අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබෙන්නේ අගහරු ගවේශනය වෙනුවෙන් දියත් කළ "Mars 2020" මෙහෙයුම යටතේ යැවුනු "Perseverance" රෝවරය, එහි ඇති "Navcam" නම් සුවිශේෂ කැමරාව යොදාගෙන අගහරු ග්‍රහයා මත ගනු ලැබූ ඡායාරූපයකි. අගහරු මත ඇති "Jezero" ආවාටය ආශ්රිත ප්‍රදේශය මෙම "Navcam mosaic" ඡායාරූපය මගින් පෙන්නුම් කරන අතර මෙම ඡායාරූපය ගෙන තිබෙන්නේ රෝවරය අගහරු මත ගොඩබැස අගහරු දින 354 කට පසුව (අගහරු දිනයක් පෘථිවි පැය 24 යි මිනිත්තු 39 යි තත්පර 35.244 කට සමාන වන අතර එය පෘථිවි දිනයකට වඩා 3% කට වැඩි කාලයකි) එනම් පෘථිවි දින දර්ශනයට අනුව 2022 පෙබරවාරි 17 වන දිනයේ වේ. එනම් හරියටම අවුරුද්දක කාලයකට අනතුරුවය. මෙම "Perseverance" රෝවරය දිගින් අඩි 10 ක් පමණ වන අතර කිලෝග්‍රෑම් 1,025 (රාත්තල් 2,260) පමණ බරකින් ද යුක්ත වේ. මෙම රෝවරය අගහරු මත ගවේශන කටයුතු සිදුකළ පළමු වර්ෂය තුළ අගහරුගේ පාෂාණ මූලික සාම්පල 6 ක් පරීක්ශාවට ලක්කර ඒවායේ දත්ත පෘ ථිවියට එවා ඇති අතර රෝවරයේ සවිකර ඇති විශේෂ උපාංගයක් උපයෝගී කරගෙන අගහරු මත ඔක්සිජන් නිපදවිය හැකි ආකාරය පරීක්ශා කිරීම සදහා සිදුකළ "MOXIE" (Mars Oxygen In-Situ Resource Utilization Experiment) නම් විශේෂ අත් හදා බැලීමේ පරීක්ශනක කටයුතු ද සිදුකර ඇත.
Mars 2020 මෙහෙයුම
"Perseverance" රෝවරය රැගත් අභ්‍යවකාශ යානය අභ්‍යවකාශ ගත කළ දිනය: 2020 ජූලි 30"Perseverance" රෝවරය අගහරු මත ගොඩබෑ දිනය: 2021 පෙබරවාරි 18
Mars 2020