නාවල Filling Station එකේ වංචාව

ManjuT

Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    නාවල Filling Station එකේ වංචාව

    නාවල Shed එකේ Petrol ගහන්න ගිහින් මට සිද්ධ වුන දෙයක් මේක. අනිත් අයටත් දැනගන්නයි මේක කියන්න හිතුවේ.

    දැනට මාස කීපයකට කලින් වුන සිදුවීමක්. සතියේ දවසක හවස 7:00 - 7:30 ට විතර මම ගෙදර එන ගමන් petrol ගහන්න ගියා නාවල Open University එක ලග තියෙන Shed එකට. වැඩි දෙනෙක් හිටියේ නෑ Shed එකේ. මමත් තනියම තමයි ගියේ. මම කිව්ව Full tank ගහන්න කියලා. එතන හිටපු බුලත් කකා හිටිය තරුණ වයසේ කෙනෙක් තමයි අවෙ ඉස්සෙල්ලම. ඊට පස්සෙ Car එක තව ටිකක් ඉස්සරහට ගන්න කියලා මැදි වයසේ කෙනෙක්ට කතා කරා මගෙ Car එකට petrol ගහන්න. මම meter එක දිහා බලන්න හදනකොට අර තරුණ වයසේ කෙනා මගෙත් එක්ක කතාවක් පටන් ගත්තා. ඒ දවස්වල ගං වතුර හැම තැනම. මෙයා ඒ ගැන මගෙත් එක්ක කියවන්න ගත්තා. මට තේරුණා මූ අනවශ්‍ය කතාවක් කරන්නේ කියලා. මම ඒ වෙලාවෙ හිතුවෙ මූ බීලා කියවනවා කියලා. මම ඒ කතාවට උත්තර නොදී අහක බලාගෙන හිටියා.

    ගාන බලනකොට 2890 ක්. මම බාගයක් තියෙද්දි තමයි petrol ගහන්න ගියේ. 1000 ක විතර වෙනසක්. මම කිව්වා මෙච්චර වෙන්න බෑ කියලා. නෑ නෑ ඒ ගානට petrol වැදිලා තියෙන්නේ කියලා ඌ කිව්ව. Meter එක දිහා බලාගෙන හිටියේ නැති එක මගේ වැරැද්ද. ඌ කතාවට වැටිලා මගේ අවදානය වෙනස් කරා. මට ඒක ඔප්පු කරන්න විදියක් නෑ. ඒ වුනාට මගෙ car එක්ට කොච්චර petrol වදිනවද කියලා මම දන්නවා. මට වුණ දේ වුණා. දැන් කරන්න දෙයක් නෑ. මම මේක කියන්නේ තව කෙනෙකුට ඒ දේ නොවෙන්න ඕන නිසා.

    මගේ යාලුවෙක් fb එකේ තියෙන මේ වගේ කතාවක් ගැන මට කිව්වම තමයි මටත් මේක කියන්න ඕනේ කියලා හිතුනේ. කොයි Shed එකෙන් petrol ගැහුවත් අවදානයෙන් ඉන්න ඔනේ තමයි. ඒත් නාවල shed එකෙන් petrol ගහනකොට වැඩිපුර අවදානයෙන් ඉන්න.
     
    • Like
    Reactions: The_Killer

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Math hemadama kiyana kathawa.. matat ekek 1000kata kelewwa.. oya shed eke newe mehe shed ekaka..

    kotinma kiwwoth den hema shed ekakama wage.. hora thama karanne..

    unta hose eka diga athi unat issarahata ganna kiyanawa.. ekko ticket wikunana un.. ekko adara ekathu karana un..
     
    • Like
    Reactions: ManjuT

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Math hemadama kiyana kathawa.. matat ekek 1000kata kelewwa.. oya shed eke newe mehe shed ekaka..

    kotinma kiwwoth den hema shed ekakama wage.. hora thama karanne..

    unta hose eka diga athi unat issarahata ganna kiyanawa.. ekko ticket wikunana un.. ekko adara ekathu karana un..

    ඔය ඔක්කොමල set වෙලා කරන වැඩ වෙන්න ඇති.
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83


    මුඩුක්කු මානසිකත්වයේ පෙලෙන මනුස්සයෙක්. ජීවීතේට නගින්න එපා උබට. :rofl::rofl:


    ඌට මොනවා වෙලාද? Nawala shed එකේ වැඩ කරන එකෙක්ද කොහෙද?
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ඔය වගේ කැ$ ප&යෝ අල්ලල නෙලන්න ඕන, මාටියා ගහපු ටිකෙන් බෙහෙත් දාගන්නම....:angry:

     
    • Like
    Reactions: ManjuT

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ඔය වගේ කැ$ ප&යෝ අල්ලල නෙලන්න ඕන, මාටියා ගහපු ටිකෙන් බෙහෙත් දාගන්නම....:angry:


    අපිත් ඉතිං දවල් රෑ නැතුව මහන්සියෙන් වැඩ කරලානේ හම්බකරන්නේ. ඔහොම හොර වැඩ වලට අහුවුනාම හිතට අමාරුයි.