නැන්දම්මා

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේ පළාතට එන්නෙ නෑ

    අවුසදහාමි ගොවි මහතා තම එළදෙනගෙන් කිරි දොවමින් සිටියදී කුලප්පු වූ හරකෙක් පිඹිමින් ඒ දෙසට දුවගෙන ආවේය. හේ කිසිදු කලබලයකින් තොරව කිරි දොවමින් සිටිනු දුටු ඔහුගේ බිරිය අගිදහාමි කෑ ගසා මෙසේ කීවාය.


    ”ඔය හරකා කුලප්පු වෙලා. ඉක්මනට ගෙට වරෙල්ලා”


    ”බයවෙන්ඩ එපා හාමිනේ. මේ එළදෙන ඉන්න පළාතකටවත් ඔය හරකා එන්නෙ නැහැ.” අවුසදහාමි කිරි දොවන ගමන්ම බාගෙට හිනාවෙමින් කීවේය.


    ”ඇයි ඒ මොකද?” අගිදහාමි විමතියෙන් විමසුවාය.


    ”මේකි උගෙ නැන්දම්මා” අවුසදහාමි කීවේය.


    :shocked:
    :eek:

    --------------------


    දෙන්නම බීලා හිටියෙ


    ”මට පොඩ්ඩක්වත් මතක නැහැ, මම තමුසෙගෙන් රුපියල් 500ක් ණයට ගත්තයි කියල.” නසාර් කීවේ තමාගෙන් මාසයකට පෙර ණයට ගත් රු.500 පිළිබඳව වීරකෝන් මතක් කළ අවස්ථාවේදීය.


    ”තමුසෙ ඒ වෙලේ හොඳටම බීලා හිටියෙ” වීරකෝන් කීවේ කෝපයෙනි.


    ”හරි.. දැන් මට මතක්වුණා., මං ඒක තමුසෙට ආපසු දුන්නා” නසාර් හිස වනමින් කීවේය.


    ”මොනවා...? ඒ කවදද? එහෙම එකක් වුණේ නැහැ” වීරකෝන් දත් සපමින් කීවේය.


    ”මොකෝ නැත්තෙ? ඒ වෙලේ තමුසෙ හොඳටම බීලා හිටියෙ” නසාර් ගණනකට නැතිව කීවේය.


    :growl:


    --------------------


    ඇත්ත වෙන්නෙ කොහොමද?


    ”අපෙ ගෑනි මහ බොරු කාරියෙක් බං” බස් රථයේදී හමුවූ ගුණතිලක තම මිතුරු ගුරුසිංහ සමඟ කීවේය.


    ”ඒ මොකද?” ගුරුසිංහ ඇසුවේ පුදුමයෙනි.


    ”ඊයෙ රෑ එයා ගෙදර ආවේ මම ඇවිල්ලත් පැය භාගයක් විතර ගියාට පස්සෙ. මං ඇහැව්වා මෙච්චර රෑ වෙනකම් තමුසෙ කොහෙ ගියාද කියල. එයා කියපි, එයා රෑ වෙනකම් හිටියෙ කුමාරිත් එක්ක කියල” ගුණතිලක කෝපයෙන් කීවේය.


    ”ඉතින් ඒක ඇත්ත වෙන්ඩ බැරිද?” ගුරුසිංහ ඇසීය.


    ”ඇත්ත වෙන්නෙ කොහොමද? මම හවස් වරුවෙම හිටියෙ කුමාරි එක්කනෙ” ගුණතිලක කීවේය.


    :lol:


    --------------------


    කොහොම හූ කියන්නද?


    නාට්‍ය නිෂ්පාදකවරයෙක් කල්යල් බලා අලුත් නාට්‍යයක් නිෂ්පාදනය කොට වේදිකා ගත කළේය. මංගල දර්ශනය සඳහා ආරාධනා ලැබූ විකල්ප පුවත්පතක කලා පිටුව සැකසූ මාධ්‍යවේදියකු නාට්‍ය දර්ශනය අවසන් වීමෙන් පසු නිෂ්පාදකවරයා හමුවී මෙවැනි අවර ගණයේ නාට්‍යයක් නිපදවූයේ මන්දැයි විමසුවේ නාට්‍යය ඉතා තියුණු ලෙස විවේචනය කරමිනි.


    ”ඔයා ඔහොම කිව්වට කිසිම ප්‍රේක්ෂකයෙක් අපේ නාට්‍යයට හූ කිව්වේ නැහැනෙ.” ඔහුගේ විවේචනය පිළිගැනීමට අකැමැති වූ නිෂ්පාදකවරයා වමතින් නිකට අතගාමින් කීවේය.


    ”ඈනුම් අරින ගමන් හූ කියන්න බැහැනෙ” මාධ්‍යවේදියා පිළිතුරු දුන්නේය.


    :nerd:


    --------------------


    සිග්නල් මොකටද?


    කළුවර රාත්‍රියක, පාළු පාරක මනෝ හුදෙකලාව තම රථයේ ගමන් කරමින් සිටියදී ඔහුගේ රියේ ඉදිරිපස ලාම්පු හදිස්සියේම ක්‍රියාවිරහිත විය. කුමක් කරන්නේදැයි මොහොතක් කල්පනා කරමින් සිටි හෙතෙම තමා පසුකොට ඉදිරියට ඇදෙන රියක පිටුපස රතු එළිය හදිසියේම දුටුවේය. ඔහු වහා ක්‍රියාත්මකව එම රථය පිටුපසින් තම රිය පදවාගෙන ගියේය.


    ටික වේලාවක් එසේ පදවාගෙන ගිය ඉදිරිපස රථය කිසිදු සංඥාවකින් තොරව එක්වරම නතර කළේය. මනෝ එවැන්නක් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ බැවින් ඔහුගේ රිය දඩාස් ගා ඉදිරිපස රියේ ගැටුණි.


    ”සිග්නල් නොදා මහපාරක ඔහොම එක පාරටම වාහන නවත්වන්නෙ මොන බූරුවද ඕයි!” ඔහු තම රියෙන් හිස පොවා ඉදිරිපස රියේ රියැදුරාට බැණවැදුණේය.


    ”මගෙ ගරාජ් එකේ මගෙ කාර්එක නවත්වන්නෙ මට සිග්නල් මොකටද ඕයි?” දොර හැර ගෙන මනෝ වෙත ආ ඉදිරිපස රිය පැදවූ තැනැත්තා ඇසීය.


    :growl::eek:
    silumina