බංග්ලාදේශයේ මීළඟ පියවර..🇧🇩⚡

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සාධාරණ රැකියා කෝටා ක්‍රමයක් වෙනුවෙන් ආරම්භ වී පසුව ආණ්ඩු විරෝධී ජනතා රැල්ලක් බවට පත්වූ බංග්ලාදේශයේ විරෝධතාවේ අවසානය සලකුණු වුයේ අගමැතිනි ෂෙයික් හසීනා ඉල්ලා අස්වී රටින් පිටව යෑමෙනි.

    අගමැතිනි ෂෙයික් හසීනාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් බංග්ලාදේශ ශිෂ්‍ය විරෝධතාකරුවන් ඊයේ (05) 'මාච් ටු ඩකා' නමින් අගනුවර දැවැන්ත පාගමනක් ආරම්භ කර තිබුණේ ඒ අනුවය.

    දස දහස් සංඛ්‍යා විරෝධතාකරුවන් අගමැතිනියගේ නිල නිවහනට ඇතුළු වී එහි තිබූ ගෘහ භාණ්ඩ, රූපවාහිනී සහ විද්‍යුත් උපකරණ, බුමුතුරුණු, මල් බඳුන් පමණක් නොව ජල තටාකයේ සිටි මසුන් පවා විරෝධතාකරුවන් රැගෙන යන ආකාරය මෙන්ම එහි තිබූ බොහෝ දෑ කොල්ලකෑමටත්, පාරිභෝජනය කිරීමටත් කටයුතු කළ අයුරු බංග්ලාදේශ රූපවාහිනී සේවා මගින් විකාශය කෙරුණි.

    ඩකා නගර මධ්‍යයේ පිහිටි ෂෙයික් හසීනාගේ පියා වූ බංග්ලාදේශයේ නිර්මාතෘ ෂෙයික් මුජිබර් රහමන්ගේ දැවැන්ත ලෝහමය ප්‍රතිමාව මත නැඟ එහි හිසට පොරෝ පහරක් එල්ල කළේ එම ඉතිහාසය නොදන්නා පුද්ගලයන් ලෙසිනි.

    මෙම තත්ත්වය උදාවීමට මොහොතකට පෙර අගමැතිනි ෂෙයික් හසීනා සිය සොහොයුරිය සමඟ හමුදා හෙලිකොප්ටර් යානයක නැගී ඉන්දියාවට පළාගොස් තිබුණි.

    බංග්ලාදේශයේ නැගෙනහිර දේශසීමාවේ පිහිටි ඉන්දීය ත්‍රිපුර ප්‍රාන්තයේ අගරතලා වෙත පැමිණි ෂෙයික් හසීනා, පසුව c-130 වර්ගයේ ප්‍රවාහන ගුවන් යානයකින් දිල්ලි අගනුවර ආසන්නයේ පිහිටි ඉන්දීය ගුවන් හමුදා කඳවුරකට ගොඩ බැස තිබුණි.

    නව දිල්ලිය ආසන්නයේ පිහිටි හින්ඩන් ගුවන් කඳවුරේදී ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් ෂෙයික් හසීනා මුණගැසී තිබූ අතර, ඇගේ ඉදිරි සැලසුම් පිළිබඳව ඔහු මාධ්‍ය වෙත තොරතුරු අනාවරණය කර නොතිබුණි.

    කෙසේ නමුත් ෂෙයික් හසීනා අද (06) දිනයේ ලන්ඩනය බලා පිටත්ව යනු ඇති බව ‘ටයිම්ස් නව්‘ නැමැති ඉන්දීය රූපවාහිනී සේවය ප්‍රකාශ කර තිබුණි.

    1975 වසරේ සිය පියා වූ ෂීක් මුජිබර් රහමන් ඇතුළු ඇගේ පවුලේ සාමාජිකයන් හමුදා කුමන්ත්‍රණයක් මැද ඝාතනයට ලක්වූ අවස්ථාවේ ෂෙයික් හසීනාට රැකවරණ ලබා දුන්නේ ඉන්දියාවය.

    ෂෙයික් හසීනා ඇගේ ආරක්ෂාව පතා රටින් නික්ම ගිය බවත්, ඇය බොහෝදුරට නැවතත් දේශපාලනයට සම්බන්ධ නොවනු ඇති බවත් ෂෙයික් හසීනාගේ පුත්‍රයා මෙන්ම ඇගේ ප්‍රධාන උපදේශකයා වූ සජීබ් වාසෙඩ් ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි.

    දැඩි උත්සාහයකින් බංග්ලාදේශ දුගී රටක සිට ශීඝ්‍ර වර්ධනයක් ලබන රටක් බවට පත්කිරීමට ෂෙයික් හසීනා දැරූ ප්‍රයන්තය සුළුතරයක් විසින් විනාශ කිරීම බලාපොරොත්තු කඩකරන සිද්ධියක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    ෂෙයික් හසීනා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වූ බව ප්‍රකාශයට පත්කළේ, හමුදා ප්‍රධානී ආමි චීෆ් ජෙනරාල් වකර්-උස්-සමාන් විසිනි.

    ප්‍රචණ්ඩ විරෝධතා සිවිල් යුධ ගැටුමක් තරම් ව්‍යාප්ත වී ජීවිත හානි 300ක් පමණ වාර්තා වන විට ෂෙයික් හසීනාට වහා ඉල්ලා අස්වන ලෙස බංග්ලාදේශ හමුදාව දැනුම්දීමක් සිදුකර තිබූ බවත් ඒ සඳහා හමුදා ප්‍රධානියා අගමැතිනී ෂෙයික් හසීනාට ලබාදී තිබුණේ විනාඩි 45ක කාලයක් බවත් එම මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

    බංග්ලාදේශ රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ජාතිය ඇමතූ හමුදා ප්‍රධානී වකර් උස් සමාන් ප්‍රකාශ කළේ රටේ ආරක්ෂාව සුරැකීමේ වගකීම හමුදාව භාරගන්නා අතර අන්තර්වාර රජයක් පිහිටුවීමට පියවර ගන්නා බවය.

    ඒ සඳහා ෂෙයික් හසීනාගේ අවමි ලීගය ඇතුළු ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කරන බවත්, ඉක්මණින්ම ජනාධිපති මොහොමඩ් ෂහබුද්දීන් මුණගැසෙන බවත් ඔහු සඳහන් කර තිබුණි.

    පසුගිය ජුනි මස 23 වනදා බංග්ලාදේශ හමුදා ප්‍රධානී තනතුරට පත්වූ වකර් උස් සමාන් ප්‍රකාශ කළේ බංග්ලාදේශය දැන් විප්ලවකාරී සමයක් පසුකරමින් සිටින බවය.

    සියලු මිනීමැරුම් සහ අසාධාරණකම්වලට යුක්තිය ඉටුකරන බවට ප්‍රතිඥා දුන් බංග්ලාදේශ හමුදා නායකයා රටේ හමුදාව කෙරෙහි විශ්වාසය තබන ලෙස ඉල්ලා සිටි අතර ප්‍රචණ්ඩත්වය අත්හැර සාමකාමී ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

    අද (06) අලුයම් කාලයේ සිට ඇඳිරි නීතිය ඉවත් කරන බවත් රටේ සියලු පාසල්, කම්හල්, විද්‍යායතන සහ විශ්වවිද්‍යාල විවෘත කරන බවත් බංග්ලාදේශ හමුදා ප්‍රකාශකයා සඳහන් කර තිබුණි.

    දැවැන්ත ජනතා විරෝධතා හමුවේ පසුගිය ඉරිදා රාත්‍රීයේ සිට රට පුරා ඇඳිරි නීතිය පැනවීමටත්, ඊයේ (05) සිට දින තුනක නිවාඩුවක් ක්‍රියාත්මක කිරීමටත් ෂෙයික් හසීනාගේ රජය ඊට පෙර ප්‍රකාශ කර තිබුණි.

    ෂෙයික් හසීනා ඉල්ලා අස්වීමේ පුවත ඩකා නුවරට රැස්වූ විරෝධතාකරුවන් සැමරුවේ මුර සංචාරයේ නිරත වූ හමුදා යුද රථවලට ද ආචාර කරමිනි.

    මෙය බංග්ලාදේශයේ හමුදාව මේ ආකාරයේ අන්තර්වාර රජයක් ක්‍රියාත්මක කළ පළමු අවස්ථාව නොවනු ඇත.

    2007 වසරේදී බංග්ලාදේශ හමුදා ප්‍රධානියා හමුදා කුමන්ත්‍රණයකින් රටේ බලය ලබාගෙන වසර දෙකක අන්තර්වාර රජයක් ක්‍රියාත්මක කළේ 2008 වසරේදී ෂෙයික් හසීනා අගමැති ධුරයට පත්වනතුරුය.

    ඊට පෙර 1975 වසරේ සිට 1990 දක්වාම බංග්ලාදේශයේ හමුදාවේ සහාය ලබන රජයක් ක්‍රියාත්මක වී තිබුණි.

    ෂෙයික් හසීනා සිය දේශපාලන ප්‍රතිවාදියා වූ බේනම් ඛලීඩා සියා සමඟ එක්ව 1990 වසරේ හමුදා නායක හුසේන් මොහොමඩ් එර්ෂාඩ් බලයෙන් පහ කිරීමට ජන රැල්ලක් ක්‍රියාත්මක කළ අතර ඛලීඩා
    සියා බංග්ලාදේශයේ හිටපු හමුදා නායක සියාවුර් රහමන්ගේ බිරිඳය.

    ඔහු ද 1981 වසරේදී ඝාතනයට ලක්වූ අතර ෂෙයික් හසීනා සහ ඛලීඩා සියා පසුව දැඩි පසමිතුරන් බවට පත්වුණි.

    හිටපු අගමැතිනි ඛලීඩා සියාගේ බංග්ලාදේශ ජාතික පක්ෂය පරදවා 1996 වසරේ අවාමි ලීගය ජයග්‍රහණය කරා මෙහෙයවූ ෂෙයික් හසීනා නැවතත් පරාජයට පත් නොවුණි.

    ඛලීඩා සියා දූෂණ චෝදනා මත සිරගත කිරීමට හසීනා රජය ක්‍රියා කළ අතර ඇය තවමත් රෝහල්ගතව සිරදඬුවම් විදියි.

    අන්තර්වාර රජයක් යටතේ මැතිවරණය පවත්වන ලෙස බලකරමින් ඛලීඩා සියාගේ බංග්ලාදේශ ජාතික පක්ෂය අවසන් මැතිවරණය වර්ජනය කළේය.

    පසුගිය ජනවාරි මාසය පැවති මැතිවරණයේ ෂෙයික් හසීනාගේ අවාමි ලීගය වාර්තාගත සිව්වැනි වරටත් ජයග්‍රහණය හිමි කර ගනිද්දී, සිය පක්ෂ ක්‍රියාකාරීන් 10,000ක් පමණ හසීනාගේ රජය විසින් අත්අඩංගුවට ගෙන තිබූ බවට විපක්ෂය චෝදනා කළේය.

    ෂෙයික් හසීනාගේ දෙවැනි නික්මීම සිදුවනුයේ ඇගේ 15 වසරක අඛණ්ඩ පාලනය අවසන් කරමින් වන අතර පසුගිය වසර 30 තුළ වසර 20ක්ම බංග්ලාදේශය පාලනය කළේ ෂෙයික් හසීනා විසිනි.

    දැන් සියල්ලන්ගේ අවධානය යොමු වී තිබෙන්නේ බංග්ලාදේශ හමුදා නායකත්වය විසින් පිහිටුවීමට අදහස් කරන අන්තර්වාර රජය පිළිබඳවය.

    එය සියල්ලන් ඇතුළත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයක් වනු ඇතැයි අමෙරිකා එක්සත් ජනපදය විශ්වාසය පළ කරයි.

    එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තන ක්‍රියාවලිය තුළදී පළිගැනීමේ ඝාතන සහ විනාශය වැළැක්වීමට කටයුතු කළ යුතු බව බංග්ලාදේශ දේශපාලනය පිළිබඳ විද්වතුන් ප්‍රකාශ කර තිබුණි.

    බංග්ලාදේශයේ අන්තර්වර රජයක් පිහිටුවීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා හමුදා ප්‍රධානී ආමි චීෆ් ජෙනරාල් වකර්-උස්-සමාන් අද දහවල් විරෝධතා සංවිධායකයන් මුණගැසීමට නියමිතය.

    ඩකා නුවර තත්ත්වය දැන් සාමාන්‍ය අතට පත්වෙමින් පවතින බවත් ආර්ථිකයේ ප්‍රධාන ජීවනාලිය වන ඇඟලුම් කම්හල් බොහෝමයක් අද දින වසා තිබූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ෂෙයික් හසීනාගේ රජය පෙරළා දැමීමට විරෝධතාවල නිරතවූ ශිෂ්‍ය නායකයන් යෝජනා කරන්නේ නොබෙල් සාම ත්‍යාගලාභී, බංග්ලාදේශ ආර්ථික විද්‍යාඥයෙකු වන මොහොමඩ් යූනුස් යටතේ අන්තර්වාර රජය පිහිට විය යුතු බවය.

    බංග්ලාදේශයේ මිලියන සංඛ්‍යාත දුප්පතුන්ට පිටිවහලක් වූ ග්‍රාමීන් බැංකු ව්‍යාපෘතියේ නිර්මාතෘ මොහොමඩ් යූනුස් අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශකයා ලෙස පත්කළ යුතු බවට යෝජනා කරන ශිෂ්‍ය නායකයන් සඳහන් කර ඇත්තේ තමන් හමුදා පාලනයක් හෝ වෙනත් විකල්පයක් ප්‍රතික්ෂේප කරන බවය.

    දැනට ප්‍රංශයේ රැඳී සිටින 84 හැවිරිදි මොහොමඩ් යූනුස් සමඟ තමන් සාකච්ඡා කළ බවත්, ඔහු ඊට එකඟතාවය පළ කළ බවත් ශිෂ්‍ය කණ්ඩායම් සඳහන් කළේය.

    දුප්පත් බංග්ලාදේශ ජනතාවට ඩොලර් 100 ට අඩු ක්ෂුද්‍ර ණය ලබාදීමේ ග්‍රාමීන් බැංකු යෝජනා ක්‍රමය හඳුන්වාදීම නිසා මොහොමඩ් යුනුස්ට නොබෙල් සාම ත්‍යාගය හිමිවුණේ 2006 වසරේදීය.

    ෂෙයික් හසීනාගේ රජය ඔහුට විරුද්ධව ද මූල්‍ය වංචා චෝදනා ගොනු කළ අතර ඔහු එය ප්‍රතික්ෂේප කළේ දේශපාලනමය හේතූන් මත ගොනු කළ නඩුවක් ලෙසිනි.

    බංග්ලාදේශයේ පිහිටුවන අන්තර්වාර රජය හැකි ඉක්මණින් නව මහ මැතිවරණයක් පවත්වන බව බංග්ලාදේශ ජනාධිපති ෂහබුද්දීන් රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් ප්‍රකාශ කළ අතර විපක්ෂ බංග්ලාදේශ ජාතික පක්ෂයේ නායිකා බේගම් ඛලීඩා සියා වහා නිදහස් කිරීමට ද තීරණය කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    ඇගේ පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ දැනට රෝහල්ගතව සිටින ඛලීඩා සියා සියලු චෝදනාවලින් නීතිමය ලෙස නිදහස් වී කඩිනමින් යළි පැමිණෙනු ඇති බවය.

    එමෙන්ම බංග්ලාදේශ වේලාවෙන් අද ප.ව. 3.00 වනවිට එනම් ශ්‍රී ලංකා වේලාවෙන් අද ප.ව. 2.30 වනවිට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවට බංග්ලාදේශයේ විරෝධතා ශිෂ්‍ය කණ්ඩායම් නව කොන්දේසියක් ඉදිරිපත් කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    එසේ නොමැති වුවහොත් දැඩි වැඩසටහනක් දියත් කරන බවත්, ඒ සඳහා විප්ලවකාරී ශිෂ්‍ය කණ්ඩායම් සූදානම් විය යුතු බවත් ශිෂ්‍ය නායකයන් ෆේස්බුක් ඔස්සේ ප්‍රකාශයට පත්කළ වීඩියෝ පටයක්
    මගින් සඳහන් කර තිබුණි.

    මේ අතර බංග්ලාදේශයේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉන්දියාව විසින් ඉන්දීය-බංග්ලාදේශ දේශසීමාවේ ආරක්ෂාව තර කර තිබේ.

    ඉන්දීය ආරක්ෂක අංශ මුර සංචාර ද තීව්‍ර කිරීමට පියවර ගෙන ඇති අතර දේශසීමා ආරක්ෂාව සහ බංග්ලාදේශයේ වර්ධනය වෙමින් ඇති තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ද ඉන්දියාව ප්‍රකාශ කර ඇත.

    lilman

    Well-known member
  • May 10, 2009
    40,961
    54,535
    113
    Colombo
    එය සියල්ලන් ඇතුළත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයක් වනු ඇතැයි අමෙරිකා එක්සත් ජනපදය විශ්වාසය පළ කරයි.

    මේහ් ☝️

    තම්බ්න්ට වසන්තය දීල :)
     
    • Haha
    Reactions: NRTG and hasithayad

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,655
    1
    51,397
    113
    ප*යාගල
    sorry.com
    ඩිලානුයි, කෝනාරයි, රැට්ටයි උපදේශකයෝ කරලා යවලා රටට විදේශ විනිමය ගෙන්න බැරි වෙයිද? :rolleyes:
    පොන්නයො තුන් දෙනා කොහු මිටක ගහල BBQ කරන්න ඔනි අරගලය Hijack කරා. සින්හලු අහුවුනා
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ඩිලානුයි, කෝනාරයි, රැට්ටයි උපදේශකයෝ කරලා යවලා රටට විදේශ විනිමය ගෙන්න බැරි වෙයිද? :rolleyes:
    ඇයි උබලට උන්ගෙනාවෙ
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    ඉක්මන්ට ඡන්දෙකට පලයල්ලා ලැට් දොරවල් වලින් හොරෙන් රිංගලා පුටුවේ ඉදගන්න පොම්නයො වැහිවැහැලා
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    අවුරුදු 84 කෙනෙක් ගේනවනම් අපිට නැවක් වගේ මොලයක් තියන රනිල් සුදුසුයි
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,930
    1
    60,920
    113
    Mother Earth
    Pissuda bn lankawe wage buruwo neme un. Anna kawada un illala danna kiyala
    ඡන්දයක් නොතිය උන් ඉල්ලන එකා දෙන්න පුළුවන්ද බන්. පට්ට අස්ථාවරයිනේ. මොන විකාරයක්ද.
     
    • Like
    Reactions: NRTG

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ඡන්දයක් නොතිය උන් ඉල්ලන එකා දෙන්න පුළුවන්ද බන්. පට්ට අස්ථාවරයිනේ. මොන විකාරයක්ද.
    ඒවට තමයි අරගල කියන්නේ. අරගලේට පිටින් ඉන්න එවුන්ට විතරයි ඕක පෙන්නේ
     
    • Wow
    Reactions: Candid-B