නැවතුන තැනින් ඉදිරියට.....

thani ataya

Well-known member
  • Aug 8, 2016
    1,369
    191
    63
    නැවතුන තැනින් ඉදිරියට.....

    නැවතුන තැනින් ඉදිරියට යන්න නැවත අවස්ථාව ලැබිලා-ගෝඨා

    1569400034-Gota_L.jpg



    විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ පවුල්වල යහපත සඳහා ඇපකැපවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී අද(25) පැවැති සම්මේලනයකට එක්වෙමින්.

    විදේශගත සේවක පවුල්වල සාමාජික සාමාජිකවන්ගේ අනුසංවිධාන ජාතික සම්මේලනය අද පෙරවරුවේ කොළඹදී පැවැත්වුණේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

    “මේ වන විට ලෝකයේ රටවල් 108 ක පමන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සේවය කරනවා. මින් වැඩි කොටසක් යන්නේ මැද පෙරදිග රටවලටයි.

    අද දින මේ අවස්ථාවට සහභාගි වන වසර ගණනාවක් මැද පෙරදිග සේවය කර ලංකාවට පැමිණ සිටින ඔබට, දැනට සේවයේ යෙදී සිටින අයගේ පවුල්වලට විවිධ ප්‍රශ්න තිබෙනවා.

    සේවය නිමවා පැමිණ සිටින අයගේ අවශ්‍යතාවයක් වෙලා තියෙන්නේ විශ්‍රාමික වැටුපක් හෝ ජිවත් වීමට දිමනාවක් ලබා ගැනීමයි.

    සේවය කරන අයටත් එවැනි ක්‍රමවේදයක් සකස් කර තිබීම සුදුසු දෙයක්.

    මහින්ද රාජපක්ෂ මහතා කිසියම් ක්‍රමවේදයක් සකසන්න සූදානම් වුනත් ඒ අවස්ථාවේ එය කර ගැනීමට නොහැකි වුනා.

    වැඩිහිටි වියට පත්වීමෙන් පසුව ජිවත් විය හැකි දීමනාවක් අවශ්‍යයි. ජීවිතය ඉදිරියට ගෙන යන්න අවශ්‍ය සෞඛ්‍ය නිවාස පහසුකම් වැදගත්. මේවා රජයක් විසින් අනිවාර්යයයෙන් ලබා දියයුතු දේවල්. රටට විදේශ විනියම උපයන මොවුන් සේවය නිමවා පැමිණීමෙන් පසුව මේ පහසුකම් ලබාදීම හෝ සේවයේ යෙදී සිටින අයට කිසියම් ක්‍රියාමාර්ගයක් මඟින් මේ පහසුකම් සැපයීම අපේ ඉදිරි රජයක අරමුණයි.

    විදේශ ගතව සේවය කරන අයගේ පවුල් සම්බන්ධයෙන් ද විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි.

    නිසි ජාතික ප්‍රතිපත්තියකින් තොරව ක්‍රියාත්මක වීම අද ගැටලූ ඇති කරලා. සැලසුම් ප්‍රතිපත්ති තිබුණට මදි. ඒවා නිසි අයුරින් ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති නායකත්වයක් දැක්මක් සහිත නායකයෙක් හා කණ්ඩායමක් අපේ රටට අවශ්‍යයි.

    මහින්ද රාජපක්ෂ මහතාගේ ධූර කාලයේ රට සීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන ගියා. ව්‍යාපාර වගේම යටිතල පහසුකම සංවර්ධනය වුණා. ඒ හරහා රැකියා විශාල වශයෙන් උත්පාදනය වුණා. මේ සියල්ල කලේ සැලසුම වගේම සැලසුම් ක්‍රියාත්මක කළ හැකි කණ්ඩායමක් අපි සමඟ සිටිය නිසයි.

    විවිධ බොරු ප්‍රචාර, බලවේගවල බලපෑම නිසා 2015 දි ඒ සංවර්ධනය හා දියුණුව සම්පූර්ණයෙන් කඩා වැටුණා.

    අද නැවතුන තැන සිට ඉදිරියට යන්න අපිට අවස්ථාව ලැබී තිබෙනවා. තරුණ තරුනියන්ට, ව්‍යාපාරිකයින්ට, ජනතාවට නැවතුණු රට ඉදිරියට ගෙන යන්න අවස්ථාවක් ලැබී තිබෙනවා.

    ඒ අවස්ථාවේ අපත් සමඟ එක්ව සෞභාග්‍යමත් රටක් සහ අනාගතයක් බිහි කිරීම සඳ හා ඉදිරිපත් වෙන්නයි ඉල්ලා සිටිනවා.

    විදේශ රටවල සේවය කළ හා සේවය කරන අයගේ පවුල්වල අභිවෘදිධිය වෙනුවෙන් අපි පෙනී සිටින බවත් සඳහන් කරනවා. “

    source
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,369
    191
    63
    Thiyena pension ekawath gewaganna baruwa inne


    ගෙවන්නෙ කොහෙද බන් ආපු ගමන්ම බැංකුවට සුද්දෙ දුන්නනේ...
    යුද්ධෙ පටන්ගත්තමත් කිව්වෙ ඔහොම තමයි මේකනම් ඉවරකරන්න බෑ කියල ...:P:P

     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Thiyena pension ekawath gewaganna baruwa inne

    Kawuda ithin ehema karanna chande dunne :lol:


    ගෙවන්නෙ කොහෙද බන් ආපු ගමන්ම බැංකුවට සුද්දෙ දුන්නනේ...
    යුද්ධෙ පටන්ගත්තමත් කිව්වෙ ඔහොම තමයි මේකනම් ඉවරකරන්න බෑ කියල ...
    :P:P


    යහපාලකයෝ බලේට ගෙනාපු උන් නහයෙන් අඩනවා




    අධි පූක්ෂණය :lol::lol::lol: