නැවත ඉපදිම

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හැම දෙනාගෙන්ම අවසරයි, මේ ත්‍රෙඩ් එක රීපොස්ට් වෙන්න ඇති සමහර විට, කලින් දැකලා තියෙන අය ගොඩක් ඇති, එත් මේක නොදැකපු අය වෙනුවෙන් මම එලකිරි සයිට් එකේ ත්‍රෙඩ් එකක් විදියට ඕන්න දැම්මා, වැඩි විස්තර සදහා ත්‍රෙඩ් එකේ අවසානය බලන්න.

    animated%20line%20green.gif
    animated%20line%20green.gif


    සත්ත්වයින් උපදින විදිය.

    පුනරැප්පත්තිය සිදුවන අයුරැ.
    "කමිමා විපාකා වත්තන්ති-විපාකෝ කමිම සමිබවෝ
    තස්මා පුනබිබවෝ හෝති-එවං ලොකෝ පවත්තති."


    51351850.jpg


    "කර්මය හේතුකොටගෙන විපාකයෝ පවතින්නේය. විපාකය කර්මයෙන් හටගන්නේය.එහෙයින් නැවත ඉපදිම වෙ". මෙසේ ලොකය පවතියි.

    මෙ කියනුයේ කර්මය නිසා විපාක ඇතිවිමි වශයෙන් නැවත උපදින බවයි. එනමි පටිචිච සමුත්පාදයේ සංඛාර පචිචයා විඥානා කියන ස්ථානයයි.

    නාමකාය හා රැප කාය කියා සත්ත්වයින්ගේ කොටස් දෙකකි. ඒ කියන්නේ සිත හා කය වශයෙන් කොටස් දෙකක් තිබෙනා බවයි. මෙයින් සිත කය ඇසුරැ කරමින් කයෙහි පිහිටා ඇත. මෙයින් රැප කාය යන්න භෞතිකව ස්පර්ශ කල හැකි දැකිය හැකි එකක් වුවද, සිත එසේ ස්පර්ශ කිරිමට හෝ දැකිමට හැකියාවක් නැත. උපන් සිතක් අසුරක් ගසන කාලයක් හෝ නොපැවති බිදි යෑම එහි ස්වභාවයයි. මෙසේ සිත් බිදි බිදි යනවාත් සමගම අලුත් අලුත් සිත් එහි පහල වෙයි. මෙසේ නිවනට පත් වන තුරැ මෙ සිත් පරමිපරාව නොසිදි පවතියි.


    41702968.jpg


    අභිධර්ම පොත් වල සදහන් ආකාරයට සත්ත්ව ශරිරයේ හෘධය ඇතුලත විඥානයට (විඥානය යනු චෛතසිකයන්ද සමග සිතට කියන නාමයයි) පැවතිම සදහා උපකාර වන එක්තරා ධාතු කොටසක් ඇත. මෙය වස්තුරෑපය හා හෘර්ධ වස්තුව යනුවෙන් හදුන්වයි. මෙම වස්තුරැපය ඇසට පෙනෙන රැපයක් නොවෙ. එලෙසම මෙයද බිදි බිදි පරමිපා වශයෙන් පවතින්නකි. හෘධ කෝශය තුලට ලෙය නිරන්තරයෙන්ම ඇතුවි පිටවි ගියත් එය හෘර්ධය තුලම පවතින්නකි. අභිධර්ම පොත් වල කියන්නේ එලසින්ය. සත්වයන්ගේ සිත් පරමිපරාව පවතින්නේ මෙ වස්තුරැපය තුලය. සමහරෙක් මෙම වස්තුරැපය මොළයේ පිහිටා ඇති බව කියයි. (සමහරෙක් තියනුයේ හෘධ වස්තුව තුල පිහිටා ඇති බවයි. වස්තුරැපය යන්න කොහේ පිහිටා ඇත්ද යන්න අපට වැදගත් සාධකයක් වන්නේ නැත. වැදගත් දේ වනුයේ එබදු සිත් ඉපදිමට උපකාරි වන කුමක් හෝ රැපයක් මෙම ශරිරය තුල පිහිටා ඇති බව පමණි.) මා සිතනුයේ එය මොළය තුල පිහිටා ඇති බවකි. මක්නිසාද යත් වර්ථමානයේ හෘර්ධයන් බද්ධ කිරිමෙ තාක්ෂණයනක් අප සතුව ඇත. නමුත් කුමන කරැණක් නිසාවත් මොළය බද්ධ කිරිමට හැකියාවක් නැත. එලෙසම මෙම බද්ධ කිරිම සදහා ගනු ලබන හෘර්ධයන් හදිසි අනතුරැ නිසා මොළය හානි වි විනාශ වු පුද්ගලයන්ගෙන් ලබාගනි. එයට හේතුව හෘර්ධය වැඩ කලත් තවදුරටත් මොළය ක්‍රියානොකරන්නේ නමි එම පුද්ගලයා ජිවත් නොවිමයි. අන් පද්ධතින්ට ක්‍රියාත්මක විමට සංඥා සපයනුයේද මොලය මගිනි. නමුත් ශරිරයේ අන් පද්ධතින් නතරවු විට මොළයේ ක්‍රියාකාරිත්වයද ඇන හිටියි. කෙසේ වුවත් ශරිරයේ මුලිකම පද්ධතින් දෙක වනුයේ මෙ මොළය ඇතුලු මධ්‍ය ස්නායු පද්ධතියත්, රැධිර සංසරණ පද්ධතියත් යන දෙකය. එබැවින් වස්තුරැපයත් මෙ දෙකින් එකක පිහිටා ඇත්තක් විය යුතුය.

    කෙසේ වුවත් කුමණ අයුරකින් හෝ මෙ වස්තුරැපය අක්‍රිය වුවහොත් එහිදි විඥානයන්ට ඉපදිමට හැකියාව නැතිවි යයි. එය ක්‍රමයෙන් හින වි ගොස් කිසිවක් ඉතිරි නොවි නැති වි යයි. ඉන් පසු ශරිරයේ සිත් ඉපදිමට සුදුසු තැනක් නොමැති වි යයි. මෙ ශරිරයේ උපදින අන්තිම සිත ඉපදි නිරැද්ධ වු විට සත්ත්වයා මළේ යයි කියනු ලැබෙ. එම මිය යන ලද සත්ත්වයාගේ විඥාන ධාතුවට නැවත ඉපදිමට එම ශරිරයේ උපකාරි වන දෙයක් තවදුරටත් නොවුවත්, මෙම සිත් ඉපදිමෙ ශක්තිය එලසින්ම පවතින බැවින් එම විඥානයට පසුව ඉපදිය යුතු අනිත් විඥානය කුමක් හෝ ස්ථානයක උපත ලබන්නේය. මෙලෙස ශරිරයකින් අවසන් වරට ඉපිද බිදියන විඥානය චුති චිත්තය ලෙසත් එය පසුව එම සිත්පරමිපරාවටම අයත්ව වෙනත් තැනක උපදින පළමු සිත ප්‍රතිසන්ධි චිත්තය ලෙසත් හදුන්වනු ලබයි.

    සිත්හි ස්වභාවය වන්නේ අන් තැනකට නොහොස් උපන් තැනම බිදි අතුරැදහන් වි යාමයි. මෙ ශරිරයේ වස්තුරැපය ඇසුරැ කර උපන් සිත් සියල්ල මෙ ශරිරය තුලම නිරැද්ධ වි යන යයි. නිරැද්ධව යන ලද අවසන් සිත හෙවත් චුති චිත්තය, මෙ ශරිරයේ පහල වු සිතක් නොව මම ශරිරයේ වු සිත් පරමිපරාවටම අයත්ව තිබි. වෙනත් සත්වයෙකුගේ පළමු සිත වශයෙන් ජනිත වුවකි. මිය යන ලද සත්ත්වයන්ගේ හා අලුතින් උපත ලද සත්වයාගේ රැපයන් එකිනෙකට වෙනස් වුවත්, ඔවුන්ගේ සිත් පැවත එන පරමිපරාව එක් බැවින් අර මළ සත්ත්වයාම දිව්‍යලොකයට ගියා හෝ අපායට ගියා යැයි භාෂා ව්‍යවහාරයේදි කියනු ලැබෙ.


    21337527.jpg


    (උඩ එකේ ඉතිරි කොටස )මරණාසන්න සත්ත්වයාගේ සිතට කර්මය, කර්ම නිමිත්ත, ගතිනිමිත්ත යන තුනෙන් එකක් දර්ශනය වන්නේය. මෙහි කරිමය යනු. ඒ සත්ත්වයා එ භවයේදි කරණ ලද හෝ ඊට පෙර භව වලදි කරණ ලද හෝ කුසලාකුසල කර්මයන්ය. මෙ අවස්ථාවෙදි එයින් එකක් සිහි වෙ. කර්ම නිමිත්ත යනු, ඒ ඒ කර්මයන් සිදුකිරිමට උපකාරි වු බඩු භාහිර ආදියයි. ජිවිත කාලයම ප්‍රාණගාථය කල අයෙකුට සත්ත්වයින් මැරිමට උපකාරි වු අය හෝ ඒ සදහා ඔහු භාවිතා කල පිහි ආදි දැ දර්ශනය විමට පුලුවන. දන් දුන් අයට දාන වස්තු ආදියත්, වන්දනා කල අයට මල් පුජා භාණ්ඩ ආදියත් දර්ශනය විය හැක. මෙම දර්ශනය විමි සිහින පෙනෙන ලෙස සිතට පෙනෙන දේවල්ය.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    49779981.jpg


    ගති නිමිත්ත යනු කර්මය නිසා මතු උපදින ස්ථානයේ ඇති දෙයක් දර්ශනය විමය. නරකයේ උපදිනා සත්ත්වයින්ට යමපල්ලන් ගිනි දැල් ආදියත්, දෙවි ලොව උපදිනා අයට දිව්ය විමාන, දිව්යල රථ ආදියත්, ප්රේ‍තව උපදනා අයට, ප්රේ ථයන්ගේ විමාන ආදියත්, මනුශ්යවව උපදිනා අයට රතු පලසක් මෙන් මවි කුසයත් දර්ශනය වන බව දක්වා ඇත. මෙ දක්වා ඇත්තේ සියල්ල්ම නොව කොටසක් පමණි. ඉද හිට ගති නිමිත්ත ඇසට පෙනෙන තැනැත්තන්ද ඇත. දුටු ගැමුණු මහ රජුගේ අවසන් මොහොතේ සදෙවි ලොවෙන් රථ සයක් පැමිණි බව දක්වා තිබිම එබදු අවස්ථාවකි. රේවති ප්රේිථ වස්තුව, චිංචි මානවිකාච, දේවදත්ත ආදින් පොලව පලාගෙන නරකයට යැම සිදුවුයේ ඔවුන්ගේ ගතිනිමිත්ත ඇසට පෙනෙමිනි.

    මෙලෙස මෙම නිමිත්ත දර්ශනය වෙමින් පවතින විට, ඒ සත්ත්වයා තුල පවතින අවිද්යාිව නිසා මෙ උපදින්නට යන බවයේ ආදිනවය නොපෙනෙයි. තෘශ්ණාව නිසා නැවත ඉපදිමෙ කැමැත්ත ඇතිව සිත් පරමිපරාව ඒ දෙසට බරවෙ (එනමි භව තෘහ්ණා, කාම තෘශ්ණා ආදිය ඇතිව සිටි).මෙසේ සිත් පරමිපරාව පැවතියදී මෙ ශරිරයේ උපන් අවසන් සිත නිරැද්ධ වනවාත් සමගම එලබ සිටි අරමුණ එනමි කර්මය, කර්ම නිමිත්ත හෝ ගතිනිමිත්ත අරමුණු කරගනිමින් කර්මය විපාකත්වයට පැමිණිම ලෙස නව ස්ථානයේ සිතක් පහල වෙ. එවිට සත්ත්වයා නැවත උපත ලැබුවා යැයි කියනු ලබයි.

    මෙලෙස පළමු සිත හෙවත් ප්රඑතිසන්ධි සිත ඇතිවු පසු කර්මයට හා ඒ උපන් සත්ත්ව ජාතියට අනුරැප වන පරිදි ශරිරයක් ඇති වෙ. මෙ අලුත උපන් ශරිරයත් මියගිය සත්ත්වයාගේ ශරිරයත් අතර සමිබන්ධයක් නැත නමුත් සිතේ පමණක් පරමිපරා සමිබන්ධයක් ඇත. දෙවන භවයේ උපන් සත්ත්වයාගේ පලමු සිත වන ප්රපතිසන්ධි සිත අන් සිත් හට නොගන්නා සැම විටකදිම ගට ගනිමින් බිදි බිදි යයි. භවාංග සිත යනුවෙන් හැදින්වෙන්නේ මෙයයි. මිනිසුන්ගේ, දෙවියන්ගේ, භ්රකහ්මයන්ගේ භවාංග සිත කුසල කර්මයක් විපාකත්වයට පැමිණිමි වශයෙන් ඇති වුවකි. තිරිසනුන්ගේ,ප්රේාතයන්ගේ හා නරකයේ සත්ත්වයින්ගේ භවාංග සිත් අකුසලකර්ම විපාක වශයෙන් ඇති වු සිතක් වෙ.

    මිය යන මොහොතේ අවිද්යාෙ හා තෘහ්ණා යන හේතුන් දෙක නොතිබුණා නමි සත්ත්වයිගේ නැවත ඉපදිමක් වන්නේ නැත. රහතුන්ගේ නැවත ඉපදිමක් නොවන්නේ ඔවුන් අවිද්යා තෘශ්ණා දෙක නසා ඇති බැවිනි. තවදුරටත් කර්මය ඉතිරිව ඇතත් අවිද්යා් තෘශ්ණා තැති බැවින් ඒ උතුමන්ට අභිනව භවයක්ද තැත. එබැවින් ඒවා විපාක දිම සිදුනොවෙ.

    "සබිබමත්ථිති ඛෝ කචිචාන! අයමිකෝ අන්තෝ, සබිබං නත්ථිති අයං දුතියෝ අන්තේ, ඒතේ කෝ කචිචාන! උභෝ අන්තේ
    අනුපගමිම මජ්ජේන තථාගතෝ ධමිමං දේසති."
    කචිචානය! සියල්ල ඇතය යන ශාස්වත දෘශ්ඨිය එක අන්තයකය. සියල්ල නැතය යන උචිඡේද දෘශ්ඨිය අනිත් අන්තයය. තථාගතයානන් වහන්සේ මධ්යතයෙන් ධර්මය දේශනා කෙරේ" යන්න මෙහි තේරැම වෙ. වර්තමාන ශරිරයෙන් කිසිවත් අනාගත භවයට නොපැමිණ ඉපදිම සිදුවන අයුර තථාගතයානන් වහන්සේ මධ්යියෙන් කරන ලද ‍ධර්ම දේශණයයි.

    බුදු දහමෙ පරමාර්ථය හා සමිමුතිය යනුවෙන් උගන්වන මුලික ඉගැන්විමක් ඇත. අපි මෙ කරනා සියලුම කටයුතු කරණුයේ සමිමුතියේ පිහිටා පරමාර්ථය අමතක කරිමෙනි. පරමාර්ථය යනු සත්යරවශයෙන් ඇති දෙයයි. සත්ත්වයා යන්න ගත්විට එය නාම රැප පරමිපරාවන්ට කියනා නමක් මිස සත්ය වශයෙන් එහි ඇති සත්ත්වයෙක් නැත. මිනිසෙකුගේ උප්පත්තියේ පටන් මරණය දක්වා තිබෙන්නාවු එකම එක දෙයක් හෝ නැත. ඇත්තේ පරමි පරා සමිබන්ධයන් පමණි. එනමි රැප පරමිපරාවක් හා නාම පරමිපරාවක් පමණි. මෙ පරමිපරා සමබන්ධතාවය වසා අප මුලා කරණා ඝණ යනුවෙන් හදුන්වන ධර්මතා 04 ක් ඇත. ඒ නිසා මෙ නාම රැප දෙකක එකක් වශයෙන් සලකා නොනැසි දීර්ඝ කාලයක් ජිවත් වන සත්ත්වයෙක් ඇතැයි සලකණු ලැබෙ. නාම රැප පිළි බද දැනුමක් ලැබිම තුලින් මෙ පුනරැප්පත්තිය යන්න පහසුවෙන් තෝරාගැනිමට හැකි වනු ඇත.

    මෙය හොදාකාරව දන්නා බෞද්ධයා නියම බෞද්ධයෙක් කියල කියන්න පුලුවන්. සමහරැ කියනවා බුදු දහමෙ පුනරැප්පත්තිය කියල දෙයක් නැ තියෙන්නේ පුනර් භවය කියල එකක් විතරයි කියල. ඒකට වාද කරනවා. ඒක නමි මහ මොඩ වැඩක්. මොකද ඒක භාෂාව මත රදාපවතින දෙයක් මිස වෙන දෙයක් නොවන නිසා. සිද්ධ වෙන්නේ මෙන්න මෙකයි කියල දන්නවා නමි, පුනරැප්පත්තිය හරි පුනර්භවය හරි වෙන ඔන භාෂාවකින් ඔනම එකක් කිය ගත්තට ප්ර ශ්නයක් නැ. මොකද ඒවා සංඥාවල් විතරක් නිසා.

    අන්තරා භවය යුනුවෙන් හදුන්වන්නේ කුමක්ද?
    මෙ පිළිබදව සදහන් වන්නේ මහායාන බෞද්ධ පොත්පත් වල මිස ථේරවාදයේ නොවෙ. මරණයට පත්විමි වශයෙන් වර්ථමාන ශරිරයෙන් ඉවත් වු ආත්ම යනුවෙන් හදුන්වන දෙයක් ඉපදිමට තැනක් සොයමින් ගතකරණ කාලය මෙම අන්තරා භවය ලෙස දක්වා ඇත. මෙය මහායානික


    20670595.jpg


    සංකල්පයක් මිස ශුද්ධ බෞද්ධ සංකල්පයක් නොවෙ. තේරවාදි දර්ශනයට අනුව වුතිචිත්තය මෙ ශරිරයෙන් ඉවත් වනුයේ කුඩැල්ලා එක් ස්ථානයක් අල්ලාගෙන අනිත් තැන අතාරින්නාක් මෙන් මරණයත් සමග එක මොහොතක හෝ ඉඩක් නොතබා උපදින ස්ථානය ද නිර්ණය වි ප්ර්තිසන්ධි චිත්තය ද පහල විමෙනි. යමෙක් මිය ගොස් ප්රේාථයකු වි සිටිය හැක. එවිට එය අන්තරාභවයක් නොව ඔහු ලද ප්රේිථ භවයයි.


    animated%20line%20green.gif
    animated%20line%20green.gif


    මේක මට ආපු ඊමෙල් එකක් මම ෆොටොස් ටික ඩවුන්ලොඩ් කරගෙන ඉමෙජ්සැක් එකට අප්ලොඩ් කරලා තමයි මෙතනට දැම්මේ. තෙරෙන භාෂාවකින් කිව්වොත් මම මේක ඊමේල් එකකින් උස්සලා තමයි දැම්මේ. මම නැවතත් කියනවා මේක මට ආපු මේල් එකක් කියලා සමහර විට මේක කොහෙ හරි බ්ලොග් එකක තිබුනද දන්නෙත් නැහැ. ඔන්න මාවනම් අල්ලගන්න එපා හොදද , මම නම් ඉස්සුවෙ නැහැ ඒ බ්ලොග් එකෙන්, සමහර විට මගේ යාළුවගේ යාළුවෙක් ඉස්සුවද කියලා නම් මම හරියට දන්නෙත් නැහැ. කෙහේ තිබුනත්, මොකා ඉස්සුවත්, මේක ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්, මම නම් හරියටම දන්නේ නැහැ ඒ ගැන, හොදයි කියලා හිතුන නිසා ඔයාලටත් බල්ලන්න ත්‍රෙඩ් එකක් විදියට දැම්මා,. සියළු නම් ගම් මංනන්කල්පිත බව කරුණාවෙන් සලකන්න.

    විශේෂ ස්තුතිය

    කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට,
    මෙම ජායාරූප වල පෙනී සිටින මහත්ම මහත්මීන්ට සහ සත්තුන්ට,
    ෆොටොස් ගත්තු මහත්තයට,
    යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට,
    සිංහලෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට
    මේ ටික උස්සලා මගේ යාළුවට මේල් කරපු යාළුවට,
    ඒ මේල් එක මට ෆොර්වඩ් කරපු මගේ යළුවාට,
    ඉමෙජ්සැක් අයිතිකාර මහත්තයට හෝ සමාගමට,
    සවර් එක හදපු මහත්තයට හෝ සමාගමට,
    එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට,
    මේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට,
    එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.