නැගෙනහිර සිංහල උරුමය වෙනුවෙන්

Epic Madness

Banned
Jan 2, 2012
1,139
124
0
නැගෙනහිර සිංහල උරුමය වෙනුවෙන්

නැගෙනහිර සිංහල උරුමය වෙනුවෙන් අම්පිටියේ සුමනරතන හිමි 3 වන වතාවටත් උපවාසයේ






පෙබ: 15
මඩකලපුව මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියෝ ඊයේ (14) පෙරවරු 8.00 සිට ආරම්භ කර තිබූ මාරාන්තික උපවාසය ඊයේම අත්හැර දැමීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

ඊයේ සවස 5.00 ට පමණ එම ස්‌ථානයට පැමිණි නියෝජ්‍ය ඇමැති කරුණා අම්මාන් සමඟ විනාඩි 40 ක පමණ කාලයක්‌ සාකච්ඡා කිරීමෙන් අනතුරුව උන්වහන්සේ ඉදිරිපත් කළ කරුණු කෙරෙහි ඉක්‌මණින් අවධානය යොමුකර සාධාරණයක්‌ ඉටුකර දෙන බවට කරුණා අම්මාන් පොරොන්දුවී තිබෙනවා.

පෙබ: 14
*පළමු උපවාසය සිංහල අයිතීන් වෙනුවෙන් 2010 ජූලි මාසයේ.
*දෙවන උපවාසය බැසිල් රාජපක්ෂ පහත් ලෙස බැන වැදී එළවා දැමීමට එරෙහිව 2010 සැප්තැම්බර් මාසයේ.

නැගෙනහිර පළාතේ සිංහල ජනතාවට මුහුණපෑමට සිදුව ඇති ගැටළු කිහිපයක් මූලික කරගනිමින් ඒවාට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් මඩකලපුව මංගලාරාමාධිපති අමරපුර ශ‍්‍රී කල්‍යාණවංශ මහා නිකායේ මඩකලපු අම්පාර දිසාවේ උප ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමියන් ඇතුළු ප‍්‍රදේශවාසීන් පිරිසක් මේ වනවිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

නැගෙනහිර පළාතේ සිංහල ජාතිකයන්ට අයත් ඉඩකඩම් සංවිධානාත්මක දෙමළ කණ්‌ඩායම් විසින් කොල්ලකෑම සහ ප්‍රදේශයේ වෙහෙර විහාරස්‌ථානවලට කෙරෙන කෙනෙහිලිකම් වලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමිනුයි උන්වහන්සේ මෙම උපවාසය ආරම්භ කර තිබෙන්න්නේ.

ජනාධිපති, අගමැති, ආරක්‍ෂක ලේකම් මුණගැසීමට අවස්ථා නැහැ.
මෙම ගැටළු පිළිබඳව දැනුවත් කිරීමට ජනාධිපතිවරයා, අගමැතිතුමා, ආරක්‍ෂක ලේකම්තුවරයා ආදීන් මුණගැසීමට අවස්ථා කීපයකදී උන්වහන්සේ අදාළ අංශවලින් ලි�ඛිතව හා වාචිකව නොයෙක්‌ ලෙස ඉල්ලා සිටියද කිසිවෙක් ඒ සඳහා ප්‍රතිචාර දක්වා නැහැ.

එබැවින් ජනාධිපතිතුමාගේ අවධානය ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ලිපියක්‌ද යවා නැගෙනහිර පළාතේ සිංහල හා බෞද්ධ ජනතාව වෙනුවෙන් ඊයේ මෙම මාරාන්තික උපවාසය ආරම්භකල බවත්, එය නවතා දැමීමට දැනටමත් නොයෙකුත් තර්ජන එල්ලවෙමින් පවතින බවත් උන්වහන්සේ කියා සිටිනවා.

එහෙත් මේ කිසිම තර්ජනයකට තමන් බිය නොවන බව පවසන සුමන හිමියෝ, රට-ජාතිය වෙනුවෙන් ජීවිතය වුවද පූජා කිරීමට පසුබටනොවන බවයි අවධාරණය කර සිටින්නේ

ඉල්ලීම්.
මංගලාරාම විහාර මන්දිරය ප්‍රතිසංස්‌කරණය කිරීමට 2004 වසරේ රජයෙන් වෙන් කරන ලද රුපියල් විසිපන් ලක්‍ෂයක මුදලට සිදුවූයේ කුමක්‌ද යන්න හෙළි කිරීම,
මඩකලපුව විහාරස්‌ථානයට බාධා වන අයුරින් විහාර භූමිය අල්ලාගෙන කර ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම,
නැගෙනහිර පළාතට පැමිණ අවතැන් වූ සිංහල ජනතාවට පෙර අයිතීන් ලබාදීම,
මායිම් ගම්මානවල අපාදුක්‌ විඳින සිංහල පවුල්වලට මූලික අයිතීන් ලබාදීම
නැගෙනහිර පළාතේ ජනතාවට රාජ්‍ය සේවය ලබාගැනීමේදී සිංහල භාෂාව හසුරුවන රාජ්‍ය නිලධාරීන් අඩුවීම ආදිය මූලික කරගත් මෙම උපවාසයට සහය දැක්වීම සඳහා විවිධ ප්‍රදේශවලින් භික්‍ෂූන්වහන්සේලා පිරිසක්‌ ද වැඩම කර සිටින බවත් වාර්තා වෙනවා.

බැසිල් රාජපක්‍ෂ පහත් ලෙස බැන වැදී එළවා දමයි.
මීට පෙරද උන් වහන්සේ උපවාස 2ක් ආරම්භ කර තිබුණා. 2010 ජූලි මස 5 වෙනි දිනද මෙම කරුණුම මුල් කරගන උපවාසයක් ආරම්භ කර තිබුණා.

ඉන්පසු මෙම ප්‍රශ්න ගැන සාකච්ජා කිරීම සඳහා 2010 වසරේ සැප්තැම්බර් 26 වනදා මඩකලපුව නගරයට පැමිණි ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා හමුවීමට සුමනරතන නායක හිමි ගිය අතර බැසිල් රාජපක්‍ෂ මහතා විසින් "අපි බය නෑ. උපවාස කරලා කර ගනින්" යනුවෙන් උන්වහන්සේට ඉතා පහත් ලෙස බැන වැදී එළවා දමා තිබුණා.

ඉන් පසු උන්වහන්සේ පන්සලට වඩින විට වසර 22 ක කාලයක් පන්සලට ලබාදී තිබූ ආරක්‍ෂාව ඉවත් කර තිබූ අතර එයට විරෝධය පාමින් බැසිල් රාජපක්‍ෂ ඇමැතිවරයා සමාව ගන්නා තුරු එදින සිය ආවාසය තුළ මාරාන්තික උපවාසයක් ආරම්භ කළා.

කරුණා අම්මාන්, පොලිස් නිලධාරීන්, මැති ඇමැතිවරුන්, මාධ්‍යවේදීන් හා ජනතාව ඉදිරියේ බැසිල් රාජපක්‍ෂ මහතා විසින් ඉතා පහත් ලෙස බැන වැදී කළ වරදට සමාව ගන්නා තෙක් මාරාන්තික උපවාසයේ යෙදෙන බව උන්වහන්සේගේ අත්සනින් යුත් ලිපියකින් දැනුම් දීමක් කර තිබුණා.

බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාට එරෙහිව එම උපවාසය සිදු කළ නිසා අන්තර්ජාල වෙබ් අඩවි කීපයක් හැර රූපවාහිණී මාධ්‍ය වලින් ඒ සඳහා ප්‍රසිද්ධියක් ලැබුනේ නැහැ.

මරණ තර්ජන.
ඊට පසු දින රාත‍්‍රී මඩකලපුව පොලීසියේ පොලිස් නිලධාරියෙක් විසින් "කටවහගෙන ඉන්නේ නැත්නම් මරල දාන්නයි වෙන්නේ. අපටත් එන නියෝග කි‍්‍රයාත්මක කරන්න වෙනවායි. සාදු කට පරිස්සම් කරගෙන ඉන්න" යැයි උන් වහන්සේට මරණ තර්ජනය කර තිබූ අතර ඉන්පසු සුමනරතන හිමියන් එම මාරාන්තික උපවාසය නවතා දමා තිබුණා.

ඉන්පසු එම මාරාන්තික උපවාසය පිළිබඳව තොරතුරක් නොලැබුන නිසා එයට කුමක් වුයේද යන්න දැනගැනීමට 2010 ඔක්තෝබර් 8 වන දින ගොසිප්9 උන්වහසේ දුරකතනයෙන් සම්බන්ධ කරගත්තා.

එහිදී උන්වහන්සේ පවසා සිටියේ තමන්ට තවමත් සාධාරණ පිළිතුරක් ලැබී නොමැති බවත්, ඉහත මරණ තර්ජනය මත උපවාසයක් කලත් නොකලත් ජිවිතයට හානි තිබෙන බවත් එබැවින් තමා උපවාසය අවසන් කල බවත්ය.

"මෙම ස්ථානයේ පැවැත්ම ආරක්ෂා කරගන්න මම තව ටිකක් ජිවත් වෙන්න අවශ්‍ය වෙනවා, මේ සිද්ධිය හරහා මගේ ජීවිතය නැති වෙනවනම් කැමතිව බලා ඉන්න විශේෂ රාජ්‍ය නොවන, රාජ්‍ය වන ඒ වගේම ආගම විරෝධී, දේශද්‍රෝහී යම් යම් කණ්ඩායම් පිරිසක් බලා ඉන්නවා. ඉතින් ඒ නිසා පැන් ටිකක් දානෙ ටිකක් අහුවෙන දෙයක් වළඳලා ජිවත් වෙන්න උත්සහ කරනවා තවදුරටත් මේක ආරක්ෂා කරගන්න." යනුවෙන් උන්වහන්සේ අපට පවසා සිටියේ ඒ පිළිබඳව සොයා බැලූ අවස්ථාවේදියි.



මීට පෙර මාරාන්තික උපවාසයට පෙර උන්වහන්සේ මාධ්‍යයට නිකුත් කළ ලිපිය පහලින්.

 
  • Like
Reactions: sasliit

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
උඹට පට්ට කැක්කුමක් තියෙන්නෙ රට ජාතිය වෙනුවෙන්.... එල දෙකක් නැත.... ඕනෑම සහායක් ලබා දෙමි... මෙන්න මුලින්ම +5 රෙප් පාරක්
 

qtel

Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    මචන් මේවා දකිද්දී මේ රට පාලනය කරන්නේ සිංහල හම පොරවාගත් කොනකපලලද නැත්නම් තඩි දෙමල්ලුද කියල සැක හිතෙනවා .බුදුදහමට සිංහල අයිතීන්ට යන කල ගැන හරි දුකයි .:no::frown:
     

    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    රාජපක්ෂ පවුලම මුස්ලිම්ද දන්නෑ බෞද්ධ වගේ හිටියට.
     

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    මේ සාශන විනාශය නවත්වන්න නම් කරන්න ඕනේ එක දෙයයි. සින්හල පවුල් පදිංචි කරන්න ඕනේ නැගෙනහිර පාලාතේ. ඉස්සර අවතැන් වෙලා හිට්ය සිංහලයෝ රාශියක් ඉන්නවා. ඒගොල්ලොන් නැවැත පදිංචි කරලා සහන සැලසුවා නම් හරි. වැඩේ කියන්නේ රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නේ නැති එකයි. මොකද පාලකයින් සිංහල වුනත් ඒ ගොල්ලොන්ට වැඩි වටිනාකමක් තියෙන්නේ ධනවත් අන් ජාතින් මිස බහුතරයක් හිටියත් සිංහල ජාතිය නෙවෙයි
     

    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    මේ සාශන විනාශය නවත්වන්න නම් කරන්න ඕනේ එක දෙයයි. සින්හල පවුල් පදිංචි කරන්න ඕනේ නැගෙනහිර පාලාතේ. ඉස්සර අවතැන් වෙලා හිට්ය සිංහලයෝ රාශියක් ඉන්නවා. ඒගොල්ලොන් නැවැත පදිංචි කරලා සහන සැලසුවා නම් හරි. වැඩේ කියන්නේ රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නේ නැති එකයි. මොකද පාලකයින් සිංහල වුනත් ඒ ගොල්ලොන්ට වැඩි වටිනාකමක් තියෙන්නේ ධනවත් අන් ජාතින් මිස බහුතරයක් හිටියත් සිංහල ජාතිය නෙවෙයි
    :yes: :yes: :yes: :yes:
    ආරක්ෂාවත් දෙන්න ඕනේ.