නාලන්දා විශ්වවිද්‍යාලය

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    නාලන්දා විශ්වවිද්‍යාලය

    නාලන්දා විශ්වවිද්‍යාල භූමියේ නටබුන්


    ඉන්දියාවේ අසිරිමත් බොදු පුදබ්ම්

    image_e25bf0a656.jpg


    image_00d54d0131.jpg


    ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පැටිනාවලට සැතපුම් 55ක් පමණ ගිනිකොන දෙසින් නාලන්දාව පිහිටා තිබේ. ක්‍රි.පූ. 427 සිට ක්‍රි.පූ. 1197 දක්වා කාලය තුළ බෞද්ධාගමික ඉගෙනුම් මධ්‍යස්ථානයක් වූ මෙය ඉතිහාසගත පළමු විශ්වවිද්‍යාලය ලෙසද සැලකෙයි.

    ධර්මය සහ ප්‍රඥ‌ාව බෙද‌ාහළ මෙම ඓතිහාසික ස්ථානය බුදුපා පහසින්ද පූජනීයත්වයට පත් විය. උන්වහන්සේ කිහිප අවස්ථාවක් නාලන්ද‌ාවට වැඩම කළසේක.
    උපාලි ගෘහපතියාත්, දීඝ තවුසාත්, කේවට්ටයත්, අධි බන්ධාකාපුත්තත් සමඟ උන් වහන්සේ වාද පවත්වා ඇත්තේ නාලන්දාවේ පිහිටි පාවාරික අඹ වනයේදීය.
    එසේම බුදුන්වහන්සේ මගධයේ වැඩසිටි අවසාන කාලයේදීත් නාලන්දාවට වැඩම කළ අතර සැරියුත් තෙරණුවෝ පරිනිර්වාණයට පත්ව සිටි අතර නාලන්දාවට පැමිණි බුදුන් වහන්සේට තම සිතේ පැවති අසීමිත බුද්ධ භක්තිය ප්‍රකාශ කර සිටි බව කියැවෙයි. මීට අමතරව බුදු සමිදුන්ගේ දකුණත්සව් වූ සැරියුත් මහරහතන් වහන්සේ ඉපදුණෙත් පිරිනිවන් පෑවේත් නාලන්දාවේදී බව සඳහන්ය.


    ඉතිහාසගත මූලාශ්‍රවලට අනුව නාලන්දාව යනු යම් කලෙක විශාල ජනගහනයක් වාසය කළ ප්‍රදේශයකි. එම නුවරට පැමිණි දරුණු දුර්භික්ෂයක් ගැනද කියවේ. මීට අමතරව ජෛන ආගමිකයන්ගේ කේන්ද්‍රස්ථානය ලෙසද නාලන්දාව ප්‍රසිද්ධය.

    ධර්මාශෝක රජුගේ කාලයේ මෙහි ආරාමයක් කරවා ඇත. ටිබෙට් මූලාශ්‍රවලට අනුව එහි ඉගැන්වීම් කර ඇත්තේ නාගරජුන් නමැත්තෙකි.


    මෙම නුවර ඇති විශාලතම අගනා සිහිවටනය වන්නේ නාලන්දා විශ්වවිද්‍යාලයයි. ඓතිහාසික මූලාශ්‍රවලට අනුව එය ක්‍රි.පූ. 450 දී සත්‍ය ගුප්ත රජසමයේ ආරම්භ වී අැත්තේය. ලෝකයේ මුල්ම නේවාසික විශ්වවිද්‍යාලය ලෙස ආරම්භ කළ මෙහි ශිෂ්‍යයන් 10,000ට හා ගුරුවරුන් 2000ට නේවාසික පහසුකම් තිබී ඇත.

    උස් තාප්පයකින් වට වී පැවති මෙම ස්ථානයට ගමන් කිරීම සඳහා එක දොරටුවක් පිහිටුවා තිබිණ. මීට අමතරව නාලන්දාවෙන් මෙන්ම අංගණ 8ක්ද පන්සල් 10ක්ද තිබී ඇත. මේ අතර භාවනා ශාලා හා පන්ති කාමර විශාල ප්‍රමාණයක් ද නාලන්දා බිමේ පොකුණු හා උද්‍යාන පැවති බවටද සලකුණු ඇත.

    එදා ලෝකයේ පැවති විවිධ අධ්‍යයන ක්ෂේත්‍රයන් මෙහිදී පැවතී ඇති අතර කොරියාව ජපානය, චීනය, ටිබේටය, ඉන්දුනීසියාව, පර්සියාව සහ තුර්කිය වැනි රටවල සිසුන් විශාල ප්‍රමාණයක් මෙහි අධ්‍යාපනය ලබා ඇතැයි සැලකේ.

    ඔවුන් අධ්‍යාපනය ලද විෂය ක්ෂේත්‍ර අතර බුද්ධ ධර්මය, හින්දු ධර්මය, ශිෂ්‍ය ඉගෙනුම් විද්‍යාව, තාරකා විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, තර්ක ශාස්ත්‍රය, පාරභෞතික විද්‍යාවත්, දර්ශනවාදය, යෝග ශාස්ත්‍රය වේදය ප්‍රධානය. මීට අමතරව විදෙස් දර්ශනයන් හා අධ්‍යාපන ක්‍රමවේදයන්ද ඒ ඒ රටවල්හි පඬිවරුන් පැමිණ මෙම ස්ථානයේදී උගන්වා තිබේ.
    මීට අමතරව වියට්නාම චීන ආදී බෞද්ධ රටවල් අනුගමනය කරන මහායාන බුදු දහමට ලොවට ගෙනයන ලද්දේ මෙහි සිටය.


    මෙවන් විභූතියක් පැවති නාලන්දාවට ක්‍රි.ව. 1193 දී බක්ටියාර් විල්පීගේ මුස්ලිම් හමුදාව විසින් දරුණු ප්‍රහාරයක් එල්ල කරන ලදී.

    image_171c1646ae.jpg


    image_e8e67b21df.jpg



    එම මහා විනාශය පිළිබඳව පර්සියානු ඉතිහාසඥයකු වන මින්හස් අන්තර්ගත කර තිබුණේ මෙවන් වූ තොරතුරුය.

    ‘‘මෙම ඓතිහාසික අධ්‍යයන ආයතනයේ වැඩසිටි භික්‍ෂූ දහස් ගණනක් පණ පිටින් පුලුස්සා මරා දැමින. තවත් භික්‍ෂූන් වහන්සේලා හිස ගසා දමනු ලැබූහ. කුරාණය හැරුණු කොට අන් සියලු ග්‍රන්ථ සහිත පුස්තකාලය ගිනිබත් කෙරිණ. එය මාස හයක පමණ කාලයක් ගිනිගනිමින් පැවතිණ.’’

    මෙම ඛේදවාචකයෙන් පසු ක්‍රි.ව. 1235 දී ටිබෙට් ජාතික ඩැග් ලොටිස්වා මෙම ස්ථානයට ගොස් තිබේ. එහිදී ඔහුට දැකගන්නට ලැබි ඇත්තේ විනාශයට පත් නාලන්දාවය. ඒ මොහොතේදීත් අනූවියැති රාහුල ශ්‍රී බද්ධ හිමියෝ සිසුන් කීප දෙනෙකුට උගන්වමින් සිට ඇත.

    මේ ආකාරයට දිනෙන් දිනම පරිහානියට ගිය නාලන්දාවේ එදා පැවැති ශ්‍රී විභූතිය අවබෝධකර ගත හැකි වන්නේ අද පවතින නටබුන් පිරික්සීමෙනි. අද වන විට වර්ග මීටර් 150,000ට අධික භූමි ප්‍රමාණයක කැණීම් කටයුතු කර ඇත. තව කැණීම් කළ යුතු ස්ථානයන්ද බොහෝය. 1951 වසරේදී පාලි හා බුදු දහම අධ්‍යයනය සඳහා නව අධ්‍යයන මධ්‍යස්ථානයක් ආරම්භ කළ අතර එය නව නාලන්දා මහා විහාරය නම් වෙයි.

    රජගහ නුවරට පැමිණෙන වන්දනාකරුවන්ට නාලන්දාව ලෙහෙසියෙන් දැකගත හැකිය. ඒ එය රජගහ නුවර සිට කිලෝමීටර් 10ක පමණ කෙටි දුරකින් පිහිටා ඇති බැවිනි.
    මෑතකදී කළ කැණීම්වලින් ධාන්‍ය කොටස් සහ මිනිස් අස්ථි රාශියක් හමුවී තිබේ.


    1971 වස​ෙර්දී නාලන්දා පුරාවිද්‍යා කෞතුකගාරය පිහිටුවා ඇත. එහිදී දුර්ලභ ගණයේ ලිපි ලේඛන හා බුද්ධ ප්‍රතිමා රාශියක් දැකගත හැකි විය. මිට අමතරව තඹ තහඩු, තඹ කාසි, ශිලා ලේඛන, ග​ෙඩාල් මත ලියැවුණ ලේඛන, පැරණි වළං සහ පිලිස්සුණ ගල් ආදියද ප්‍රදර්ශනයට තබා ඇත.

    මෙම ස්ථානයේ කළ කැණීම්වලින් මෙහි තිබූ ගොඩනැගිලි පිළිබඳවද තොරතුරු අනාවරණය වී ඇත. අටවන සියවසේ විසූ යශෝවර්මන් නම් රජකෙනෙකු ලියූ සෙල්ලිපියක මෙම ස්ථානයේ විශාල ශාලා අටක් පිහිටා තිබූ බව ප්‍රකාශ වෙයි. එසේම එහි අහස උසට වූ මහල් ගොඩනැගිලි පිහිටි බවද පැවසේ.

    මෙහි කළ කැණීම්වලින් එක් ශාලාවක් උතුරුදිග බිත්තිය අඩි 203ක් දිග බවත් බිත්තියේ ගනකම අඩි 6 1/2ක් බවත් තහවුරු කරගෙන තිබේ.

    මීට අමතරව මෙහි රත්නසාගර රත්න රංජන, රත්නෝදදී ලෙසින් පුස්තකාල තුනක් තිබුණ බවටත් මූලාශ්‍රගත තොරතුරු තිබේ.

    මෙම පුස්තකාල මහල් 9 යේ ගොඩනැගිලි බවත් එහි අධ්‍යයනය කළ පඬිවරුන් අතර ආර්යදේව, ශීලභද්‍ර, ධර්මපාල, චන්ද්‍රගෝමි, ශාන්තරක්‍ෂිත, පද්ම සම්භව, කමලශීල, බුද්ධකීර්ති, කුමාරජීව, ගුණවර්මන්, ධර්මදේව යන අය ප්‍රසිද්ධය.


    ගුරුවරුන්ට හා ශිෂ්‍යයන්ට නවතැන් ගැනීම සඳහා සකසා තිබූ සෑම නේවාසිකාගාරයකම ළිඳක් පැවති බවත්, කැසිකිළි අප්‍ද්‍රව්‍ය හා අපජලය ඉවත් කිරීම සඳහා දියුණු තාක්‍ෂණික ක්‍රමවේදයක් පැවති බවත් කාමරවල ශෛලමය සයනාසන සහ පොත්පත් උපකරණ තබාගත හැකි රාක්ක පැවති බවත්, ඇතැම් කාමර පො​ෙළාව මට්ටමෙන් යට පිහිටුවා තිබූ බවත් සඳහන් වෙයි.

    ශ්‍රී ලංකා මහා බෝධි සමාගමේ සභාපති ජපානයේ සංඝනායක බානගල උපතිස්ස නාහිමියෝ:-

    පස් වන සියවසේ ගුප්ත යුගයේ ආරම්භ කළ නාලන්දා විශ්වවිද්‍යාලය ලෝකයේ ප්‍රසිද්ධ හා විශාලම විශ්වවිද්‍යාලයයි. පසුකාලයේ මෙය ආක්‍රමණවලින් බිඳවැටුණා. ඊට පස්සේ නව නාලන්දා මහා විහාරය ලෙසින් මෙය නැගීසිටින්නේ 1951 වසරේදීය. එහි ප්‍රධානියා ලෙස කටයුතු කළේ හික්ධු ජන්දීස් කාශ්‍යප කියන කියන හාමුදුරු කෙනෙක්.

    මේ හාමුදුරු​වෝ කුඩා කාලයේ ලංකාවට ඇවිත් මහණවෙලා ලංකාවේ සිට ඉගෙන ගත්ත අයෙක්. ඒ හිමියන් තමයි නව නාලන්දාවේ ආරම්භක සාමාජිකයා.

    image_57519cda76.jpg


    image_4a608a7b84.jpg



    1963 වකවානුවේ අනගාරික ධර්මපාල තුමාගේ බාලම ශිෂ්‍යයා වූ ආචාර්ය උඩුවල ධර්මරතන හාමුදුරුවොත් මේ විශ්වවිද්‍යාලයයේ වැඩ කළා. මෙවැනි දේ නිසා ලංකාවත් නාලන්දාවත් අතර දැඩි සබඳතාවක් පැවතුණා.

    2000න් පසු කාලයේදී විවිධ රටවල ආධාර උපකාර ඇතිව මෙය ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් බවට පත් වෙලා තිබෙනවා.

    මෙයට බිහාර් රජයත් මධ්‍යම ආණ්ඩුවත් ලොකු සහයෝගයක් දෙනවා. දැනටත් මෙහි ලාංකික භික්‍ෂූන් වහන්සේ මෙන්ම ලෝකයේ විවිධ රටවල භික්ෂූන් වහන්සේ අධ්‍යාපනය ලබනවා. ඒ වගේම පර්​ෙ‌ය්ෂණ පවත්වනවා.

    විහාරයේ අගනුවර පැටිනා, බුද්ධගයාව වඳින්න යන අයට කෙටි වේලාවකින් නාලන්දාව බලන්න යා හැකියි. මෙහි පුස්තකාලය වගේම භික්ෂූන් වහන්සේ සිටි ගොඩනැගිලිවල නටබුන් තිබෙනවා. අදට දියුණු වෙමින් පවතින ස්ථානයක් බිහාරය. වර්තමාන දියුණුවට ඉන්දීය රජය ලොකු අනුග්‍රහයක් දක්වනවා.

    නාලන්දාවට නුදුරුව ලාංකීය ආශ්‍රමයක් තිබෙනවා. එයත් වන්දනාකරුවන්ට මෙම ස්ථානය දැකගැනීමට ලොකු පහසුවක්.

    image_8ab24b398d.jpg

    image_25cf0d7341.jpg




    සටහන- කුමාරි හේරත්
     
    Last edited:
    • Like
    Reactions: Arthur Curry