නැතිවූ dll files සොයාගැනීම

badkitty

Member
Oct 29, 2009
16
4
0
Gampaha
නැතිවූ dll files සොයාගැනීම

dllcity-free-dll-files.jpg


අපට බොහෝ විට Torrentz වලින් බාන ලද games play කරන විට d3dx9 25.dll is missing වැනි පණිවිඩ බොහෝ විට දක්නට ලැබේ. එම අදාල dll file එක නැතිනම් එම game එක play කල නොහැක. බොහෝ විට virus ප්‍රහාරයකදී මෙය සුලහ වශයෙන් දක්නට ලැබේ. මෙහෙයුම් පද්ධතියේ ඇති සමහර වැඩසටහන් හරි ආකාරව ක්‍රියාකරන්නේ නැත. එවිට බොහෝ විට අප කිරීමට පුරුදු වී සිටින්නේ format කර නැවත මෙහෙයුම් පද්ධතිය install කිරීමටය. මෙය කරදරකාරී ක්‍රියාවකි. අපට එසේ නොකර මෙම ගැටලුව විසඳා ගැනීමට ක්‍රමයක් ඇත. එය නම් අදාල missing වූ dll file එක නැවත ස්ථාන ගත කිරීමයි. ඊලඟ ගැටලුව මෙම missing වූ dll files සොයාගන්නේ කෙසේද යන්නයි. මෙයට පහසුම සහ බොහෝ දෙනා කරන ක්‍රමය නම් අදාල dll file එකේ නම google search එකක් දැමීමයි. නැතිනම් මෙම missing වන dll files නොමලේ ලබාදෙන වෙබ් අඩවි ඇත. එම වෙබ් අඩවියකට ගොස් තමන්ට වුවමනා dll file එකේ නම type කර සෙවුමක් දැමූවිට එම dll file එක download කරගත හැක. දැන් කිරීමට ඇත්තේ එම download කරගත් dll file එක අදාල ස්ථානයට paste කිරීම පමණි. බොහෝ විට missing වන dll files ඇත්තේ C:\Windows\System32 යන ස්ථානයේය. අදාල dll file එක system 32 folder එක තුලට paste කරන්න.

තවත් මෙවැනි ලිපි සඳහා පිවිසෙන්න

පහත ඇත්තේ DLL Files ලබාදෙන වෙබ් අඩවි කීපයකි.
http://www.dll-files.com
http://www.afreedll.com
http://www.dlldll.com
http://dllcity.com
 
Last edited: