නැන්දම්මගෙන් බෑනාට
ඉපදිච්චි දා පටන් විසිපහක් එක දිගට
එලිවෙච්චි වෙලේ හිට වද දුන්න ඕකි මට
ගතවෙච්චි කල දවස හොරැහින්ම ඉර හඳට
සුදු හිච්චි මයෙ කෙල්ල අද ඉඳල ඈ උඹට
බලාපිය හැඩකාරි වගේමයි ඇගෙ අම්ම
තාම හරි දඟ කාරි පිස්සු වැඩ නෑ නිම්ම
විකාරෙන් දඟලාවි නොදුන්නොත් නම් උම්ම
කොල්ලො මේ අහගං මං උඹේ නැන්දම්ම
තනි ගමන් නොයවපන් රෑ පානෙ ගොම්මනේ
බයගුල්ලි දනිමි මම මං ඉතින් අම්මනේ
කම්මැලී ඇහැරෙන්න පාන්දර පින්නනේ
ඉවසපන් මයෙ බෑනො තාම පොඩි කෙල්ලනේ
කෑම නම් පංකාදු කාලාම බලහං
පපඩමක් බැද්දත් පුදුම සුවඳක් බං
වැරැද්දක් දැක්කොත් ආදරෙන් කියහං
බලෙන් හරි පොවහං බෙහෙත් නං අරහං
පීනන්න ගස් යන්න කොල්ලො උඹ අනාතයි
බයිට් චොකලට් කන්න මේකි හරි පෙරේතයි
මග තොටේ ගෙනියද්දි නම් ටිකක් විනීතයි
පිට ගෑනු දෙස බලා අහු උනොත් කුජීතයි
සතියකට එක ගානෙ ඇඳුම් නම් ඉල්ලාවි
පොඩ්ඩ බැරිවෙද්දි උඹෙ බෙල්ලෙන්ම අල්ලාවි
වරු ගනන් එකදිගට නෝක්කඩු කියවාවි
ඉවසාන හිටියොතින් උඹ මත්තෙ මියැදේවි
ඉඳහිටල දවසක් මෙහෙ ගෙනත් දාපං
මෝඩකං කෙරුවොත් ටිකක් සැර කොරහං
පෝදාට සිල්ගන්න යාවි ඉඩ ඇරහං
වඳින්නම් බෑනො මයෙ පන කෙන්ද රැකහං
ඉපදිච්චි දා පටන් විසිපහක් එක දිගට
එලිවෙච්චි වෙලේ හිට වද දුන්න ඕකි මට
ගතවෙච්චි කල දවස හොරැහින්ම ඉර හඳට
සුදු හිච්චි මයෙ කෙල්ල අද ඉඳල ඈ උඹට
බලාපිය හැඩකාරි වගේමයි ඇගෙ අම්ම
තාම හරි දඟ කාරි පිස්සු වැඩ නෑ නිම්ම
විකාරෙන් දඟලාවි නොදුන්නොත් නම් උම්ම
කොල්ලො මේ අහගං මං උඹේ නැන්දම්ම
තනි ගමන් නොයවපන් රෑ පානෙ ගොම්මනේ
බයගුල්ලි දනිමි මම මං ඉතින් අම්මනේ
කම්මැලී ඇහැරෙන්න පාන්දර පින්නනේ
ඉවසපන් මයෙ බෑනො තාම පොඩි කෙල්ලනේ
කෑම නම් පංකාදු කාලාම බලහං
පපඩමක් බැද්දත් පුදුම සුවඳක් බං
වැරැද්දක් දැක්කොත් ආදරෙන් කියහං
බලෙන් හරි පොවහං බෙහෙත් නං අරහං
පීනන්න ගස් යන්න කොල්ලො උඹ අනාතයි
බයිට් චොකලට් කන්න මේකි හරි පෙරේතයි
මග තොටේ ගෙනියද්දි නම් ටිකක් විනීතයි
පිට ගෑනු දෙස බලා අහු උනොත් කුජීතයි
සතියකට එක ගානෙ ඇඳුම් නම් ඉල්ලාවි
පොඩ්ඩ බැරිවෙද්දි උඹෙ බෙල්ලෙන්ම අල්ලාවි
වරු ගනන් එකදිගට නෝක්කඩු කියවාවි
ඉවසාන හිටියොතින් උඹ මත්තෙ මියැදේවි
ඉඳහිටල දවසක් මෙහෙ ගෙනත් දාපං
මෝඩකං කෙරුවොත් ටිකක් සැර කොරහං
පෝදාට සිල්ගන්න යාවි ඉඩ ඇරහං
වඳින්නම් බෑනො මයෙ පන කෙන්ද රැකහං

hehe