නැකත්, කේන්දර, රාහුකාලය සහ අපි

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,096
    5,891
    113
    canada
    math hithuwa methana aniwa waliyak yay kiyala .baladdi ape unta prashne thiyenne me magul waradiy kiyana ayath ekka newei ara siripalaya ekkane

    මම මේක දන්න හිතන් හිටියේ ගොඩක් ඉස්සර. එක එහෙමපිටින් අමතක වෙලා ගිය. ගොඩක් දේවල් තියෙනවා කියන්න. office එකේ හින්ද විස්තර කරලා ලියන්න අමාරුයි. එලෙකිරියේ වැටෙන නුල් කිහිපයක් දැකල තමයි මට මේක දාන්න හිතුනේ.
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    එල කොල්ලෙක් නේ. නියමයි. ඔයාගේ අගම බුද්දාගම නම්, ඒ විදියට ජීවත් වෙන්න උත්සහ කරන්න. එච්චරයි


    මම බුද්දාගමේ තමයි අදත් හෙටත් හැමදාමත් :)
     
    • Like
    Reactions: BINGU_PUTHA

    rankolla

    Member
    Apr 19, 2012
    24
    2
    3
    Budu hamuduruwo me gana kiyala na kiyala kiyanna epa......... hoyagana kiyawanna........ Deega Nikaye Seelas kanda Waggaya........ Me serama dewal Thirascheena Vidyawen yuthu mithya ajeewanayak kiyala ....... etha ape buddist kattiya 99.9% ma mewa karagana yanawa....... ekai wade......... thamanta wasi dewal witharai budu dahamin aragana thiyenne..... mewa kiyanna giyoth api ekka randuwata enawa......... a tharam mewata purudu wela....... theruwan saranai
     
    • Like
    Reactions: BINGU_PUTHA

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඒක එක එක්කෙනාගේ විශ්වාසය. මම ජීවිතේට කේන්දර හදහන් නැකත් වෙලාවල් බලල නැ. ඒ මම ඒ දේවල් වැරදියි බොරු කියල කියන හින්ද නෙවේ, මම විශ්වාස නොකරන නිසා. මොකද අපි නොදන්නා දේවල් තමා මේ ලෝකේ වැඩියෙන්ම තියෙන්නේ.

    මම ඕනෑම වැඩක් පිරිසුදු සිතින්, පිරිසුදු චේතනාවෙන් පටන් ගන්නවානම් එක මට සුබ නැකතක් කියල තමයි මම හිතන්නේ.

    අර ඔල මොට්ටල සිරිපාලය වගේ ආත බූත නැතුව වැදගත් විදියට කියපු එකට උබට Respect :)
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,891
    113
    canada
    ජොනී බට්ට;16362168 said:
    ඒක එක එක්කෙනාගේ විශ්වාසය. මම ජීවිතේට කේන්දර හදහන් නැකත් වෙලාවල් බලල නැ. ඒ මම ඒ දේවල් වැරදියි බොරු කියල කියන හින්ද නෙවේ, මම විශ්වාස නොකරන නිසා. මොකද අපි නොදන්නා දේවල් තමා මේ ලෝකේ වැඩියෙන්ම තියෙන්නේ.

    මම ඕනෑම වැඩක් පිරිසුදු සිතින්, පිරිසුදු චේතනාවෙන් පටන් ගන්නවානම් එක මට සුබ නැකතක් කියල තමයි මම හිතන්නේ.

    අර ඔල මොට්ටල සිරිපාලය වගේ ආත බූත නැතුව වැදගත් විදියට කියපු එකට උබට Respect :)



    තව දෙයක්. මට තියෙන ප්‍රශ්නය බවුතික විද්‍යාව එක්ක නෙවි. එක 100% පිළිගන්නවානම් නැවත ඉපදීම, නිවන වගේ බුදුදහමේ මුලික දේවල් ප්‍රතික්ෂේප කරන්න වෙනවා.

    මම මේකෙන් ප්‍රශ්න කරේ බුදුදහම මුලික හරයන් (චතුරාර්ය සත්‍ය, නිවන, කර්මය වගේ) සමග නැකත, කේන්දර වගේ දේවල් කොහොමද ගලපන්නේ කියල. ඒ කිව්වේ කුජ, සෙනසුරු ග්‍රහයාගේ පිහිටීම අපි බලපාන හැටි බුදුදහම අනුව.

    නැකත් කියන ඒවා බුදු හාමුදුරුවෝ ඉපදෙන්න අවුරුදු දහස්ගන්නකට පෙර තිබුණු බමුණන්ගේ දේවල්. ඒවා තමයි අපි ඔලුවේ තියන් ඉන්නේ.

    ඇත්තටම අපි හරියට බුදුදහමේ හරයන් තේරුම් ගන්න උත්සහ කරොත් සරු දේ සරු විදියටත් නිසරු දේ නිසරු විදියටත් අවබෝද කරගන්න පුළුවන්. සත්‍ය අමිහිරි වෙන්න පුළුවන්. මේ ලෝක විෂය අපිට බලපාන හැටි බුදුදහමේ ඉතාම ගැබුරට විස්තර කරලා තියෙනවා.

     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,891
    113
    canada
    copyright http://buddharashmi.blogspot.ca/2013/04/thiryak-79.html


    ජ්‍යෝතිෂ්‍ය ද? බෞද්ධ කර්ම සංකල්පය ද?

    ජ්‍යෝතිෂ්‍ය සහ බුදුදහම එකක් නො ව දෙකක් බව පළමු ව කිව යුතු ය. බොහෝ ගිහි උදවිය මෙන් ම පැවිදි පිරිස ද, මේ දෙක එකට සංකලනය කර එක් ධර්මයක් බව ට පත්කිරීම ට වෙරදරන බවක් පෙනෙන්නට තිබේ. හඳහන් බැලීම, නැකත්, බැලීම ආදී නො මනා ක්‍රියා භික්ෂුන් වහන්සේ නමක් කිසිසේත් නො කළ යුතු බවට දීඝ නිකායේ සාමඤ්ඤඵල සුත්‍රයේ දේශනා කර ඇත. එ සේ තිබියදී ත් තම ජීවන වෘත්තීය වශයෙන් අතිවිශාල ප්‍රචාරණයන් ලබා දෙමින් බුද්ධ ශාසනය ගැන තුට්ටුවකටවත් මායිම් නො කරන පැවිදි පිරිසක් ද, වෙති. බෝධිපූජා පැවැත්වීමට, දානමාන දීමට පවා නැකත් බලන තත්වයකට අද සමාජය පත් වී තිබේ.

    බුදුදහමේ කර්ම සංකල්පය තුළ සත්වයා ට කර්මය තරම් බලපානා කිසිවක් නොමැති බව දක්වා තිබේ. (චුල්ලකම්ම් විභංග සුත්‍රය කියවන්න) එ මෙන් ම නියාම ධර්ම සහ ගති, උපධි ආදී සම්පත්තියන් සහ විපත්තියන් ද, සත්වයා කෙරෙහි බලපානා බව දේශනා කර ඇත. නමුත් ග්‍රහ තාරකාදිය සත්වයා කෙරෙහිඉතා සුළු ආකාරයෙන් හෝ බලපානා බවක් බුදුදහමේ කොතැනක වත් සඳහන් වන්නේ නැත.

    ජ්‍යෝතිෂ්‍ය බුදුදහමෙන් බැහැර කරන්නේ ඇයි?

    බුදුදහමෙන් ජ්‍යෝතිෂ්‍යය සම්පූර්ණයෙන් ම බැහැර කරණු ලබයි. එ පමණක් නො ව ජ්‍යෝතිෂ්‍යයේ කිසිඳු ගතයුතු හරයක් නොමැති බව ද, බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබේ. එ ම දේශනාව සඳහන් වන්නේ සුත්‍ර පිටකයේ, ඛුද්දක නිකායේ, ජාතකපාළියේ, පඨම භාගයේ, නමවන නක්ඛත්ත ජාතකයේ ය.

    "නක්ඛත්තං පතිමානෙන්තං අත්ථා බාලං උප්ප්ච්චගා, අත්ථො අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා' ති"

    අර්ථය නැකත් බලන අඥානයා ඉක්ම ය යි. අභිනිෂ්ට ප්‍රතිඵල ලාභය හෙවත් බලාපොරොත්තුවන ප්‍රතිඵලය ලැබීම ම නැකත වේ. තාරකාවෝ කවර නම් අර්ථයක් යොදත් ද? නො යොදත් ම ය.
    මෙ හි පැහැදිලි ලෙස ම ග්‍රහ තාරකාදිය මගින් කිසිඳු බලපෑමක් සත්වයා ට හෝ සත්ව සන්තානවලට නො කළ හැකි බව දේශනා කර ඇත. එ බැවින් ග්‍රහ තාරකා ආදියෙන් ගොඩනැගී ඇති සියලු ධර්මයන් මේ අනුව බුදුදහමේ මුළුමනින් ම ප්‍රතික්ෂේප කර ඇත.

    එ සේ බුද්ධ දේශනාව තිබියදී ත්, අප හා තර්ක කරමින් ජ්‍යෝතිෂ්‍ය නිවැරදි ය, බුදුදහම සමග ගැලපේය ආදී ලෙසින් කියන පිරිසක් ද සිටින බව කිව යුතු ය.මෙය තවදුරටත්පැහැදිලි වීමට උදාහරණයක් ඉදිරිපත් කරමි.

    අපි මේ විදියට හිතමු. ලග්න 12ක් තියෙනවා. පත්තරවල දවස ගානේ ලග්න ඵලාඵල දමනවා. ලෝකයේ ඉන්න හැම මනුස්සයම ඔය ලග්න 1/12 ට අයිති වෙනවා. එක ලග්නයක් ගනිමු. දැන් ලෝකයේ මිනිස්සු බිලියන 7න් අඩුම ගානේ මිලියන 500ක් වත් ඔය ලග්නයේ ඇති. කියන දේවල් ඔය මිලියන 500ට ම සාධාරණ වෙනවා ද? කියලා හිතලා බලන්න. ඔය දවස බොහොම සුබයි කියලා තියෙනවා කියලා හිතමු. ඔය දවසට මිලියන 500 ලක්ෂ කීයක් මැරෙනවා ද? ලක්ෂ කීයක් ලෙඩවෙනවාද? එහෙම වෙන්නේ දවස සුබ නිසා ද? නැත්නම් තමන් ගේ කර්මය අනුව ද? හිතලා බලන්න.

    බොහෝ විට ඔය ජෝතිෂ්‍ය වේදීන් කියන දේ ගැන කල්පනා කළොත් "ඔබ වෙනදට වඩා මහන්සි වුනොත් අද දවසේ රැකියාවෙන් ඔබට සාර්ථකත්වයක් ලැබෙනවා. ඉගැනීම් කටයුතු සාර්ථක වෙනවා" කියලයි කියන්නේ. ඔය වගේ දේවල් තමයි ගොඩක් කියන්නේ. ඕවා කියන්නත් දේවල් ද? වෙනදට වඩා උත්සහවන්ත වුනොත් ඕනෑ ම දෙයක් වෙනදට වඩා සාර්ථක වෙන බව කියන්නත් දෙයක් ද? හිතලා බලන්න.

    සත්වයා කර්මය ම ඇසුරුකොට කර්මය ම ආහාරකොට ඇති බව ත් බුද්ධ දේශනාවේ සඳහන්. ඊට අමතර ව උතු, බීජ ආදී නියාමයන් බලපාන බවත් දේශනා කර ඇත. ඊට ත් අමතර ව ඔය කියන ජෝතිෂ්‍යය, අත්ලේ රේකා, තාරකා මිනිස්සුන් ගේ කර්මයට බලපාන බව සඳහන් වෙන්නේ කොතන ද?