නැගෙනහිර අන්තවාදී ගිනිදැල්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නැගෙනහිර අන්තවාදී ගිනිදැල්

    නැගෙනහිර සිංහල ගම් වසා නැගෙන මුස්‌ලිම් මූලධර්මවාදයේ ගිනි දලු

    මේ හිමිදිරි උදයේ අපට මඟ පෙන්වන්නා විසින් ධාවනය කරනු ලබන කුඩා මෝටර් රථයේ ඉදිරි අසුනට බර දී සිටින මම ඉද්ද ගැසුවාක්‌ මෙන් එක එල්ලේ පෙනෙන කන්තලේ -සේරුනුවර – මුතූර් මාර්ගය දෙසත් අවට හාත්පස වෙතත් ඇස්‌ පුරා බැල්මක්‌ හෙළුවෙමි.

    රථයේ ආරක්‍ෂිත බඳ පටිය මගින් ගතට ගෙන දෙමින් ඇත්තේ අමිහිරි තෙරපීමකි. එහෙත් මේ පරිසරය දකින දෙනෙතට දැනෙන්නේ මිහිරකි. එකී මිහිර සමග ගෙවී ගිය අතීතයේ දුර ඈතින් ඇසුණු ශාපලත් යුද්ධයේ පිපිරුම් හඬ සමග කන්තලේ සිට මේ මග ඔස්‌සේ නැගෙනහිර යුද පෙරමුණක්‌ වෙත ගිය ගමනක්‌ මගේ සිහියට නැඟුණේ නිරායාශයෙනි.


    mus2.jpg

    සිරිපුර ගම්මානයේ නිවාස

    ඒ අතීතයේ අද මෙන් මෝටර් රථයක ඉදිරි අසුනට වී ගමනේ යෙදෙන්නට මට අවසර නොවීය. අතිශය රළු වූ එහෙත් පැහැදිලි ආරක්‍ෂාවක්‌ සහිත යුද හමුදාවට අයත් යුනිකොන් රථයක නැඟී එදා මම මේ මග ගියෙමි. යුනිකොන් රථයේ වහළයට සවි කෙරුණු අධිබල ගිනි අවියකට තුරුලුව හිස පමණක්‌ පිටතට දමාගෙන සිටි හමුදා සෙබළෙක්‌ රථයේ උන් සියල්ලන්ගේ ආරක්‍ෂාවට කැප වෙමින් උකුසු දෙනෙතකින් යුතුව නිරන්තර හාත්පස නිරීක්‍ෂණය කළේය.

    නමුත් වේගයෙන් ඇදී යන එම රථයේදී මා මේ මඟ දෙපස බැලුවේ එහි දෙපැත්තේ වූ ඝනකම් දැලකින් ආවරණය කෙරුණු පුංචි කවුළු තුළිනි. සැබැවින්ම ඒ ගමනේදී වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයට එරෙහි සටනේ සලකුණු විනා අන් යමක්‌ දකින්නට මට නොහැකි විය. තැනක සටනේ නිරත රණවිරුවෝ උපන් බිම සතුරාගෙන් රැක ගැනීම උදෙසා පෙරදා රැයේ සතුරා ඇටවූ ක්‌ලේමෝ සහ බිම් බෝම්බ සොයමින් මග දෙපස පෙළ ගැසී සෝදිසි මෙහෙයුම්හි නිරතව සිටියහ.

    තවත් තැනක වෙඩි පිපිරීමෙන් සුණුවිසුණුව ගිය ගස කොළ මෙන්ම ගොඩනැඟිලි හා කොටි ත්‍රස්‌තයන් විසින් කැති ගා කපා කොටා මරා පන්නා දැමූ මිනිසුන් සිටි ගම්මානවල මතක සටහන්ය. ඉන් එහා දකින්නට කිසිත් නොවීය. එහෙත් එදා එසේ වුවද අද මෙහි මහා වෙනසක්‌ සිදුව ඇත.

    දෙනෙතට දැනෙන ඒ වෙනස සමග මම අපේ ගමන් සගයා විමසුවෙමි. “මල්ලි යුද්දේ කාලෙට වඩා ගොඩක්‌ දේවල් වෙනස්‌ වෙලා නේද? පාරවල් හැදිලා.. මිනිස්‌සුන්ගේ බිය සැක නැති වෙලා.. මෙහෙම වෙච්ච එක කොයිතරම් දෙයක්‌ද? මට මතකයි මීට අවුරුදු පහකට විතර ඉස්‌සර මම මේ පාරේ ගියේ හමුදාවේ යුනිකොන් එකක නැඟලා.. ඒත් අද මොනතරම් වෙනසක්‌ද වෙලා තියෙන්නේ..”

    “හ්ම්..ම්…

    මගේ විමසීමට ඔහුගෙන් බකමූණු පිළිතුරක්‌ ලැබෙමින් තිබේ. “ඇයි මල්ලි එහෙම වෙලා නැද්ද? එදා යුනිකොන් එකක මේ පාරේ ගිය මම අද කාර් එකක මේ ගමන යන්නේ ඒ නිසානේ. ඇයි ඔයා ඔහොම උත්තර දෙන්නේ..? ලැබුණු පිළිතුර සමග ඇති වූ කුතුහලය නිසාම මම ඔහුට යළි ප්‍රශ්නයක්‌ ඉදිරිපත් කළෙමි.

    “ඔව් අයියේ.. ඔයා කියන දේ හරි. ඒත් ඔයා දකින දේට වඩා දෙයක්‌ අද නැගෙනහිර පළාතේ සිද්ධ වෙලා තියෙනවා. ඇත්තටම සිද්ධ වෙලා කිව්වොත් වැරදියි. තවමත් සිද්ධ වෙමින් තිබෙනවා. හැම දෙයක්‌ම තවත් මේ විදිහට වුණොත් තව අවුරුද්දකින් නැත්තන් මාස හයකින් විතර ඔයාට මේ පාරේ ආයෙත් යන්න වෙන්නේ යුනිකොන් එකකම තමා.. මම කටින් කිව්වට වැඩක්‌ නැහැ. යමු ඔයාගේ ඇස්‌ දෙකටම ඒ ඇත්ත පෙන්වන්නම්..”

    ඔහු මට දුන් ඒ පිළිතුරත් සමග මම නිරුත්තර වූයෙමි. කුමක්‌ සිදු වෙමින් තිබේද? කුමන හේතුවක්‌ නිසා ඔහු එසේ කියන්නේද? අනාගතයේ දිනක යළිත් යුනිකොන් රථයක නැඟී මේ බිමේ ගමන් කරන්නට සිදු වෙතැයි ලෙසින් හෙතෙම අනතුරු අඟවනුයේ නැවතත් කොටි ත්‍රස්‌තවාදයේ පිබිදීමක්‌ සිදු වෙමින් තිබෙන නිසාද? සිතට ප්‍රශ්න වැලක්‌ නැඟෙමින් තිබේ. එනිසාම මම යළිත් හේ විමසුවෙමි.

    “ඒ කියන්නේ මල්ලි ආයෙමත් එල්ටීටීඊ එක ක්‍රියාත්මක වෙනවද..?

    මගේ ඒ ප්‍රශ්නයට උපහාසය මුසු සිනහවක්‌ නැඟූ ඔහු මුව විවර කරන්නට විය.

    “එල්ටීටීඊ එක නැගිටියිද නැද්ද කියන්න දන්නේ නැහැ අයියේ.. නමුත් අද මුස්‌ලිම්වරුන්ගේ මූලධර්මවාදය නම් නැගෙනහිර පළාත පුරාම පැතිරිලා.. මේ රටේ හිටපු සාම්ප්‍රදායික මුස්‌ලිම්වරුන් කියන කොටස දැන් නැගෙනහිර නැහැ.. සියලුම මුස්‌ලිම්වරුන් මූලධර්මවාදීන් වෙලා.. හැම දෙයක්‌ම සිද්ධ වෙන්නේ ඉතාම සූක්‍ෂ්ම ආකාරයට..

    මුස්‌ලිම් දේශපාලනය නැගෙනහිරට විෂ ගෙනාවේ වසර ගණනාවකට ඉස්‌සර. හැබැයි ඒ වෙනකොට එල්ටීටීඊය බලවත් වෙලා හිටපු නිසා හැම දේම තිබුණේ යට ගිහින්. හැබැයි ඒ කුමන්ත්‍රණකරුවන් ඔය කාලේ තමන්ගේ ඉලක්‌කය වෙත යැමට අවශ්‍ය කරන අනිත් දේවල් රැස්‌ කරමින් සිටියා. පහුගිය කාලේ “හලාල්” වගේ කතා සමාජගත වුණේ ඒ නිසයි. කොටි ත්‍රස්‌තවාදය නැගෙනහිරින් පරාජය වුණ මොහොතේ පටන් ඔවුන් තමන්ගේ අරමුණු වෙනුවෙන් යන ගමන ආරම්භ කළා.

    එල්ටීටීඊයේ අවසානයත් සමග මුලින්ම සිදු වුණේ නැගෙනහිර පළාත පුරා මූලධර්මවාදයේ අභිමතය සහ බලහත්කාරය තුළින් ජනාවාස ඇති කරමින් මුස්‌ලිම් ව්‍යාප්තියක්‌ සිදු කර තමන්ගේම කියන කලාපයක්‌ ගොඩ නැඟීම.. අද ඒක සිදු කර හමාරයි.. පුල්මුඩේ කුච්චවේලි සිට පානම දක්‌වා වූ මුහුදු තීරය ආශ්‍රිතව තමන්ගේ කියා ගන්නා භූමියක්‌ ඔවුන් මේ වෙනකොට ස්‌ථාපිත කර තිබෙනවා.. එදා සිට අද දක්‌වාම මේ රටේ ක්‍රියාත්මක මුස්‌ලිම් දේශපාලනය ඒ සියලු කුමන්ත්‍රණ පසුපස සිටියා..

    මුහුදු තීරය ආශ්‍රිතව පමණක්‌ නෙවෙයි, ඇතැම් ප්‍රදේශවලදී ඔවුන් පැරිණි සීමා මායිම් පවා වෙනස්‌ කර රට අභ්‍යන්තරයට එමින් තමන්ගේය කියන කලාපය පුළුල් කරගෙන තිබෙනවා.. ඔය කලාපය තුළ සිටින මූලධර්මවාදය වැළඳ ගත් මුස්‌ලිම් ප්‍රජාවට අද ලෝකයේ සමහර මුස්‌ලිම් රටවලින් Rජු විදේශ ආධාර පවා ලැබෙනවා.. ඔවුන් ඒ බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරනවා.. ඒ ප්‍රකාශ තුළ තිබෙන්නේ අතිශයෝක්‌තියක්‌ නෙවෙයි. ඇස්‌පනාපිට පෙනෙන්නට තිබෙන සත්‍යයක්‌..

    එය ඔවුන්ගේ රාජ්‍යයක්‌ වෙලා. එහි මංමාවත් ගොඩනැඟෙන්නේ අරාබි රටවල අධාර තුළින්.. පාසල් පද්ධති සහ කර්මාන්ත ආදියත් එහෙමයි. මූලධර්මවාදය අදහන මුස්‌ලිම් රටවල අධාර මතින්a ඒ ප්‍රජාව වෙනුවෙන් සියලු පහසුකම් සහිත නිවාස ව්‍යාපෘති ගොඩනැඟී තිබෙනවා.. පාරිසරික සංරක්‍ෂණයකින් තොරව ඔවුන්ගේ භූමිය තුළ ඇති කැලෑ හෙළි කරමින් වගා බිම් බිහි වෙමින් තිබෙනවා. රටේ පොදු නීතිය අද එහි නැහැ. සියලු ගැටලු විසඳෙන්නේ පල්ලියේ අභිමතය පරිදි..

    මේ සියල්ලටම වඩා බරපතළ තත්ත්වය වෙන්නේ අද ඔවුන් ඔවුන්ගේ යෑයි කියා ගන්නා භූමිය තුළ සිටිමින් මුස්‌ලිම් මූලධර්මවාදය සමග සන්නද්ධ ව්‍යාපාරයක්‌ වෙත ගමන් කරමින් සිටීම. එල්ටීටීඊය නැගෙනහිරින් පරදින අවස්‌ථාවේ සඟවපු අවි ආයුධ දැන් තියෙන්නේ ඔවුන් සතුව. ඒ විතරක්‌ නෙවෙයි. එල්ටීටීඊය ක්‍රියාත්මක කාලයේ ඊට සම්බන්ධව සිටි මුස්‌ලිම් කාඩරයන් රැසක්‌ මේ කලාපය තුළ සිටිනවා. අද මූලධර්මවාදය තුළින් මතුවන සන්නද්ධ ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් ලෙස ඉදිරියෙන් සිටින්නේ ඔවුන්.

    පැහැදිලිවම කිව්වොත් නැගෙනහිර කියන්නේ මේ වන විට පුපුරා යැමට ආසන්න පරමාණු බෝම්බයක්‌. ඒ පිපිරීම කොයි මොහොතේ කොතැනකින් සිදු වෙයිද කියන එක වටහා ගැනීමට පවා නොහැකි අයුරින් සියල්ල සංවිධානය වෙමින් තිබෙන්නේ.. යමු. මම අයියට මේ හැමදෙයක්‌ම පෙන්වන්නම්..”

    මා කළ විමසීමට අනුව හේ මට අද නැගෙනහිර බිමේ ඇති යථාර්ථය පැහැදිලි කරන්නට වූයේ එසේය. මම කල්පනා කළෙමි. නැවතත් මේ රට හමුවට පැමිණ ඇත්තේ කොතරම් බරපතළ අන්දමේ අභියෝගයක්‌ද? සියල්ල දැනට නිද්‍රdශීලීය. ඒ අතරේ ජනාධිපතිවරණයක්‌ අභිමුවේ රට ඇත්තේය.

    ඉකුත් 2005 වසරේ ප්‍රකාශයට පත් ජනාධිපතිවරණයට අනුව මහින්ද රාජපක්‍ෂ මහතා තරගයට පිවිසෙද්දී එජාපයේ සාම ගිවිසුම හේතුවෙන් කොටි ත්‍රස්‌තවාදය තිබුණේද මෙවන් වූ මවාගත් නිද්‍රdශීලී බවක ගිලීය. ප්‍රභාකරන් නිදා සිටින බවක්‌ මවා පාමින් එරික්‌ සෝල්හයිම්ලාගේ පිහිටෙන් ලැබෙන්නට ගිය “මස්‌ රාත්තල” දෙස බලාගෙන නිදි වර්ජිතව සිටියේය. නැතහොත් හොරට නිදාගෙන සිටියේය.

    2005 ජනපතිවරණයෙන් මහින්ද බලයට එන්නේ එල්ටීටීඊයේ මෙකී හොර නින්දත් සමගිනි. මහින්ද එසේ බලයට පැමිණියේය. ඒ අතරේ කොටි ත්‍රස්‌තයන් මාවිල්ආරු සොරොව්වට අත තැබීය. ඒ සමගම ප්‍රභාකරන් සිටිනුයේ නිදි වර්ජිතව බව වටහා ගත් මහින්ද හොර නින්දක සිටි කොටි ත්‍රස්‌තවාදය සමාදානයේ සතපවනු ලැබුවේ මවුබිමට විමුක්‌තිය උදා කර දෙමිනි.

    එසේ නිදි නැති කොටි නිදි කරවූ මහින්ද දැන් යළිත් කරළියට පැමිණ ඇත. ඒ ප්‍රකාශිත ජනාධිපතිවරණය සමග තුන්වැනි වරටද ජනතාව අතරට යමිනි. මහින්ද එසේ යළි පැමිණෙන අතරේ රට හමුවේ අලුත් අභියෝගයක්‌ නිර්මාණය වී ඇත්තේ දීර්ඝ කාලීන කුමන්ත්‍රණයකට අනුව බව අද නැගෙනහිර දෙස බැලීමේදී පැහැදිලි වන්නකි. වර්තමානයේ කියෑවෙන අතීත කතා ඊට සාක්‍ෂි වශයෙන්ද ඇත. නමුත් සියල්ල එසේ වෙද්දී මේ මොහොතේ අපි කුමක්‌ කරමින් සිටිමුද?

    ඇතැම්හු මහින්දට තුනක්‌ බැහැ යෑයි කියමින් නෛතික තර්ක ඉදිරිපත් කරමින් සිටිති. තවත් සමහරු මහින්දගේ විධායක ධුරය පිළිබඳ කතා කරති. ඒ අතරේ “අල් ජිහාද් අල් කයිදා” ලෙසින් ඉස්‌ලාම් මූලධර්මවාදයේ අතීතය, වර්තමානය සහ අනාගතය පිළිබඳ පොත් පවා ලියා පළ කළ සිංහල බෞද්ධ පාඨලී චම්පිකලා අවධානම සහ අභියෝගය හඳුනාගෙනත් විවිධ දේ කියමින් තවත් නැටුමකට වෙස්‌ බඳිමින් සිටිති. හෙළ උරුමයේ කතාව එසේ වෙද්දී රටේ ජනතාව සියල්ල අමතකව සැඟවුණු අමුත්තා සොයන්නාක්‌ සේ පොදු අපේක්‍ෂකයා කවරෙක්‌දැයි විපරම් කරති.

    එසේ තිබියදී ආණ්‌ඩුවේම සිටි ඇතැමුන් නොලැබුණු යමකට කිපී මහින්දත් ආණ්‌ඩුවත් හැර දේශපාලන පෙරළියක්‌ කිරීමට සැරසෙමින් සිටී. දේශයේ අභියෝග සහ දේශප්‍රේමය ඇත්තේ ඉවතය. සියල්ලන් කරමින් සිටින්නේ බලය හෝ ධනය හමුවේ එකම ගොහොරුවකට බැස මැටි තැලීමය. බෙදීම්, වෙන්වීම් සහ ඉරිතැලීම් අපමණය. වැද්දා හෙවත් යක්‍ෂයා පෙනි පෙනීත් දැල ඔසවාගෙන පියාඹනු වෙනුවට වටු කුරුල්ලෝ තටු සිඳ ගනිමින් සිටිති. සිදු වෙමින් තිබෙන්නේ ඒ ටිකය.

    මෙහිදී දැන් ඇතැමෙකු නැගෙනහිරින් මතුවී තිබෙන මුස්‌ලිම් මූලධර්මවාදය පිළිබඳ වගකීම භාරගත යුත්තේ මහින්ද සහ රජය බවට තර්ක නඟනු ඇත. එල්ටීටීඊය වනසා දැමූ ආණ්‌ඩුව මීළඟ අවදානම නොදුටුවේ මන්දැයි ප්‍රශ්න කරන්නට ද බැරි නැත. එසේ තර්ක සහ ප්‍රශ්න නඟන්නවුන්ට සේම රාජපක්‍ෂ ආණ්‌ඩුව පිළිබඳ අපට ද විවේචන ඇත. එහෙත් කුමකින් කුමක්‌ වුවද මේ මොහොත වන විට නැගෙනහිරින් එබිකම් කරන යක්‍ෂයා සිටිනුයේ සටනට සැරසී ලේ රසට ඉව කරමින් බව නැගෙනහිර දෙස විමසීමෙන් බැලීමේදී පැහැදිලි වන්නේය.

    මෙහිදී මහින්දගේ නැවතාගමනය ඉදිරියට ගෙන අප මේ සටහන තබනුයේද හේතු සහිතවය. එල්ටීටීඊ ත්‍රස්‌තවාදයේ තිස්‌ වසරක ශාපය ඉදිරියේ මෙරට දේශපාලනඥයන් හැසිරුණු නපුංසක විලාසය කණපිට හැරවූයේ මහින්දය. පැහැදිලිවම කිවහොත් ප්‍රභාකරන්ගේ භීෂණය මේ බිමෙන් අතුගා දැමූ විජයග්‍රහණයේ සින්නක්‌කර උරුමය ඇත්තේ මහින්දටය. ඉතින් අප නැගෙනහිර යක්‍ෂයාගේ හැඩරුව දැසට පෙනෙද්දී සහ දෙසවනට ඇසෙද්දී මහින්ද ගැන කතා කරනු විනා අන් කුමක්‌ කරන්නද?

    කිලෝමීටර් දෙකක්‌ පමණ දුර එක එල්ලේ පැහැදිලිව පෙනෙන ඇස්‌ මානය දක්‌වාම විහිද ඇති වනාන්තරයක්‌ මැදින් වැටී ඇති ඒ මගේ ඇදෙන අප රථයේ වේගය පවනට බඳුව තිබේ. පසුපස අසුනේ සිටින බන්දු මල්ලීත්, කපිල සහ චන්ද්‍රසෝම මහතාත් බර කතාබහකට වැටී සිටිති.

    අප දැන් පසුකර යමින් සිටිනුයේ සිරිපුර ගම් සීමාවය. මඟ දෙපස තැනින් තැන කටුමැටි ගසා ඉදි කෙරුණු නිවාස රැසකි. සිරිපුර නවය කණුව ප්‍රදේශයේ අලි මංකඩක්‌ අවහිර වන සේ ඉදිකර තිබෙන එවැනි පැල්පත් නිවාස ගණනාවකට තම අයිතිය ඉල්ලා සටන් වදින වන අලින් හොඳ හැටි පහර දී තිබෙන අයුරුද පෙනෙන්නට තිබේ. ඒවායේ උන් මිනිසුනට කුමක්‌ සිදුව තිබේදැයි යන්න සිතීම පවා බිය ගෙන දෙන්නකි.

    ගතට දැඩි වෙහෙසක්‌ දැනෙමින් තිබේ. මම අපේ මඟ පෙන්වන්නාට එය ඇඟවූයෙමි. හේ ඉදිරියේ තිබූ කුඩා තේ කඩයක්‌ අසල රථය නැවතීය.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එදා කොටින්ගෙන් බැට කෑ අපි අද මූලධර්මවාදීන්ට ගොදුරු වෙලා

    නගරයේ කොන්ක්‍රීට්‌ වනාන්තරයෙන් ඈත්ව ඈත එපිට ගම්මානයකට ගිය කල්හි ලතාවකට ගලා යන ඇළ, දොළ, ගංගා සහ නිල්ල පිරුණු කෙත්වතු සමග වන ගහකොළවලින් සපිරි ඒ නිවුණු පරිසරය දෙනෙත්වලට පමණක්‌ නොව හදවතටද ගෙන දෙන්නේ මහා සැනසීමකි. එකී සැනසීම සමග සූරියපුර ගම්මානයේ තැනක වූ පොල්අතු සෙවිලි කළ පුංචි තේ කඩයට ගොඩ වූ අපි එහි ෂෝකේසයක තිබූ හැලපයක්‌ සපන අතරේ තේ කෝප්ප කිහිපයක්‌ ඇනවුම් කළෙමු.

    කඩයේ කොනක මැටියෙන් තැනුණු උස්‌ තැනක ගල් තුනක්‌ තබා බැඳ තිබූ දර ලිපෙහි රස්‌නයෙන් ගොජ දමමින් නටන හැලියේ තිබූ උණු වතුරෙන් කඩයේ හිමිකාරිය යෑයි සිතිය හැකි මැදි වියේ කාන්තාව අපේ ඇනවුම සකස්‌ කරමින් සිටී. මම ඇය දෙස බලා සිටියෙමි. නගරයේදී අප දකින කෝප්ප දෙකක්‌ අතරේ දිගට ඇදෙන “යාර” තේ මෙහි නැත. අපේ ඉල්ලුම අනුව අඬු කෝප්ප පහක්‌ බන්දේසියක තැබූ ඇය ඒ එකින් එකට කහට ස්‌වල්පයක්‌ බැගින් එක්‌කරමින් කිසිදු කලබලයක්‌ නොමැතිව අපේ ඇනවුම සකස්‌ කරමින් සිටින්නීය.

    ගැමි සමාජයේ ඇති සරල බවට මෙය කදිම උදාහරණයක්‌ නොවේදැයි මට සිතිණි. ඇය අපට තේ ගෙන ආවාය. ගත වෙහෙස නිවමින් උගුරෙන් පහළට ගිය තේ කහට රස සමග මම ඇය විමසන්නට වීමි. “කොහොමද අක්‌කේ ජීවිතේ.. පහුගිය කාලේ ඔයාලත් කොටි කරදරවලට අහුවුණාද?

    මගේ පැනයට පිළිතුරු දීම වෙනුවට ඇය මොහොතක්‌ කල්පනා කරන්නට වූවාය. “ඇයි මොකක්‌ හරි ප්‍රශ්නයක්‌ද? මම නැවතත් ඇය විමසීමි.

    “ඔව්. මේවා කියන්න ගිහින් ප්‍රශ්නයක්‌ වෙයිද දන්නේ නැහැ..” ඇගේ සිත යදමකින් බැඳ ඇති සේය. නමුත් අවසානයේ ඇය මුව විවර කළාය. ඒ ඇගේ අනන්‍යතාව පිළිබඳ කිසිවක්‌ හෙළි නොකරන බවට මා ලබා දුන් පොරොන්දුවකින් අනතුරුවය.

    1985 දී අපිට කොටි ගැහුවා. මගේ මහත්තයවත් අරගෙන ගිහින් මරා දැමුවා. එතකොට මම හිටියේ පළමුවැනි දරුවා ලැබෙන්නෙ කන්තලේට ගිහින්. ඒ 1985-07-17 වැනිදා.. එදායින් පස්‌සේ ගමේ හැමෝම ගම දාලා ගියා.. අපි ආයෙත් ගමට ආවේ කාලෙකට පස්‌සේ.. කොටි ගහන කාලේ මේ ගමේ මිනිස්‌සු මහවැලි ඉඩම්වල කුඹුරු කළා.. ඒත් ආයේ ගමට එනකොට ඒ කුඹුරු නැහැ.. ඒවා ලොකු සල්ලිකාර කොම්පැනියක කුකුල් µdම් වෙලා.. මේ අසාධාරණය කියන්න කෙනෙක්‌ අද අපිට නැහැ..

    අපේ කුඹුරු වෙනුවට වෙනත් තැන්වලින් කුඹුරු ඉඩම් ලැබුණා.. ලැබුණට ඒ ඉඩම්වල කුඹුරු කරනවා තියා මඤ්ෙÆක්‌කා හිටවන්නවත් බැහැ.. වතුර නැහැ.. වැස්‌සොත් විතරයි වගාවක්‌ කරන්න පුළුවන්.. ඉතින් එක යායට කුඹුරු අස්‌වද්දපු මේ ගමේ මිනිස්‌සු අද ජීවත් වෙන්නේ කුලී වැඩ කරලා.. ගොවියෝ කුලී කාරයෝ වෙලා..”

    ඇය තවත් බොහෝ දේ කීවාය. නමුත් ඒ හැම වදනකම වූයේ දුකම පමණි. එදා ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයෙන් පහර කා ජීවිත පවා අහිමි කරගත් ඔවුහු දැනුදු බැට කමින් සිටින්නාහ. ඇය කී කතාවේ සරල අරුත ඇත්තේ එතැනය. මේ මිනිස්‌සුන්ට එසේ සිදු වූයේ කෙසේදැයි යන්න සිතීම පවා ගැටලුවකි. ඒ ගැටලුව සමගම ඇයට සමුදුන් අපි යළි අපේ ගමන ඇරඹීමු.

    එසේ යළි පිටත් වූ ගමන අතරතුර අපේ මඟ පෙන්වන්නා සූරියපුර ගම කෙළවර වූ එක්‌ නිවසක්‌ අද්දර රථය නැවතීය. අපි ඒ නිවසටද ගොඩ වූයෙමු. එහි ගෘහනිය හෙවත් දරුවන්ගේ අම්මා විශ්මයෙන් යුතුව අපව පිළිගන්නට මෙන් ඉදිරියට පැමිණ සිටී. අප කවුරුන්දැයි කීමෙන් පසු මම ඇයගෙන්ද ඔවුන්ගේ කතාව විමසුවෙමි.

    “කොහොමද? මේ පැත්තේ විස්‌තර. ජීවිතේ දුෂ්කරද..? “කියලා වැඩක්‌ නැහැ මහත්තයෝ. ඉස්‌සර මේ ගමේ ගොඩක්‌ ජනතාව හිටියා. ඒත් දැන් ඉන්නේ පවුල් හැත්තෑවක්‌ විතර. යුද්දෙන් පස්‌සේ පවුල් 300 කට ඉඩම් දුන්නා. වැඩි පිරිසක්‌ ආවේ නැහැ. අපි මේ පදිංචි වෙලා ඉන්න අක්‌කර භාගයයි. සූරියපුර පොලිසිය ආසන්නයෙන් කුඹුරු අක්‌කර එකහමාරකුයි පදිංචි වෙන අයට ලැබුණා.

    එත් ඒ කුඹුරු කරන්න පුළුවන් වහින කාලෙට විතරයි. ඒක කරන්නත් මෙතන ඉඳන් කිලෝමීටර් දෙකක්‌ විතර පයින් යන්න ඕනේ. මේ ගමට වතුර නැහැ. මහවැලියෙන් සුමානයකට දෙසැරයක්‌ වතුර බවසරයක්‌ එනවා. ඒ ඇවිත් බෙදන වතුර ඉවර වුණාම ගමේ අය බොන්න වතුර ටිකක්‌ ගන්නේ කන්තලේ ප්‍රාදේශීය සභාවෙන් එන වතුර බවුසරයෙන් එක කෑන් එකකට රුපියල් විස්‌සක්‌ ගෙවලා.

    ගමට බස්‌ රථයක්‌ දාලා තිබුණා. ඒක අද යන්නේ කන්තලේ නගරයට විතරයි. උදේට පාසල් යන්න ඒ බස්‌ එකේ යන අපේ දරුවෝ කන්තලේ මධ්‍ය මහ විද්‍යාලයට යන්න තවත් කිලෝමීටර් දෙකක්‌ විතර පයින් යන්න ඕනේ. අපේ දරුවෝ විඳින ඒ දුක අපි හැමෝටම කිව්වා. ඒත් පිහිටක්‌ වුණ කෙනෙක්‌ නැහැ..

    පදිංචි කරපු සමහරුන්ට ඉඩම් ලැබුණේ අලිමංකඩ ළඟින්. අලි ගහලා ඒ මිනිස්‌සු එලවලා දැම්මා. ඉඩම් දීලා ගෙවල් හදා ගන්න කියලා එක මාසයක්‌ කැලෙන් ලීයක්‌ කපා ගන්න අපිට අවසර දුන්නා. ඒත් අද දර කෑල්ලක්‌ කපා ගන්නවත් කැලේට යැම තහනම්. අහුවුණොත් වන ජීවියෙන් අල්ලගෙන යනවා. ගමේ හැමෝම වගේ ජීවත් වෙන්නේ කුලී වැඩ කරලා හොයා ගන්න සොච්චමකින්..”

    ඇය අද ඔවුන් ජීවිතය ගෙන යැමට විඳින ගැහැට එසේ වචන කරන්නට වූවාය. කිසිදු විවාදයක්‌ නැත. ඔවුන්ගේ ජීවිත තවමත් දුෂ්කරය. අපි ඇයටද සමුදී යළි ගමන් ඇරඹුවෙමු. සූරියපුර යනු 1986 දී එල්ලටීටීයේ දැඩි ප්‍රහාරයකට ලක්‌ වූ ගම්මානයකි. අවස්‌ථා කිහිපයකදීම මේ මිනිසුන් ඉලක්‌ක කර කොටි ත්‍රස්‌තයන් ගම් වැදී එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයන් නිසාම එකී වකවානුවේ එහි සිටි ජනතාව ජීවිත රැක ගැනීම සඳහා ගම හැරදා ගියේය.

    අද එහි පැමිණ සිටින්නේ එසේ පලා ගිය මිනිසුන්ගෙන් කොටසකි. එහෙත් යළි පැමිණි ඔවුන්ගේ ජීවිතය අපායක්‌ බවට පත්ව තිබෙනුයේ ශෝචනීය අයුරිනි. එල්ටීටීයෙන් ගුටි කා පලා ගිය ඔවුහු තවමත් බැට කමින් සිටිති. මේ මිනිසුන් අද සූරියපුරට යළි පැමිණ සිටිනුයේ නැවත පදිංචි කිරීමේ ලේබලය යටතේය.

    “ඇයි මල්ලි.. නැවත පදිංචි කිරීම් යටතේ ගමට ඇවිත් ඉන්න මේ මිනිස්‌සුන්ට කිසිම පහසුකමක්‌ ලැබිලා නැත්තේ මොන හේතුවක්‌ නිසාද? මේ ඉම පිළිබඳ බොහෝ දේ දැන සිටින අපේ මඟ පෙන්වන්නාගෙන් මා ඒ පැනය විමසුවේ අද සූරියපුර මිනිසුන් විඳින දුක දැසින් දුටු නිසාමය.

    මේකයි අයියේ. අද වෙනකොට මුළු නැගෙනහිර පළාතෙම තියෙන බහුතරයක්‌ රාජ්‍ය ආයතනවල මුල් පුටු අයිති වෙලා තියෙන්නේ මුස්‌ලිම් ජාතිකයන්ට. සමහර තැන්වල විතරක්‌ දෙමළ ජාතිකයන් ඉන්නවා. මේ කතාව අපි කොතනක කිව්වත් හැමෝම කියන්නේ ජාතිවාදය කතා කරනවා කියලා. නමුත් ජාතිවාදය තියෙන්නේ ඔය මම කිව්ව නැගෙනහිර ඉන්න රජයේ නිලධාරින් ළඟ. ඔවුන් කැමැති නැහැ මේ පළාත්වල සිංහල ජනතාවට සහනයක්‌ ලැබෙනවට. ඔවුන්ට අවශ්‍ය තමන්ගේ ජාතියේ මිනිස්‌සුන්ගේ ජීවිත සැපවත් කරන්න විතරයි.

    ඒ නිසයි අද නැගෙනහිර පළාතේ සිටින සිංහල ජාතිකයන් දුක්‌ විඳින්නේ. ඔවුන්ට යමක්‌ ලැබෙන්න යනවා නම් රජයේ නිලධාරින් ඒක වළක්‌වනවා. මේ මිනිස්‌සු කැලේට ගිහින් දර කෑල්ලක්‌ කැපුවත් අල්ලන රජයේ නිලධාරින් මුස්‌ලිම් ජාතිකයෙක්‌ කැලේ කපල ගෙයක්‌ හැදුවත් ඇහැක්‌ ඇරලා බලන්නේ නැහැ. එතනදී වෙන්නේ කැලේ කපපු කෙනා හදන නිවසට ඉක්‌මනින්ම ඔප්පුවක්‌ දීලා. ඒක නීත්‍යනුකූල කිරීමට කටයුතු කරන එක.

    මේ විදිහට තමයි අද මුස්‌ලිම් මූලධර්මවාදී ව්‍යාප්තිය නැගෙනහිර බිමේ සිදු වෙන්නේ. එකපාරටම කැලේ කපලා අක්‌කර ගණනාවක්‌ එළි කරනවා.. ඊට පස්‌සේ ඔවුන්ගේම එන්ජීඕ එකක්‌ එළි කරපු කැලෑ ප්‍රදේශයේ වැසිකිළි හදනවා.. මිනිස්‌ වාසයක්‌ අහලකවත් නැතුව ඒ වැසිකිළි හදන්නේ.. ඊට පස්‌සේ ඔවුන් කියනවා එතන තිබුණේ කොටි ගහපු මුස්‌ලිම් ගම්මානයක්‌ කියලා.. ටික දවසකින් පැල්පත් අටවගෙන පිරිසක්‌ පදිංචි වෙනවා.. මිනිස්‌සු පදිංචි වුණහම ප්‍රදේශීය ලේකම් ඒ ඉඩම්වලට ඔප්පු දෙනවා.. ඔන්න ඕකයි සිද්ධ වෙන්නේ..

    මේ කතා බහ අතරේ අප සූරියපුර පොලිස්‌ මායිමද පසුකර ගියෙමු. තවත් කිලෝමීටර් කිහිපයක්‌ නුදුරේදී අපට හමු වන්නේ කොටි ත්‍රස්‌තයන් එදා වැඩිම බෝම්බ ප්‍රමාණයක්‌ පුපුරුවා දැමූ ගම්මානය වන සිත්තාරුය. මෙතෙක්‌ පහසුවෙන් ආ සෝමපුර හරහා සේරුනුවර දක්‌වා විහිදෙන අප යන මඟෙහි දැන් දැන් පුංචි කටුක බවක්‌ මතුව තිබේ.

    ඉදිරියෙන් කොටි ත්‍රස්‌තවාදීන් විසින් පුපුරුවා හරිනු ලැබූ නැවත ඉදිකෙරෙමින් තිබෙන පාලමකි. පාලමේ වැඩ නිම කෙරෙනතුරු මාර්ගයේ ඒ කෙටි දුර සකස්‌ කරන්නට නොහැකිව තිබීම අපට දැනෙන දුෂ්කර බවට හේතු වී ඇත. ඉදිවෙමින් තිබෙන පාලමට එපිටින් තනා තිබූ තාවකාලික හමුදා පාලමක්‌ තරණය කරමින් අපි ඒ ඉම පසුකර ගියෙමු.

    දැන් අප යමින් සිටින්නේ සිත්තාරු ගම්මානය මැදිනි. මට යළිත් ඒ අතීතය සිහියට නැගිනි. කොටි ත්‍රස්‌තවාදය පැවැති සමයේ මේ ප්‍රදේශයේ පැවතියේ කොතරම් බිහිසුණු වටපිටාවක්‌ද? අද සිත්තාරු පසුකර මේ මඟ ඔස්‌සේ නිදහසේ යන අපේ ගමන වෙනුවෙන් එදා වීරෝදාර රණවිරුවන් කී දෙනකු සතුරා සමග සටනට වැද සිත්තාරු බිමේදී ජීවිත පුදන්නට ඇතිද? ඔවුන් ඒ උතුම් ජීවිත පරිත්‍යාගය නොකරන්නට අදටත් අපට මේ ඉමේ ඇවිද යැම තහනම්ය..

    සිත්තාරු සීමාව නිමාවේ නැගෙනහිර බිමේ තවත් එක්‌ සිංහල ගම්මානයක්‌ ලෙස ප්‍රකට මීගස්‌ගොඩැල්ලට අපි සේන්දු වුණෙමු. මීගස්‌ගොඩැල්ලද එදා එල්ටීටීයේ ම්ලේච්ඡ ප්‍රහාර ගණනාවකට ගොදුරු වූ ගම්මානයකි. එනිසාම එකල ජනමාධ්‍යයෙහි මීගස්‌ගොඩැල්ල යන නම නිතර කියෑවුණු අයුරු මගේ මතකයට නැඟේ. එහෙත් අද එහි ප්‍රභාකරන්ගේ ම්ලේච්ඡත්වයේ කිසිදු සටහනක්‌ දකින්නට නොවේ. ත්‍රස්‌තවාදයෙන් බැට කෑ මේ මිනිසුන්ගේ ජීවිත අද ඔහේ දුෂ්කරව ගලා යන බවට අවට පරිසරයේ ඇති ගහකොළ අපට සාක්‍ෂි සපයමින් සිටී.

    අපි ඒ ගම්මානයද පසු කර ඉදිරියටම ගියෙමු. අපේ ගමන් සගයා වේගයෙන් රථය පදවමින් සිටී. තව දුරක්‌ ගිය තැන ඉදිරියෙන් අපට හමු වන්නේ කල්ලාර් ගම්මානය ය. කල්ලාර්ද අතීතයේ එල්ටීටීඊ ත්‍රස්‌තවාදයෙන් හොඳහැටි බැට කෑ මිනිසුන් වෙසෙන ගම්මානයකි.

    කල්ලාර් දක්‌වා වූ ඒ දුර ගෙවෙන අතරේ මම අපේ ගමන් සගයා විමසුවෙමි. “මල්ලි.. අලුත් දේශපාලන සන්ධානයක්‌ මතුවෙලා තියෙනවා.. පොදු අපේක්‍ෂකයකුත් සමාජගත වෙලා.. මොකද හිතෙන්නේ..”

    “මෙහෙමයි අයියේ.. අද නැගෙනහිර මුස්‌ලිම් මූලධර්මවාදය තියෙන්නේ පුපුරා යන්න ආසන්න තැනක.. ඒත් අපි කරන්නේ පාට කණ්‌ණාඩි දාගෙන බෙදිලා වෙන්වෙලා බලයට පොරකන එක.. මේ කාටවත් වැටහීමක්‌ නැහැ රට ඉදිරියේ තවත් අභියෝගයක්‌ මතුවෙලා තියෙනවා කියන එක ගැන..

    “ඔය සන්ධානයේ කතාවත් එක්‌ක අයියට මම තවත් හොඳ කතාවක්‌ කියන්නම්.. පහුගිය දවස්‌වල ආණ්‌ඩුවෙන් පිට වුණා එක කණ්‌ඩායමක්‌.. නැගෙනහිර අද සිදුවන සියලු දේවල් ඒ පිරිස හොඳටම දන්නවා.. මීට ටික කාලෙකට ඉස්‌සර ඔවුන් නැගෙනහිර සිද්ධ වෙන දේවල් ගැන විශාල හඬකුත් නැගුවා.. ඒත් අද ඔවුන් ආණ්‌ඩුවෙන් ඉවත් වෙලා යන්නේ වෙන පාරක.. මේ පිරිස ආණ්‌ඩුවෙන් ඉවත් වුණාට ඔවුන්ගේ එක්‌ ක්‍රියාකාරී පුද්ගලයෙක්‌ මේ මොහොතේත් ආණ්‌ඩුව ඇතුළෙ ඉන්නවා..

    ඒ ඉහළම අයට සමීප තැනක.. මේ පුද්ගලයා එල්ටීටීඊ කාලේ නැගෙනහිර තරුණයෝ පිරිසකුත් එකතු කරගෙන කොටින්ට එරෙහිව දැවැන්ත ව්‍යාපාරයක්‌ ගෙන ගියා.. ඒ ව්‍යාපාරය සමහර වෙලාවට සන්නද්ධ එකක්‌ බවටත් පත් වුණා.. මොහු තමයි කරුණා අම්මාන් ලන්ඩනයට ගිහින් ඉන්න කාලේදී නැගෙනහිර මහ ඇමැති අපේක්‍ෂකයා විදිහට ඡන්දේ ඉල්ලපු පිල්ලෙයාන්ගේ මුළු ඡන්ද ව්‍යාපාරයම මෙහෙයුවේ..

    අද ආණ්‌ඩුවෙන් ගිහින් ඉන්න පිරිස ඒ දවස්‌වල මොහුගේ නමින් පිල්ලෙයාන්ට වෑන් රථයක්‌ පවා දීලා තිබුණා. මේ වෑන් එක පස්‌සේ කාලෙක පිල්ලෙයාන්ට විරුද්ධ කිසියම් කණ්‌ඩායමක්‌ මඩකලපුවෙදී ගිනි තියලා විනාශ කළා. ඒ දවස්‌වල මේ චරිතය සම්බන්ධ කණ්‌ඩායමේ ප්‍රධානියා නැගෙනහිරට එනකොට පිල්ලෙයාන් ලොකු බී්‍රµa කේස්‌ එකක්‌ ළඟටම ගෙනත් දීලා යනවා. ඒකෙ තිබුණේ සල්ලි අයුධද කියන්න දන්නේ ඔවුන්ම පමණයි.

    මොහු ඉතාම සූක්‍ෂම චරිතයක්‌.. ඔහු සහ ත්‍රස්‌තවාදය සමයේ ඔහු සමග සිටි තරුණයන් පිරිස අද කොහේ ඉන්නවද කියන්න දන්නේ නැහැ. නමුත් මොවුන් සතුව අවි ආයුධ පවා තිබෙනවා. ඒක මම පැහැදිලිවම දන්න සත්‍යයක්‌. ඒ එකක්‌වත් නෙමෙයි මෙතන තියෙන ගැටලුව..

    අද තමන්ගේ ප්‍රධානින් ආණ්‌ඩුවෙන් ඉවත් වෙලා ඉන්දැද්දි මොහු මොකටද ආණ්‌ඩුව ඇතුළේ ඉන්නේ කියන එක.. බොහෝ දුරට තමන්ගේ කණ්‌ඩායමට ආණ්‌ඩුව අභ්‍යන්තරයේ තිබෙන තොරතුරු ලබා දීම එහෙම ඉන්න එකේ අරමුණ වෙන්න පුළුවන්.. මේක කවුරුත් නොදන්න කතාවක්‌..

    හැබැයි මේ හැම දේකින්ම වෙන්නේ අපි අපිටම ගහ ගන්න එක මිසක්‌ වෙන දෙයක්‌ නෙමෙයි.. එදා ඔවුන් සිංහල බෞද්ධ කියාගෙන ත්‍රස්‌තවාදයට විරුද්ධ වෙලා සංවිධානාත්මකව වැඩ කළා.. නමුත් අද මුස්‌ලිම් මූලධර්මවාදී සන්නද්ධ ව්‍යාපාරයක බිහිසුණු මතුවීමක්‌ රට තුළ තියෙද්දී පාවා දීම්ද සමග මොවුන් වෙන මාවතක යමින් සිටිනවා.. මේ හැම දේකින්ම වෙන්නේ රට වැනසෙන එක කියලා කාටවත් වැටහීමක්‌ නැහැ..”

    අපි ජීවිත පරිත්‍යාගයෙන් මේ බිම ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයෙන් මුදා ගත්තේ.. ඒ මතකය අපට තිබෙනවා නම් ජනතාවක්‌ විදිහට අප කළ යුත්තේ නැවත එවන් තත්ත්වයක්‌ ඇති නොවන තැනට කටයුතු කරන එක.. නව සන්ධානය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්‌ කියන එක බැලූ බැල්මට පෙනෙන දෙයක්‌.. එහෙම පෙනෙන්නට තිබෙද්දීත් එදා සිංහල බෞද්ධ කියූ මේ පිරිස අද ආණ්‌ඩුවෙන් එළියට ඇවිත් ඒ විජාතික කුමන්ත්‍රණයේම කොටස්‌ කාරයෝ වෙලා..

    මෙරට දේශපාලන හැසිරීම් රටාව පිළිබඳවද පැහැදිලි දැනීමක්‌ ඇති ඔහු ඉතා හැඟීම්බරව ඒ කතාව පෙළගැස්‌සවූයේ එසේය.. අපි දැන් කල්ලාර් ගමටද ළඟා වී සිටිමු.. එකම ආකෘතියක නිවාස රැසක්‌ එක පෙළට පෙනෙන්නට තිබේ. ඒ එක්‌ නිවසක ඉදිරිපස සිටින වයෝවෘද මාතාවක්‌ අප දෙස බලා සිනහවක්‌ පෑවාය. අපේ ගමන් සගයා ඒ නිවස ඉදිරිපිට රථය නතර කෙරුවේ ඇගේ ඒ සිනහවට කෘතගුණ දක්‌වන්නාක්‌ මෙනි.

    ඒ නැවතීමත් සමග ඇය වෙත ගිය මම “කොහොමද අම්මේ තොරතුරු” යෑයි පවසමින් ඇය සමග පිළිසඳරකට මුල පිරුවෙමි. ඇය නමින් ඩබ්. ජී. මුතුමැණිකේය. කල්ලාර් ගම පිළිබඳ බොහෝ දේ දන්නියකැයි දුටු පමණින් වැටහී යන ඇය මගේ විමසීමත් සමග සිය දැනුම වචන කරන්නට වූවාය.

    “පුතේ ඒ දවස්‌වල මේ ගමට කොටි නොගහපු දවසක්‌ තිබුණේ නැහැ.. උන් වෙන කොහෙට හරි ගහන මෝටාර් බෝම්බයක්‌ හරි ගමට පහත් වුණා.. මුලින්ම කොටි ගමට ගැහුවේ 1985 අවුරුද්දේ.. පස්‌සේ කොටින්ගේ පහරදීම් නිසාම මිනිස්‌සු ගම දාලා ගියා. පවුල් තුන්සියයක්‌ විතර හිටිය ගමෙන් අන්තිමට ඉතුරු වුණේ පවුල් 50 ක්‌ විතර.

    ඒ පිරිසත් අන්තිම යුද්දේ දවස්‌වල ගමෙන් පිටවෙලා කන්තලේට ගිහින් හිටියේ. මාවිල්ආරු සොරොව්ව හමුදාවෙන් බේරගත්තට පස්‌සේ තමයි ආයෙත් අපි ගමට ආවේ.. කොටින්ගෙන් ගුටි කාපු අපේ ජීවිත අදත් දුෂ්කරවම තමයි ගෙවෙන්නේ.. ඒ කරුමේ මොකක්‌ද කියන්න අපි දන්නේ නැහැ.. අද මේ ගමේ මිනිස්‌සු ජීවත් වෙන්නේ හේන් ගොවිතැන් කරලා..

    ඇගේ කතාවෙන්ද පැහැදිලි වෙන එක්‌ කරුණක්‌ ඇත. ඒ ත්‍රස්‌තවාදයෙන් බැට කෑ නැගෙනහිර වැසියන් තවමත් ජීවිත විඳවන බවය.. අප දුටු පරිදි ඔවුනට තවමත් නොලැබී ඇති දේ බොහෝය. ඒ නොලැබීමට ප්‍ර්‍රබලම සාධකය වී ඇත්තේ අද නැගෙනහිර පුරා පැතිරෙමින් තිබෙන මුස්‌ලිම් මූලධර්මවාදය සමග වන ජාතිවාදී නිලධාරි ක්‍රියාකාරිත්වය බව පැහැදිලි කරුණකි. නමුත් එවැන්නක්‌ යළිත් මේ බිමේ ඉස්‌මතුවීමට ඉඩ දිය යුතුද? නැත කිසිසේත්ම ඊට ඉඩ නොතැබිය යුතුය.

    එහෙත් මේ මොහොතේ අප සිදු කරමින් සිටින්නේ බෙදී වෙන්වී රටට එරෙහි සියලු කුමන්ත්‍රණවල ගොදුරු බවට පත්ව යක්‍ෂයාට විමාන තැනීම නොවේද?..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ අව් අස්‌සේ දිලෙන මූතුර් වල “ගිනි පුපුර්”

    k8.jpg

    නැගෙනහිර ඇවිලෙන මුස්‌ලිම් මූලධර්මවාදයේ ගින්න ලෙසින් වූ මෙම ලිපි පෙළේ මුල් කොටස්‌ දෙක මීට ඉහත සතිවල “දිවයින ඉරිදා සංග්‍රයේ” පළ විය.

    එහිදී අද දවසේ නැගෙනහිර සිංහල ජනතාවට අත්වෙමින් තිබෙන දුක්‌�ත ඉරණමත්, එසේ වෙද්දී අපේ දේශපාලන උතුමන් බලයට ලෝබීව රටට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන්ගේ ඉත්තන් වෙමින් කා කොටා ගන්නා අන්දම හා මුස්‌ලිම් රටවල අනුග්‍රහයෙන් මූලධර්මවාදයේ ව්‍යාප්තිය සිදුවන ආකාරයත් අපි හෙළි කළෙමු.

    මේ පළ වන්නේ එම ලිපි පෙළේ තුන්වන කොටසය.

    මුතුමැණිකේ මාතාව කියන්නට වූ ඒ කථාව අවසානයේ ඇයට සමු දුන් අපි යළි ගමන් ඇරඹුවෙමු. කන්තලේ – සේරුනුවර මාර්ගය ඔස්‌සේ ඇදෙන අපේ රථය කල්ලාර් ගම්මානයෙන්ද සමුගෙන යමින් තිබේ. දැන් අප සිටින්නේ එගම අවසන් මායිමේ වේ.

    “අයියේ මේ තියෙන්නේ කල්ලාර් මහවැලි ක්‍රීඩාංගණය. කොහොමද? නියමයි නේද? අප ගමන් සගයා මට ක්‍රීඩාංගණයක්‌ ගැන කියමින් සිටී. මම හතර අත බලමින් ක්‍රීඩාංගණය සොයන්නට වීමි. ගරා වැටුණු කම්බි වැටක්‌ සහ මානා පඳුරු ගොන්නකින් වැසී ගිය බිමක ලැග සිටින හරකුන් දෙතුන් දෙනකු හැරෙන්නට ක්‍රීඩා පිටියක සලකුණකුදු පෙනෙන්නට නැත.

    කෝ මල්ලි.. කොහෙද පිට්‌ටනිය..? මම යළිත් ඔහු විමසීමි. “ඔය තියෙන්නේ අයියේ.. හරක්‌ ලැගලා ඉන්නේ ග්‍රවුන්ඩ් එකේ තමා..” අපූරුය මේ හරකුන් ලැග සිටින්නේ මා සොයන ක්‍රීඩාංගණයේය. ත්‍රස්‌තවාදයෙන් බැට කා ජීවත් වන මිනිසුන් ගහණ කල්ලාර් ගමේ කොල්ලකුට බෝලයක්‌ ගහන්නට ඇති ක්‍රීඩා පිටියේ අයිතිය අද හිමිව ඇත්තේ හරකුන්ටය.

    ඒ ක්‍රීඩා පිටියට මඳක්‌ එපිටින් කල්ලාර් ගමට වතුර දෙන්නට ඉදිකළ ජලයෝජනා ක්‍රමයකි. ඉන් ගමට ලැබෙන වතුරක්‌ නැත. එය ගරා වැටුණු සොහොන් ගෙයක්‌ පරිදිය. මේ තිබෙන්නේ අපේ දේශපාලනඥයකු කුටිටියක්‌ කඩා ගන්නට කළ විඡ්ජාවක්‌ බව පැහැදිලිවම පෙනී යන්නකි.

    කල්ලාර් මහවැලි ක්‍රීඩාංගණය සහ ජලයෝජනා ක්‍රමය යනු නැගෙනහිර මායිමේ හතර කොන නොදැන ලැබෙන කුට්‌ටිය සමග දහදුරා දේශපාලනයක යෙදෙන්නවුන්ගේ මෙන්ම මුස්‌ලිම් අන්තවාදයේ ගිලී තිබෙන රාජ්‍ය නිලධාරි මාෆියාවේ ජාතිවාදයට ගොදුරු වූ මේ මිනිසුන්ගේ කතාව ලොවට කියන්නට ඇති කදිම සාක්‍ෂි වැනිය.

    ක්‍රීඩාංගණය හා ජලයෝජනාක්‍රමය පමණක්‌ම නොව අද නැගෙනහිර සිංහල වැසියන් ජීවත් වන පැල්පත් නිවාස, ගරා වැටුණු ආර්ථිකයත් සමග මතුවී ඇති දුප්පත්කම ආදී වශයෙන් බැලු බැලූ හැම අතම පෙනෙන්නට ඇත්තේ ඒ ජාතිවාදයේ සෙවනැලිය.

    අපේ සගයා රථය පදවමින් සිටී. වේගයෙන් ඇදෙන රථයේ පසුපස අසුනට වී සිටින බන්දු මල්ලීත්, චන්ද්‍රසෝම මහතා සහ කපිලත් බර දේශපාලන කතාබහකට වැටී සිටිති. ඔවුන්ගේ මාතෘකාව වී තිබෙන්නේ ජනපති මහින්ද හා චන්ද්‍රිකාගමනය සමග මතුවී ඇති මෛත්‍රී දේශපාලනය ය.

    කල්ලාර් පසුකර පැමිණි අප දැන් ළඟා වෙමින් සිටින්නේ රටට විජයග්‍රහණය හිමි වූ අවසන් මානුෂීය මෙහෙයුමේ හෙවත් මිනීමරු ප්‍රභාකරන් අත පුච්චා ගැනීමේ කතාව ආරම්භ වූ මාවිල්ආරු සීමාවටය. තවත් කිලෝමීටර් දෙකතුනක්‌ රථය පැදවූ අපේ ගමන් සගයා ඒ අතීත බිහිසුණු මතකය සිහිවන මාවිල්ආරු සොරොව්ව දෙසට විහිදෙන පටු මඟ සහිත මන්සන්ධියේ රථය නැවතීය.

    මම ඉන් බැස ගතිමි. එදා මේ මන්සන්ධිය පසු කර යමින් ප්‍රදේශයේ වූ කොටි බලය පරදා ත්‍රස්‌ත ග්‍රහණයේ තිබූ මාවිල්ආරු සොරොව්ව යළි විවර කරන්නට අපේ රණවිරුවන් කී දෙනෙක්‌ සතුරා ඉදිරියේ අභීතව සටන් වැද දිවි පිදුවේද? ඒ සිංහල, දෙමළ සහ මුස්‌ලිම් ලෙසින් වූ සියලු වැසියනගේ පවස නිවන්නටය.

    මාවිල්ආරු සටන ඇවිලුණු මොහොතේ සිදුවූ තවත් දෙයක්‌ද මගේ මතකයට නැගෙමින් තිබේ. කොටි ත්‍රස්‌තයන් මාවිල්ආරු සොරොව්ව වසා දැමූ අවස්‌ථාවේ දේශප්‍රේමයෙන් රත්වූ අපේ අතුරලියේ රතන හාමුදුරුවෝ එය යළි විවෘත කරන්නට මේ මන්සන්ධිය ඔස්‌සේ මාවිල්ආරු යන්නට ආහ. අද ආණ්‌ඩුවෙන් පිටතට පා තබා සිටින ජාතික හෙළ උරුමයේ ඇතැමුන්ද ඒ ගමනේදී රතන හිමියන් පසුපස විය.

    නමුත් රතන හිමියන් ඒ ගමන යන්නට පැමිණි මොහොතේ ත්‍රස්‌තයන් වනසා දැමීමේ සටන ඇරඹීමට සූදානමින් සිටි රණවිරුවන් “අනේ හිමියනේ ඔබ වහන්සේ ඔය ගමන නොගොස්‌ සටන අපට භාරදී යළි වඩින්න”යෑයි ආයාචනා කළේය. එහෙත් එය නෑසූ රතන හිමි ඇතුළු පිරිස මාවිල්ආරු යන්නට සැරසුණහ.

    එහිදී හමුදාව කළේ සැළසුම්සහගත යුද්ධය ඇරඹීමට පෙර රතන හිමි ඇතුළු පිරිසේ ආරක්‍ෂාව වෙනුවෙන් අකමැත්තෙන් වුව දෙසීයක පමණ කොමාණ්‌ඩෝ බලඇණියක්‌ මාවිල්ආරු දෙසට යෑවීමය. නමුත් අවසානයට සිදු වූයේ කුමක්‌ද? රතන හිමි ඇතුළු කණ්‌ඩායමට මාවිල්ආරු සොරොව්ව වෙත යැම තබා ඒ දෙස සිට හමා ආ සුළඟවත් ඇඟ වදින්නට අවස්‌ථාවක්‌ නොලැබිණි.

    එක්‌වරම එල්ටීටීඊ ත්‍රස්‌තයන් එල්ල කළ කාලතුවක්‌කු වර්ෂාවක්‌ මාවිල්ආරු සීමාවට පතිත විය. රතන හිමි නිසා පෙරට ගිය කොමාණ්‌ඩෝ සෙබළුන් සියයක පමණ පිරිසක්‌ මාවිල්ආරු බිමේදී සතුරාට ගොදුරු වී මරු වැළඳ ගත්හ.

    මම මාවිල්ආරු සොරොව්ව දෙසට විහිදී ඇති ඒ පටු මාවත දෙස මොහොතක්‌ බලා සිටියෙමි. එදා කොටි ත්‍රස්‌තයන්ගේ කාලතුවක්‌කු උණ්‌ඩ ඇද වැටුණු ඒ මඟ මේ මොහොතේ නැගෙනහිර බිම පුරා අලුයට පැතිරී තිබෙන මුස්‌ලිම් මූලධර්මවාදී ගින්නෙන් නැඟෙන දුමාරයෙන් වැසී ගොස්‌ ඇති සේය.

    එහෙත් දේශප්‍රේමයෙන් ඔදවැඩී කොටි ත්‍රස්‌තවාදය හමුවේ වීරයකු වන්නට දඩබ්බර ලෙස මාවිල්ආරු ගිය රතන හිමි අද සිටින්නේ නැගෙනහිර යථාර්ථය දැක, දැනත් කොටි ත්‍රස්‌තවාදය නැසූ මහින්ද ද හැර දමා හෙළ උරුමයේ කණ්‌ඩායමක්‌ සමඟ වෙනතක ගොසිනි.

    එල්ටීටීඊය ඉදිරියේ වීරයන් වන්නට ගිය රතන හිමි, චම්පික ඇතුළු සිංහල බෞද්ධ හෙළ උරුමයේ ඇතැමුන් මේ යන ගමන කුමක්‌දැයි සිතාගත නොහැකිව තිබෙන්නකි. “යන්නේ කොහෙද මල්ලේ පොල්” යනුවෙන් වූ කතාවක්‌ අපේ ජනවහරේ එයි. අපට සිතෙන්නේ ඒ කතාව දැන් “යන්නේ කොහෙද මල්ලේ ඩොලර්” ලෙසින් වෙනස්‌ කළහොත් හොඳ යෑයි යන්න පමණි.

    “කිරිල්ලවල ටවුර්ස්‌” යෑයි සඳහන් කුඩා බස්‌ රථයක්‌ විනෝද ගමනක යන පිරිසක්‌ ද රැගෙන මාවිල්ආරු මන්සන්ධියේ කටෝර පොළවේ වූ දූවිලි අවුස්‌සා අප පසුකර පිම්මේ ඉගිල යයි. එහි සිටින්නෝ කා, බී ගී ගයමින් ප්‍රීති වෙති.

    බස්‌ රථය සේරු නුවර දෙසට ගියේය. මඳක්‌ ඒ දෙස බලා සිටි අපි රට දැය වෙනුවෙන් මාවිල්ආරු බිමේදී දිවි දුන් අපේ විරුවනට හදවතින් පිං දී යළි ගමන ඇරඹීමු. ඉදිරියෙන් ඇත්තේ සේරුනුවර නගරය ය. අපේ මඟ පෙන්වන්නා රථයේ වේගය සුපුරුදු රිද්මයට ගනිමින් සිටී.

    ඒ රිද්මය සමඟ විනාඩි කිහිපයක්‌ තුළ තවත් කිලෝමීටරයක්‌ පමණ ගෙවා දමමින් සේරුවිල නගරයට සේන්දු වන්නට අපට හැකි විය. සේරුවිල නගරයේ යම් කලඑළියක්‌ තිබේ. එහෙත් එයද ඇඟට දැනෙන එකක්‌ නම් නොවේ. අපේ ගමන් සගයා සේරුවිල නගරය මැදින් එහි අන්තයට පැමිණ ඉදිරියේ වූ තුන්මන් හන්දියේදී රථය වමට හැරවීය.

    අපි දැන් ගෙවෙන දවසේ යන ගමනින් සැලකියයුතු කොටසක්‌ අවසන් කර සිටිමු. එහෙත් යායුතු මඟ තව බොහෝ දුරය. ඒ මඟ කඩිනමින් ගෙවන්නට රථයේ වේගය ඇඟට නොදැනී වැඩි කරන අපේ සගයා සේරුවිලින් කෙරුණු වමට හැරවුමත් සමඟ මට කතා කරන්නට විය.

    අයියේ. ඔයා දැන් කන්තලේ ඉඳන් සේරුවිලට එනකන් හැම දේම ඇස්‌ දෙකට දැක්‌කනේ. දැන් මම ඔයාව ගෙනියන්නේ වෙනම ලෝකයකට. මම ඔයාට කිව්වා හැම දෙයක්‌ම ඇස්‌ දෙකට පෙන්වන්නම් කියලා. මෙතැනින් එහාට බලන්න. හුඟක්‌ දේවල් ඔයාටම තේරෙයි.

    සේරුවිල නගරයෙන් වමට හැරවුණු අපේ රථය දැන් මුතූර් දෙසට ඇදෙමින් තිබේ. දෙවියනේ මෙය පුදුමයක්‌ද? මෙතෙක්‌ මා දුටුවේ නොදියුණු බවේ අන්තයටම ගිය කටෝර වූද කර්කශ වූද දුගී මිනිසුන් වෙසෙන ඉසව්වකි. එහෙත් දැන් අපායයි තව්තිසාවයි එකළඟ පිහිටියේදැයි වටහා ගත නොහැකි තත්ත්වයකට මම පත්ව සිටිමි.

    “සෝබාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුර මඟ පියකරු වූ.. සුසුදු වළා කැරළි පලසකි මේ මඟ දි ඇතිරූ.. අහස සූරන මැඳුරූ…” අපේ සොඳුරු කලා මිතුරා රොඩ්නි වර්ණකුල අද වේදිකාවකට ගොඩවූ කල ගයන ඒ පැරණි නාට්‍ය ගීතය මගේ සිහියට නැඟෙමින් තිබේ. කතා දෙකක්‌ නැත සේරුවිලින් හැරුණු කල අප ඇතුළු වූ සහ මගේ නෙත ගැටුණු ඒ පුරවරය විසිතුරුමය. මඟ පියකරුය. අහස සූරන මැඳුරුද ඇත.

    පෙරවරුව අවරට හැරෙමින් තිබෙන අප යන මේ දිනයේ අපේ ගමනේ අවසානය ලෙස තෝරාගෙන සිටිනුයේ අද නැගෙනහිර පැතීරී ඇති මුස්‌ලිම් මූලධර්මවාදයේ යථාර්ථය සියෑසින් දකිමින් මුතූර් නගර සීමාවේ රැයක්‌ ගත කිරීමය. අපේ ගමන් සගයා සැඟවුණු භීෂණයක්‌ තිබුණද බියසැක නොමැතිව ඒ රැය ගෙවන්නට අවැසි පරිසරය සහ නියම තැනක්‌ සකස්‌ කර අවසන්ය.

    “අයියේ.. මම ඔයාට කිව්වා මුස්‌ලිම් මූලධර්මවාදය සමඟ අද නැගෙනහිර පළාතේ සන්නද්ධ ව්‍යාපාරයක්‌ ගොඩනැගෙමින් තිබෙනවා කියලා. ඒකට තියෙන හොඳම උදාහරණය තමයි මුතූර්වලදී ඔයාට ඕනෙ නම් ආයුධයක්‌ සල්ලි දීලා ගන්න පුළුවන්කම තියෙන එක.

    ටී 56 ක්‌ රුපියල් තිස්‌පන්දාහයි.. මිලිමීටර් 9 පිස්‌තෝලයක්‌ රුපියල් 20,000 යි. මිලිමීටර් 3.8 පිස්‌තෝලයක්‌ රුපියල් 15,000 යි. එල්ටීටීඊය පාවිච්චි කරපු මයික්‍රෝ පිස්‌තෝලයක්‌ රුපියල් දහදාහකට ගන්න පුළුවන්..” අපට මඟ පෙන්වන මිතුරු තොමෝ ඒ ඇත්ත මට පහදමින් සිටිති.

    මොකද කියන්නේ මල්ලී.. මට ඩීල් එකක්‌ දාන්න පුළුවන්ද..? ඒ කතාව ඔහු කියන විට මම ඔහුගෙන් පෙරලා එසේ ඇසුවෙමි. “මම දැනගෙන හිටියා ඔයා මගෙන් ඒ ප්‍රශ්නය අහනවා කියලා අයියේ.. ඔව් පුළුවන්.. මම ඒකට කෙනෙක්‌ සෙට්‌ කරලා තියෙන්නේ.. අපි මුතූර්වලට ගිහින් ඒ වැඩේ කරමු.

    සෙරුවිලින් හැරී ඒ සුපිරි ලෝකයට පා තැබූ අපි අල්ලෙයි, කිලිවෙඩ්ඩි, තෝපූර්, කට්‌ටපරිච්චාන් සහ සාම්පූර් දක්‌වා විහිදී ඇති නෙක මාර්ග ඔස්‌සේ යමින් හොඳ වටයක්‌ කැරකී අඳුර හාත්පස වෙලා ගනිද්දී මුතූර් නගරයට ළඟා වුනෙමු.

    කියන්නට දෙයක්‌ නැත. අද දවසේ මෙරට ක්‍රියාත්මක කින්නියා විෂන්, මුස්‌ලිම් එයිඩ් ආදී ලෙසින් වූ මුස්‌ලිම් රාජ්‍ය නොවන සංවිධාන 22 ක්‌ මගින් අරාබි සල්ලි විසි කරමින් ගොඩනඟා ඇති ඒ ලෝකය අති සුන්දරය.

    ආරාබි පාසල්, පල්ලි, ජනතා ආයතන, සියලු යටිතල පහසුකම් සමග ගොඩ නැඟුණු ගම්මාන, කාපට්‌ හා කොන්ක්‍රීට්‌ යොදා සකස්‌ කළ මාවත්, කුමකට හැදුවේදැයි සිතා ගන්නට බැරි උස්‌ ගොඩනැඟිලි සමග මූලධර්මවාදී මුස්‌ලිම් ඇඳුමින් සැරසී එහි වෙසෙන මිනිසුන් දකින කල එක්‌වරම හැඟෙන්නේ සෞදි අරාබිය දැන් තිබෙන්නේ නැගෙනහිර ශ්‍රී ලංකාවේද යන්නය.

    ඉන්දීය මුස්‌ලිම් ලීගයේ ප්‍රධානියාව සිටි රහමන් අලි චෞද්රි මීට වසර අසූ දෙකකට පෙර 1932 දී අඩ සඳක්‌ සහ තරු දහයක්‌ සහිත ධජයක්‌ සමඟ අප කලාපය පුරා විහිදී ගිය රාජ්‍යයන් දහයකින් සමන්විත මුස්‌ලිම් ලෝකයක සිහිනයක්‌ දුටුවේය.

    චෞද්රි දුටු ඒ සිහිනයේ රාජ්‍යයන් අටක්‌ම දිනා ගන්නට අද මුස්‌ලිම් මූලධර්මවාදීහු සමත්ව සිටිති. ඔහුගේ සිහිනයට අනුව ඉතිරි රාජයයන් දෙක සලකුණු කෙරුණේ ශ්‍රී ලංකාව ඉලක්‌ක කර ගිනිමිනි. ඉන් එකක්‌ නම් කරනු ලැබුවේ නැගෙනහිර ශ්‍රී ලංකාවේ බිහි වන නසිරිස්‌ථානය ලෙසිනි.

    k9.jpg

    කතා දෙකක්‌ නැත. ඒ නසිරිස්‌ථානය දැන් ශ්‍රී ලංකාවේ නැගෙනහිර බිම පුරා බිහිවී අවසන්ය. මුතූර්වලට පැමිණි අප රාජ්‍ය ගොඩනැඟිල්ලක කොනක වූ අප සගයා සූදානම් කරන ලද ඒ නවාතැනට ආවෙමු. එය අප වෙනුවෙන් සොයාගෙන තිබුණේ මුතූර් ප්‍රදේශය ගැන හොඳින් දන්නා අප ගමන් සගයා හඳුනන මිතුරෙකි.

    “අයියේ.. මම ඔයාට කිව්වනේ සන්නද්ධ ව්‍යාපාරයකට අද මුස්‌ලිම් මූලධර්මවාදය ගමන් කරමින් ඉන්නවා කියලා.. ඔවුන්ගේ ඒ ගිනි අවි සංස්‌කෘතිය ගැන මේ මගේ යාලුවා හොඳට කරුණු දන්නවා..” නම මෙහි සටහන් කරන්නට නොහැකි කලක්‌ මෙරට ආරක්‍ෂක අංශයක සාමාජිකයකු වූ ඒ මිතුරාව අපේ මිතුරා මට හඳුන්වා දුන්නේය.

    මම ඔහු සමග කෙටි පිළිසඳරකට වැටුනෙමි. “මොකද මල්ලි වෙන්නේ මෙහේ..” මේකයි අයියේ.. අද මෙහේ ගොඩ ගැහිලා තියෙන ආයුධ හංගගෙන ඉන්නේ එදා එල්ටීටීඊ එකට සෙට්‌ වෙලා හිටපු මුස්‌ලිම් පොරවල්.. ඒක ලීඩ් කරන්නේ ෂා මොහොමඩ් කියලා එකෙක්‌.. කාලෙකට ඉස්‌සර වෙලා ඔය මොහොමඩ්ගේ ආයුධ වගයක්‌ සීඅයිඩී එකෙනුත් ඇල්ලුවා..

    ඒත් ඒ සිද්ධියට ඇතුළට ගියේ වෙන එකෙක්‌.. මොහොමඩ් තාමත් එළියේ ඉන්නවා.. මොහොමඩ් අද නැගෙනහිර ධීවර බෝට්‌ටුවලින් ආයුධ ගෙන්වන එකත් කරනවා.. ඒ විතරක්‌ නෙමේ කුඩු ලංකාවට ගෙන්නන ඒජන්ට්‌ කෙනෙක්‌ විදිහටත් මොහොමඩ් වැඩේ කරගෙන යනවා..

    හැබැයි ඒ කුඩු බිඳක්‌වත් නැගෙනහිර බෙදන්නේ නැහැ.. මෙහේ ඉන්න මුස්‌ලිම් කොල්ලන්ට කුඩු විකුණලා මොහොමඩ්ට යහතින් ඉන්න ලැබෙන්නෙත් නැහැ.. ඒ දේවල් පල්ලියෙන් තහනම් කරලා තියෙන්නේ.. මොහොමඩ් ගේන කුඩු යන්නේ රටේ වෙන පළාත්වලට.. අද මුතූර්වලින් රට ඇතුළට එන කුඩු තොග කොළඹට පවා යනවා..

    ආයුධ ජාවාරමත් ඒ වගේ දරුණුවට යන වැඩක්‌ අද දකුණේ සමහර පාතාල පොරවල් අයුධ ගන්නත් මුතූර්වලට එනවා.. ගන්නේ ෂා මොහොමඩ්ගෙන්.. මොහොමඩ්ට තියෙනවා කොළඹ මාලිගාවත්ත, පුත්තලම, බේරුවල වගේ මුස්‌ලිම් ප්‍රදේශවලට විහිදිලා ගිය සංවිධානාත්මක ජාලයක්‌.. එයත් එක්‌ක ආයුධ සහ කුඩු ජාවාරම මෙහෙයවන තව තුන් හතර දෙනෙක්‌ම නැගෙනහිර මුස්‌ලිම් ප්‍රදේශවල ස්‌ථානගත වෙලා ඉන්නවා.. සියලු දේ අද තියෙන්නේ මහා භයානක තැනක..”

    මේ කතා බහ අවසානයේ මම අපේ අලුත් මිතුරා සමඟ අපේ ගමන් සගයා හා එන අතරමඟ දී කතා කළ ඒ ඩීල් එක සඳහා යැමට සූදානම් වූයෙමි. අලුත් මිතුරාට මුතූර්හි මුස්‌ලිම් මිනිසුන් කතා කරන බස හොඳින් හැසිරවිය හැකිය. ඉතින් ගැටලුවක්‌ද නැත. මා ඔහු සමග ඒ ගමන යායුතුව ඇත්තේ ගිනි අවියක්‌ මිලදී ගැනීම සඳහා කොළඹින් පැමිණි පාතාලයකු ලෙසිනි.

    “අයියේ.. අපි ඉල්ලන්නේ මයික්‍රෝ පිස්‌ටල් එකක්‌. මොකද මුන් ළඟ ඒකට දාන බුලට්‌ හිඟයි. ඒ නිසා බඩු ළඟට ගෙන්නගෙන බුලට්‌ එක්‌ක දෙන්න කියලා අපිට මාරු වෙලා එන්න පුළුවන්..” අලුත් මිතුරා මට මූලික උපදෙස්‌ ලබා දෙමින් සිටී.

    දවස පුරා පැමි දිගු ගමන හමුවේ ඇඟට දැනෙන වෙහෙස හේතුවෙන් සෙසු පිරිස විවේකයක්‌ ගන්නට සැරසෙද්දී මමත් අලුත් මිතුරාත් නවාතැනින් පිටවී ඒ ගමන ගියෙමු.. ඔහු ජංගම දුරකථනය ගෙන දෙමළ බසින් කාටදොa ඇමතුමක්‌ දෙමින් සිටී.. ඒ අප ගනුදෙනුව සඳහා පැමිණෙන බව දැනුම් දීමටය. අපේ ගමනාන්තය වී තිබෙන්නේ මුතූර් වෙරළ තීරයය.

    දැන් වේලාව රාත්‍රී නවයද පසුවී විනාඩි කිහිපයක්‌ ගෙවී ගොසිනි. අඳුර රජයමින් තිබෙන මේ රැයේ මූතූර් නගරය ඔස්‌සේ පයින්ම වෙරළ තීරය දෙසට ඇවිද යන අප දෙදෙනා දෙස වීදිවල සිටින මුස්‌ලිම් මිනිසුන් අමුතු ඇහැකින් බලන අයුරුද මම දුටිමි. එහෙත් අලුත් මිතුරාගේ දැනුම සමඟ කිසිදු වෙනසක්‌ නොමැතිව මුතූර්වල ඉපදුන උන් සේ නගරය ඔස්‌සේ ගිය අපි වෙරළ තීරයට ළඟා වුනෙමු.

    මුහුද සිප එන සීත සුළඟ ඇඟට දැනෙමින් තිබෙන වෙහෙස මට අමතක කරමින් සිටී. හාත්පස විපරම් කරන අතරේ රහසේ මෙන් සිංහලෙන් කතා බහ කරමින් අපි මුතූර් වෙරළේ එක්‌ තැනක නතර වූයෙමු. තවත් අඩ හෝරාවක පමණ කාලයක්‌ ගෙවී ගියේය. ෂා මොහොමඩ්ගේ ගෝලයෙක්‌ සොපිං බෑගයක දැමූ මයික්‍රෝ පිස්‌තොලයක්‌ ඉන රුවාගෙන අප වෙත ළඟා වූයේ අපටද නොදැනෙන ලෙසිනි.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ISIS හොල්මන් නැගෙනහිරෙන් මතුවෙයි?

    f15-1.jpg

    ඒ රැය ගෙවී ගියේය. ගෙවුණු රැයේ සිරුරට ලබා දුන් සැපදායක නොවූ එහෙත් එතරම්ම ගැටලුවක්‌ නැති නින්දකින් පසු අවදි වූ අපි උදැසනම මුතූර් නගරයෙන් පිටව යැමට සැරසුනෙමු.

    අපේ ගමන් සගයා මෝටර් රථයේ තත්ත්වය පිරික්‌සමින් සිටී. මුස්‌ලිම් මූලධර්මවාදයේ හොල්මන් සහිත සැඟවුණු භීෂණයකින් යුතු මුතූර් නගරයේදී කිසිදු අතුරු ආන්තරාවකින් තොරව මදුරුවකුටවත් නොදැනී රැයක්‌ ගෙවන්නට පරිසරය සකසා දුන් අපේ අලුත් මිතුරාද හිමිදිරියේම අවදිව අපට සහාය වන අතරේ අලුත් දිනයේ අප යන මඟ පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක්‌ කරමින් සිටී.

    “අයියේ.. ඔයාලා වෙරුගල් යනවනේ.. ඒ පැත්තට යන්න.. යන ගමන් වෙරුගල් සීමාවේ තියෙන කාවන්තිස්‌සපුර මහින්දපුර ගම්මාන දිහා බලන්න. ඒ වගේම අද නැගෙනහිර ක්‍රියාත්මක මුස්‌ලිම් මූලධර්මවාදයේ පතුළටම කිමිඳී ඉන්න රාජ්‍ය නිලධාරී මෆියාව ඒ ගම්මාන මඟහැරලා ඊචලන්පත්තු මුස්‌ලිම් ගම්මානයේ සිට සංවර්ධනය ක්‍රියාත්මක කරලා තියෙන විදිහත් බලන්න..

    දෙහිවත්ත, වාන්ඇළ සහ පන්සල්ගොඩැල්ල වගේ කොටි ත්‍රස්‌තවාදයෙන් හෙම්බත් වෙනකන් ගුටි කාපු සිංහල මිනිස්‌සු ඉන්න ගම්වලටත් යන්න.. ඒ මිනිස්‌සු අද ත්‍රස්‌තවාදය නැතත් මුස්‌ලිම් මූලධර්මවාදය නිසා කිසිම හව්හරණක්‌ නැතුව කොන්කෙරුණු අසරණයන් පිරිසක්‌ වගේ ජීවත් වෙන විදිහත් රටට පෙන්නන්න..

    මම මේ කතා කරන්නේ ජාතිවාදයක්‌ නෙමේ අයියේ.. ඇස්‌ දෙකට පේන්න තියෙන ඇත්ත.. මේ රටේ සිංහල, මුස්‌ලිම් ජනතාව අතරේ කවදාවත් මේ වගේ බෙදීමක්‌ තිබුණේ නැහැ.. අපේ සාම්ප්‍රදායික මුස්‌ලිම්වරු, සිංහලයන් වගේම අනෙක්‌ සියලු ජාතීන් එක්‌ක සමගියෙන්, සහයෝගයෙන් ජීවත් වුණා.

    පොඩි කෙළීට අතට වීදුරු වළල්ලක්‌, මාලයක්‌ ගන්න, කොලුවට බෝලයක්‌, විසිල් එකක්‌ ගන්න මොහිදින් නානගේ තොරොම්බල් කරත්තය එනකම් බලාගෙන හිටිය අෙන්‍යාන්‍ය වශයෙන් බැඳුණු සරල සමාජයක්‌ මේ රටේ තිබුණේ.. ඒත් දැන් ඒක නැහැ.. රටේ හිටිය සාම්ප්‍රදායික මුස්‌ලිම්වරුන් යට කරගෙන අද මූලධර්මවාදය ඉස්‌මතු වෙලා.. ඇතැම් සාම්ප්‍රදායික මුස්‌ලිම්වරුනුත් ඒ මූලධර්මවාදයේ ගොදුරු වෙලා..

    මේ වෙනකොට ලෝක මුස්‌ලිම් කලාපයක්‌ බිහි කිරීම හෙවත් මුස්‌ලිම් අධිරාජ්‍යයක්‌ ගොඩනැගීමේ මෙහෙයුම අතට අරගෙන ඉන්නේ අයි.එස්‌.අයි.එස්‌. ත්‍රස්‌තවාදීන්.. ඔවුන් මොනතරම් බිහිසුණු ම්ලේච්ඡයන් පිරිසක්‌ද කියන එක පහුගිය දවස්‌වල වාර්තා වුණු සිදුවීම්වලින් තහවුරු වුණා. අයි.එස්‌.අයි.එස්‌. ත්‍රස්‌තවාදය බිහි වෙන්නේ සුන්නි මුස්‌ලිම්වරුන් අතරින්..

    අයියේ.. ඔයා දන්නවද? අද නැගෙනහිර ඉන්න මුස්‌ලිම්වරුන්ගෙනුත් අති බහුතරය සුන්නි මුස්‌ලිම්වරුන්.. අපි කවුරුත් නොදැන හිටියට මේ වෙනකොට නැගෙනහිර මුස්‌ලිම්වරුන් අතරේ සමහර අවස්‌ථාවල ෂරියා නීතිය පවා ක්‍රියාත්මක වෙනවා.. ඒ වගේම තමයි පහුගිය කාලේ ඇතැම් ජාත්‍යන්තර ඔත්තු සේවා ප්‍රකාශ කළා ශ්‍රී ලංකාව තුළ ජිහාඩ් අන්තවාදීන් ස්‌ථානගත වෙලා ඉන්නවා කියලා.. ඒක ඇත්ත වෙන්න ඇති..

    f15-2.jpg

    ඒත් අයියේ ඊටත් එහා තියෙන බරපතළම තත්ත්වය තමයි ඔය කියන ජිහාඩයට වඩා මුස්‌ලිම් මූලධර්මවාදී අධිරාජ්‍යයක සිහිනයක්‌ දකින අයි.එස්‌.අයි.එස්‌. ත්‍රස්‌තවාදය සුන්නි මුස්‌ලිම්වරුන් බහුතරයක්‌ සිටින නැගෙනහිර බිමෙන් ඉස්‌මතු වීමේ අවදානමක්‌ තිබීම.. ඒ ත්‍රස්‌තවාදයේ හොල්මන් අද නැගෙනහිර බිමේ තියෙනවා.. අපේ මිනිස්‌සුන්ට ඒක දැනෙන්නේ නැහැ අයියේ..

    හැමෝම ඉන්නේ දේශපාලන පාට කණ්‌ණාඩි දාගෙන අන්ධ වෙලා.. හැබැයි එහෙම දෙයක්‌ ඇති වුණු දවසට අවුරුදු තිහක්‌ බැට කාලා ප්‍රභාකරන්ගෙන් ගැලවුණා වගේ අපට ලෙහෙසියෙන් ගැලවෙන්න ලැබෙන්නේ නැහැ.. අවුරුදු තිහක්‌ නෙමේ අවුරුදු සීයක්‌ ගිහිල්ලවත් ආපස්‌සට හැරිලා අපේ වැරදි නිවැරදි කරගන්න පුළුවන් වෙයිද කියන එකයි ප්‍රශ්නේ.. අද නැගෙනහිර ලියෑවෙමින් තිබෙන්නේ ඒ තරම්ම දරුණු සාතන්ලාගේ කතාවක්‌ අයියේ..”

    වේලාව උදැසන හයද පසුවී තවත් අඩහෝරාවක්‌ පමණ ගෙවී ගොස්‌ තිබේ. මේ උදාවී ඇත්තේ අපේ අලුත් මිතුරාට සමුදී අප පිටත්ව යායුතු මොහොතය. තවත් පමා විය නොහැක. මුතූර් නගරයේ රජයේ කාර්යාලයක පුංචි කොනක්‌ රහසේ නවාතැන කර ගත් අප ඒ පිළිබඳ කිසිවකුටත් දැන ගැනීමට ඉඩක්‌ නොතබාම පිටව යා යුතුව ඇත. ඉතිං අපි ඒ කෙටි මතකය පමණක්‌ ඉතිරි කරගෙන යළි ගමන් ඇරඹුවෙමු.

    අපේ ගමන් සගයා සුපුරුදු ලෙසම රථයේ සුක්‌කානම අතට ගෙන සිටී. පෙරදා රැයේ සැක මුසු දැස්‌ අතරින් මා ඇවිද ගිය මුතූර් නගරය ඔස්‌සේ ඇදුණු රථය පැය භාගයක්‌ පමණ ගෙවී යද්දී ඉද්ද ගැසුවාක්‌ මෙන් සේරුනුවර දෙසට විහිදී ඇති ඒ මාර්ගයට ගැනීමට ඔහු සමත් විය.

    මූලධර්මවාදය සමග ක්‍රියාත්මක රාජ්‍ය නිලධාරි මෆියාවක්‌ හමුවේ කිලෝමීටර් තිහ හතළිහක පරතරයක්‌ තුළ දියුණුවේ සහ නොදියුණුකමේ වෙනස මැනවින් දකින්නට ඇති ඒ මඟේ ගමන් ඇරඹූ අප රථයේ වේගය දැන් ඇඟට පතට නොදැනීම පවනට බඳු වී තිබේ. හීනියට මරණය ගැන සිහිවන මේ රිය ධාවනය අපේ ගමන් සගයාගේ සංසාරගත පුරුද්දක්‌ වැනිය.

    බන්දු මල්ලීත්, චන්ද්‍රසෝම මහතා සහ කපිලත් දෑස්‌ වසාගෙන පසු පස අසුනේ නිහඬවම සිටිති. ඒ බියකට නොව ගෙවුණු රැයේ ඉඳ හිට කැඩුණු නින්දේ පහස මඳකට හෝ විඳ ගනු පිණිසය. මේ සුපිරි මාර්ගයේ වේගයෙන් ඉදිරියට ඇදෙන රථයේ සිටම මම යළිත් ඇස්‌ මානයේ ඇති හාත්පස වෙත බැල්මක්‌ හෙළුවෙමි.

    පෙරදා ගොම්මන් අඳුර සමග අප මුතූර් වෙත පැමිණෙද්දී දුටු දසුන් දැන් වඩාත් පැහැදිලිව පෙනෙන්නට තිබේ. තැනක උස්‌ වූ මහා ගොඩනැඟිලිය. තවත් තැනෙක කිසිදු අඩුපාඩුවක්‌ නොවන සේ එකම මොඩලයකට තැනූ ලස්‌සන නිවාසවලින් යුතු ගම්මානය. ඒ සමග ඉස්‌ලාමයේ අනන්‍ය ලක්‍ෂණ කිසිත් අඩු නොවන සේ ගමින් ගම ඉදිකෙරුණු පල්ලි ය. ඒ සෑම තැනකම ආරාබි අකුරින් යමක්‌ සටහන් කෙරුණු පුවරුද දක්‌නට ඇත. අඩුවකට ඇත්තේ ඉස්‌ලාමයේ ජන්ම කේන්ද්‍රය වූ මක්‌කම වැනි බිමක්‌ මෙහි දක්‌නට නොවීමය.

    පෙනෙන්නට ඇති සියල්ලෙන් ගම්‍ය වන්නේ අද මෙරට ක්‍රියාත්මක මුස්‌ලිම් රාජ්‍ය නොවන සංවිධානවල මැදිහත්වීම මත අරාබි සල්ලි තුළින් මේ සුරපුරය ඉදිකර තිබෙන බවකි. එහෙත් ගැටලුව වන්නේ නොදියුණුකම, දුප්පත්කම සහ අසරණ බව ශ්‍රී ලංකාවේ තැන් තැන්හි විසිර තිබියදී, දැනගැනීමට ඇති පරිදි නැගෙනහිර මුස්‌ලිම්වරුන් අරබයා පමණක්‌ මෙසේ සෘජු ආධාර සේ ආරාබි සල්ලි පොදි පොම්ප වීමය.

    ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුස්‌ලිම් ප්‍රජාව ඉලක්‌ක කර මේ මුදල් විසි කෙරෙන්නේ කුමන අරමුණකින් විය හැකිද? නැගෙනහිර යනු මෙරට ඇති වෙනම රාජ්‍යයකැයි අද මුස්‌ලිම් මූලධර්මවාදයේ අන්තයට ගොස්‌ ෂරියා නීතියේ සිරවී මිනිස්‌ බෙලි කපමින් ලෙයට ලෙය සොයන ඇතැම් අරාබි රටවල් සිතා සිටින්නේද?

    ප්‍රභාකරන්ගේ තිස්‌වසරක යුද්ධයේ මරණීය අත්දැකීම් බහුල ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස රට ඉදිරියේ මතුවෙමින් තිබෙන මේ නව අභියෝගය අප සිහි නුවණින් වටහාගත යුත්තකි. නමුත් අප කරමින් සිටින්නේ කුමක්‌ද? අවදානමට පෙර සූදානම වෙනුවට බලය සහ බලය වෙනුවෙන්ම බලය ලබා ගැනීම සඳහා කුලල් කා ගැනීමය.

    එහිදී ඇතැමුන් රට ඉදිරියේ ඇති විවිධ අභියෝගයන්හි කොටස්‌කරුවන් වී සිටින බවක්‌ද පෙනෙන්නට ඇත. සැබවින්ම ජාතික මට්‌ටමින් මතුවෙමින් තිබෙන ව්‍යසනයක්‌ හමුවේ අප ජාතියක්‌ වශයෙන් මේ ඇද වැටී සිටිනුයේ කෙතරම් පහත් තැනකටද? එය අප උපන් මේ පිං බිමේත්, ජාතියේත් අවාසනාවක්‌ම නොවන්නේද?

    රථයේ වේගය සමග නැගෙනහිර ඉදිවන අරාබි ලෝකයේ පෙනෙන්නට ඇති භෞතික සටහන් එකිනෙක පසුවී යද්දී නොදැනීම පැයක පමණ කාලයක්‌ ගෙවී ගියේය. හරියටම කිව හැකි මතකයක නොවූ එකී කාලය තුළ සේරුනුවර පසුකර කාවන්තිස්‌සපුර හා මහින්දපුර යන ගම්මාන සීමාවට අප ගෙන එන්නට අපේ මඟ පෙන්වන්නා සමත් වූවේය.

    මම ඒ ගම්මාන දෙස බැලුවෙමි. ගෙවුණු පැයක පමණ කාලය තුළ දැන් යළිත් ඒ වෙනස පැහැදිලිවම පෙනෙන්නට ඇත. නැගෙනහිර ගොඩනැගෙන අරාබි ලෝකය පෙනෙන මානයේ ඇති කාවන්තිස්‌සපුර සහ මහින්දපුර යනු සැබැවින්ම නොදියුණු බවේ කේඬෑරිකම සමග එහි වෙසෙන මිනිසුන්ගේ අසරණ බව මනාව මතුවී තිබෙන ඉසව්වකි.

    කතා දෙකක්‌ නැත. අද ඒ මිනිසුන්ට අත් වී තිබෙන දුක්‌�ත ඉරණම දැස්‌ අඳ අයකු වුව එහි ඇවිද ගියහොත් මහ පොළොවේ ඇති කර්කශ බව මගින් දෙපතුල්වලට දැනුම් දෙන්නේය. එය එතරම් කටුක වූවකි. එහෙත් එගම් ඇත්තේද කිලෝමීටර් තිහ හතළිහකට එපිටින් අරාබි සුරපුරයක්‌ ගොඩනැඟී තිබෙන මුතූර් – සේරුනුවර – වෙරුගල් මහ මඟ අද්දරමය.

    අද නැගෙනහිර පුරා ක්‍රියාත්මක මුස්‌ලිම් මූලධර්මවාදය සමග වන රාජ්‍ය නිලධාරි, ජාතිවාදී මෆියාවේ තරම දැන ගැනීමට කාවන්තිස්‌සපුර හා මහින්දපුර යන ගම්මාන දෙක දැකීමද ප්‍රමාණවත් වන්නකි. තවත් කියන්නට දෙයක්‌ නැත. ඒවා දැන් ඇටසැකිලිය. ඉතින් නාඩි වැටෙන්නේ ද නැත. හැබැයි මේ ගම්මානවල දැනුදු සිටින්නේ කොටි ත්‍රස්‌තවාදයට ජීවිත පූජා කළ අපේ මිනිසුන්මය.

    එහි අළුයට සැඟවී තිබෙන මුස්‌ලිම් මූලධර්මවාදයේ ගිනි යම් ලෙසකින් අනාගතයේ දිනක ඇවිලී ගියහොත් මේ බිමේ ඒකීයභාවය වෙනුවෙන් මුල්ම ජීවිත පූජාව කරන්නට සිදු වන්නේද මේ මිනිසුන්ටය. නමුත් අද ඒ සඳහා ඔවුන් තුළ ශක්‌තියක්‌ නම් ඉතිරිව නැත. නැගෙනහිර පුරා ක්‍රියාත්මක මුස්‌ලිම් මූලධර්මවාදය සමග වන රාජ්‍ය නිලධාරි මෆියාව ඉතා උපක්‍රමශීලීව ඒ මිනිසුන් උපන් බිමේදීම කල්ලතෝනින් පිරිසක්‌ බවට පත් කර අවසන්ය.

    අද දවසේ යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, සංවර්ධනය, විධායකය සහ බඩගින්න වැනි දේ ගෙන වට්‌ටියක තබාගෙන නන් දොඩවන අතරේ බල ලෝබය සමඟ රට වටේ යමින් ජාතිකත්වය සහ දේශප්‍රේමය හිරිවට්‌ටන මිනිසුනේ දැනගනිල්ලා මේ බිහිවෙමින් තිබෙන්නේ මීට වසර අසූවකට පෙර ඉන්දීය මුස්‌ලිම් ලීගයේ නායකයාව සිටි රහමන් අලි චෞද්රිගේ සැලසුමේ තිබූ පරිදි ශ්‍රී ලංකාවේ නැගෙනහිර බිම පුරා ගොඩනැඟෙන නසිරිස්‌ථානයම ය.

    මේ මොහොත වන විට ජනාධිපති මහින්ද සමග සිටි රිෂාඩ් බදියුදීන් ආදී ලෙසින් වූ මෙරට මුස්‌ලිම් දේශපාලනය මහින්දගෙන් ගැලවී පිටතට යන්නේද ඒ සිහිනය සමගය. වෙනම ම වූ පරිපාලනයක්‌ යන්න මෑත ඉතිහාසයේ සිට ශ්‍රී ලාංකීය මුස්‌ලිම් දේශපාලනයේ එක්‌ ප්‍රබල අරමුණක්‌ වූ බව රටට රහසක්‌ නොවන්නේය.

    අපි කාවන්තිස්‌සපුර සහ මහින්දපුර ගම්මානද පසුකර ඉදිරියට ගියෙමු. අරුමයකි. කිලෝමීටර් දෙකක්‌වත් අපට එසේ ගමන් කරන්නට ඉඩක්‌ නොලැබිණි. මහින්දපුර ගම්මානයේ අවසන් කෙළවරින් ඇරඹෙන ඊචලන්පත්තු මුස්‌ලිම් ගමේ සිට යළිත් අරාබි සුරපුරය ගොඩනැගී තිබුණේ විශ්මිත ලෙසිනි.

    f15-3.jpg
    වෙරුගල් අරු

    ඒ සියල්ල දැසින් දකිමින් අපි වෙරුගල් දක්‌වාම ඉදිරියට ගියෙමු. මහමඟ මායිමේ සිට මුහුදු සීමාව දෙසට විහිදී ඇති විශාල ගල්වැටිය නිසාම වෙරුගල්වලට ඒ නම ලැබුණේද යන්න මම නොදනිමි. මේ ගල්වැටිය දුටු විගසම යළිත් ඒ අතීතය මගේ සිහියට නැඟෙන්නට වූයේ බොහෝ මතකයන්ද සමගිනි.

    මාවිල්ආරුවෙන් ඇරඹුණු කොටි ත්‍රස්‌තවාදීන්ගෙන් නැගෙනහිර මුදා ගැනීමේ සටනේදී මේ වෙරුගල් භූමිය ජයගන්නට අපේ රණවිරුවෝ කළ කැපකිරීම් අසීමිත වූහ. වෙරුගල් මුදා ගැනීමේ ප්‍රහාරවලදී ගුවන් හමුදා සංග්‍රහයක්‌ නිසි ලෙස ත්‍රස්‌තවාදීන්ට ලබා දීමට මෙකී ගල්වැටිය බාධාවක්‌ වීම එයට හේතු විය.

    අපි වෙරුගල් ගඟ හරහා අලුතින් ඉදිවී ඇති පාලම මත රථය නවතා මොහොතකට ඒ බිමට පා තැබුවෙමු. අපේ ගමන් සගයා තවත් අපූරු කතාවක්‌ මට කියන්නට වූයේ ඒ මොහොතේය.

    “අයියේ.. දන්නවද වැඩක්‌. අද නැගෙනහිර ක්‍රියාත්මක මූලධර්මවාදී මුස්‌ලිම් රාජ්‍ය නිලධාරි මෆියාව සේරුනුවර වගේම ඒ අවට තියෙන මහින්දපුර, දෙහිවත්ත, නêලපොළ, කාවන්තිස්‌සපුර වගේ සිංහල ගම්මාන ගණනාවකට මේ වෙරුගල් ගඟෙන් පානීය ජලය දෙන්න ජල යෝජනා ක්‍රමයක්‌ සැලසුම් කරලා තියෙනවා. ඒක ජල යෝජනා ක්‍රමය ආරම්භ කරන්න සියල්ල සූදානම් වෙලා අවසන්.

    ඒත් මේ වෙරුගල් ගඟේ තියෙන්නේ කලපු ජලය මිශ්‍ර වෙච්ච ලුණු වතුර. මේකට වෙරුගල් ගඟ කිව්වට මාවිල්ආරු සොරොව්ව ඇරියොත් විතරයි මේකේ වතුර ගලාගෙන යන්නේ. අනිත් හැම වෙලේම තියෙන්නේ කලපු වතුර. ඒ ලුණු වතුර තමයි, මෙහේ ඉන්න නිලධාරින් සිංහල ජනතාවට පොවන්න හදන්නේ. හැබැයි ඒක ක්‍රියාත්මක වුණොත් මේ වතුර බීලා ඒ ගම්මානවල ඉන්න මිනිස්‌සු වකුගඩු ලෙඩ්ඩු වෙන එක කාටවත් වළක්‌වන්න බැහැ.

    සිංහල ගම්මානවලට එහෙම කළාට මේ නිලධාරින්ම එකතු වෙලා අද කිලෝමීටර් ගණනාවක්‌ දුර ඉඳන් මහවැලි ගඟෙන් වතුර අරගෙන මුතූර්වලට දෙන්න හදනවා. මුතූර් දක්‌වා මේ වෙනකොටත් දාල තියෙන ඒ ජලනළ මාර්ගය එන්නේ සිංහල ගම්මාන මැදින්. හැබැයි මහවැලි ගඟේ වතුර ඒ ගම්වලට ලැබෙන්නේ නැහැ.

    මුතූර්වලට වතුර දෙන ඒ ජලයෝජනා ක්‍රමය ආරම්භ කරලා දැන් මැෂින් පවා හයිකරලා ඉවරයි. ඒක තියෙන්නේ නීලපොළ මහවැලි බන්ට්‌ එක ළඟ. අපි එහෙට යමු. මම අයියට පෙන්වන්නම්. මේ සිද්ධි වෙන්න යන්නෙත් උපක්‍රමශීලීව නැගෙනහිර ඉන්න සිංහල ජනතාව විනාශ කිරීමේ වැඩපිළිවෙළක්‌. මෙන්න මේවයි අයියේ ජාතිවාදී වැඩ කියන්නේ. ඒත් අපි මේ ජරා වැඩ ගැන කොතනක හරි කතා කළොත් ජාතිවාදී ලේබල් ඇලවෙන්නේ අපේ ඇඟේ..”

    ඔහුගේ ඒ කතාව අසන අතරේම මම වෙරුගල් පාලමේ ඇන්දට බරවී ඒ ගඟ දෙස බැලුවෙමි. කියන්නට දෙයක්‌ නැත. ඒ ගඟේ තැනින් තැන යාන්තමින් දිය පිරී ඇත. එය මඩකරියන් ඇල්ලීමට නම් මරු තැනක්‌ බව කුඩා කල වෙල් ඉපනැලිවල දුව පැන හැදුණු මගේ සිහියට ආවේය. මේ සිදුවෙමින් තිබෙන්නේ කුමක්‌ද යන්න සිතා ගැනීමට පවා නොහැකිය.

    ඒ අවිනිශ්චිත බවද සමගින් වෙරුගල් පාලම අසලින් රථය හරවාගෙන අපි යළිත් සේරුනුවර දෙසට එන්නට ගමන් ඇරඹුවෙමු.