නාරිලතා

G2H

Member
Apr 21, 2008
4,179
32
0
41
Battaramulla

මියැදෙන හදසර - නිහඬව ඉකිබිඳ
​
කඳුලක් රඳවා දෑස්වසා....,​
මිහිලිය සිප, එන - සුළඟට මුසුවන​
සුසුමක්, නිදි නැති සඳෙහි හොවා......​

​
අහසත් ඉකිබිඳ - හඬනා පිණිමුතු​
නොවටින කඳුලක් කොපුල් තෙමා......​
තවත් හඬන්නට - කඳුලැල් නැති හිත​
ගලක් වුනාදෝ නාරිලතා......​

​
​
සිහින දකින්නට අකැප, අරුම හිත​
සඟවාගෙන පියයුරින් වසා......​
සියක්වරක් කෙලෙසුන හද පැතුමන්,​
යලිත් ඉපිදැ ඈ තැවූ නියා......​

​
ඉගිල, ඉවත - යලි එන මං වැරැදුන​
සමනල අත්තටු පාට වසා......​
රිදෙන, ඉරුන හිත - කුමට මුවාකර​
දේදුන්නේ ගිනි නිවනු විනා.....​
 
  • Like
Reactions: Nu1Dnk

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
සියොලගම දවාලන
රාගයේ ගින්නට වඩා
කොයිතරම් සොදුරු ද
ඇගිලි තුඩකට දැනෙන
ප්‍රේමයේ උනුසුම..