නාවල Filling Station එකේ වංචාව
නාවල Shed එකේ Petrol ගහන්න ගිහින් මට සිද්ධ වුන දෙයක් මේක. අනිත් අයටත් දැනගන්නයි මේක කියන්න හිතුවේ.
දැනට මාස කීපයකට කලින් වුන සිදුවීමක්. සතියේ දවසක හවස 7:00 - 7:30 ට විතර මම ගෙදර එන ගමන් petrol ගහන්න ගියා නාවල Open University එක ලග තියෙන Shed එකට. වැඩි දෙනෙක් හිටියේ නෑ Shed එකේ. මමත් තනියම තමයි ගියේ. මම කිව්ව Full tank ගහන්න කියලා. එතන හිටපු බුලත් කකා හිටිය තරුණ වයසේ කෙනෙක් තමයි අවෙ ඉස්සෙල්ලම. ඊට පස්සෙ Car එක තව ටිකක් ඉස්සරහට ගන්න කියලා මැදි වයසේ කෙනෙක්ට කතා කරා මගෙ Car එකට petrol ගහන්න. මම meter එක දිහා බලන්න හදනකොට අර තරුණ වයසේ කෙනා මගෙත් එක්ක කතාවක් පටන් ගත්තා. ඒ දවස්වල ගං වතුර හැම තැනම. මෙයා ඒ ගැන මගෙත් එක්ක කියවන්න ගත්තා. මට තේරුණා මූ අනවශ්‍ය කතාවක් කරන්නේ කියලා. මම ඒ වෙලාවෙ හිතුවෙ මූ බීලා කියවනවා කියලා. මම ඒ කතාවට උත්තර නොදී අහක බලාගෙන හිටියා.
ගාන බලනකොට 2890 ක්. මම බාගයක් තියෙද්දි තමයි petrol ගහන්න ගියේ. 1000 ක විතර වෙනසක්. මම කිව්වා මෙච්චර වෙන්න බෑ කියලා. නෑ නෑ ඒ ගානට petrol වැදිලා තියෙන්නේ කියලා ඌ කිව්ව. Meter එක දිහා බලාගෙන හිටියේ නැති එක මගේ වැරැද්ද. ඌ කතාවට වැටිලා මගේ අවදානය වෙනස් කරා. මට ඒක ඔප්පු කරන්න විදියක් නෑ. ඒ වුනාට මගෙ car එක්ට කොච්චර petrol වදිනවද කියලා මම දන්නවා. මට වුණ දේ වුණා. දැන් කරන්න දෙයක් නෑ. මම මේක කියන්නේ තව කෙනෙකුට ඒ දේ නොවෙන්න ඕන නිසා.
මගේ යාලුවෙක් fb එකේ තියෙන මේ වගේ කතාවක් ගැන මට කිව්වම තමයි මටත් මේක කියන්න ඕනේ කියලා හිතුනේ. කොයි Shed එකෙන් petrol ගැහුවත් අවදානයෙන් ඉන්න ඔනේ තමයි. ඒත් නාවල shed එකෙන් petrol ගහනකොට වැඩිපුර අවදානයෙන් ඉන්න.