නාරිලතා

G2H

Member
Apr 21, 2008
4,179
32
0
41
Battaramulla

මියැදෙන හදසර - නිහඬව ඉකිබිඳ
කඳුලක් රඳවා දෑස්වසා....,
මිහිලිය සිප, එන - සුළඟට මුසුවන
සුසුමක්, නිදි නැති සඳෙහි හොවා......

අහසත් ඉකිබිඳ - හඬනා පිණිමුතු
නොවටින කඳුලක් කොපුල් තෙමා......
තවත් හඬන්නට - කඳුලැල් නැති හිත
ගලක් වුනාදෝ නාරිලතා......

සිහින දකින්නට අකැප, අරුම හිත
සඟවාගෙන පියයුරින් වසා......
සියක්වරක් කෙලෙසුන හද පැතුමන්,
යලිත් ඉපිදැ ඈ තැවූ නියා......

ඉගිල, ඉවත - යලි එන මං වැරැදුන
සමනල අත්තටු පාට වසා......
රිදෙන, ඉරුන හිත - කුමට මුවාකර
දේදුන්නේ ගිනි නිවනු විනා.....
 
  • Like
Reactions: Nu1Dnk

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
සියොලගම දවාලන
රාගයේ ගින්නට වඩා
කොයිතරම් සොදුරු ද
ඇගිලි තුඩකට දැනෙන
ප්‍රේමයේ උනුසුම..