නාවල සම්පත්

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    62709_350585848385292_1605888412_n.jpg



    බුදුන් වැඩිය දේශයේ සිට බුදු දහමට ඉතාමත් නින්දිත ලෙස අපහස කල මිසිදිටුවන් කිහිප දෙනෙක් මේ මේ අවස්ථාව වනවිට (2013/03/15 රාත්‍රී 8.30) සිංහල රාවය සභාපති පුජ්‍ය ගරු අකිමිමන දයාරතන හිමි, ලේකම් මඩිල්ලේ පන්ඤලෝක හිමි සහ සුදත්ත හිමි ප්‍රමුඛ සිංහල රාවය ජාතික සංවිධානයේ පන්සියයකට අධික සාමාජියකයන් පිරිසක් සමගින් වටලා ඇත. එහි මේ වනවිට ඉතා උණුසුම්කාරී තත්වයක් හටගෙන ඇත. මිසිදිටුවන් තිදෙනා පොලිසිය විසින් අත්-අඩංගුවට ගනිමින් පවතී.

    මෙම වැටලීම සිදුකල සිංහල රාවයටත්, විමර්ශන කටයුතු සිදුකල සිංහල රාවයේ විශේෂ ක්‍රියාකාරී රහස් සාමාජිකයන් තිදෙනාටත්, එයට සහබාගි වූ සිංහල රාවයේ සියලුම හිමි වරුන්ටත්, සාමාජිකයන්ටත්, ස්වර්ණවාහිනි මාද්‍යජාලයටත් අපගේ විශේෂ ප්‍රණාමය.

    මෙම වැටලීමට තම දිවි අවදානමට ලක්කරමින් සහයෝගය දුන් සිංහල රාවය බුද්ධි අංශයේ රහස් සාමාජිකයන් තිදෙනා හට ජාතියේ සහ සාශනයේ චිරස්තිය උදෙසා තවත් කටයුතු කරන්නට ධෛර්ය ශක්තිය නොවඩුව ලැබේවා යයි පාර්ථනා කරන්නෙමු.

    අප බුදුන් ගේ දහමට සිදුවන විකෘති කිරීම් හමුවේ නිවටයන් මෙන් තවත් ඉවසිය නොහැකිවූ. අන්තර්ජාලයට පමණක් සීමා නොවී, කීබෝර්ඩ් වීරයන් ලෙස නොව සැබෑ සිංහලයන් ලෙස හඬනැගූ ශ්‍රී ලංකාවේ මෙන්ම අන්තර්ජාතිකවද පෙරලියක් සිදුකල සිංහල රාවයේ සාමාජිකයන් තිදෙනෙක් තම ජිවිත අවදානමට ලක් කරමින් මෙම කාර්ය සඳහා පුරා මාස 6ක් තිස්සේ තොරතුරු එක් රැස්කළේය. එපමණකින් නොවතුන අප මෙම පුජා භුමිය යයි හඳුන්වන ස්ථානයට ගියේ අපහට ඇතිවන අවධානම ද නොතකාය. ඒ හා බැඳී පසුබිම් කතාවද ඔබලා හමුවේ මෙසේ දිගහරින්නම්.

    අප හට වැදගත් තොරතුරු කිහිපයක් මෙම ස්ථානය පිලිබඳ ලැබුනේ මිට මාස 6කට පමණ පෙර සිටය. නිරන්තරයෙන් අවධියෙන් සිටිමින් අපි 2013/02/08 දින තවත් වැදගත් තොරතුරු කිහිපයක් අනාවරණය කරගැනීමෙන් අනතුරුව අප හා නිරන්තරයෙන් බැඳී සිටින සිංහල රාවයේ හිමිවරුන් සහ විශේෂ සාමාජිකයන් සමගින් ඉතා රහසිගතව සාකච්චා කරන ලදී. මෙයින් තීරණයක් ගත් අප කණ්ඩායම මින් පසුවසිංහල රාවයේ උපසබාපති පුජ්‍ය ගරු පුලියැද්දෙ සුධම්ම හිමි ගෙන් උපදෙස් ගන්නා ලදී.

    අප හට මෙහි කරනා ක්‍රියාකාරකම් වල තොරතුරු අවශ්‍යව තිබුණු බැවින් දින දෙකක් තුලදී අපි සංවිධානය වී මෙම ස්ථානය බලා ගියේය..එම අවස්ථාවේ දී අප අතබැඳි පිරිත් නුල් පවා ගැලවීමට සිදුවීය මෙය අප ඉවසා දරාගෙන සිටියේ නිර්මල බුදු සසුනේ පැවැත්ම උදෙසා කරනා කැප කිරීමක් ලෙස සිතාගනිමිනි. කෙසේ හෝ දුෂ්කර වෑයමකින් පසු අපහට සම්පත් නමැත්තා ගේ පුජ භුමිය යයි හඳුන්වන ලී මඩුව ඇතුලට යා හැකිවිය. අපහට දැකගත ගතහැකි වුයේ ඇස් අදහාගත නොහැකි සිදුවීමකි. බුදු පිළිම සමග දේව පින්තුරද එකපෙලට තබා ඒ අසලම ක්‍රිස්තියානි ආගමේ පිලිරු ද තබා ඊටත් උඩින් අල්ලගේ මක්කම පින්තුරයක් සමග කුරානයේ වැකි සඳහන් වන පින්තුරයක් එල්ලා තිබීමයි. සැබවින් ම එය සර්ව ආගමික පූට්ටුවකි. මෙහිදී එම මිසිදිටුවා සමග කල කතාවේ සාරාංශ ගත කරුණු පමණක් ඔබ හමුවේ තබමු.

    #ක්‍රිස්තියානි වේවා දෙවිවරුන්ට ආගම් භේදයක් නෑ = ක්‍රිස්තියානි නමක් ආඳා ගත්තේ කුමකටද ?
    #කතරගම දෙවිහමුදුරුවෝයි ශුද්ධවූ අන්තෝනි මුනිදුන් කියන්නේ කියන්නේ දෙන්නෙක් නෙමේ එක්කෙනෙක් = ක්‍රිස්තියානි ආගම දෙවි වරුන්ට සමාන කිරීම
    #ඊලගට මතු බුදුවන්නේ කතරගම දෙවිහමුදුරුවෝ,ඒ බුදුවෙන ගමනේදී එක ආත්මයක් තමා ශුද්ධවූ අන්තෝනි මුනිදුන් කියන්නේ = ආයෙත් එකම සංසිද්ධිය

    #දොස්තර ලගට ගියාම අහනවානේ ලෙඩේ මොකද්ද කියලා,අපේ දරුවෝ ගාවට අවාම මේ අත තියලා තමා ලෙඩේ මොකද්ද කියලා හොයා ගන්නේ = මේ ආකාරයෙන් තමයි මෙම හොර මිසිදිටු කමතුරයා වන සම්පත් (35) සහ ඔහුගේ බාල වයස්කාර පුත්‍රයා (15) කාන්තාවන්ගේ පියයුරු සහ රහස් ප්‍රදේශ ඇඳුම් වලට යටින් අත දමා ස්පර්ශ කරන්නේ.

    මෙවැනි වටින තොරතුරැ සමග අප සිංහල රාවය වෙත යැවු රහසිගත දීර්ග ලිපියේ කොටස් කිහිපයක් ඔබ හමුවේ තබමු.

    අප කණ්ඩායමට ලද තොරතුරක් මත පසුගිය මාස 6ක කාලයක් පුරා එය පසු පස හඹා යමින් නිර්මල බුදු දහම විකෘර්ති කරනා පාපතර කණ්ඩායමක් පිළිබඳව ඉතා වැදගත් රහසිගත තොරතුරු කිහිපයක් අප ඊයේ දින රාත්‍රියේ අනාවරණය කරගැනීමට සමත්විය.

    මෙම ක්‍රියාවට සම්බන්ධ වන පුද්ගලයන් කිහිප දෙනෙකි. එක් අයෙකු සම්පත් නමින් පෙනී සිටින අතර මෙයට ඔහුගේ බිරිඳ යැයි පවසන කාන්තාවක් සහ ඔහුගේ පුතුන් දෙදෙනා සමග දියණියක්ද සම්බන්ධ වෙමින් කරගෙන යන්නකි. මෙය පවත්වාගෙන යන්නේ නාවල ප්‍රදේශයේ වලව්වත්ත ආසන්නයේය (නාවල කිරිමණ්ඩල මාවත සිට රාජගිරිය දෙසට යනවිට සුදර්ශන මාවත නමින් පහලට යන මාවත තුල වලව්වත්ත පටුමග පිහිටා ඇත)

    මෙහි සම්පත් යනුවෙන් හඳුන්වන තැනැත්තා සහ ඔහුගේ බිරිඳ හට දේව මෑණි කෙනෙකු ආරුඪ වන අතර එම ආරුඪයම තවමත් පාසල් යන වියේ පසුවන වැඩිමහල් පුත්‍රයා හටද පවතී. මොවුන් මෙය පවත්වා ගෙනයන්නේ ලී වලින් සෑදු කුඩා පැල්පතක් තුලය (ඒවා පවත්වාගෙන යන ඉඩම් වගුරුබිම් වන අතර අනවසර පදිංචිකරුවන්ය). එහිදී බුදුන් ගේ පිළිම පමණක් නොව විවිධ දේවතා ප්‍රතිරූප මෙන්ම මක්කම ජායරුවක් සමග ක්‍රිස්තියානි ආගමට සම්බන්ධ පිළිමත් එකම තට්ටුවක් උඩ පවත්වාගෙන යයි.

    අවාසනාවකට කරුණක් නම් බුදු පිළිම වලටත් ඉහලින් මක්කම සමග කුරානයේ ජායරුවක් බිත්තියේ එල්ලා තිබිමයි. මෙම පැල්පත ඔවුන් හඳුන්වන්නේ බුදුන්ගේ පුජාභූමිය යනුවෙනි. මොවුන් බුදුන් වන්දනය කරන්නේ සුදු සරමකින් සැරසී උඩුකය නිර්වස්ත්‍රව තම්බින් මෙන් පොළොවේ නළල ද දෙතොල් ද තබා දෑත් පොළොවේ තබා පස්සා ඉහලට ඔසවා ගනිමින්ය.

    අපහට විමර්ශනයට පෙර (මාස 6කට පෙර) ලැබුණු මුලික තොරතුරු :

    1) මෙහි පාසල් යන වයසේ ළමුන් රවටා එහි වැඩකටයුතු වලට යොදාගෙන තිබිම.
    2) ආරුඪය මුවාවෙන් පාසල් යන වැඩිමහල් සිසුවා සහ මෙය පවත්වාගෙන යන සම්පත් නමැත්තා විසින් කාන්තාවන් ගේ සහ පාසල් යන වයසේ පසුවන ගැහැණු ළමුන්ගේ පපු ප්‍රදේශ සහ රහස් ප්‍රදේශ ලෙඩ සුව කරන මුවාවෙන් ඇඳ සිටින ඇඳුම් වලට යටින් ශරීරය අතපත ගෑම. (මෙයත් සමග අමුණා ඇති රහසිගත පටිගත කිරීමේ දී මෙම සම්පත් නමැති තැනැත්තා සිය කතාව තුල ලෙඩ සුව කරන්නේ අතින් පිරිමැද බව සනාථ කරයි.)
    3) මෙයට අනුබල දෙන සම්පත් නැමැත්තා ගේ "මහා ගුරුතුමා" වශයෙන් හඳුන්වන පුද්ගලයෙකු මෙහි පවත්වන ලද පුජාවකදී තමා මතු බුදු වෙන බුදුරජානන් වහන්සේ බව පවසා තිබිම. (මෙයත් සමග අමුණා ඇති රහසිගත පටිගත කිරීමේ දී මෙම සම්පත් නමැති තැනැත්තා සිය කතාව මේ බව සනාථ කරයි.)
    4) රාත්‍රී කාලයේ නාවල පාසල් මාවත අසල ඇති පන්සල් භුමිය තුලට මෙහි රවට්ටා රඳවා ගන්නා පුද්ගලයන් හොර රහසේ තාප්පයෙන් පැන ඇතුලට යවා දේවාලය ඉදිරිපිට ඔවුන්ගේ විවිධ පුජාවන් මධ්‍යම රාත්‍රී කාලයේ පැවැත්වීම (මෙම පුද්ගලයන් රවටා ගෙන ඇත්තේ විවිධ දෙවියන්ගෙන් වරම් ඇති බවට පවසමිනි)
    5) මෙහි පුජාභුමිය යයි පවසන තැන සිටින කුඩා දියණිය (ඉහත සඳහන් කාන්තාවගේ යයි පවසන) පෙරපාසල් වියේ පසුවන්නියකි. එම කුඩා දියණිය ලවා එයට පැමිණෙන තරුණ පුද්ගලයන් හට ලිංගික තෘප්තියක් ලබාදී එම ස්ථානයේ එම මිනිසුන් රඳවා ගැනීමට කටයුතු කිරීම. (මෙම ස්තානයට මින් පෙර සහබාගි වූ පුද්ගලයෙකු පවසන ලද්දේ මෙම කුඩා දැරිය සෙල්ලම් කිරීමට අවශ්‍ය යයි පවසා උකුලට එන බවත් ඉන්පසුව විටින් විට තමන්ගේ ලිංගික අවයව ස්පර්ශ කල බවත්ය.)
    6) මෙම ස්තානයට ඉදිරි පස ඇති හිස් වගුරුබිම් ප්‍රදේශය තුල ඔවුන්ගේ අනාගත පන්සල ඉදිකිරීමට කටයුතු කිරීම.
    7) සම්ප්‍රදායික පිරිත්නුල් සහ සුර මෙයට පැමිණීමේදී ඉවත්කිරීම.
    8) බුදු දහම විකෘර්ති කරමින් ස්වාමින් වහන්සේලා හට ලබා දෙන දානය නැවැත්වීමට උපදෙස් දීම, බෝධි පුජා විකෘර්ති කිරීම. විවිධ දෙවි වරු බුදු දහමට ආඳා ආගම විකෘර්ති කිරීම. සංඝයා වහන්සේලාට ප්‍රසිද්ධියේ අපහාස කිරීම.
    9) බෞද්ධයන් ලවා අල්ලා දෙවියන්ට වැඳවීම. ක්‍රිස්තියානි පල්ලියේ සරණ යන ලෙස පැවසීම. (මෙයත් සමග අමුණා ඇති රහසිගත පටිගත කිරීමේ දී මේ බව සනාථ කරයි.)
    10)මෙය හැරයන මිනිසුන්ට දේව මෑණියෝ ශාප කරනා ලෙස පවසා බියකර මුදල් කඩාගැනීම සහ මිතුරන්ගෙන් දායක මුදල් එකතු කරගෙන එන ලෙස පවසා බුදු දහමේ නමින් මුදල් ගැරීම.

    ඉහත කරුණු මත මාස 6කටත් අධික කාලයකට පෙරාතුව මෙම ස්ථානයට ගොස් ඉන් ඉවත්වී ගිය පුද්ගලයන් පස් දෙනෙකු අප හා අදහස් දැක්වීමටත් මත පදනම් වුවකි. එම පුද්ගලයන්ගේ ජිවිත වලට ඇති තර්ජනය නිසා ඔවුන්ගේ නම් සහ විස්තර ප්‍රකාශ නොකරන ලෙස ඉල්ලා සිටින ලදී. එනමුදු ඔවුන් පැවසු දේවල් අධ්‍යනයෙන් පසුව නිවැරදි බව සනාථ කරගන්නා ලදී.
    මෙසේ දීර්ඝ කාලයක් මෙය පසුපස හඹා ගිය අප හට 2013/02/11 දින රාත්‍රී මෙම ස්ථානය පිලිබඳ වැදගත් තොරතුරක් ලැබුණි. එනම් මෙම ස්ථානයේ විශේෂ බුදු ගුණ මෙහෙයක් නමින් කූට පුජාවක්. සම්පත් නැමැත්තාගේ ගුරා නමින් හඳුන්වන මතු බුදු වෙන බව පවසන පුද්ගලයෙක් විසින් 2013/03/15 දින එනම් සිකුරාදා දින පවත්වන බවයි.

    ක්ෂණිකව මේ සම්බන්ධ ක්‍රියාත්මක වූ අපගේ කණ්ඩායම අන්තර්ජාලයට පමණක් සීමා නොවී එදිනම අපගේ ජාතිය සුරැකීමට උපන් ඉතා හොඳින් අඳුනන මිතුරන් පිරිස සමග එකතු වී මේ පිළිබඳව ඔබ වහන්සේ හට දුරකථන මාර්ගයෙන් දන්වන ලදී. හදිසියේ සැලසුම් වුනු අප තිදෙනෙක් මෙම ස්ථානයට ගියේ අපගේ ව්‍යාපාර වල ගැටළුවක් ඇති බව පවසමිනි.

    එහිදී සම්පත් නමැත්තා අප සමග ප්‍රශ්න කිහිපයක් විමසීමෙන් අනතුරුව ඔහුගේ බිරිඳ ලවා අප ඇත බැඳී පිරිත් නුල් කපා වගුරු බිමේ ඇති කුණු ඇලට දමන ලදී. මද වෙලාවකට පසු කහ වතුර බාල්දියක් අපවෙත දී අපගේ පය සෝදා ඔවුන් වැඳුම් පිදුම් කරනා ලි වලින් සෑදු පැල්පත වෙත ගෙනයන ලදී.
    මෙහිදී ඇතිවූ කතාව සියල්ල අප විසින් රහසේ පටිගත කරන ලදී. මෙහිදී ක්‍රියාත්මක වන්නේ නිර්මල බුදු දහම විකෘර්ති කිරීමක් වන අතර මෙය අන්තවාදී ක්‍රියාවක් ලෙස අප හට වැටහුණි. සවිස්තරාත්මකව ලිවීමට වඩා එම සංවාදයට සවන්දීමට ඔබවහසේ ගේ පහසුව සඳහා මෙයත් සමග අමුණා තිබේ.

    2013/03/15 දින රාත්‍රී 9ට ආරම්භ වී පාන්දර 3 දක්වා මෙහි පැවැත්වෙන විශේෂ පුජාව අතරතුර ගුරා මෙන්ම ගෝලන් ද සහබාගි වන නිසා මෙම නින්දිත පිරිස නිර්මල බුදු දහම විකෘර්ති කරනා ක්‍රියාවලියට සම්බන්ධ අය මුලින් ම නීතියේ රැහැනට හසුකිරීමට අප හට හැකිවේවි. මේ පිළිබඳව ඔබ වහන්සේ ගේ අවධානය යොමුකර මෙවැනි අවස්ථාවක් යලි හමු නොවනා බැවින් හැකිනම් 15වන දින රාත්‍රී 8ත් 10ත් අතර කාලයේ වැටලීමක් සිදුකරන ලෙස ඉල්ලාසිටිමි.

    බුදු දහමේ චිරස්තිය උදෙසා ඔබ වහන්සේ ක්‍රියාත්මක කරන මේ උත්තරීතර ක්‍රියාවලියේ දී අප ඔබ වහන්සේ සමග කෙතරම් බාධක කම්කටොලු ආවත් නොවෙනස්ව සිටින බවත්. දේශය ජාතිය ආගම වෙනුවෙන් අපි දිවි හිමියෙන් කැපවී සිටින බවටත් අපි දිව්රා පොරොන්දු වෙමු. නිර්මල බුදු දහම රැකගැනීමට ඔබවහන්සේ හට ශක්තිය ධෛර්ය නොවඩුව ලැබේවායි අපි පාර්ථනා කරන්නෙමු.

    *******************************************************************************************
    ඔබ සතුව මෙවැනි පුද්ගලයන් පිලිබඳ තොරතුරු ඇත්නම් ඉතා ඉක්මනින් අප වෙත ලැබීමට සලස්වන්න. එයට නොපමාව අප කටයුතු කරනු ඇත.

    රහසිගතව පටිගත කල හඬ පටය:

    https://docs.google.com/file/d/0B_962A9F5xyLcWsyNUZkQlR4TTA/edit?usp=sharing

    (download ඔස්සේ ගොස් භාගත කල හැක - 110mb)


    වන්දනා කරනා පැල්පත තුල තුල රහසිගතව ලබාගත් ජයාරූප

    https://docs.google.com/file/d/0B_962A9F5xyLRjFQWkxodEdWMGs/edit

    https://docs.google.com/file/d/0B_962A9F5xyLbFlzS0p4REdWNlk/edit

    (File > Save ලෙස ගොස් ගොස් භාගත කල හැක - 6mb)


    රහසිගත ලෙස ලබාගත් දර්ශන :

    https://docs.google.com/file/d/0B_962A9F5xyLeWFkcHVnQWtXTDg/edit?usp=sharing
    https://docs.google.com/file/d/0B_962A9F5xyLU3hXX2x6N1dmcUU/edit?usp=sharing


    http://www.facebook.com/photo.php?f...160307528.70932.298024446974766&type=1&ref=nf
     
    • Like
    Reactions: Minion

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    අයියෝ සම්පත්
    මූ නීතියෙන් නිදහස් වෙනවා ඒකයි දුක
    නියම වැඩක් තව පටන් ගත්තෙ නෑ තව තියනවා