විනය කඩවුනා කියලා ඔප්පු කරනවා නම් විනය නීතියක් තියෙන්න ඕන. විනය නීතියට අනුව විනයානුකූල වෙන්නෙ මොනවගේ හැසිරීම්ද? එහෙම නොවෙන්නේ මොන වගේ හැසිරීම්ද කියලා වෙන් කරගන්න පුළුවන් වෙන්න ඕන. ඔතන කියන සින්දුවේ කුණුහරුප නෑ, නටන ගෑණුන්ගේ ඉරියව්ව අසන්වරයි කියන්න සාධක නෑ. e.g. පුක වනනකොට මොන පැත්තට, මොන තාලෙට වැනුවොත්ද ඒක සන්වර, මොන තාලෙටද සන්වර නැත්තේ කියන්න නීතියක් නැත්තන්, විනය විරෝධී කියලා විනය ක්රියාමාර්ග ගන්න බෑ.
සිවුර කරේ තියන්, රෙදි උස්සන්, "අපේ හන්දුරුවනේ" කියාගෙන නඩු කියන්න ගියත්, ගිය පයින්ම ආපහු එන්න විතරයි වෙන්නේ. හැසිරීමේ විනය විරෝධී බව තහවුරු කරන්න සාධක නෑ. කවුරු හරි නීතිය දන්න එකෙක් කියන්නැති ඉල්ලන් ටින්කිරි ගාගන්නෙපා කියලා.
කලින්ම විනය විරෝධී ඉරියව්, ඇඳුම්, සින්දු, එහෙමත් නැත්තන් කොහොමද දෙයක් විනය විරෝධී කියල අඳුනගන්නේ කියලා කොන්දේසි දීලා තියෙනවා නම් ඒකට අනුව විනය විරෝධී නම් තීරණ ගන්න පුළුවන්. e.g. දළදා මාළිගාවට යනකොට අඳින්න ඕන ඇඳුම මොන වගේද කියල තියෙනව සහ දණහිසෙන් පහලට වෙන්න ඕන කියල මිනුමක් දීල තියෙනවා. ඒ වගේ වෙලාවකදී කොට ඇඳුමක් විනය විරෝධී කියල හරි නීති විරෝධී කියල හරි වර්ගීකරණය කරන්න පුළුවන් උනත් ඔතන එහෙම දෙයක් හොයාගන්න අමාරුයි.