නැගෙනහිර ජනතා විමුක්‌ති හමුදාව

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
නැගෙනහිර ජනතා විමුක්‌ති හමුදාව

නැගෙනහිර ජනතා විමුක්‌ති හමුදාව
පසුපස සිටින්නේ කොටි යෑයි හෙළිවේ!

* පුදුකුඩිඉරිප්පු ජයග්‍රහණයේ ස්‌මාරකය
අභිමානවත් ලෙස විවෘත වේ

* අයර්ලන්තයේ ඩබ්ලින් ආගමික පාසලේ
එන්.ජී.ඕ. ක්‍රියාකාරිකයකුගෙන් හොර විනිශ්චය සභාවක්‌

* කොටින්ගෙන් තම ජීවිතයට තර්ජන
එල්ලවෙලා - හිටපු මාණ්‌ඩලික ප්‍රධානී

* නැගෙනහිර ජනතා විමුක්‌ති හමුදාවේ
කෝනෙස්‌ කවුරුන්ද?

* ස්‌වීඩනයේ පස්‌ට්‌ හෝටලයේ
කොටි සමග රහස්‌ සාකච්ඡාවක්‌

* පොක්‌ලන්ත යුද්ධය දිනූ ජෙනරාල් මුරේ,
ගල්ෆ් යුද්ධය ජයගත් ජෙනරාල් ශ්වැස්‌කෝප්,
වියට්‌කොං හමුදාව මෙහෙයවූ ජෙනරාල් වෝ
ගියප් දේශපාලනයට පිවිසියේද?

* ඇමරිකානු කොටි එAජන්ත රුද්‍රකුමාරන්ට
එරෙහිව කිසිදු පියවරක්‌ ගන්න බැහැ
- සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌

* නාවික හමුදාවට අධිවේගී යාත්‍රා හයක්‌

* ලෝකයේ විශාලතම ශාපය මානව හිමිකම්
වෙළෙ¹මයි - ඩේවිඩ් ටි්‍රම්බල් - 1998 නොබෙල් සම්මානලාභී
def2.jpg
def1.jpg

නාවික හමුදාව සිය 59 වැනි සමරුව සමරමින් ත්‍රිකුණාමලයේ වෙරළ ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදෙමින්




def3.jpg

ජනතා විමුක්‌ති හමුදාව ගැන කොටි වෙබ් අඩවියක පළවූ ඡායාරූපයයි මේ



def4.jpg


කොටි සමග රහස්‌ සාකච්ඡාව පැවැති ස්‌වීඩනයේ පස්‌ට්‌ හෝටලය







ත්‍රස්‌තවාදයේ ආධාරකරුවන් ගැන සුපරීක්‍ෂාකාරී විය යුතුයි. - බෙන්ජමින් නෙතන්යාහු - (ඊශ්‍රායල් අගමැති)
කොටි පරාජය කිරීම සඳහා නායකත්වය දුන් ජනාධිපතිවරයා සහ වන්නි මෙහෙයුමට දායක වූ හිටපු මාණ්‌ඩලික ප්‍රධානියා අතර ජනාධිපතිවරණය සඳහා තරගයක්‌ පවතිද්දී නැගෙනහිර ප්‍රදේශයෙන් තවත් සතුරකු හිස එසවීමට උත්සාහ කරන බව ආරක්‍ෂක නිලධාරීන්ට අනාවරණය විය. වන්නි යුද මෙහෙයුමේදී කොටි බේරාගැනීමට අප්‍රමාණ උත්සාහයක්‌ දැරූ බ්‍රිතාන්‍යයේ ටයිම්ස්‌ පුවත්පත ඇන්තනි ලොයිඩ් නමැත්තකු මෙරටට එවමින් පීපල්ස්‌ ලිබරේෂන් ආමි හෙවත් මක්‌කල් විදුතලායි රනුවට්‌ නමින් හඳුන්වා ගත් සංවිධානයට හා එහි ප්‍රධානියා යෑයි හඳුන්වා ගන්නා කෝනෙස්‌ නමැත්තාට ඔක්‌සිජන් දීමට ක්‍රියා කර ඇත.

මෙම ලොයිඩ් නමැත්තා නැගෙනහිර ප්‍රදේශයේ ආරක්‍ෂිත නිවසකදී කෝනේස්‌ හමුවී සාකච්ඡා කර තිබේ. එහෙත් කෝනස්‌ කවුද කියා නැගෙනහිර බුද්ධි අංශ දනී. තමා යටතේ සාමාජිකයන් 300 ක්‌ සිටින බවත් අවතැන්වූවන්ගේ කඳවුරුවලින් නිදහස්‌ වූ 5000 ක්‌ සිවිල් වැසියන් බඳවා ගැනීමට ක්‍රියා කරන බවත් මොහු සඳහන් කර ඇත. "යුද්ධය අවසන්වී නැත. කොටි සංවිධානය විනාශවීමත් සමග ද්‍රවිඩයන්ට විසඳුමක්‌ නැත. අපේ සංවිධානයට හිටපු කොටි එක්‌වී සිටී. අපි පලස්‌තීන විමුක්‌ති සංවිධානය සහ ඉන්දීය නැක්‌සලයිට්‌ කණ්‌ඩායම් සමග තවමත් සබඳකම් පවත්වනවා. අපේ ඉලක්‌කය ආර්ථික සහ පරිපාලන මර්මස්‌ථාන මෙන්ම ආරක්‍ෂක හමුදාවට එරෙහිව"යෑයි හිටිහැටියේ මතුවූ කෝනෙස්‌ නමැත්තා කියා සිටියේය.

කෝනෙස්‌ නමැත්තා සමග පැවැති සාකච්ඡාවෙන් පසු ඇන්තනි ලොයිඩ් ජනතා විමුක්‌ති හමුදා අලුතින් බඳවාගත් තිදෙනකු සමග නැගෙනහිර කැලෑව මැද පිහිටි ඔවුන්ගේ පුහුණු කඳවුරට ගොස්‌ ඇතැයි අනාවරණය විය.

යුද්ධයේ ජයග්‍රාහකයන් භේද භින්න වීමෙන් සිංහල බහුතරයේ ඡන්දය බෙදී යැමෙන් රටේ ද්‍රවිඩ සුළුතරයට ඡන්දය භාවිත කළ යුත්තේ කාටද යන්න අවස්‌ථාවක්‌ ලැබී ඇතැයි ද ලොයිඩ් නමැත්තා පවසා තිබේ.

එසේම ජනාධිපතිවරණ සමය තුළ සාහසික ක්‍රියා ඇති වන බවද ඔහු කියා සිටියි.

මෙහිදී නැඟෙන ප්‍රශ්නය නම් බ්‍රිතාන්‍ය ටයිම්ස්‌ පුවත්පතේ ලොයිඩ් නමැත්තා කැලෑව මැද පිහිටි ජනතා විමුක්‌ති හමුදාව නමැති සංවිධානයේ කඳවුරට රහසිගතව යන තෙක්‌ නැගෙනහිර ආරක්‍ෂක බලධාරීහු කුමක්‌ කළේද යන්නය.

නව ද්‍රවිඩ සංවිධානයක්‌ අලුත් යුද්ධයක්‌ ආරම්භ කිරීමට ශපථ කර ඇතැයි ඇන්තනි ලොයිඩ් විසින් තවදුරටත් පවසා ඇත.

කොටි නායකත්වය සමූල ඝාතනය වුවත් කොටි ආධාරකරුවෝ අවස්‌ථාව එනතුරු බලා සිටින බව අපි මෙයට පෙර ද අනතුරු ඇඟවූයෙමු. එA අවස්‌ථාව දැන් උදාවී ඇති බව කොටි වෙනුවෙන් හඬ නැඟූ බ්‍රිතාන්‍යයේ ටයිම්ස්‌ පුවත්පත කියා සිටියි.
 

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
මෙවන් අයහපත් වාතාවරණයක්‌ මැද ජනාධිපතිවරණ සමය තුළ ශ්‍රී ලංකාවට අවමන් කිරීමේ තවත් විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන මෙහෙයුමක්‌ ආරම්භ විය. අයිරිෂ් මෙහෙයුම නමින් හඳුන්වන මෙකී ක්‍රියාදාමය නම් ජනවාරි 14 සහ 15 යන දෙදින තුළ ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බවට සෙවීමේ විනිශ්චය සභාවක්‌ ඩබ්ලින් නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබීමයි. අයර්ලන්තයේ ඩබ්ලින් නුවර අයිරිෂ් ස්‌කූල් ඔෆ් එකියුමෙනික්‌ස්‌ නම් වූ ආගමික පාසලේ පර්යේෂණ සහකාරවරයකු ලෙස ක්‍රියා කරන බව පවසන ජූඩ් ලාල් ප්‍රනාන්දු නමැත්තා මේ මෙහෙයුමේ සංවිධායකවරයායි. එහෙත් මේ විනිශ්චය සභාවට කිසිම නීතිමය පදනමක්‌ නැත. ශ්‍රී ලංකාවේ ඇතිවූ මානව හිමිකම් උල්ලංඝනය ඇඟ ලොමුදැහැ ගන්වන ක්‍රියාවක්‌ යෑයි පවසන මේ එන්.ජී.ඕ. ක්‍රියාකාරියා අයි.ආර්.ඒ. ත්‍රස්‌තයන් බිහිසුණු ක්‍රියා සිදු කරද්දී කොහේ සිටියේද?.

ස්‌ටර්ලින් පවුම් මිලියන ගණනක්‌ වැය කරමින් පවත්වන මෙම හොර විනිශ්චය සභාව සඳහා නවදිල්ලියේ හිටපු විශ්‍රාමික විනිසුරු රාජින්දර් සචාර් සහ එක්‌සත් ජාතීන්ගේ හිටපු නියෝජ්‍ය මහ කොමසාරිස්‌ ඩෙනිස්‌ හැලිවේ ඇතුළු විද්වතුන් යෑයි කියාගන්නා එකොළොස්‌ දෙනෙක්‌ ගෙන්වා ඇත.

එසේම මෙම හොර විනිශ්චය සභාවේ සාක්‌කි දීම සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, යුරෝපා සංගමය සහ එක්‌සත් ජාතීන්ගේ සංවිධානය වැනි රටවල මානව හිමිකම් කණ්‌ඩායම්වලට හා අතරමැදියන්ට ඇරයුම් කර ඇති අතර එA සඳහා සියලු විය හියදම් ගෙවන බව පවසා තිබේ.

එසේ වුවත් ශ්‍රී ලංකා රජය මෙම විනිශ්චය සභාව මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කළේය. "නවදිල්ලියේ හිටපු විනිසුරු සමාර්ට වන්නි මෙහෙයුම ගැන විමර්ශනය කිරීමේ හැකියාවක්‌ නැහැ" යෑයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටියේය.

මේ අතර ආරක්‍ෂක ලේකම්වරයා විසින් විශාලතම පාවාදීම ලෙස හැඳින්වූ සටන් විරාම ගිවිසුමේ ආධාරකරුවකු වූ දැන් ස්‌වීඩනයේ ස්‌ටෝරා නගරයේ සැඟවී සිටින හිටපු ආරක්‍ෂක හමුදා නිලධාරියකු නෝර්වේ කොටි එAජන්ත නෙදියවන් හමුවී පැවැත්වූ රහස්‌ සාකච්ඡාවක්‌ ගැන මෙරට බුද්ධි අංශවලට වාර්තා විය. මේ රහස්‌ සාකච්ඡාවේ සුලමුල ඊට සහභාගි වූ ද්‍රවිඩ චරපුරුෂයකු විසින් අනාවරණය කර ඇත.

එහෙත් එA වන විට මේ තැනැත්තාගේ සියලු කටයුතු ද්‍රවිඩ චරපුරුෂයන් විසින් රජයේ වගකිවයුතු අංශ වෙත අනාවරණය කර තිබිණි. එසේම පෙඩ්රික්‌ නවුමාන් නමැති ජර්මානු සංවිධානය ද රජය පෙරළා දැමීමට උත්සාහ කරන බව වැඩිදුරටත් හෙළි විය.

මේ රාජ්‍ය නොවන සංවිධානවල රාජ්‍ය විරෝධී මෙහෙයුමට පෝරට්‌ නමැති නෝවීජියානු සංවිධානය ද සම්බන්ධ යෑයි රජයට වාර්තා වූයේ කොළඹ නගරයේ අලවා තිබූ පෝස්‌ටරයකිනි.

කොටින්ට එරෙහිව ආරක්‍ෂක හමුදාව දියත් කළ වන්නි මෙහෙයුම ජය ලැබීම නිසා පසුගිය මැයි 20 වැනිදා කොළඹ පෝරට්‌ කාර්යාලයේ ඔසවා තිබූ මෙරට ජාතික ධජය වහාම ඉවත් කරන්නැයි නෝවෙයි ටුවෙන්ටිනස්‌ නමැති පෝරම් නියෝජිතවරිය කළ නියෝගයක්‌ නිසා රජය ඇය වහාම මෙරටින් පිටුවහල් කරනු ලැබීය. මේ අතර හිටපු මාණ්‌ඩලික ප්‍රධානී සරත් ෆොන්සේකා ප්‍රකාශයක්‌ කරමින් අවතැන්වූවන් අතර කොටින් 1000 ක්‌ පමණ සිටින බවත් තමාගේ ජීවිතයට තර්ජනයක්‌ එල්ලවී ඇතැයි ද කියා සිටියේය. දේශපාලනයට ප්‍රවිශ්ටවීමට ගත් තීරණය කණගාටුදායකයි. එහෙත් එය දැඩි ආත්ම ශක්‌තිය මත ගත් තීරණයක්‌. රජය මට නිසි ලෙස සැලකුවේ නැහැ. හමුදාව බලය අල්ලාගනු ඇතැයි ඔවුන් සැකකලා. එය ලෝකයේ දරුණුතම ත්‍රස්‌ත සංවිධානයක්‌ පරාජය කළ විනයගරුක හමුදාවට කළ අවමානයක්‌ යෑයි හෙතෙම තවදුරටත් පවසා ඇත.

මෙහිදී හිටපු ජනරාල්වරයා 2002 සටන් විරාම ගිවිසුමින් මුළු ආරක්‍ෂක හමුදාවම පාවා දුන් පාර්ශ්වයන් සමග සම්බන්ධ වූයේ මන්දැයි ප්‍රකාශ කර නැත. 1982 දී බ්‍රිතාන්‍ය අගමැතිනි මාගරට්‌ තැචර්, මේජර් ජනරාල් ජෙරමි මුරේව පොක්‌ලන්ත දූපත අල්ලාගැනීමට යවා යුද ජයග්‍රහණය ලැබීය. 1991 දී ජනාධිපති බුෂ් ජෙනරාල් නෝමන් ශ්වැස්‌කෝප්ව ගල්ෆ් යුද්ධයට යවා ඉරාකය පරාජය කළේය. වියට්‌කොං හමුදා නායක ජෙනරාල් වෝ ගියප්ට ඉතා බලගතු ඇමරිකානු හමුදාව පරාජය කිරීමට හැකිවිය. එහෙත් මේ කිසිම ජෙනරාල්වරයෙක්‌ දේශපාලනයට පිවිසියේ නැත.

එසේම ඊශ්‍රායල මිසර සය දින යුද්ධයේ වීරයා වූ මොශේ දයාන් සෙනවියා ද ඊශ්‍රායලයේ බලය ඇල්ලීමට ඉදිරිපත් නොවිණි. මේ නිසා කොටි පැරදවීමට දායක වූ හිටපු මාණ්‌ඩලික ප්‍රධානියා, කොටි හිතවාදීන් සමග එක්‌වී සිටි පාර්ශ්වයන් සමග එක්‌වීම මෙරට ජනතාවට ප්‍රශ්නයක්‌ නොවන්නේද?.

ඊශ්‍රායලයේ එකම යුද වීරයකු වත් හමාස්‌ හෝ පලස්‌තීන කණ්‌ඩායම්වල සහය මත ඊශ්‍රායල් මැතිවරණයට ඉදිරිපත් වූයේද?

මෙවන් තත්ත්වයක්‌ මැද හිටපු ඇමරිකානු තානාපති හා වත්මන් සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌ මෙරටට සම්ප්‍රාප්ත විය. ශ්‍රී ලංකාවට එරෙහි සාවද්‍ය යුද අපරාධ වාර්තාවේ නිර්මාතෘ වූ බ්ලේක්‌ ජනාධිපතිවරණය පැවැත්වීමට යෝජිත අවස්‌ථාවක යෙදී තිබීම දැඩි සැකයට භාජනය වේ.

මේ ඇමරිකානු රාජ්‍ය නිලධාරියා උතුරේ අවතැන්වූවන්ගේ කඳවුරුවලට ගොස්‌ එහි සිටින පිරිස්‌ හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

රොබට්‌ බ්ලේක්‌ මෙරටට පැමිණීමට පෙර කොළඹ නෝර්වේ තානාපති ටෝරේ හැට්‌රම් හා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ පීටර් ගේස්‌ යාපන අර්ධද්වීපයට ගොස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් හා ආරක්‍ෂක හමුදා බලධාරීහු හමුවී සාකච්ඡා පවත්වා තිබේ. මොවුන්ගේ මෙම ක්‍රියාදාමයෙන් සනාථ වන්නේ මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම නොවේද?
 

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
මේ සතියේ ආරක්‍ෂක කරළිය පිළිබඳ විමර්ශනය කරද්දී ද්‍රවිඩ සන්ධානයේ එකම අරමුණ කොටි මෙන් උතුරෙත් 40000 ක හමුදාව අඩුකරලීම හෝ හමුදා සෙබළු කඳවුරුවලට සීමා කිරීම යෑයි අනාවරණය විය.

යුද්ධය අවසන් වී හය මසක්‌ ගත වුණා. මේ කාලය තුළ කොටි ක්‍රියාකාරකම් සිදුවී නැහැ. රජය යාපන අර්ධද්වීපයේ සිටින 40000 ක භට සේනාව අඩු කිරීම හෝ ඔවුන් බැරැක්‌කවලට සීමා කළ යුතු යෑයි ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සුරේශ් ප්‍රේමචන්ද්‍රන් නමැත්තා රජය වෙතින් ඉල්ලීමක්‌ කළේය.

එහෙත් රජය මේ ඉල්ලීම එකහෙළාම ප්‍රතික්‍ෂේප කරනු ලැබීය. සුරේශ් ප්‍රේමචන්ද්‍රන් හමුදාව බැරැක්‌කවලට සීමා කරන්නැයි ඉල්ලන්නේ සැඟවී සිටින කොටින්ට යළි මතුවීම සඳහා ඉඩදීමට නොවේද? කොටි 11000 ක්‌ රජයේ කඳවුරුවල සිටින බව අමතක නොකළ යුතුය.

මේ අතර ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කළ බවට ඇමරිකාව ප්‍රමුඛ රාජ්‍ය නොවන සංවිධාන කළ චෝදනාව එකහෙළාම ප්‍රතික්‍ෂේප කළ හිටපු ජනරාල්වරයා තමා ජනාධිපති වුවොත් යුද අපරාධ චෝදනා ගැන විමර්ශනය කරන බව පැවසුවේ යෑයි ටී.එන්.එA. නමැති කොටි වෙබ් අඩවිය කියා සිටියේය.

මෙහිදී නැගෙන ප්‍රශ්නය නම් එදා මේ සාවද්‍ය යුද අපරාධ චෝදනා ප්‍රතික්‍ෂේප කළ හිටපු ජෙනරාල්වරයා විගස වෙනස්‌ වී තමා මෙහෙයවූ හමුදාව යුද අපරාධ කළේ යෑයි නැඟෙන චෝදනාව විමර්ශනය කිරීමට එකඟවීමයි.

මේ ප්‍රකාශය කර පැය 72 කට පසු ඔස්‌ටේ්‍රලියානු ජාතික විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩොන් රොක්‌වෙල් ඔස්‌ටේ්‍රලියානු රජයෙන් ඉල්ලීමක්‌ කරමින් ශ්‍රී ලංකාවේ හිටපු විදේශ ලේකම් පාලිත කොහොන යුද අපරාධවලට සම්බන්ධ දැයි සොයන්නැයි පවසා ඇත.

මෙම සතියේ ආරක්‍ෂක කරළිය තුළ මවිතයට පත්වන සිදුවීම් ජනතාවට දැනගන්නට ලැබිණි. එA ආරක්‍ෂක ලේකම් විසින් රජයේ විද්යුත් නාලිකාවක්‌ සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවයි. මේ සම්මුඛ සාකච්ඡාව මෙහෙයවූ තැනැත්තාගේ පසුබිම ගැන අටුවාටීකා අවශ්‍ය නැත. එහෙත් සටන් විරාම ගිවිසුම අත්සන් කිරීම හා දිගුදුර විහිදුම් බළකාය පාවාදුන්නේ 2002 පැවති රජය බව මෙරට මුළු ආරක්‍ෂක හමුදාව සහ ජනතාව දන්නා විටෙක ආණ්‌ඩු කීපයක්‌ තුළ එවැනි ක්‍රියාදාම ඇතිවූයේ යෑයි මෙහෙයවන්නා විසින් පැවසීම යටගියාව වසන් කිරීමට දැරූ උත්සාහ කිරීමක්‌ නොවේද?.

මෙය පුදුමයක්‌ නොවේ. රජයේ යාන්ත්‍රණයට දැන් යොමුවී සිටින පාර්ශ්වයන් මේ වසරේ මාර්තු මාසයේ ක්‍රියා කළේ කෙසේද යන්න ගැන රජයේ බලධාරීන් ද නිරීක්‍ෂණය කළ යුතුය. මේ එම පාර්ශ්වයන් කළ සඳහනයි. කොටි සංවිධානය යුදමය ලෙස පරාජය කළ නොහැකි බව ගොඩපිටිය බෝම්බ ප්‍රහාරයෙන් පැහැදිලිවේ. කොටි සටන්කරුවෝ රටේ හැමතැනම විසිරී සිටිති. ඔවුහු තම අරමුණු වෙනුවෙන් දිවි පුදති. එහෙත් යුදමය ජයග්‍රහණ යනු විහිළුවකි. මෙයට දිය යුත්තේ දේශපාලන විසඳුමකි. එA සඳහා සාකච්ඡා ආරම්භ කළ යුතු බවට ප්‍රබල බලපෑමක්‌ මෙකී බෝම්බ ප්‍රහාරය තුළ අන්තර්ගතය.

කොටි ඝාතකයන් සමග සාම සාකච්ඡාවට යන්නැයි රජයට කියා සිටි මෙවන් පාර්ශ්වයන් රජයට උපදෙස්‌ දීමට යැම විහිළුවක්‌ නොවේද?.

ජනාධිපතිවරයා මේ සතියේ කොටි කේන්ද්‍රස්‌ථානයක්‌ව තිබූ පුදුකුඩිඉරිප්පු වෙත ගොස්‌ ජයග්‍රහණයේ ස්‌මාරකය විවෘත කළේය. 2007 දෙසැම්බර් මාසයේ දිනෙක ප්‍රභාකරන් කළ ප්‍රකාශයක්‌ කොටින්ගේ ස්‌විස්‌ වෙබ් අඩවියේ සඳහන් විය. "පුදුකුඩිඉරිප්පු යනු අපේ ඊළම් රාජ්‍යයේ කේන්ද්‍රස්‌ථානයයි. අපි නියම සටන අරඹන්නේ මේ ශුද්ධ භූමියේ සිට යෑයි සතුරා දැනගත යුතුයි." එහෙත් අවාසනාවක මහත 2009 දෙසැම්බර් මස වන විට ප්‍රභාකරන් පමණක්‌ නොව ඔහුගේ ඝාතක කණ්‌ඩායම ද ජීවතුන් අතර සිටියේ නැත.

පුදුකුඩිඉරිප්පු ජයග්‍රාහී ස්‌මාරකය විවෘත කරමින් ජනාධිපතිවරයා මෙලෙස පැවසීය. "මේ රට පාලනය කළ ඇතැම් දේශපාලකයන් විසින් ගත් වැරදි තීරණ නිසා ත්‍රස්‌තවාදයෙන් රට මුදාගැනීමට එදා තිබූ හැකියාවට බාධක පැමිණුනා."

මේ අතර නෝර්වේහි ප්ලෝට්‌ සංවිධානයේ ප්‍රධානියකු වූ රාජසිංහම් සිවරාජන් මේ සතියේදී මෙරටට සම්ප්‍රාප්ත විය. "අපි කිසිසේත් කොටින්ට යළි හිස එසවීමට ඉඩ නොදෙන්නෙමු. කොටි පරාජය කළ රජය වෙත අපි පූර්ණ සහය දක්‌වනවා. නෝර්වේහි කොටි එAජන්ත නෙදියවන් කුමක්‌ කරන්නේද. ඔහු සම්බන්ධකම් පවත්වන්නේ කා සමගද කියා අපි දන්නවා යෑයි හෙතෙම රජයේ ඉහළ පෙළේ බලධාරීන්ට කියා සිටියේය.

මෙරට හිටපු ඇමරිකානු තානාපති හා වත්මන් සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌ මෙම සතියේ මෙරටට සම්ප්‍රාප්ත වී ශ්‍රී ලංකාවට උපදෙස්‌ දීමට ද ඉදිරිපත් විය. තමන්ට ලැබුණු මූලාශ්‍රය හෙලි නොකළ වරදට නිව්යෝක්‌ ටයිම්ස්‌ පුවත්පතේ මාධ්‍යවේදිනි ජූඩිත් මිලර් ඇමරිකානු අධිකරණය විසින් සිරගෙට යවද්දී නිහඬව සිටි බ්ලේක්‌ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට වාර්තාකරණයට ඇති නිදහස තහවුරු කළ යුතු බවත් අනිත් අයගේ මානව හිමිකම් කඩකරන ඕනෑම කෙනකු තමන් සිදු කරන වැරදි සඳහා වගකිවයුතු බවත් කියා සිටියේය. බ්ලේක්‌ගේ මෙම ප්‍රකාශය ගැන විමර්ශනය කරන විට ඇමරිකාව ඉරාකයේ සහ ඇෆ්ගනිස්‌තානයේ සිදු කරන මානව හිමිකම් උල්ලංඝනය කිරිම ගැන ඔහු ද වගකිවයුතුවේ. එසේම බළලා මල්ලෙන් එළියට පැන්නා යන කියමන සනාථ කරමින් රොබට්‌ බ්ලේක්‌ පැවසුවේ ඇමරිකානු කොටි එAජන්ත විශ්වනාදන් රුද්‍රකුමාරන් ඇමරිකාව තුළ වරදක්‌ කර නැති නිසා කිසිම පියවරක්‌ ගත නොහැකි බවයි.
 

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
රුද්‍රකුමාරන් ඇමරිකාව තුළ වරදක්‌ කර නැත්නම් ආරක්‍ෂක ලේකම්වරයාට සහ හමුදාවට එරෙහිව යුද අපරාධ සම්බන්ධ වාර්තාවක්‌ සකස්‌ කිරීමට බ්ලේක්‌ ක්‍රියා කළේ මන්ද?

ශ්‍රී ලංකාවේ නාවික හමුදාවට මෙම සතියේ වසර 59 ක්‌ සපිරිණි. මෙහිදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ ත්‍රස්‌තවාදය මැඬලීමට සහය වූ කුඩා ප්‍රහාරක යාත්‍රා බළකාය ගැන ඇමරිකානු නාවික හමුදා විශේෂඥයන්ගේ අවධානය යොමු වී තිබිණි. දැවැන්ත ඩිප්ට්‍රොaයර් නෞකාවලින් කළ නොහැකි මෙකී යාත්‍රා මගින් කළ හැකි යෑයි ඇමරිකානු බලධාරීන්ගේ මතය වී ඇත.

මෙවන් සුළු ප්‍රහාරක යාත්‍රා බළකායන් පිළිබඳ අපි පෙන්නුම් කළේ වසර කීපයක සිටය. එසේම වෙරළාරක්‍ෂක කටයුතු සඳහා ඊශ්‍රායලයෙන් අධිවේගී යාත්‍රා හයක්‌ ලබාගැනීමට ද තීරණය කර ඇතැයි නාවික හමුදාපතිවරයා මේ සතියේදී හෙළි කළේය.

හෙතෙම මුල්වරට මාධ්‍ය හමුවූ අවස්‌ථාවේ මුහුදු කොටි නායක සුසෙයි නම්වූ ත්‍රස්‌තවාදියාගේ පවුලේ අයගේ තත්ත්වය දැන ගැනීමට ඇතැමුන්ට අවශ්‍ය විය. සුසෙයිගේ බිරිය හා පවුලේ අය රුපියල් 575000 ක මුදලක්‌ හා රන් කිලෝ 2 1/2 ක්‌ සමග අසුවූ අතර ඔවුන් සම්බන්ධයෙන් මෙම පියවර ගන්නා බවද නාවික හමුදාපතිවරයා කියා සිටියේය. ගතවූ මාස හය තුළම මුහුදු කොටින්ගේ කිසිදු ක්‍රියාදාමයක්‌ නැහැ යෑයි හෙතෙම පළ කළේය. මානව හිමිකම් දිනය ද මෙම සතියේ යෙදී තිබිණි. අතුරුදන්වූවන් ගැන කියමින් කොළඹ හා වවුනියාවේදී විරෝධතා ව්‍යාපාර පැවැත්විණි. එහෙත් කොටි ඝාතක සමාගම විසින් අතුරුදන් කළ පිරිස්‌ හා හමුදා නිලධාරීන් ගැන කිසිවකුගේ හඬක්‌ නැඟුණේ නැත.

වන්නි මෙහෙයුම දියත් වූ සමයේ කොටින්ගේ විශ්වමඩු ගුවන් ධාවන පථය මුර කළ සුරේශ් කුමාර් පද්මනාදන් සහ සාදිස්‌ නන්දසාමි නමැති කොටි ත්‍රස්‌තයන් දෙදෙනාව ත්‍රස්‌ත මර්දන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් එA බව පිළිගෙන තිබේ. ඉන්දීය මුහුදු සීමාවට ඇතුළුවූ ධීවරයන් ඉන්දීය වෙරළාරක්‍ෂක හමුදාවේ භටයන් දෙදෙනකු ප්‍රාණ ඇපයට ගෙන ඇතැයි පෙරේදා වාර්තා විය. මෙකී සිදුවීමෙන් පසු ඉන්දීය වෙරළාරක්‍ෂක යාත්‍රා විසින් එම ශ්‍රී ලංකා ධීවරයන් පිරිසව අත්අඩංගුවට ගෙන ඇත.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2009/12/13/defence.html