නැන්දේ කැත කුණු මුත්තා පුදන්

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කසල සාමාන්‍ය දිවියේ දී අපට මහත් හිසරදයකි එහෙත් අලුත් අවුරුදු උත්සවයේදී කුණු අමුත්තා පිදීම නැමති සිරිතක් සමහර ප්‍රදේශවල දැකගත හැක. නොනගත කාලය එළඹෙන්නට පෙර නිවසේ මුළුතැන්ගෙය අස්පස් කර අතුගාගත් කුණු ලිපේ අගුරු සමග එකතු කර එය‍ට පිසූ කැවිලි කීපයක් ද තබා නිවස පිටුපස වත්තේ ගසක් මුල තබයි. මෙය කුණු මුත්තා පිදීම යනුවෙන් හදුන්වයි.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,398
    113
    images


    නැන්දේ.... කැත කුණු මුත්තා හම්බ වුණා 👆
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,641
    100,901
    113
    මේ වගේ ඒව තව ඇති නේ.

    සංස්කෘතිය ලයිව් දෙයක් කියන්නේ ඒක තමා. දැන් ගෙවල් වල අගුරු එහෙම නැති නිසා මේ වගේ ඒව ටික ටික අඩු වෙලා යනවා.
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    මමත් කලා ..... දර ලිප තිබුණ කාලේ ... දැනට අවුරුදු 8 ක් විතර ඇති නවත්තල....

    දර ලිපේ ගල් ටික අයින් කරල .. අලු ටික කොලපතකට දාල . අඟුරු ටික උඩින් තියල ... ලිප අතුගාන පරන ඉලපත කොලපතේ පැත්තකින් තියල .... පරණ රෙදිකෑල්ලකින් (කඩමලුව) ටිකක් ලොකු තිරයක් අඹරල පොල්තෙල් පොඟවල පත්තු කරල අඟුරු උඩින් තියල ගහක් හෙවනෙ තියල වඳිනව .... ඕක තියෙනකොට ගිනි නොගන්න විදිහට තියන්න ඕන..

    ඊට පස්සෙ පෝරණුව මැටිගාල ලස්සනට හදනව ..... අලුතින් ලිප හදන්නෙ නැකතට කිරි උතුරවල කිරිබත් උයන්න.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    අපේ තාත්ත වෙනම ගොට්ටක් හදල ඒකට කැවිලි අනම් මනම් වලින් ටික ටික දාල එළියෙන් තියනවා අවුරුදු කුමාරයට කියල..
    අම්ම පොඩි රෙදි කෑල්ලකට කෑම ජාති ටිකක් දාල කාසිත් දාල ගැටගහල ලිඳට දාල අළුත් වතුර එකක් ගන්නව ලිඳ අලේ කරන්න කියල