නැගෙනහිරදී මොකද උනේ ?

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    නැගෙනහිරදී මොකද උනේ ?

    මේ ලිපිය මම මගේ බ්ලොග් එකේත් පලකලා.නැගෙනහිර ඡන්ද ප්රෙතිඵලය සම්බන්ධයෙන් හැකිතාක් සමබර විශ්ලේෂණයක් කිරීමට මෙහිදී බලාපොරොත්තු වෙනවා.

    ballot_box.png


    2012 පළාත් සභා ඡන්දය දැන් නිමාවිය. රජය සලාක ක්‍රම‍යට ඡන්ද පැවැත්වීම නිසා පළාත් තුනක පමණක් ඡන්දය පැවැත්වීමට සිදුවුනි. උතුරුමැද හා සබරගමුව කෙසේ ප්‍රතිඵලය පැමිණියද අපගේ වැඩිම අවධානයක් යොමුවූ පළාත නැගෙනහිර පළාතයි.


    වැදගත්කම

    4539616641_f52ebec314_z.jpg


    එය වැදගත් ලංකාවේ ජන අනුපාතය ප්‍රධාන ජනවර්ග අතර බොහෝවිට සම සමව පැවැති පළාතක් වන නිසාය. ඡන්ද ප්‍රතිඵලයට ජන අනුපාතය බෙහෙවින් බලපාන අයුතු මැනැවින් මේ පළාතේ නිරීක්ෂණය කිරීමට හැක. දේශපාලන කෝණයෙන් බලනවාට වඩා සාමාජීය කෝණයෙන් බැලූවිට ලංකාවේ ජනතාවගේ ජාතික ඒකාබද්ධතාවය හා වර්ගවාදය හොඳින්ම මැනබැලිය හැකි පළාතක්ද වන්නේ නැගෙනහිරය. එමෙන්ම පසුගිය කාලයේ සිදුවුනු සිදුවීම් විග්‍රහ කර බලනවිට ප්‍රදේශයේ දේශපාලන ගැටුම් ප්‍රතිපත්ති වලින් ඔබ්බට ගොස් ආගම, ජාතිය සමගද පැටලැවීමක් දක්නට ඇත. නැගෙනහිර පලාත ජයගන්නා පාර්ශවය නියෝජනය වන ජනවර්ගය ඉහත කී සටනෙන් ජයගත්තාහූ වෙති



    ඡන්ද සටන හා වර්ගවාදීවීම


    නගෙනහිර පළාතේ තිබෙන ජනසංයුතිය හා එක එක ජනකොටස් අතර තිබෙනා විරසයක දේශපාලනමය වශෙයන් තරඟරයකට පත්වීම මෙහිදී සිදුවිය. නාමයෝජනා ලබාදුන් ප්‍රධාන පක්ෂ 4 න් තුනක්ම ඡන්ද සටන වාර්ගික යුද්ධයක් බවට පත්කරගෙන තිබුනි. මුස්ලිම් කොන්ග්‍රසය මුස්ලිම් ජනයා වෙනුවෙන්ද, දෙමළ ජාතික සංධානය දෙමළ ජනයා වෙනුවෙන්ද එක්සත් ජාතික පක්ෂය ප්‍රතිපත්තියක් හැටියට නැතත් ප්‍රායෝගිකව සිංහල ජනයා වෙනුවෙන්ද ඉදිරිපත් විය. එ.ජා.පේ දයා ගමගේ මහතා සිංහල මහඇමතිවරයෙක් ගැන කීමද මෙහිදී සලකා බැලිය යුතු කරුණකි. මෙම කාරණයේදී එක ජාතිකටවත් විශේෂ සැලකිල්ලක් නොදැක්වූයේ සංධානය පමණි. සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් හිටපු මහඇමතිවරයා මෙන්ට සිංහල හා මුස්ලිම් අපේක්ෂකයින් බොහෝ දෙනෙක් සංධානයෙන් තරඟ කිරීම තමන්ගේ වාසියට හරවාගැනීමට සංධානය සමත්විය


    මුස්ලිම් කොන්ග්‍රසයේ සීතල යුද්ධය.


    rauf-hakeem.jpg


    මුස්ලිම් කොන්ග්‍රසය නිදහස් සංධාන රජයේ කොටස්කරුවන් වුවද මෑත කාලයේදී ඒ සුහදතාවය පලුඳු වන ආකාරයේ සිදුවීම් රාශියක් දැකගන්නට ලැබුනි. දඹුල්ල ප්‍රදේශයේ දේවස්ථානයක් සම්බන්ධයෙන් ඇතිවූ සිද්ධියෙන් පසු මුස්ලිම් කොන්ග්‍රසය කෙමෙන් කෙමෙන් ආණ්ඩුවේ සිටිමින්ට ආණ්ඩුව විවේචනය කරන තත්වයකට පත්විය. මුස්ලිම් ජනයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේ නැති බවට මුස්ලිම් කොන්ග්‍රසය විවිධ අවස්ථාවලදී රජයට චෝදනා ඉදිරිපත් කළහ. එමෙන්ම රජයේම තවත් හවුල්කාර පක්ෂයක් වන හෙල උරුමය සමග ප්‍රසිද්ධියේම සටනට එළඹීම සුලභ සිද්ධියක් විය. කිහිපවරකම මුස්ලිම් කොන්ග්‍රසය රජයෙන් ඉවත්වන බවට තර්ජනය කිරීමද තවත් සිද්ධියකි. මුස්ලිම් කොන්ග්‍රසයේ සභාපතිතුමා ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වුනේ ඡන්දයට ඔන්න මෙන්න කියා තිබියදීය. මුස්ලිම් කොන්ග්‍රසයේ ක්‍රියාපිළිවෙත දැඩි වර්ගවාදී මාවතකට එලඹී ඇතිබව ඇතැම්හූ චෝදනා කලහ


    අවසාන ප්‍රතිඵලය

    කවුරුවත් අපේක්ෂා නොකළ ආකාරයකට ඉතා අඩු බහුතරයකින් වුවද නැගෙනහිර පළාත ජයග්‍රහණය කිරීමට සංධානයට හැකිවිය. ඡන්ද දූෂණ හා මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා වාර්ථාවුවද මැතිවරණ ප්‍රතිඵල අවලංගු කිරීමට තරම් එය බරපතල නොවුනි.


    UPFA - 200,044 - 14
    TNA- 193,827 - 11
    SLMC-132,917 - 07
    UNP - 74,901 - 04
    JNP- 9,522 - 01


    ලේඛකයාද අනුමාන කළේ නැගෙනහිර ජන දෙමළ ජාතික සංධානයට ලැබේවි කියාය. කෙසේ වෙතත් දැන්සංධානය ජයක්ග්‍රහණය කර අවසන්ය. වැඩි ඡන්ද 6000 ක් වැනි ප්‍රමාණයකින් වුවත් ජයග්‍රහණය සහතික කරගෙන ඇත. මෙයින් පසුව පළාත් සභාවේ මහ ඇමතිවරයා හා බහුතර බලය ලබාගැනීමට යම් සන්ධානගතවීමකට ප්‍රධාන පක්ෂ 4 ම කටයුතු කරනු නිසැකය. මෙහිදී සංධානයට වැඩි වාසියක් හිමිවේ. බොහෝ විට ජාතික නිදහස් පෙරමුණ හා මුස්ලිම් කොන්ග්‍රසය සංධානයට සහය පළකිරීමෙන් බහුතරයකින් සංධානය යලිත් පළාත් සභාවේ ජය තහවුරු කරගනු ඇත.


    දිනුවේ කවුද පැරදුනේ කවුද ?


    සංධානය (UPFA): එක්සත් ජනතා නිදහස් සංධානය වැඩි ඡන්ද වලින් පළාත් ජයග්‍රහණය කලද ඔවුනට අනිවාර්යයෙන් වෙනත් පක්ෂ සමග එකතුවීමට සිදුවෙනු ඇත. බොහෝ විට මුස්ලිම් කොන්ග්‍රසය හා ජා.නි.පෙ සමග එකතු වේ නම් ඔවුන්ගේ ඉල්ලීම් වලට එකඟවීමෙන් යම් යම් කැපකිරීම් කිරිමට සංධානයට සිදුවේ. මේ ඡන්දයේ මුල සිටම සංධානයේ අභ්‍යන්තර ගැටලු තිබිණ. හෙළ උරුමය හා ජා.නි.පෙ ට සංධානේ ලයිස්තුවෙන් ඉදිරිපත්වීමට නොහැකි වූ නිසා හෙළ උරුමය ඡන්දයෙන් වැළැකී සිටිය අතර ජා.නි.පෙ වෙනම. තරඟ කලේය. සංධාන නායකයින් ජා.නි.පෙ අපේක්ෂයකාට අවස්ථාව දුන්නේ නම් ත්‍රීකුනාමලය දිස්ත්‍රික්කයේ ජයද සංධානයට ලැබෙනු ඇත.

    දෙමළ ජාතික සංධානය : මෙම ඡන්දයේදී ඉතාම කැපී පෙනෙන ලෙස ඉදිරියට ආවේ මොවුන්ය. පිල්ලෙයාන් හා අතාවුල්ලාගේ මැර කල්ලි වලින් බැට කමින් කෙසේ හෝ යම් ජයග්‍රහණයක් ලබාගැනීමට මොවුනට හැකිවිය. පක්ෂය කෙරෙහි දෙමළ ජන ප්‍රසාදය අඩුවෙමින් ඇති බව නැවැත දෙමල සංධානය ඉදිරියට ඒම තුල කැපී පෙනෙන ලක්ෂනයකින්. උතුරේ පළාත් සභා ඡන්දයකින් නම් අනිවාර්යයෙන්ම දෙමළ සංධානය ජයගනු ඇති බවට මගේ හැඟීමයි.

    එජාපය : ඉතාම නින්දිත අකාරයට කෙදිනකවත් නොවූ විරූ ආකාරයට නැගෙනහිරින් මොවුන් පරාජය වී තිබේ. ගිලෙමින් යන එජාප නෞකාව ගොඩගැනීමට දයා ගමගේට වත් නොහැකිවිය. කිසිඳු සැලසුමක් නොමැතිවීම අභ්‍යන්තර කුලල්කාගැනීම් මෙවුන්ගේ පරාජයට තවත් හේතුවකි.

    මුස්ලිම් කොන්ග්‍රසය : මුස්ලිම් කොන්ග්‍රසය දේශපාලන සූදුවකින් පැරැදුනු බව මගේ මතයයි. රවුෆ් හකීම්, හසන් අලී ප්‍රමුඛ නායකයින් මුල සිටම සංධානයත් සමග ගැටුම් ඇතිකරගැනීමෙන් මෙන්ම ජාතිවාදී ආගම්වාදී දේශපාලනයක නිරතවීමෙන් තමන්ට තිබුනු කේවල් කිරීම හැකියාව බොහෝ දුරට නැතිකරගත්තේය. ඡන්දයෙන් අනතුරුව සංධානය සමග එක්වුවද පෙර තිබූ ශක්තිය යලි ලබාගන්නේදැයි සැකසහිතය. මුස්ලිම් කොන්ග්‍රසයේ දේශපාලනය නිසා මුස්ලිම් ප්‍රජාවට මහඇමතිකම හෝ වෙනත් විශේෂ වරප්‍රසාද ලබාගැනීමට ඇති ඉඩකර ඇහිරී ගිය බව නම් කිවයුතුය


    නැගෙනහිර සිංහලයින්ගේ ඉරණම


    fea7.jpg


    නැගෙනහිර සිංහල ජනතාව 20% - 30% පමණ වාසය කරන අතර ඉඩම් සම්බන්ධයෙන් දැඩි අසාධාරණකම් මොවුනට සිදුවී ඇතිබවට වාර්ථා ඉදිරිපත් වේ. කලින් පළාත් සභාවේ මහඇමතිවරයාද මේ ගැන උනන්දු වන බවක් පෙනෙන්නට නැත. පළාත් සභාව ජයග්‍රහනය කලේ සිංහල බහුතරයකින් සැදි ආණ්ඩුවක් ඇති පක්ෂයක් වුවද පළාත් සභාවේ සිටින්නේ බොහෝ විට අන්‍ය ජාතික පිරිසකි. එම නිසා ඔවුන්ගෙන් සහනයක් කෙසේවත් බලාපොරොත්තු විය නොහැකිය. පළාත් පාලන ආයතන වලින් සිංහල ජනතාවට වන අසාධාරණ ගැනද අසන්නට ලැබේ. ඉඩම් බලතල හදිසියේවත් ලබාදුනහොත් එය නැගෙනහිර සිංහලයාගේ අවසානය විය හැක.

    ජයග්‍රාහී සන්ධාණය ඉගෙනගත යුතු පාඩම්


    Province_Eastern-Final.jpeg


    පළාත් සභා ක්‍රමය සුදු අලියෙක් වුවත් එය කෙසේ හෝ පවත්වා ගතයුතුය. මේ රටේ යුද්ධය අවසන් වුවත් එහි තුවාල තවත් සුව වී නොමැත. දෙමළ ජනයාගේ සිතෙන් බෙදුම්වාදය සහමුලින්ව ඉවත්කිරීමට යම් ක්‍රියාමර්ගයක් ගතයුතුය. එය කිරීමට හැක්කේ දෙමළ ජාතික සංධානය හා යහපත් සම්බන්ධතා ගොඩනැගීමෙන් පමණය. කොටි සංවිධානය අවසන් වීමෙන් පසුව උතුරේ දෙමළ ජනයා තමන්ගේ එකම බලාපොරොත්තුව ලෙස තබාගෙන ඇත්තේද දෙමල සංධානයයි. එය උතුරේ ඡන්දයකදී වඩාත් පැහැදිළි වනු ඇත. එම නිසා ඒකීය රටක් තුල සිංහල බහුතරයට මෙන්ම දෙමළ ජනයාටද පිළිගත හැකි විසඳුමක් සඳහා සැවොම එක්විය යුතුය. ඉන්දියාව හෝ වෙනයම් රටක ඇඟිලිගැසීම් හා න්‍යායපත්‍රවලට අනුව ක්‍රියානොකර ගැටලුව විසඳීම යහපත් වේ. තුවාලට ඔඩුදුවන තුරු නොඉඳ රජය මෙයට කටයුතු කරනවා නම් ඉතාම වැදගත්ය. උතුරේ ඡන්දයක් පවත්වනවා නම් එය හොඳම අවස්ථාවය

    නැගෙනහිර සංධානය දිනුම්ය. ජයපැන් බොනවාට වඩා තවත් බොහෝ වැඩ ඉතිරිවී තිබේ. නැගෙනහිරින් පාඩම් ඉගෙනගෙන එය උතුරට ක්‍රියාත්මක කලහොත් යුද්ධය පමණක් නොව ජාතික ගැටලුවද විසඳූ රජයක් ලෙස සංධානය ඉතිහාස ගතවනු ඇත. නමුත් අවාසනාවකට රජය එසේ සැලසුම් කරනු අද වනතුරු දක්නට නොමැත.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Hoda karunu tikak gana kathakale machan. good,

    Rep +

    TNA saha SLMC ekathu wela balaya ganna puluwan neda?
    jatiwadi SLMC ekata ida nodi inna molaya padunoth hodai.
    un kawadath kale ange indan kana kaapu eka...
    hakimta nowhere wenna wadak denna thiyenne..
    good post
    rep +5
    thanks machan

    @Sanath : ehema possibility ekak thiyenawa thamai. Namuth den government eka dinala hinda SLMC eka kemathi ne government ekath ekka tharaha wenna. TNA ekath ekka ekathu wunth SLMC ekata government eke support eka nethi wenawa.. Mr Hakeem ta thamange minister kamenuth as wenna wei.
    TNA eka dinuwa nam bahutharayakin onna SLMC eka un ekka enna puluwan.
    [It is just a possibility, I don't know for sure]
     

    Similar threads