නැඟෙනහිර_ඉඩම්_මංකොල්ලය

Hitler Z Back

Member
Jan 15, 2010
1,372
137
0
ශ්‍රී ලංකාවෙ :D
නැඟෙනහිර_ඉඩම්_මංකොල්ලය

tagedi.jpg

නැඟෙනහිර ඉඩම් මංකොල්ලය

වසර තිහක්‌ රට පෙළු ඊළාම් ත්‍රස්‌තවාදයේ මූලික ඉල්ලීම වූයේ වෙනම භූමි ප්‍රදේශයකි. එම භූමි ප්‍රදේශය අත්පත් කර ගනු සඳහා ත්‍රස්‌තවාදයට පෙර පටන් බිහි වූ ව්‍යාපාර ද, න්‍යායයන් ද තිබුණේ ය. හැබැයි ඊටත් පෙර තිබුණේ ශත වර්ෂ ගණනාවක්‌ සිංහල, දෙමළ ජනතාව සමගියෙන් සහ සහජීවනයෙන් වාසය කළ දීර්ඝ කාලයකට අයත් පරිච්ඡේදයක්‌ ය. ඊටත් පෙර කාලය දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන් විසින් මෙහි ගෙන එනු ලැබූ සේනාවන්ගෙන් ශේෂ වූ පිරිස්‌ මෙහි ස්‌වදේශිකයන්ගේ ආධාර අනුග්‍රහ ඇතිව තම ජීවිත ආරම්භ කළ කාල පරිච්ඡේදයට අයත් ය. ඊටත් පෙර කාලය මෙරට විසූ ස්‌වදේශික ගෝත්‍ර ජනයාගේ කාල පරිච්ඡේදය විය. ඊටත් පෙර කාලය ප්‍රාග් ඓතිහාසික මිනිසාගේ කාලය වන අතර ඊටත් පෙර කාලය මිනිසාගේ සම්භවයට අදාළ කාලයට අයත් වන්නේ ය.

ඉතා දීර්ඝ ඉතිහාසයක්‌ මෙසේ ඉක්‌මන් හකුළුවා දැක්‌වීමකට ලක්‌ කරන්නට අපට සිදු වූයේ බොහෝ දෙනා විසින් අමතක කරනු ලබන, එහෙත් සාක්‍ෂි සහිතව ඔප්පු කළ හැකි ශ්‍රී ලංකාවේ උතුර - නැඟෙනහිර උරුමය පිළිබඳව සාකච්ඡා කරන්නට නොවේ.


සංවිධානාත්මක දෙමළ කණ්‌ඩායම් විසින් නැඟෙනහිර පළාතේ පිහිටි ඇතැම් විහාරස්‌ථානවලට සහ සිංහල ජාතිකයන්ට අයත් ඉඩම්වලට ව්‍යාජ ඔප්පු සකස්‌ කර ඒවා අත්පත් කර ගනිමින් සිටින තත්ත්වයක්‌ යළි උදා වී ඇති හෙයින් උතුර - නැඟෙනහිර සැබෑ ඉතිහාසය යන්තමින් හෝ සිහිපත් කර ගැනීම මේ මොහොතට අදාළව වුව ඉතා වැදගත් වන නිසා ය.


දැනට ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරන්නේ සංවිධානාත්මක දෙමළ කණ්‌ඩායම් විසින් මඩකලපුව ප්‍රදේශයේ සිංහල ජාතිකයන්ට අයත් සියලුම ඉඩම්වලට ව්‍යාජ ඔප්පු සකස්‌ කර ඇති බව ය. මේ සඳහා මෙම ප්‍රදේශවල සේවය කරන රාජ්‍ය නිලධාරින් ද පූර්ණ සහාය ලබා දී ඇති බව වැඩිදුරටත් සඳහන් වෙයි.


මෙම තතු අනුව පැහැදිලි වන්නේ, දැනට මඩකලපු ප්‍රදේශය පදනම් කොට ගනිමින් සිදුවන්නේ ඉතා ම සියුම් ලෙස ක්‍රියාත්මක වන ඉඩම් මංකොල්ලයක්‌ බව ය. මෙම ඉඩම් මංකොල්ලයට සම්බන්ධ හිටපු කොමසාරිස්‌වරයකු විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ මගින් අත්අඩංගුවට ගනු ලැබූ පුවතක්‌ ද තිබේ. එයට අනුව ඔහු සිංහල මිනිසුනට අයත්ව තිබූ රුපියල් කෝටි ගණනක්‌ වටිනා ඉඩම් ව්‍යාජ ඔප්පු සකස්‌ කිරීම මගින් වෙනත් අයට විකුණා තිබේ.


සාමාන්‍යයෙන් අනුන්ගේ ඉඩකඩම් පමණක්‌ නොව අනුන්ගේ රථවාහන පවා ව්‍යාජ ලිපි ලේඛන සකස්‌ කොට විකුණන්නෝ දකුණේ ද සිටිති. ඒ තක්‌කඩිකම පිටුපස තිබෙන්නේ සොරකම් කිරීමේ ෙච්තනාව පමණක්‌ නම්, මෙතැන දක්‌නට ලැබෙන වෙනස වන්නේ ඒ පිටුපස පවත්නා බෙදුම්වාදී දේශපාලනය ද වේ.


ශ්‍රී ලංකාව තුළින් ත්‍රස්‌තවාදය සහමුලින්ම තුරන්කර දැමුවද බෙදුම්වාදය තවමත් මෙහි සජීවමානය. ත්‍රස්‌තවාදය සඳහා ශක්‌තියක්‌ නැති බෙදුම්වාදී දේශපාලනඥයෝ ද, ඔවුන්ගේ බඩගැත්තරයෝ ද ඔවුනට උඩගෙඩි දෙන එන්.ජී.ඕ. යාචකයෝ ද අද වෙනත් වටයකින් බෙදුම්වාදයේ ජයග්‍රහණය උදෙසා කටයුතු කරමින් සිටින්නෝ ය.


ඔවුහු ඒ උදෙසා බටහිර බලවතුන් පසුපස නොනවත්වා ම දැවටෙති. ලෝකයේ සියලුම අන්තවාදී සංවිධානවල අනුකම්පාව ද අනුප්‍රාණය ද ලබති. විසිරී සිටින ඩයස්‌පෝරාවෙන් පඩි නඩි පමණක්‌ නොව බෝනස්‌ සහ දිරි දීමනා ද ලබති.


ඒ අනුව දැන් ශ්‍රී ලංකාවට එරෙහිව නිෂ්පාදනය වෙමින් පවතින්නේ ත්‍රස්‌තවාදීන් පමණක්‌ නොවේ. අමුතු අන්දමේ ඉතිහාසඥයෝ ද මාධ්‍යවේදීහු ද වෙති. මේ ඉතිහාසඥයන් ලෝකය පුරා ඇවිදිමින්ම තටමමින් ලියන ඉතිහාසයක්‌ තිබේ. ඔවුනටත් ඔවුන් උපුටා ලියන මාධ්‍යවේදීන්ටත් අනුව උතුර - නැඟෙනහිර යනු බෙදුම්වාදීන්ගේ සහ ඊළාම්වාදීන්ගේ නිජබිම ය. සාක්‍ෂියක්‌ සඳහා සපයා ගත හැකි එක නටබුන් කැබැල්ලක්‌ නැති වුවද, ඔවුහු තම සිහින අහස්‌ මාලිගාවල නටබුන් වලාකුළු අතරින් ගෙන පෙන්වන්නෝ ය.


දැනට කරළියට එන සහ යන නැතහොත් මතුවන සහ යටපත් වන 13 වැනි සංශෝධනය නමැති කෙමන ද තත්ත්වය තවත් බරපතළ කරනු දැකිය හැකි ය.


සමාජ සාධාරණත්වය, මානව හිමිකම් ආදී වශයෙන් කුලප්පු වී සිටින කිසිවකුත් ඒ සියල්ලන්ගේ දැස්‌ ඉදිරිපිටම මේ සිදුව තිබෙන මංකොල්ලය ගැන කතා නො කරති. තම රාජ්‍යයේ ශක්‌තිය හා බලය පවත්නා තත්ත්වයන් තුළ ම තම රටේ ම සරණාගතයන් බවට පත්වීමට නියමිත අහිංසක මිනිසුන් මහත් සංඛ්‍යාවක්‌ පිළිබඳ පුවත මඩකලපුව රජයේ කාර්යාල තුළ සැඟවී තිබෙන්නේ ය.



දිවයින