නාවික හමුදාපති මානසික රෝගියෙක්

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
නාවික හමුදාපති මානසික රෝගියෙක්

ජනාධිපති කියන විදියට නාවික හමුදාපති මානසික රෝගියෙක් - අනුර දිසානායක දේශීය 2010 මාර්තු 12 වෙනි සිකුරාදා, 11:42
Anura_disa1202.jpg
ජනාධිපතිවරයා පවසන ආකාරයට ජනරාල් සරත් ‍ෆොන්සේකා මහතා රඳවා සිටින්නේ නාවික හමුදාපතිවරයා‍ගේ නිල නිවාසයේ නම් එවැනි තැනක සිටීමට තරම් නාවික හමුදාපතිවරයාට තිබූ මානසික රෝගය පිළිබඳ සොයා බැලිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර දිසානායක මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ අද ජ.වි.පෙ. මූලස්ථානයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයට පිළිතුරු ලබා දෙමිනි.


මෙහිදී මාධ්‍යවේදියෙකු විමසුවේ ජනාධිපතිවරයා විසින් පසුගියදා පැවති උත්සවයකදී ජනරාල් සරත් ෆොන්සේකා මහතා රඳවා නොමැති බවත්, ඔහු නාවික හමුදාපතිවරයාගේ නිල නිවසේ සැප පහසුව සිටින බව පැවසූ බවත්, මෙම ප්‍රකාශය යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාද අනුමත කළ බවත්ය. මේ අවස්ථාවේදී අදාල විමසීමට පිළිතුරු දෙමින් අනුර දිසානායක මහතා පැවසුවේ "අපි කවුරුත් දන්නෙ නැහැ ෆොන්සේකා මහතා ඉන්න තැන පිළිබඳ සැබෑ තත්ත්වය. එතැනට මෙච්චර කාලයක් ගියෙ අනෝමා ෆොන්සේකා මහත්මිය පමණයි. එතුමිය කියන විදියට මුලින්ම සරත් ෆොන්සේකා මහතා රඳවා තිබුණු කාමරයේ ජනේලයට ලෑලි ගහල තිබුණා. ඒ නිසා එතැනට ආලෝකය පවා ලැබුණෙ නැහැ. පස්සේ තමයි ඒ ලෑලි ඉවත් කරල එතනට දැලක් ගහල තියෙන්නෙ.

අපි දන්නව අඳුරු කාමරවල සිරකරල ඉන්න සිරකරුවන්ට පවා දවසට පැයක් හිරු එළිය විඳින්න අවස්ථාව දෙනව. නමුත් ‍ජනරාල් සරත් ෆොන්සේකා මහතාට ඒ අවස්ථාවවත් ලබා දීල නැහැ. ඔහු සිටින කාමරය ඒ තරමට වෙන් කරල තියෙන්නෙ. ඉතින් මේ කියන විදියට අපිට නැවත වරත් සොයා බලන්න සිදු වෙනව මේ වගේ කාමරයක් තමන්ගේ නිල නිවස විදියට තබා ගන්න තරම් නාවුක හමුදාපතිවරයාට තිබුණු මානසික රෝගය මොකද්ද කියල."
 

harshana101

Member
Jul 7, 2008
709
78
0
40
na na athulaya beheth ganna thanata anawalu pissek u kiyanawalu u thamai nawika hamudapathi kiyala me pissata ithin oka madida