කසල සාමාන්‍ය දිවියේ දී අපට මහත් හිසරදයකි එහෙත් අලුත් අවුරුදු උත්සවයේදී කුණු අමුත්තා පිදීම නැමති සිරිතක් සමහර ප්‍රදේශවල දැකගත හැක. නොනගත කාලය එළඹෙන්නට පෙර නිවසේ මුළුතැන්ගෙය අස්පස් කර අතුගාගත් කුණු ලිපේ අගුරු සමග එකතු කර එයට පිසූ කැවිලි කීපයක් ද තබා නිවස පිටුපස වත්තේ ගසක් මුල තබයි. මෙය කුණු මුත්තා පිදීම යනුවෙන් හදුන්වයි.

