිබුන කියල බොහෝ දේශපාලන විචාරකයින් කියනවා.
විශිෂ්ඨ නායකයො කියන්නෙ පොදු අරමුණ ජයගන්න තමන්ට අවස්ථා එලඹෙන තුරු ඉවසීමෙන් ක්‍රියා කරන්න පුළුවන් මිනිස්සු. නාර්සිස්ට්ල නම් ඉතිහාසෙ පුරාවටම විහිලු සපයල අතුරුදහන් වෙනව පමනයි.