නැවතත් ගුපියො ජ්‍යාත්‍යන්තරයට යයි

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    Post this to r/feminism, r/WitchesvsPatriachy, r/NotHowGirlsWork, r/twochromosomes on reddit maybe she can squeeze some dollars out of angry feminists, if someone gonna post this mention that there are able bodied men at her house not willing to work, that way the bag will be much heavier
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113

    ජාතික රිටි පැනීමේ ශූරිය රටත් රිටත් අතහැර මැදපෙරදිග ගෘහ සේවයට​


    7/23/2023 11:04:00 AM

    The-national-pole-vaulting-champion-left-her-c‎ountry-and-country-to-work-as-a-domestic-worker-in-the-Middle-East

    කාන්තා රිටි පැනීමේ ඉසව්වේ ජාතික ශූරිය වන සචිනි කෞෂල්‍යා පෙරේරා රිට පමණක් නොව රට ද හැරදා ගොස් අවසන්ය. ඇය උපන් රට හැර මැද පෙරදිග බලා පිටත්ව යන්නේ අන්තර් ජාතික මට්ටමේ තරගාවලියකට සහභාගිවී පදක්කමක් දිනා ගැනීම පිණිස නම් රටක් ලෙස එය අපට සතුට දනවන කරුණක් වනු ඇත.
    එහෙත් එය එසේ සිදුවී නැත. ජාතික රිටි පැනීමේ ශූරිය උපන් රට හැරදා නොරට ගොස් ඇත්තේ ගෘහ සේවය පිණිසය. ගෙදරදොර රජ කරන ආර්ථික අහේනියට පිළියමක් පිණිස රටක් වටිනා දියණියක් සිය ශ්‍රමය විකිණීම පිණිස මෙරට හැර යන්නේ වෙනත් කළ හැකි යමක් නොවූ තැනය.
    |
    සිය මහලු මවගේ රෝගී ජීවිතය සුවපත් කිරීම පිණිස බෙහෙත්, විටමින් ආදිය ගෙදරට ලැබෙන්නේ ඇය ඈත මැදපෙරදිග ගෘහ සේවයෙන් උපයන මුදලින්ය. මෙරට රිට පැනීමේ ශූරිය ලෙස අවස්ථා ගණනාවක දී කිරුළු පැලඳි සචිනි කෞෂල්‍යාගේ වත්මන් කතාව ලියවෙන්නේ ඒ ආකාරයෙන්ය. රිදුම් උපදවන සුළු ඒ කතාව ඉකුත් දින කීපය පුරා මෙරට විiුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් රට හමුවේ හෙළිදරව් කරනු ලැබුවේය. එහෙත් ඇයට ඉන් අත්වූ සෙතක් තවමත් දකින්නට නැත. මෙම සටහන තබන මොහොත වනවිට ද ශ්‍රී ලංකා රිටි පැනීමේ ජාතික ශූරිය ලෙස කිරුළු පලඳින ලද සචිනි කෞෂල්‍යා පෙරේරා මැද පෙරදිග ගෘහ සේවයේය.


    සචිනි මැද පෙරදිග ගෘහ සේවයට පිටත්ව යෑමට පෙර ඇයගේ ලොකුම සිහිනය බවට පත්ව තිබී ඇත්තේ රිටි පැනීමේ ඉසව්වෙන් අන්තර් ජාතික මට්ටමේ පදක්මක් මව් රට වෙත රැගෙන ඒමය. ඇයට විඳින්නට සිදුවූ අනන්වත් ආර්ථික අගහිඟකම් හේතුවෙන් ඒ සිහිනය තව දුරටත් සැබෑවක් බවට පත්වන්නේ නැත.

    ලක් මවගේ ආඩම්බරකාර දියණියක් ලෙස 2020 වසර ජාතික මලල ක්‍රිඩා උළලේ දී රිටි පැනීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් තබන 22 හැවිරිදි සචිනි කෞශල්‍ය පෙරේරා ජාතික මලල ක්‍රීඩා පිටිය දිග් විජය කරන අතර ඊට පෙර ඇය ජිම්නාස්ටික් ක්‍රිඩිකාවක් ලෙස දෙස්, විදෙස් හි දස්කම් දක්වා ඇත. පාසල් මට්ටමේ සිට සමස්ථ ලංකා ජිම්නාස්ටික් ශූරතාවය හිමි කර ගන්නා සචිනි 2014 වසර ස්කොට්ලන්තයේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට මෙරට නියෝජනය කරමින් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක් ලෙස ඉදිරිපත් වීමේ භාග්‍ය හිමි කරගත් අතර ඒ වනවිට ඇයට අවුරුදු 15 කි. එවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රිඩා උළෙල නියෝජනය කළ මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර ළාබාලතම ක්‍රීඩිකාව බවට පත්වන්නේ ද අද මැද පෙරදිග ගෘහ සේවයේ නිරත සචිනි කෞෂල්‍යා පෙරේරා ය.

    රිටි පැනීමේ ජාතික ශූරිය බවට පත්වෙමින් අනතුරුව පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් සචිනි විසින් ප්‍රකාශ කරන ලද අදහස්වලට අනුව සචිනි ජිම්නාස්ටික් ක්‍රීඩාව අතහැර රිටි පැනීමේ ක්‍රීඩාව පිණිස යොමු වන්නේ 2016 වසරේ දී ය. රිටි පැනීමේ පුහුණුව සඳහා යන තම මිතුරියකගේ තනි නොතනිය පිණිස යන සචිනි එහිදී මෙරට සිටි කියුබානු ජාතික රිටි පැනීමේ පුහුණුකරුවකු හඳුනාගන්නා අතර සචිනිගේ ක්‍රීඩා ජීවිතය වෙනස් මාවතක් වෙත යොමු වන්නේ ඉන් අනතුරුවය. ලුවිස් මිරෙන්ඩා නම් කියුබානු පුහුණුකරු යටතේ කෙටි කලක් පුහුණුව ලබන සචිනි ඉන් අනතුරුව ඒ. කේ. එස්. ගුණරත්න නම් ප්‍රවීණ පුහුණුකරු යටතේ රිටි පැනීමේ ක්‍රීඩාව ප්‍රගුණ කරන අතර ඉන් වසර 04කට පසු ඇය මෙරට රිටි පැනීමේ ජාතික ශූරිය බවට පත්වන්නේ කෙටි කලක් තුළ කරන ලද ඉමහත් කැපකිරීම හේතුවෙන්ය.


    2018 වසර මීටර් 03යි සෙන්ටිමීටර් 40ක උසක් පැන ජාතික රිටි පැනීමේ ශූරිය බවට පත්වන ඇය ඉන් අනතුරුව ආරක්‍ෂක සේවා තරගාවලියේ රිටි පැනීමේ ඉසව්වෙන් මීටර් 03යි සෙන්ටිමීටර් 40ක් පැන වාර්තා පොතට එක් වන අතර ඇගේ දක්ෂතාවයෙන් ඉන් නතර වන්නේ නැත. තෙවරක් මෙරට රිටි පැනීමේ ශූරිය ලෙස වාර්තා පොතේ අතරට එකතුවන සචිනිට යම් හෝ තරගයක් ලබාදිය හැකි ක්‍රීඩිකාවක් ඒ වනවිට මෙරටින් වාර්තා නොවීම ද සචිනිගේ ක්‍රීඩා දිවියේ පැවැති තවත් විශේෂ කරුණක්ය. ඒ අනුව සචිනිගේ ඊළඟ බලාපොරොත්තුව බවට නිරායාසයෙන් පත්වන්නේ උපන් බිමට අන්තර් ජාතික පදක්කමක් රැගෙන ඒමය. රිටි පැනීමේ කෙතරම් සමත්කම් දැක්වුවද ආර්ථිකය නම් බාධකය බිඳ පෙර ගමන් යෑමට සචිනි වාසනාවන්ත වූයේ නැත.

    මගේ අම්මයි තාත්තයි රෑට බිස්කට් එකක් කාල ප්ලේන්ටියක් බීල හිටිය දවස් තිබුණා. මොකද මගේ පුහුණුවීම් සඳහා ලොකු වියදමක් ගෙදරට දරන්න වුණා. තාත්තා රැකියාව කළේ ජාතික සත්වෝද්‍යානයේ. අම්ම රැකියාවක් කළේ නැහැ. මගෙ අයිය පුද්ගලික ආයතනයක රැකියාවක් කළා. මාව මේ තරම් දුරක් අරන් එන්න ලේසි වුණේ නැහැ.

    මීට වසර දෙකකට පෙර පුවත්පත් සාකච්ඡාවකට සහභාගි වෙමින් සචිනි අදහස් දක්වා සිටියේ ඒ ආකාරයෙන්ය. එහෙත් එම අදහස් අදට ගළපා බලන කල තත්ත්වය හාත්පසින් වෙනස්ය. ගෙදර දොර ආර්ථික දුෂ්කරතා විසින් සචිනි ඇතුළු ඇගේ පවුලේ අනිකුත් සාමාජිකයන් වෙත බොහෝ කෙනෙහිලිකම් සිදු කොට අවසන්ය.

    ඒ බව පැවසීම පිණිස සචිනි මේ වනවිට මෙරට නැත. නැවත වතාවක් ලියමි. ඇය ගෘහ සේවය පිණිස මැද පෙරදිග ගොස් ඇත. මෙවර සිය දියණිය පිළිබඳ හැඬූ කඳුළින් අදහස් දක්වා සිටින්නේ සචිනිගේ මව විසින්ය. ලෙඩ ඇඳේ ඔත්පලව පසුවන සචිනිගේ මව සඳහන් කර සිටින්නේ කුඩා කල පටන් තම දියණිය ක්‍රීඩාවට සමත්කම් දැක්වූ බවත් ඇයට අත දීම සඳහා කිසිවෙක් ඉදිරිපත් නොවීම හේතුවෙන් ඇය රට හැර මැදපෙරදිග ගෘහ සේවයට යෑමට තීරණයක් ගත් බවත්ය.

    මැද පෙරදිග ගෘහ සේවය යනු අනවරථ දුක් වේදනා මැද ගෙවෙන ජීවිතයක්ය. මෙරට සිය දහස් ගණනින් කාන්තාවන් ඒ තිත්ත රස අත්විඳිමින් සිටින බව ද නොරහසක්ය. රටක් රනින් සැරසීමට තරම් ක්‍රීඩාවෙන් දක්‍ෂතා දැක්වූ සචිනි ද මේ වනවිට මැද පෙරදිග දුක් දොම්නස් පිරුණ ජීවිතයක හිමිකාරියක් බවට පත්ව අවසන්ය. එහෙත් ඇය ඒ පිළිබඳ කිසිවෙකුට දොස් පවරන්නේ නැත. ශාප කරන්නේ නැත. ඉකුත් දින මෙරට සමාජ මාධ්‍යයට අදහයස් දක්වමින් සචිනි කෞෂල්‍යා පෙරේරා පවසන ලද අදහස් කීපයකින් මෙම සටහන නිමා කරන්නේ ක්‍රීඩාවෙන් ඇය ලද ශික්ෂණය කොතරම් දැයි රට මුවේ පැහැදිලි කිරීම පිණිසය.


    ‘මම ඉල්ලුවේ රජයෙන් පුහුණුවීමක් හෝ ජාත්‍යන්තර තරගාවලියක් සඳහා අවස්ථාවක්. එයින් මට අවශ්‍ය වුණේ අත්දැකීමක් ගන්න. ඒක කුඩා තරගාවලියක් වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාව ඇතුළේ මම මීටර් 3.50ක් පනිනවා. දෙවැනි තැනට හිටපු කෙනා 3.20ක් තරම් උසක් පනිනවා. මට එතැන තරගයක් නෑ. ඒ හින්දා මම ඉල්ලුවේ මගේ හැකියාව වැඩි කරගන්න කුමන හෝ සහයෝගයක් දෙන්න කියලා පමණයි. නමුත් මට සාධාරණයක් වුණේ නෑ. ගෙදර ප්‍රශ්නත් එක්ක තවදුරත් ක්‍රීඩාව කරලා තේරුමක් නෑ කියලා මම තීරණය කළා. මෙතැනින් පස්සෙවත් ක්‍රීඩකයන්ට රට හැර නොයන විදිට අපි රට හදමු. ඒ අයට ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න පහසුකම් හදලා දෙමු. එච්චරයි මම ඉල්ලන්නෙ.’

    උපන් රටට බර වැඩි වූ ඇය නොරට සිට ඉල්ලා සිටින්නේ මෙතැන් සිටවත් ක්‍රීඩාව නඟා සිටුවීම පිණිස අවශ්‍ය තීන්දු තීරණ ගත යුතු බවත් රටක් ආලෝකමත් කළහැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හොඳින් රැකබලා ගතයුතු බවත්ය. රටට බර වැඩි වූ ඇය දුරු රට සිට වුවද දකින සිහිනය බවට පත්ව ඇත්තේ තමන්ට වූ විපත වෙනත් කිසිවකුට සිදුනොවනු දැකීමය.

    රුවන් ජයවර්ධන (Sunday Divaina)
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ithin salli nath nam monawa karannada, mama badu gewanne riti panina ayata salli denna neme. sport karan a ona nam sponsors la hoyagena karanna salli nath nam. nath nam uwamanawak thina aya thamange salli denna ona. sport,art, religions kiyanne pawudhgalika dewal , ewata badu salli yodawanna bha, ona aya innawa nam thamange salli gihin denna.
     
    • Like
    Reactions: 2osama

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ithin salli nath nam monawa karannada, mama badu gewanne riti panina ayata salli denna neme. sport karan a ona nam sponsors la hoyagena karanna salli nath nam. nath nam uwamanawak thina aya thamange salli denna ona. sport,art, religions kiyanne pawudhgalika dewal , ewata badu salli yodawanna bha, ona aya innawa nam thamange salli gihin denna.
    Rocket ekak yawwa 320 million dollars aulak nane
    images
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,645
    75,690
    113

    Owa godak welata lankawe kauru hari push karala publish karana ewa. Radical ponnayo itin owa karey tiyan duwanawa.

    Danne nathi unta kiyanna tiyenne bankrupt wechcha sportsmanla inanwa lokey innawa ona taram. Ronaldhinio balapan. Mewa magic newi. unta wenne salli hambena kaaley (max 40yrs wenakan) pissu kelala itapase waley wal natuwa inne.

    Lankawe sports kara kiyala unge jiwitha kaalema pinata kanna bonna denna bane. Un danaganna ona job karala ewalin jiwath wenna, nathan business karanna. Also mey gaanunta aduma gaane medal ekakwath ganna level ekey naneda? kohamada ehemanam un revenue generate karanne? sponsorship deela nikan kanna denna pissuda ban?

    Anyway owa adhaala ne radical huththige puthalata. lankaawa chatar karanna tiyenawanam unta wena deyak ona ne :sneaky: :sneaky:
     
    • Like
    Reactions: lilman

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    ලංකාවේ මොකක් හෝ ක්‍රීඩාවක ජාතික ශූරිය වෙන රටක ගෘහ සේවයට යනවා කියන එක ඔච්චර කෑ ගහන්න දෙයක් වෙන්නේ කොහොමද? ලංකාව ඇතුළෙම ක්‍රීඩා වලට දක්ෂයො පුද්ගලික අංශයේ සමහර සමාගම් වලට ගන්නවා ඒත් අධ්‍යාපන සුදුසුකම් බලලා. අනික ඒක මෙයාගේ පුද්ගලික කැමැත්ත. මෙයා වේවා වෙනත් කෙනෙක් වේවා මොකක් හෝ ක්‍රීඩාවක ජාතික ශූරයා කියලා වෙන්න ඕන ඒකට අවශ්‍ය අවස්ථාවන් ගන්න උදව් කරන එක මිසක් ඒ ක්‍රීඩකයාව රජයෙන් නඩත්තු කරන එක නෙවෙයි. වෙන්න ඕන මෙයාට ක්‍රීඩා සම්බන්ධ ‍රැකියාවකට යන්න යම් සහයක් දෙන එක. ඒක පිළි ගන්න පුළුවන්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,629
    72,840
    113
    මාලඹේ
    ක්‍රීඩා කරපු පලියට ඒ අයගේ ගෙවල් වල ප්‍රශ්න අපේ බදු මුදලින් විසදලා දෙන්න ඕනේ ද
     
    • Like
    Reactions: NiyamaSinhalaya

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ක්‍රීඩා කරපු පලියට ඒ අයගේ ගෙවල් වල ප්‍රශ්න අපේ බදු මුදලින් විසදලා දෙන්න ඕනේ ද
    සුසන්තිකාටත් ඉස්සෙල්ලා රජයේ සිශ්‍යත්වයක් දීලා නෑ, ස්පොන්සර් කරන් ගිහිල්ල තියෙන්නේ. පස්සේ තමයි ක්‍රීඩා අමාත්‍යංශයෙන් දීලා තියෙන්නේ.
     
    • Like
    Reactions: Cypress

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ලංකාවේ මොකක් හෝ ක්‍රීඩාවක ජාතික ශූරිය වෙන රටක ගෘහ සේවයට යනවා කියන එක ඔච්චර කෑ ගහන්න දෙයක් වෙන්නේ කොහොමද? ලංකාව ඇතුළෙම ක්‍රීඩා වලට දක්ෂයො පුද්ගලික අංශයේ සමහර සමාගම් වලට ගන්නවා ඒත් අධ්‍යාපන සුදුසුකම් බලලා. අනික ඒක මෙයාගේ පුද්ගලික කැමැත්ත. මෙයා වේවා වෙනත් කෙනෙක් වේවා මොකක් හෝ ක්‍රීඩාවක ජාතික ශූරයා කියලා වෙන්න ඕන ඒකට අවශ්‍ය අවස්ථාවන් ගන්න උදව් කරන එක මිසක් ඒ ක්‍රීඩකයාව රජයෙන් නඩත්තු කරන එක නෙවෙයි. වෙන්න ඕන මෙයාට ක්‍රීඩා සම්බන්ධ ‍රැකියාවකට යන්න යම් සහයක් දෙන එක. ඒක පිළි ගන්න පුළුවන්.

    මාලිංග කන පැලෙන්න දුන්න උත්තරේ. මම ක්‍රීඩා කරන්නේ මම වෙනුවෙන් කියලා 😄

    අපේ හරක් තමයි මගේ රට මගේ පාසල මගේ ක්‍රිකට් චින්තනෙන් හැමිල්ටන් වෙන්න යන්නේ 😄
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    සලනි තාරකාලට වගේ කඳ හොඳට තියෙනවා නම් ඉතින් ක්‍රීඩා ලොක්කොන් ගෙන් සැප තමයි. ඩුබායි ස්පොර්ට් කරා නම් හොඳ වෙයි අනාගතේ ට. ආපහු ලකේ පන්කාවේ ක්‍රීඩා ලබ්බක් මොකටද.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කොමෙන්ට් දෑක්කාම ශුවර් වුනා නාමල් ජනපති වෙනවා ම තමා