නාසාහි සිටින ශ්‍රීලා0කිකයා...
අගහරු ග්‍රහයා මත ගොඩ බස්සවන ලද "කියුරියෝසිටි" යානයේ වැදගත් කොටසක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාවේ විද්‍යාඥයෙකු ද දායක වී සිටී. එතුමා නමින් නාසා ආයතනයේ ජේෂ්ඨ විද්‍යාඥයකු ලෙස කටයුතු කරන ආචාර්ය සරත් ගුණපාලයන්ය. කියුරියෝසිටි යානයට සවි කර ඇති සෑම් නැමති උපකරණයට යොදා ඇති TLF නමින් හැදින්වෙන ලේසර් කිරණ විශේෂය නිෂ්පාදනය කොට ඇත්තේ සරත් ගුණපාල මහතාය.
අගහරු ග්‍රහයා මත මීතේන් වායුව තිබේදැයි සොයා බැලීමට මෙම ලේසර් කිරණ භාවිතා වන බව ආචාර්ය සරත් ගුණපාල මහතා පවසයි. මීතේන් වායුව පිළිබදව සිදුකරනු ලබන අධ්‍යයනයන් තුළින් අගහරු මත මීට පෙර ජීවයක් පැවතියාද යන කරුණ තහවුරු කරගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි පැවැසේ.
නාසා ජෙට් ප්රක්ෂේපණ විද්‍යාගාරයේ ප්‍රධාන විද්‍යාඥයෙකු හා කණ්ඩායම් පාලකවරයකු වශයෙන් සේවය කරන ආචාර්ය ගුණපාල මහතා කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකු ද වේ. අචාර්ය ගුණපාලයන් විද්‍යාඥයෙකු වීමට සිහින දැක ඇත්තේ කුඩා කල සිටය. නාසා ආයතනයට සේවය කළ කීර්තිමත් ලාංකික විද්‍යඥයෙකු වූ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතාගේ දේශනවලින් විද්‍යාව පිළිබදව අභිරුචියක් ඇතිකරගත් සරත් ගුණපාලයන් සිය පාසල් අධ්‍යාපනය හමාර කොට කොළඹ විශ්වවිද්‍යලයට ඇතුලු වීමට අවස්ථාව උදාකර ගත්තේය. එහි සහකාර කථිකාචාර්යවරයකු බවට පත් වූ ඔහුට පශ්චාත් උපාධිය ලබා ගැනීම සදහා ඇමෙරිකාවට යෑමේ වාසනාව උදා වූ අතර බෙලී විද්‍යාගාරයට අනුයුක්තව සේවය කරද්දී ඔහු විසින් සොයා ගන්නා ලද අධෝරක්ත කිරණ විශ්ලේෂකය නාසා විද්‍යාඥයන්ගේ පැසසුමට ලක් විය. මාස කිහිපයකට පසුව නාසා හි ජෙට් ප්රක්ෂේපණ විද්‍යාගාරයේ සේවය කිරීමට ඉඩ ලැබිණි.
මේ අතර අඟහරු හෙවත් රතු ග්‍රහය වෙත යවන ලද කියුරියෝසිටි නමැති විද්‍යාගාර රොබෝ රෝවරය අඟහරු මත සිට ගත් ප්‍රථම වර්ණ ඡායාරූපය ඇමරිකාවේ ෆ්ලොරිඩාවේ පසදීනා නුවර ජාතික ගගන හා අභ්‍යාවකාශ ඒජන්සියට සාර්ථකව එවන ලද බව නාසා ආයතනය කියයි. (2012 අගෝස්තු මස 08) රෝවරය අංශක තිහක් ඇලව තිබියදී වර්ණ ඡායාරූපය ගන්නට ඇතැයි ද එහි දූවිලි නිසා පින්තූරය නොපැහැදිලියැයි ද නාසා මධ්‍යස්ථානය කියයි. කියුරියෝසිටි යානය කළු සුදු ඡායාරූප ද පෘථිවියට එවයි.
http://www.nasa.gov/mission_pages/msl/index.html
ෆේස්බුක් එකෙන් ගත්තෙ
රීපොස්ට් නම් සොරි